ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේය
(මතෙව් 16:16)
අපට අවශ්‍ය වන්නේ අපගේ දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමටත්, ගිවිසුමක් තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවට අයත් වීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමටත් උත්සාහ කිරීමයි.
අපේ පුතා එලී හතරේ පන්තියේ ඉන්නකොට, ඔහුගේ පන්තිය ව්‍යාජ රජයක් පිහිටෙව්වා, එතැනදී ඔහුව ඔහුගේ සම වයසේ මිතුරන් විසින් පන්ති විනිසුරුවරයෙකු ලෙස සේවය කිරීමට තෝරා පත් කරගෙන තිබුණා. දිනක් යූටාහි දෙවන දිස්ත්‍රික් උසාවියේ වාඩි වී සිටින විනිසුරුවරයෙක් ඇවිත්, ඔහුගේ නිල සළු එලීට පළඳවලා, පසුව ඔවුන්ගේ පන්තියට දිවුරුමක් ලබා දුන්නා. මෙය එලීගේ බාල හැඟීම්බර ආත්මය තුළ නීතිය හැදෑරීමට සහ නීතිදායකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි දැඩි ආශාවක් ඇති කළා.
වසර ගණනාවක උත්සාහවන්ත පරිශ්‍රමයකින් පසුව, නීති විද්‍යාලය සඳහා ඔහු ඉහළින්ම තෝරාගෙන තිබූ පාසලකින් සම්මුඛ පරීක්ෂණයක් සඳහා එලීට ආරාධනයක් ලැබුණා. ඔහු මෙහෙම කිව්වා, “අම්මේ, මගෙන් ප්‍රශ්න 10ක් ඇහුවා. අන්තිම ප්‍රශ්නය තමා, ‘ඔබේ සදාචාරාත්මක මාලිමාව ඔබ ලබා ගන්නේ කොහෙන්ද?’ ඉතිහාසය පුරාවටම මානව වර්ගයා සදාචාර පද්ධති ව්‍යුත්පන්න කර ඇත්තේ ඔවුන්ගේ ජීවිත මූලාකෘති වලින් සකස් කර ගැනීමෙන් බව මම ප්‍රකාශ කළා. මගේ ජීවිතය හැඩගස්වා ගැනීමට මා උත්සාහ කරන සදාචාරයේ මූලාකෘතිය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුන්වහන්සේගෙන්. කන්ද උඩ දේශනාවේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව සියලු මනුෂ්‍ය වර්ගයා සමගියෙන් කටයුතු කළහොත් ලෝකය වඩා හොඳ, සාමකාමී ස්ථානයක් වනු ඇතැයි මම ප්‍රකාශ කළා.” ඉන්පසු සම්මුඛ පරීක්ෂණය අවසන් වූ අතර, ඔහු තමාටම මෙසේ සිතාගත්තා, “මගේ ළමා කාලයේ සිහින මෙහෙමම බොඳ වෙලා යන්නයි යන්නේ. ලෞකික ශාස්ත්‍රාලයේ කිසිවෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අසන්නට කැමති නැහැ. ”
සති දෙකකට පසු, ශිෂ්‍යත්වයක් සමඟ එලීට ඇතුළත් වීමට හැකි වුණා. ඇතුළත් වීමට පෙර, අපි විශ්වවිද්‍යාලට ගියා. නීති විද්‍යාලය මාළිගාවක් වගේ පෙනුණා, ඒවගේම එය ලස්සන වැවක් පෙනෙන කන්දක් මත පිහිටා තිබුණා. කැපී පෙනෙන ලෙස, අපි විශිෂ්ට පුස්තකාලය සහ තේජාන්විත කොරිඩෝ හරහා ගමන් කරන විට, කන්ද උඩ දේශනාවේ ලක්ෂණ, බැනර් සහ ගල් වලින් කැටයම් කර ඇති ආකාරය අපට හමු වුණා.
එහි ඉගැන්වීම් සඳහා පුරෝගාමී වෙමින් කන්ද උඩ දේශනාව, මෙතෙක් පවත්වන ලද වඩාත්ම කැපී පෙනෙන දේශනයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ දිව්‍යමය ගුණාංග, සහ උන්වහන්සේ හා සමාන වීමේ අපගේ අවසාන අරමුණ වඩා හොඳින් තේරුම් ගැනීමට, වෙනත් කිසිදු දේශනාවකට අපට උපකාර කරන්න බැහැ.
ජීවිත කාලය පුරාවටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙක් වීම අපගේ නිවෙස්වලින් ආරම්භ වන අතර—ප්‍රාථමික පාසලේදී එය මාස 18 සිටම ආරම්භ වෙනවා. අපට අවශ්‍ය වන්නේ අපගේ දරුවන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමටත්, ගිවිසුමක් තුළින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවට අයත් වීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වීමටත් උත්සාහ කිරීමයි.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්න
පළමුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න.
ජීවනයේ පාන් ගැන දේශනාවෙන් පසු, “[ස්වාමින්වහන්සේගේ] අනුගාමිකයන් බොහෝ දෙනෙකුට” උන්වහන්සේගේ ඉගැන්වීම් සහ දහම පිළිගැනීමට අපහසු වූ අතර, “බොහෝ දෙනෙක් පසුබට වී, උන්වහන්සේ සමග තවත් සිටියේ නෑ.” ඉන්පසු යේසුස්වහන්සේ දොළොස්දෙනා දෙසට හැරී හද කම්පා කරවන ප්‍රශ්නයක් ඇසුවා: “නුඹලාත් අහක්ව යන්ට කැමතිද?”
පේත්‍රැස් මෙසේ පිළිතුරු දුන්නා:
“ස්වාමිනි, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය.
“… අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමු”.
පේත්‍රැස් පැහැදිලි කළ ආකාරයට අනුව, විශ්වාසය කියන්නේ “යමෙකු කෙරෙහි ඇදහිල්ල තිබීම හෝ යමක් සත්‍ය යැයි පිළිගැනීමයි.” අපගේ ඇදහිල්ල ගැලවීම කරා ගෙන යාමට නම්, එය ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ කේන්ද්‍රගත විය යුතු වෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිටින බවට අපට සහතිකයක්, උන්වහන්සේගේ සැබෑ චරිතය හා ස්වභාවය පිළිබඳ අවබෝධයක් සහ උන්වහන්සේගේ කැමැත්තට අනුව ජීවත් වීමට අප උත්සාහ කරන බවට දැනුමක් ඇති විට අපි උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කරනවා.
අපගේ ආදරණීය අනාගතවක්තෘ, සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සියලු විශ්වාසයන්ගේ පදනම වන අතර දිව්‍යමය බලයේ වාහකයයි.”
දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔවුන්ගේ විශ්වාසයන් ශක්තිමත් කර ගැනීමට සහ උන්වහන්සේගේ දිව්‍යමය බලයට ප්‍රවේශ වීමටත් අපි උදව් කරන්නෙ කොහොමද? අපගේ ගැලවුම්කරුවාණන් දෙසම මිස වෙනත් දේවල් සෙවීමට අපට අවශ්‍ය වෙන්නේ නැහැ.
“[ස්වාමීන්වහන්සේ] ජනතාව හට මෙසේ කියමින් කථා කළා:
“බලන්න, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වන්නෙමි. …
“නැඟිට තවද මා වෙතට ඉදිරියට පැමිණෙන්න. …
“… ජනසමූහය පෙරට ගියහ, තවද ඔවුන්ගේ අත් උන්වහන්සේගේ ඇළය තුළට සහ උන්වහන්සේගේ අත්වල සහ උන්වහන්සේගේ කකුල්වල ඇණ ලකුණු බැලූහ; තවද මෙසේ ඔවුහූ එකිනෙකා පෙරට ගියහ. ඔවුන් සියල්ලෝම පෙරට ගමන් කරන තුරු ඔවුහූ එසේ කළහ. තවද ඔවුන්ගේ ඇස් සමගින් දකිමින් සහ ඔවුන්ගේ අත් සමග බහාලමින් තවද සත්‍යයෙන්ම දනිමින් තවද එම එනම් පැමිණිය යුතුවූ අනාගතවක්තෘන් විසින් ලියන ලද්දේ උන්වහන්සේ බව සාක්ෂි දැරුහ.
කුඩා දරුවන්ගේ ජීවිතයේ මෙය කොහොම වෙන්න පුළුවන්දැයි සිතා බැලීමට මම ඔබට ආරාධනා කරනවා. ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශුභාරංචිය පිළිබඳ සාක්ෂි ඇසෙනවාද? උන්වහන්සේගේ දේවසේවයේ සහ දේවත්වයේ ගෞරවනීය, නමස්කාරනීය රූප ඔවුන් දකිනවාද? ශුද්ධාත්මයාණන් උන්වහන්සේගේ යථාර්ථය සහ දේවත්වය ගැන සාක්ෂි දරන බව ඔවුන්ට දැනෙනවාද සහ ඔවුන් එය හඳුනා ගන්නවාද? උන්වහන්සේගේ පණිවිඩය සහ මෙහෙවර ගැන ඔවුන් දන්නවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවට අයත් වන්න
දෙවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සහ උන්වහන්සේගේ සභාවට අයත් වන්න.
බෙන්ජමින් රජුගේ ජනතාව හදවතේ බලවත් වෙනසක් අත්විඳි අතර ගිවිසුමකින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට ඔවුන්ගේ ජීවිත කැප කළා. ඔවුන් දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති කරගත් නිසා, ඔවුන්ව “ක්‍රිස්තුස්වහන්සේගේ දරුවන්, උන්වහන්සේගේ පුත්‍රයන් සහ දූවරුන්” ලෙස හඳුන්වනු ලැබුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ සාමාජිකයන් ලෙස, උන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට සහ උන්වහන්සේගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමට අපට ගිවිසුම්ගත වගකීමක් තිබෙනවා.
දරුවන්ට පාරිශුද්ධ ගිවිසුම් ඇති කර ගැනීමට සහ ඒවා පිළිපැදීමට අපට උපකාර කරන්න පුළුවන් කොහොමද? එන්න, මා අනුගමනය කරන්න අත්පොතේ A සහ B උපග්‍රන්ථවල, පවුල් බලගන්වන සහ ගුරුවරුන්ට සහ නායකයින්ට ඔවුන්ගේ පාරිශුද්ධ වගකීම තුළ දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාර්ගයේ ජීවිත කාලය පුරාම දරුවන් සූදානම් කිරීම සඳහා සහාය වන සංවාද ආරම්භයන් සහ පාඩම් අපට හමුවෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්න
තෙවනුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වගේ වෙන්න.
මොර්මොන්ගේ පොතේ, ගැලවුම්කරුවාණන් උන්වහන්සේගේ අලුතින් කැඳවන ලද අනුගාමිකයන්ට හැකිතාක් සමීපව උන්වහන්සේව අනුකරණය කරන ලෙස අවවාද කළා: “නුඹලා කවරාකාර මනුෂ්‍යයන් විය යුතුද? සැබවක් මම නුඹලා හට කියන්නෙමි, මා මෙන්ම විය යුතුය.”
බව්තීස්ම වූ සහ ස්ථිර කරන ලද දරුවන්ට තමන්ව සහ අන් අයව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට එක්රැස් කිරීමේ ගිවිසුම් වගකීම ඉටු කිරීමට අපට උපකාර කරන්න පුළුවන් කොහොමද? ජීවිත කාලය පුරාම අනුගාමිකයෙකු වීමට අපට අවශ්‍ය වන්නේ “වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වීමයි.”
ස්වාමීන්වහන්සේගේ ලාබාලතම ගෝලයන්ට ආරාධනා කරන විට, ඔවුන්ට නයකත්වය දීමට, මඟ පෙන්වීමට, ඔවුන් අසලින් ගමන් කිරීමට සහ මාර්ගය සොයා ගැනීමට ඔවුන්ට උදව් කිරීමට සෑම අවස්ථාවක්ම ගන්න. මෙම වටිනා කුඩා දරුවන් ඉගැන්වීමට, සාක්ෂි දීමට, යාච්ඤා කිරීමට හෝ සේවය කිරීමට සූදානම් වන විට ඔවුන්ට විශ්වාසයෙන් හා ඔවුන්ගේ වගකීම් ඉටු කිරීමේදී ප්‍රීතිය අත්විඳීමට ඔවුන්ට උපදෙස් දෙන්න. මෙය ඔවුන්ගේ සභාව බවත්, ගැලවුම්කරුවාණන්ගේ නැවත පැමිණීම සඳහා සූදානම් වීමේදී ඔවුන්ට වැදගත් කාර්යභාරයක් ඇති බවත් දැන ගැනීමට උපකාර කිරීමට පොළඹවන ක්‍රම සොයන්න.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය බවට පත්වන විට, අප ආශා කරන දේ සහ අප එයට ආශා කරන ආකාරය සදහටම වෙනස් වෙනවා. හැරීම සියල්ල වෙනස් කරයි! එය අපගේ ස්වභාවය වෙනස් කරයි, “දුෂ්ඨ දේ කිරීමට ආශාවක් තවත් නැත එහෙත් එය ඇත්තේ නොනවත්වා යහපත් දේ කිරීමටයි.” එය අපි අපේ කාලය, සම්පත් වැය කරන ආකාරය; අපි කියවන, නරඹන, සවන් දෙන සහ බෙදා ගන්නා දේ වෙනස් කරනවා. එය කීර්තිමත්, ශාස්ත්‍රීය, වෘත්තීයමය සම්මුඛ පරීක්ෂණයකදී අප ප්‍රතිචාර දක්වන ආකාරය පවා වෙනස් කරනවා.
අපි අපේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකයෙන් පුරවා ගත යුතු වෙනවා. අපි උන්වහන්සේගේ පෙර ආත්මික දේවත්වයේ සත්‍යතාව, උන්වහන්සේගේ දිව්‍යමය මෙහෙවර සහ උන්වහන්සේගේ සිරගෙවල් බිඳ දමන උත්ථානය වීම පිළිබඳව අපගේ නිවෙස්වල සහ මෙම සභාවේ සෑම රැස්වීමකදීම සාක්ෂි දරන්නේ නැහැ යැයි සිතමු. එහෙම නම්, අපගේ ප්‍රේමය, සේවය, අවංකකම, නිහතමානිකම, කෘතඥතාව සහ අනුකම්පාව පිළිබඳ පණිවිඩ තේරුමක් ඇති ජීවිතයක් පිළිබඳ ප්‍රීතිමත් කතාවකට වඩා වැඩි දෙයක් වෙන්නෙ නැහැ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව වෙනස් වීමට බලයක් නැහැ, අපේක්ෂා කිරීමට අරමුණක් නැහැ, සහ ජීවිතයේ දුක් ගැහැට නිමා කිරීමක් නැහැ. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමේදී අපරීක්ෂ්‍යාකාරී ලෙස කටයුතු කළහොත්, එය අපේ දරුවන්ට විනාශකාරී වෙන්න පුළුවන්.
අපි අපේ දරුවන්ට ආදරෙයි කියනකොට, අපි ඔවුන්ට ඔවුන්ගේ ස්වර්ගික පියාණන්වහන්සේ සහ ගැලවුම්කරුවණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බවත් කියනවද? අපගේ ප්‍රේමයට සැනසීමක් සහ ආශ්වාදයක් ලබා දිය හැකි නමුත්, උන්වහන්සේලාගේ ප්‍රේමයට විශුද්ධ කරන්න, උත්කර්ෂවත් කරන්න සහ සුව කරන්න පුළුවන්.
මෙම යේසුස්වහන්සේ මනඃකල්පිත යේසුස්වහන්සේ කෙනෙකු හෝ සරල යේසුස්වහන්සේ කෙනෙකු හෝ ශරීරයක් නොමැති යේසුස්වහන්සේ කෙනෙකු හෝ ආගන්තුක යේසුස්වහන්සේ කෙනෙකු හෝ නොදන්නා යේසුස්වහන්සේ කෙනෙකු නොවිය යුතුයි, නමුත් මහිමයට පත් වූ, සර්වබලධාරී, උත්ථානය වූ, උත්කර්ෂවත් වූ, නමස්කාර කරන, බලවත්, උන්වහන්සේ ගැලවීමට බලවත් දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයා විය යුතුයි. පිලිපීනයේ කුඩා දරුවෙකු දිනක් මට මෙසේ සාක්ෂි දුන්නා “මුදනු ලැබීමට තරම් අපි වටිනවා!” “[ශ්‍රේෂ්ඨ] පව් නසන පූජාවක් වෙන්නට දෙවියන්වහන්සේ නියම කළ” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිශුද්ධ හා ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.