ප්‍රධාන සම්මන්ත්‍රණය
සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2024
2025 අප්‍රියෙල් ප්‍රධාන සම්මන්ත්‍රණය


1:43

සභා විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව, 2024

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභා‍වේ පළමු සභාපතිත්වය වෙත

දයාබර සහෝදරයිනි: එළිදරව් වල මග‍‍පෙන්වී‍මෙන්, දහම සහ ගිවිසුම් හි 120 වෙනි කොටසේ සඳහන් වන පරිදි, දස‍යෙන් ‍‍කොටස ‍‍‍බෙදාහැරී‍මේ මන්ත්‍රණ සභාව—පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් ‍දො‍‍ළොස්දෙනා‍ගේ ගණපූරණය, සහ මුලසුන දරන සභානායකවරයාගෙන් සමන්විත වන අතර—ඔවුන්ට සභා අරමුදල් වියදම් අනුමත කිරිමට බලය ඇත. සභා ආයතන විසින් අරමුදල් රැස්කරනු ලබන්නේ අනුමත අයවැය, ප්‍රතිපත්ති, සහ ක්‍රියාපටිපාටි වලට අනුකූලවය.

සභා විගණනය, විශ්වාසනීය වෘත්තිකයින්ගෙන් සමන්විත වනවා මෙන්ම අනෙකුත් සියලුම සභා‍වේ දෙපාර්තමේන්තු වලින් ස්වාධීනව කටයුතු කරන අතර, ලැබුණු දායක මුදල්, සිදුකළ වියදම්, හා සභාවේ වත්කම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් ලබාදීම සඳහා විගණනය කිරීමට වගකීම දරයි.

කරන ලද විගණන මත පදනම්ව, සියලුම වැදගත් තොරතුරු වලට අනුව, 2024 වර්ෂය සඳහා ලැබුණු දායක මුදල්, සිදුකළ වියදම් සහ සභාවේ වත්කම්; සභාවේ අයවැයට, ප්‍රතිපත්ති වලට සහ ගිණුම්කරණ භාවිතයන්ට අනුකූලව, වාර්තා කර හා පරිපාලනය කර ඇති බව සභාවේ විගණනයේ අදහසයි. සභාව විසින් තම සාමාජිකයින්ට උගන්වන අයවැයක් තුළ ජීවත්වීම, ණය වළක්වා ගැනීම, සහ අවශ්‍ය කාලය සඳහා ඉතිරි කිරීම යන පිළිවෙත් සභාව විසින්ද අනුගමනය කරයි.

ගෞරවණීය ලෙස ඉදිරිපත් කරන ලදි,

සභා විගණන දෙපාර්තමේන්තුව

ජෙරඩ් බී. ලාර්සන්

කළමණාකාර අධ්‍යක්ෂක