කුඩා දරුවෙකු ලෙස
ළදරුවන්, දරුවන් සහ යෞවනයන් පොළොවේ දෙවියන්වහන්සේගේ පීදෙන රාජ්‍යයේ සියලු ශක්තියෙන් හා අලංකාරයෙන් යුත් රූප බව මම සාක්ෂි දරනවා.
යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලෞකික ජීවිතයේ අවසාන වසර ආරම්භ කළේ උන්වහන්සේගේ ප්‍රේරිතවරුන්ව පුහුණු කිරීම ශක්තිමත් කිරීමෙන්. උන්වහන්සේගේ පණිවිඩය සහ උන්වහන්සේගේ සභාව ඇත්තේ උන්වහන්සේගේ බේරීමට නම්, මාස 24ක් වැනි කෙටි කාලයක් තුළ උන්වහන්සේව දැන සිටි ඉතා සාමාන්‍ය මිනිසුන් 12 දෙනෙකුගේ හදවත් තුළට තවත් බොහෝ දේ තද කළ යුතුව තිබුණා.
දිනක් යේසුස්වහන්සේ දොළොස්දෙනා අතර ඇති වූ වාදයක් දැක පසුව මෙසේ ඇසුවා, “නුඹලා මාර්ගයේදී කුමක් ගැන විවාද කළහුද?.” පෙනෙන විදිහට ලැජ්ජාවට පත් වූ ඔවුන් “නිහඬව සිටියා” කියා එම වාර්තාවේ සඳහන් වෙනවා. නමුත් මේ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා ඔවුන්ගේ හදවත්වල සිතුවිලි වටහාගෙන එහි පෞද්ගලික ආඩම්බරයේ පළමු රතු පැහැය හඳුනාගත්තා. උන්වහන්සේ “කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා,…
“සැබවක් නුඹලාට කියමි-නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.
“එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.”
ක්‍රිස්තුස්වහන්සේගේ උපතට පෙර සිටම, බෙන්ජමින් රජුගේ සමුගැනීමේ දේශනාවේදී දරුවෙකුගේ නිහතමානිකම පිළිබඳ මෙම ගැඹුරු ප්‍රකාශය ඇතුළත් වූ බව සැලකිල්ලට ගත යුතුයි. එහි මෙසේ කියනවා: “ස්වාභාවික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ සතුරෙකි, තවද ස්වභාවික මනුෂ්‍යයා පසෙක දමා සහ ස්වාමින් වූ ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් ශුද්ධවන්තයෙකු බවට පැමිණ, තවද දරුවෙකු මෙන් වී, අවනත, නිහතමානී සහ යටහත් වුනොත් [පිළිතුරු දුන්නොත්] මිස සදාකාලයෙන් සදාකාලයට සතුරෙක් වනු ඇත.”
දැන්, අපි දිරිමත් නොකරන සමහර ළදරු නැඹුරුවාවන් පැහැදිලිවම තිබෙනවා. අවුරුදු විසිපහකට පෙර, මගේ එවකට අවුරුදු තුනක් වයසැති මුණුපුරා ඔහුගේ පස් හැවිරිදි සහෝදරියගේ අත සපා කෑවා. ඒ රාත්‍රියේ දරුවන් රැකබලා ගනිමින් සිටි මගේ බෑණා, තම දියණියට සමාව දීම පිළිබඳ ඔහුට සිතිය හැකි සියලු පාඩම් ඉතා උද්‍යෝගයෙන් ඉගැන්නුවා, ඔහු ඇයට දුන් එම ඉගැන්වීම අවසන් කළේ ඇගේ කුඩා සහෝදරයා අතේ සපා කෑම කොයි වගේද කියාවත් නොදැන ඉන්න ඇති කියා ඇයට කියමිනුයි. පියාගේ ඒ වැරදි සංකල්පිත ආඥාව මිනිත්තුවක්, සමහර විට මිනිත්තු එකහමාරක් පමණ ක්‍රියාත්මක වුණා, ඒ වෙනකොට ළමා නිදන කාමරයෙන් ජනේලයක් ඉදිරිපිටින් සියුම් හඬක් ඇහුණා, මගේ මිණිබිරිය “දැන් එයා ඒක දන්නවා” කියලා කෑ ගැහුවා.
ඉතින් කුඩා දරුවන්ගේ බාල කාලයේ මේ ගුණධර්ම තුළ අපට දකින්න පුළුවන් මොනවාද? මුළු මොර්මොන්ගේ පොත පුරාම මේ වඩාත්ම මුදු මොළොක් දර්ශනය පුරාම ක්‍රිස්තුස්වහන්සේ කඳුළු සලන්න හේතුව මොකක්ද? ස්වර්ගීය ගින්නක් ඉහළින් බැස, දේවදූතයන් මගින් ඔවුන්ව ආරක්ෂා කර, දරුවන් වට කර, වැඩිහිටියන්ට “[ඔවුන්ගේ] කුඩා දරුවන්ව රැක බලාගන්න” කියා අණ කළ විට යේසුස්වහන්සේ ඉගැන්වූයේ කුමක්ද?
ඒ සියල්ලට හේතු වූයේ කුමක්දැයි අපි දන්නේ නෑ, නමුත් අපි එය පවත්වාගන්නවා නම්, එය ඔවුන්ගේ පාරිශුද්ධත්වය සහ අහිංසකත්වය, ඔවුන්ගේ සහජ නිහතමානිකම සහ එය අපගේ ජීවිතවලට ගෙන ඒමට හැකි දේ සමඟ සම්බන්ධ වී ඇතැයි මම සිතනවා.
බලාපොරොත්තු සුන් වූ දවස් එක් අයෙකු විසින් “නිෂ්ඵලකමේ නිෂ්ඵලකම” ලෙස නම් කර ඇත්තේ ඇයි? “නිෂ්ඵල සිතුවිලි සහ මනුෂ්‍ය පුත්‍රයන්ගේ උඩඟුකම” කොයි වගේද? යන වචන නිරීක්ෂණය කිරීමෙන්, මම ඒ ගැන සැමවිටම කනස්සල්ලට පත්වුණා. ඒවගේම ආත්මාර්ථකාමී ලෙස යාච්ඤා කළ ඒ සෝරාම්වරුන්ගේ කණ්ඩායම? ඔවුන් ගැන ඇල්මා මෙහෙම කිව්වා, “අහෝ දෙවියනි, ඔවුන් ලෝකයේ නිෂ්ඵල දේවලින් … පිම්බී සිටින අතරතුර, ඔවුන්ගේ මුඛයෙන් ඔබට [යාච්ඤා] කරති.”
ඊට වෙනස්ව, යාච්ඤා කරන දරුවෙකුට වඩා මිහිරි, පිරිසිඳු හෝ නිහතමානී දෙයක් තිබේද? ඒක හරියට ස්වර්ගය ඒ කාමරය තුළ තිබෙනවා වගේ. දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ ඉතා සැබෑයි, නමුත් පසුව අනෙක් අයට, ඒ අත්දැකීම වඩාත් මතුපිටින් පෙනෙන දෙයක් වෙන්න පුළුවන්.
වැඩිහිටි රිචඩ් එල්. එවන්ස් වසර 60 කට පමණ පෙර උපුටා දැක්වූ පරිදි: “අපගෙන් බොහෝ දෙනෙක් කිතුනුවන් යැයි කියා ගත්තද, අපි … උන්වහන්සේව බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ. … අපි උන්වහන්සේට ගරු කරනවා, නමුත් අපි උන්වහන්සේව අනුගමනය කරන්නේ නැහැ. … අපි උන්වහන්සේගේ කියමන් උපුටා දක්වනවා, නමුත් අපි ඒවාට අනුව ජීවත් වන්නේ නෑ.” “අපි උන්වහන්සේව අගය කරනවා, නමුත් අපි උන්වහන්සේට නමස්කාර කරන්නේ නැහැ.”
ලෝකය යේසුස්වහන්සේව විටින් විට අසභ්‍ය දිවුරුම් ප්‍රකාශයකට වඩා ඉහළින් සැලකුවා නම් ජීවිතය කොතරම් වෙනස් විය හැකිද?
නමුත් දරුවන් ඇත්තටම උන්වහන්සේට ප්‍රේම කරනවා, ඒවගේම එම ප්‍රේමය ජීවිතයේ ක්‍රීඩා පිටියේ ඔවුන්ගේ අනෙකුත් සබඳතාවලටද ගෙන යන්න පුළුවන්. රීතියක් ලෙස, ඔවුන්ගේ කුඩා අවධියේදී පවා, දරුවන් ඉතා පහසුවෙන් ආදරය කරනවා, ඉතා පහසුවෙන් සමාව දෙනවා, සහ සීතලම, දැඩි හදවතක් පවා දිය කළ හැකි ලෙස, ඔවුන් ඉතා ප්‍රියජනක ලෙස සිනාසෙනවා.
හොඳයි, ලැයිස්තුව දිගින් දිගටම යනවා. පවිත්‍රතාවය? විශ්වාසය? ධෛර්යය? චරිතය?
මගේ ආදරණීය කුඩා මිතුරෙකු විසින් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙන්නුම් කරන ලද නිහතමානීකම නැරඹීමට මා සමඟ එන්න.
2025 ජනවාරි 5 වන දින,—දින 91 කට පෙර—ඊස්ටන් ඩැරින් ජොලිට ආරෝනික පූජකත්වය පිරිනමනු ලැබුවා, ඒවගේම ඔහුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ උපස්ථායකයෙකු ලෙස නියම කළා.
ඊස්ටන්ට ඔහුට මතක ඇති තාක් කල්, ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ සක්‍රමේන්තුව බෙදාදීමට ආශා වුණා. නමුත් මෙම පූජනීය අවස්ථාව සමඟ ඔහු අසමත් වේ යැයි, තමා වැටේ යැයි, තමාට සමච්චල් කරනු ඇතැයි හෝ තමා සහ ඔහුගේ පවුලේ අය අපහසුතාවයට පත් කරනු ඇතැයි යන බියක් ඔහුට තිබුණා.
මොකද, ඊස්ටන්ට දුර්ලභ හා ඉතා විනාශකාරී මාංශපේෂී දුර්වල කරන රෝගයක් තියෙනවා. එය ක්‍රමයෙන් ඔහුගේ කුඩා කාලයේ ජීවිතය දරුණු අභියෝගවලින් පුරවා තිබූ අතර අනාගතය පිළිබඳ ඔහුගේ බලාපොරොත්තු සහ සිහින බිඳ දමා තිබුණා. ඔහුට ඉක්මනින්ම ස්ථිරවම රෝද පුටුවක සිටින්න වෙනවා. ඊට පස්සේ ඔහුට මොකද වෙන්නේ කියලා ඔහුගේ පවුලේ අය කතා කරන්නේ නැහැ.
ඊස්ටන්ගේ නියම කිරීමෙන් පසු ඉරිදා, ඔහු පළමු වරට සක්‍රමේන්තුව බෙදා දෙන්න නියමිත වුණා. ඔහුගේ පෞද්ගලික අභිප්‍රාය වූණේ, ඔහුට ඔහුව සහ මෙම පූජනීය සලකුණ, කොට්ඨාශයේ සභානායකවරා වුණු ඔහුගේ පියාට ඉදිරිපත් කළ හැකි වීමයි. ඒ කාර්යය අපේක්ෂාවෙන් ඔහු අයැද, ප්‍රතිඥා දී, හඬා, අයැද සිටි අතර, කිසිවෙකු, කිසිවෙකු ඔහුට උදව් කිරීමට උත්සාහ නොකරන බවට සහතිකයක් ලබා ගත්තා. ඔහුට පුද්ගලික වන බොහෝ හේතු නිසා, ඔහුට මෙය තනිවම සහ ආධාර නොමැතිව කිරීමට අවශ්‍ය වුණා.
පූජකවරයා—ක්‍රිස්තුස්වහන්සේගේ කැඩුණු ශරීරය නියෝජනය කරන සලකුණ වන—පාන් කඩා එයට ආශීර්වාද කළ පසු ඔහුගේ බිඳුණු සිරුරින් යුතුව, ඊස්ටන් ඔහුගේ බන්දේසිය ලබා ගැනීමට කොර ගැසුවා. කොහොම වුණත්, රැස්වීම් ශාලාවේ ඉඳලා ටිකක් උස්ව හදලා තිබුණු තැනට තිබුණෙ අඩි තුනක් තියන තරම් පොඩි දුරක්. ඉතින්, ඔහුගේ තැටිය ලැබුණු පසු, ඔහු හැකි තරම් ඉහළට දිගු කර එම තැටිය අත් වැටට ඉහළින් මතුපිට තිබ්බා. ඉන්පසු, ඉහළ පඩිපෙළක වාඩි වෙලා, අත් දෙකෙන්ම ඔහු තම දකුණු කකුල අල්ලලා පළමු පියවර ඉස්සරහට තිබ්බා. ඉන්පසු ඔහු ඔහුගේ වම් පාදය එම පඩිය මතට ඇද ගත්තා, ඊටපස්සෙ එසේ ඉහළට යන තෙක්, දුෂ්කර ලෙස, ඔහු තමාගේම පියවර තුනකින් යුත් එවරස්ට් කන්ද මුදුනට පැමිණියා.
ඉන්පසු ඔහුට කෙලින් හිටගන්නට පුළුවන් වෙන විදියට ඔහු ඔහුව යම් අංග චලනයකට ගෙන ආවා. ඔහු නැවත තැටියට වෙත ගියා. තවත් පියවර කිහිපයක් ඉදිරියට ගිය පසු දෑස් කඳුළින් හොඳටම තෙත් වෙමින් මුහුණ දිගේ ගලා යමින් තිබූ ඔහුගේ පියාගේ එනම් සභානායකවරයාගේ ඉදිරිපිට ඔහු සිටගෙන සිටියා, මෙම පරිපූර්ණ ධෛර්ය සම්පන්න සහ ඇදහිලිවන්ත පුත්‍රයාව වැළඳ ගැනීමෙන් වැළකී සිටීමට ඔහුට සිදු වුණා. ඊස්ටන්ට, ඔහුගේ මුහුණේ පුළුල් සිනහවක් පාමින්, සහනයෙන් යුතුව, “මම [මගේ පියාව මහිමයට පත් කර ඇති අතර] [ඔහු] මට කිරීමට දුන් කාර්යය අවසන් කර ඇත්තෙමි” කියලා කියන්නට හිතෙන්න ඇති.
ඇදහිල්ල, පක්ෂපාතිත්වය, පාරිශුද්ධත්වය, විශ්වාසය, ගෞරවය සහ අවසානයේ ඔහු සතුටු කිරීමට කැමති ඒ පියා කෙරෙහි ඇති ආදරය. මේවා සහ තවත් ගුණාංග දුසිමක් අපට මෙසේ පැවසීමට සලස්වනවා, “මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය.”
සහෝදරියනි, සහෝදරවරුනි සහ මිතුරනි, මා දන්නා ලස්සනම රූප ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ, අද අපි සඳහන් කළා වගේ හෘද සාක්ෂියට එකඟව හා මිල කළ නොහැකි ළදරුවන්, දරුවන් සහ යෞවනයන්. ඔවුන් පොළොවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සියලු ශක්තියෙන් හා අලංකාරයෙන් යුත් පීදෙන රූප බව මම සාක්ෂි දරනවා.
එම සාක්ෂියේ ආත්මයෙන්ම, ජෝසෆ් ස්මිත් ඔහුගේ යෞවන කාලයේ තමා දුටු බව පැවසූ දේ දුටු බවත්, තමාට කතා කළ අය සමඟ කතා කළ බවත් මම සාක්ෂි දරනවා. නිහතමානී හා නිර්මල රසල් එම්. නෙල්සන් දෙවියන්වහන්සේගේ නියම කරන ලද සහ දක්ෂ අනාගතවක්තෘවරයෙකු සහ දිවැසිවරයෙකු බව මම සාක්ෂි දරනවා. ජීවිත කාලය පුරාම කියවීමෙන් පසු, මොර්මොන්ගේ පොත මා මෙතෙක් කාලයකට කියවා ඇති වඩාත්ම ත්‍යාගශීලී පොත බවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචියේ සැබවින්ම ප්‍රධාන ගල එය බවත් මම සාක්ෂි දරනවා. පූජකත්වය සහ යාච්ඤාව මගේ ජීවිතය—ක්‍රිස්තුස්වහන්සේගේ පූජකත්වය සහ ඔබගේ යාච්ඤා—යථා තත්ත්වයට පත් කරන බවට මම සාක්ෂි දරනවා. මේ සියල්ල සත්‍ය බව මම දන්නවා, දෙවියන්වහන්සේගේ සියලු පුත්‍රයන්ගෙන් ඉතාමත් විශ්වාසවන්ත හා නිහතමානී—ඇල්ෆා සහ ඔමේගා, ශ්‍රේෂ්ඨතමයාණන්, කුරුසියේ ඇණ ගසනු ලැබූ, ඇදහිලිවන්ත සාක්ෂිකරුවාණන් වන—ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් පවා මම සාක්ෂි දරනවා, ආමෙන්.