2020–2024
ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේව සොයන්න
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


12:3

ඔබේ මුළු හදවතින්ම උන්වහන්සේව සොයන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ උන්වහන්සේගෙන් ශක්තිමත් වීමට නිහඬ වේලාවක් සෙව්වේ නම්, අපත් එසේ කිරීම ඥානාන්විතයි.

මීට වසර කිහිපයකට පෙර, මගේ බිරිඳ සහ මම ජපානයේ ටෝකියෝ හි ධර්මදුතයක නායකයන් ලෙස සේවය කළා. එවකට වැඩිහිටි-රසල් එම්. නෙල්සන් විසින් අපගේ ධර්මදුතය බැලීමට පැමිණි අවස්ථාවක, එක් ධර්මදූතවරයෙක් ඔහුගෙන් ඇහුවා කෙනෙක් එයාලට ඇහුම්කන් දෙන්න බැරි තරම් කාර්යබහුලයි කියලා කිව්වම හොඳම ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියලා. සුළු පැකිලීමක්වත් නැතිව වැඩිහිටි නෙල්සන් මෙසේ කිව්වා, “එම දවසේ ඔවුන් දවල්ට කන්න බැරි තරමට කාර්යබහුල වුණාද කියලා මම අහනවා; ඉන්පසු ඔවුන්ට ශරීරයක් සහ ආත්මයක් යන දෙකම ඇති බව ඔවුන්ට උගන්වන්න, පෝෂණය නොකළහොත් ඔවුන්ගේ ශරීරය මිය යනවා සේම, දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය නොවන්නේ නම් ඔවුන්ගේ ආත්මයද මිය යන බව ඔවුන්ට කියන්න.”

“කාර්යබහුල” සඳහා ජපන් වචනය, ඉසොගාශි, සංකේත දෙකක් සහිත අක්ෂරයකින් (忙) සෑදී ඇති බව සැලකිල්ලට ගැනීම සිත්ගන්නා කරුණක්. වම් පැත්තේ අකුරෙන් අදහස් වන්නේ “හදවත” හෝ “ආත්මය” යන්නයි, ඒවගේම දකුණු පැත්තේ අකුරේ තේරුම “මරණය”—සභාපති නෙල්සන් ඉගැන්වූ පරිදි, සමහර විට එයින් අදහස් කරන්නේ, අපගේ ආත්මයන් පෝෂණය කිරීමට නොහැකි වන තරම් කාර්යබහුල වීම අපව ආත්මිකව මිය යාමට හේතු වන බව වෙන්න පුළුවන්.

අවධානය වෙනතකට යොමු කිරීම්වලින් සහ කලබලයෙන් පිරුණු මේ වේගවත් ලෝකයේ—උන්වහන්සේ වෙනුවෙන් වටිනා කාලයක් වෙන් කිරීම අපේ දවසේ ප්‍රධාන අභියෝගයක් බව—ස්වාමින්වහන්සේ දැන සිටියා. අනාගතවක්තෘ යෙසායාගේ මාර්ගයෙන් කතා කරමින්, අප ජීවත් වන කැලඹිලි සහිත දවස්වලට අදාළ කරගත හැකි මෙම උපදෙස් සහ අවවාදයේ වචන, ඔහු ලබා දුන්නා.

හැරී නිශ්චලව සිටීම කරණ කොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාස කිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක: නුමුත් නුඹලා අකමැතිවී කථාකොට.

“එසේ නොව අපි අසුන් පිට නැගී පලායන්නෙමුයයි කීවහුය; එබැවින් නුඹලා පලායනවාම ඇත. අපි ශීඝ්‍ර සතුන් පිට නැගී යන්නෙමුයයි නුඹලා කීවහුය; එබැවින් නුඹලා ලුහුබැඳ එන්නෝ ශීඝ්‍ර වන්නෝය.”

වෙනත් වචන වලින් කිවහොත්, අපගේ ගැලවීම රඳා පවතින්නේ උන්වහන්සේ වෙත නිතර හැරී යාම සහ ලෝකයේ දේවල් වලින් විවේක ගැනීම මත වුවද, අපි එහෙම කරන්නෙ නැහැ. අපගේ ආත්ම-විශ්වාසය නිශ්ශබ්ද කාලවලදී ස්වාමින්වහන්සේ සමඟ භාවනාවේ සහ ආවර්ජනය කිරීමේ දී වර්ධනය වූ ශක්තියකින් පැමිණියද, අපි එසේ කරන්නෙ නැහැ. ඇයි එසේ නොකරන්නේ? මොකද අපි කියනවා, “නැහැ, අපි වෙනත් දේවල් සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ”—අපි අසුන් පිට නැගී පලා යනවා. එබැවින්, අපි දෙවියන්වහන්සේගෙන් තව තවත් ඈත් වෙනවා; අපි වේගයෙන් හා වේගයෙන් යාමට බල කරනවා; අපි වේගයෙන් යන තරමට සාතන් වේගයෙන් ලුහුබඳිනවා.

“අපගේ ජීවිතයේ සෑම දිනකම”—ස්වාමින්වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරන ලෙස සභාපති නෙල්සන් අපට නැවත නැවතත් ආයාචනා කරන්නේ මේ නිසයි. ඔහු අපිට මෙසේ මතක් කරනවා “නිහඬ කාලය යනු පරිශුද්ධ කාලයක්—එය පුද්ගලික එළිදරව් වලට පහසුකම් සපයන අතර සාමය ඇතිකරන කාලයක්.” ස්වාමින්වහන්සේගේ මෙම නිශ්චල හඬ ඇසීමට,“ඔබත් නිශ්චලව සිටිය යුතුයි.”

කෙසේ වෙතත්, නිශ්චලව සිටීම සඳහා, ස්වාමින්වහන්සේ වෙනුවෙන් කාලය ගත කිරීමට වඩා වැඩි යමක් අවශ්‍ය වෙනවා—ඒ සඳහා අපගේ සැක සහිත සහ බිය උපදවන සිතිවිලි අත්හැරීම සහ අපගේ හදවත් සහ මනස උන්වහන්සේ වෙත යොමු කිරීම අවශ්‍ය වෙනවා. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නාර් ඉගැන්වූවා, “‘නිශ්චලව සිටින්න’ යන ස්වාමින්වහන්සේගේ අවවාදය හුදෙක් කතා නොකිරීමට හෝ නොසෙල්වීමට වඩා බොහෝ දේ ඇතුළත් වෙනවා.” නිශ්චලව සිටීමට, ඔහු යෝජනා කළා, “ගැලවුම්කරුවාණන් කෙරෙහි සහතික අවධානය යොමු කිරීමට අපට මතක් කර දීමේ මාර්ගයක් විය හැකිය” යනුවෙන් ඔහු ඉගැන්වුවා.

නිශ්චලව සිටීම ඇදහිල්ලේ ක්‍රියාවක් වන අතර ඒ සඳහා උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඇදහිල්ල පිළිබඳ දේශනවල සඳහන් වෙනවා “මිනිසෙක් ඇදහිල්ලෙන් ක්‍රියා කරන විට ඔහු මානසික උත්සාහයෙන් ක්‍රියා කරන” බව. සභාපති නෙල්සන් මෙසේ ප්‍රකාශ කළා: “අපගේ අවධානය යොමු කළ යුත්තේ ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය මතයි. සෑම සිතුවිල්ලක් තුලම උන්වහන්සේ දෙස බැලීම මානසිකව ප්‍රබල විය හැකියි. නමුත් අපි එසේ කරන විට, අපගේ සැකයන් සහ බිය පහව යයි.” අපගේ මනස යොමු කිරීමේ මෙම අවශ්‍යතාවය ගැන කතා කරමින්, සභාපති ඩේවිඩ් ඕ. මැකේ මෙසේ පැවසුවා: “ශ්‍රද්ධාවේ මූලධර්මයක් වන භාවනාවේ වටිනාකම කෙරෙහි අප අවධානය යොමු කරන්නේ ඉතා අඩුවෙන් යැයි මම සිතනවා. … භාවනාව යනු ස්වාමින්වහන්සේගේ අභිමුඛයට අප ගමන් කරන අති පූජනීය දොරටු වලින් එකක්.”

ජපන් භාෂාවෙන් වචනයක් තිබෙනවා, ඒ තමයි, මුයි, මට නම්, නිශ්චලව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙම වඩාත් ඇදහිල්ලෙන් පිරුණු, කල්පනාකාරී හැඟීම ග්‍රහණය කරනවා. එය අක්ෂර දෙකකින් (無為) සමන්විත වෙනවා. වම් පැත්තේ ඇති අක්ෂරයේ තේරුම “කිසිවක් නැත” හෝ “කිසිවක් නැතිකම” යන්නයි, සහ දකුණු පස ඇති අක්ෂරයේ තේරුම “කරන්න” කියන එකයි. ඔක්කොම එකට එහි අදහස “නොකිරීම” යන්නයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “කිසිවක් නොකර සිටීම” යන අර්ථයෙන් “නිශ්චලව සිටීම” යන්න “කතා නොකිරීම හෝ චලනය නොවීම” ලෙස වැරදි ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. කෙසේ වෙතත්, “නිශ්චලව සිටීම” යන වාක්‍ය ඛණ්ඩය මෙන්, එයට ඉහළ අර්ථයක් තිබෙනවා; මට එය මන්දගාමී වීමට සහ වඩා අධ්‍යාත්මික අවබෝධයකින් ජීවත් වීමට මතක් කිරීමක්.

වැඩිහිටි ටකාෂි වාඩා සමඟ ආසියා උතුරු ප්‍රදේශයේ සභාපතිත්වයේ සේවය කරන විට ඔහුගේ බිරිඳ නයෝමි, වාඩා සහෝදරිය දක්ෂ ජපන් අක්ෂර වින්‍යාස ශිල්පිනියක් බව මට දැනගන්නට ලැබුණා. මම වාඩා සහෝදරියගෙන් ඇහුවා මූයිකියන වචනේ ජපන් අකුරු මට ඇඳලා දෙන්න පුළුවන්ද කියලා. නිශ්චලව සිටීමට සහ ගැලවුම්කරුවාණන් කෙරෙහි අවධානය යොමු කිරීමට මතක් කිරීමක් ලෙස මගේ බිත්තියේ එම අක්ෂර වින්‍යාසය එල්ලා තැබීමට මට අවශ්‍ය වුණා. බැලූ බැල්මට සරල ලෙස පෙනෙන මෙම ඉල්ලීමට ඇය වහාම එකඟ නොවූ විට මම පුදුමයට පත් වුණා.

ඊළඟ දවසේ, මම ඇගේ දෙගිඩියාව වරදවා වටහාගෙන ඇති බව දැන සිටි වැඩිහිටි වාඩා, එම අක්ෂර ලිවීමට සැලකිය යුතු උත්සාහයක් අවශ්‍ය බව පැහැදිලි කළා. ඇයගේ ආත්මය අර්ථය ගැඹුරින් වටහා ගන්නා තෙක් සහ ඇගේ සෑම පින්සල් පහරකින්ම මෙම හෘදයාංගම හැඟීම් ප්‍රකාශ කරන තෙක් ඇයට සංකල්පය සහ අක්ෂර ගැන මෙනෙහි කිරීමට හා භාවනා කිරීමට අවශ්‍ය වන බව ඇය කිව්වා. මම ඇයගෙන් වැඩි අවධානයක් අවශ්‍ය දෙයක් කරන්න කියලා සමාන්‍ය ආකාරයෙන් ඉල්ලීම ගැන ලැජ්ජාවට පත් වුණා. මගේ නොදැනුවත්කම නිසා ඇයට සමාව දෙන ලෙසත්, මම මගේ ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව ඇයට දන්වන ලෙසත් මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

සභානායක බජ්ගේ කාර්යාලයේ ජපන් අක්ෂර.

මම ජපානයෙන් පිටව යන විට, වාඩා සහෝදරිය, ඉල්ලීමකින් තොරව, මුයියන වචනය සඳහා ජපන් අක්ෂර ඇතුළත් මෙම අලංකාර අක්ෂර වින්‍යාසය මට තෑගි කළ විට, මගේ පුදුමය සහ කෘතඥතාවය ඔබට හිතාගන්න පුළුවන්ද. එය දැන් මගේ කාර්යාලයේ බිත්තියේ කැපී පෙනෙන ලෙස එල්ලා ඇති අතර නිශ්චලව සිටීමට සහ මගේ මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන් සෑම දිනකම ස්වාමින්වහන්සේ සෙවීමට මට මතක් කර දෙනවා. ඇය මෙම පරාර්ථකාමී ක්‍රියාවේදී, ඕනෑම වචනයකට වඩා හොඳින් මුයිනැතහොත් නිශ්ශබ්දතාවයේ අර්ථය ග්‍රහණය කර ගෙන තිබුණා. සිහිකල්පනාවෙන් තොරව හා කාර්යබහුලව අක්ෂර අඳිනවාට වඩා, ඇය ඇගේ අක්ෂර වින්‍යාසයට ප්‍රවේශ වූයේ හදවතේ සම්පූර්ණ අරමුණින් සහ සැබෑ අභිප්‍රායෙනුයි.

ඒවගේම, දෙවියන්වහන්සේ කැමති වන්නේ අප එම ආකාරයේම හෘදයාංගම භක්තියකින් උන්වහන්සේ සමඟ අපගේ කාලයට සමීප වීමටයි. අප එසේ කරන විට, අපගේ නමස්කාරය උන්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමයේ ප්‍රකාශනයක් බවට පත් වෙනවා.

අප උන්වහන්සේ සමඟ සන්නිවේදනය කරනවාට උන්වහන්සේ ආශාවෙන් බලාපොරොත්තු වෙනවා. එක් අවස්ථාවකදී, පළමු සභාපතිත්වය සමඟ රැස්වීමකදී අරම්භක යාච්ඤාව ලබා දීමෙන් පසු, සභාපති නෙල්සන් මා දෙසට හැරී, “ඔබ යාච්ඤා කරන විට, අපගේ කාර්යබහුල කාලසටහන්වලින් උන්වහන්සේට කෘතඥතාව ප්‍රකාශ කරන්න කාලය ගත කරන විට, දෙවියන්වහන්සේ කොපමණ අගය කරනවාදැයි මම සිතුවා” කියා කිව්වා. එය අප උන්වහන්සේ සමඟ කතා කිරීමට විරාමයක් ගත් විට එය ස්වර්ගික පියාණන්ට කෙතරම් වටිනවාද යන්න පිළිබඳ සරල නමුත් බලවත් මතක් කිරීමක් වුණා.

උන්වහන්සේ අපගේ අවධානයට කැමති තරම්, උන්වහන්සේ වෙතට පැමිණීමට අපට බල කරන්නේ නැහැ. නෙපීවරුන්ට, මරණයෙන් නැවත නැගිටි ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “මා කිකිළියක් තමාගේ පිහාටු යටට එක්රැස් කරන්නාක් මෙන් නුඹලාව රැස් කර ඇත්ද , තවද නුඹලා කැමති වුයේ නැත.” ඉන්පසු අදටත් අපට අදාළ වන මෙම බලාපොරොත්තු සහගත ආරාධනාව ඔහු පැවසුවා: “ඔබ පසුතැවිලි වී මුළු හදවතින්මමා වෙතට හැරී එන්නේ නම් මා කිකිළියක් තමාගේ පිහාටු යටට එක් රැස් කරන්නාක් මෙන් නුඹලාව රැස්කර ගන්නද”.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට නිතර උන්වහන්සේ වෙතට පැමිණීමට අවස්ථාව ලබා දෙනවා. මෙම අවස්ථාවන්ට දිනපතා යාච්ඤා, ශුද්ධලියවිලි අධ්‍යයනය, සක්‍රමේන්තු නියෝග, සබත් දවස සහ දේවමාළිගාවේ නමස්කාරය ඇතුළත් වෙනවා. අපි මෙම පූජනීය අවස්ථාවන් අපගේ “කළ යුතු” ලැයිස්තුවෙන් ඉවත් කර අපගේ “නොකළ යුතු”—ලැයිස්තුවට ඇතුළත් කළහොත් කුමක් වේවිද; වාඩා සහෝදරිය ඇගේ අක්ෂර වින්‍යාසයට කල්පනාවෙන් හා අවධානයෙන් යොමු වූ අකාරය හා සමානව?

“මට ඒකට වෙලාවක් නෑ” කියලා ඔබ හිතනවා ඇති. මටත් ගොඩක් වෙලාවට එහෙම හිතිලා තියෙනවා. නමුත් අවශ්‍ය වන්නේ වැඩි කාලයක් නොවන බවත් අප දැනටමත් උන්වහන්සේ වෙනුවෙන් වෙන් කර ඇති කාලය තුළ දෙවියන්වහන්සේ ගැන වැඩි අවබෝධයක් සහ අවධානයක් යොමු කිරීම බවත් මම යෝජනා කරනවා.

නිදසුනක් වශයෙන්, යාච්ඤා කරන විට, අපි අඩුවෙන් කතා කර දෙවියන්වහන්සේ සමඟ වැඩි කාලයක් ගත කළහොත් සහ අපි කතා කරන විට; කෘතඥතාව සහ ආදරය වඩාත් හෘදයාංගම සහ නිශ්චිත ප්රකාශයන් ලබා දීමට කටයුතු කළොත් කොහොමද?

සභාපති නෙල්සන් අපිට උපදෙස් දීලා තියෙන්නේ ශුද්ධලියවිලි කියවන්න විතරක් නෙමේ ඒවා රසවිඳින්න කියලයි. අපි අඩුවෙන් කියවා රස විඳීමට ගියහොත් එයින් ඇති වන වෙනස මොකක්ද?

මෙම පූජනීය නියෝගය අතරතුර සක්‍රමේන්තුවට සහභාගී වීමට අපගේ මනස සූදානම් කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ආශීර්වාද ගැන ප්‍රීතියෙන් මෙනෙහි කිරීමට අප වැඩි යමක් කළොත් කොහොමද?

හෙබ්‍රෙව් භාෂාවෙන් “විවේකය”, යන්නෙන් අදහස් කරන සබත් දිනයේදී, අප වෙනත් කටයුතු වලින් විවේක ගැනීමට සහ ස්වාමින්වහන්සේට අපගේ භක්තිය පිදීමට උන්වහන්සේ සමඟ නිශ්ශබ්දව වාඩි වීමට කාලය ගත කරන්නේ නම් කොහොමද?

අපගේ දේවමාළිගාවේ නමස්කාරය අතරතුර, අවධානය යොමු කිරීමට වඩාත් විනයගරුකව අපි උත්සාහ කළහොත් හෝ නිශ්ශබ්දව ආවර්ජනය කරමින් සෙලෙස්ටියල් කාමරයේ මඳ වේලාවක් රැඳී සිටියොත් කොහොමද?

අපගේ අවධානය අඩු කිරීමෙන් සහ ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ ගිවිසුම් සම්බන්ධය ශක්තිමත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන විට, මෙම සෑම පූජනීය මොහොතක්ම සඵල වන බවත්, අපගේ පෞද්ගලික ජීවිතයට අවශ්‍ය මගපෙන්වීම් අපට ලැබෙනු ඇති බවත් මම සාක්ෂි දරනවා. ලූක් වාර්තාවේ මාර්තා මෙන් අපිත් බොහෝ දේ ගැන කල්පනාකාරී වෙනවා ඒවගේම කරදර වෙනවා. කෙසේ වෙතත්, අපි සෑම දිනකම ස්වාමින්වහන්සේ සමඟ කතා කරන විට, වඩාත්ම අවශ්‍ය දේ දැන ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරනවා.

ගැලවුම්කරුවාණන් පවා තම දේවසේවයෙන් නිශ්චලව සිටීමට කාලය ගත්තා. ස්වාමින්වහන්සේ හුදකලා ස්ථානයකට—කන්දකට, පාළුකරයකට, කාන්තාර ස්ථානයකට පසුබැසීම හෝ පියාණන්වහන්සේට යාඥා කිරීම සඳහා “කුඩා දුරක්”—යන උදාහරණවලින් ශුද්ධලියවිලි පද පිරී තියෙනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ උන්වහන්සේගෙන් ශක්තිමත් වීමට නිහඬ වේලාවක් සෙව්වේ නම්, අපත් එසේ කිරීම ඥානාන්විතයි.

අප අපගේ හදවත් සහ මනස ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමු කර, ශුද්ධාත්මයාණන්ගේ නිශ්චල කුඩා හඬට සවන් දෙන විට, අපට වඩාත් අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව වඩාත් පැහැදිලි බවක්, ගැඹුරු දයාවක් වර්ධනය කර, උන්වහන්සේ තුළ විවේකය සහ ශක්තිය සොයා ගන්න පුළුවන්. පරස්පර විරෝධී ලෙස, දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යය ඉක්මන් කිරීමට උපකාර කිරීම සඳහා අප මන්දගාමී වීම අවශ්‍ය විය හැකියි. සෑම විටම චලනය වීම අපගේ ජීවිතයේ කලබල එකතු කිරීමක් සහ අප සොයන සාමය අපෙන් උදුරා ගැනීමක් විය හැකියි.

හදවතේ සම්පූර්ණ අරමුණ ඇතිව අපි නිතර ස්වාමින්වහන්සේ වෙතට ආපසු යන විට, අපි නිහඬව සහ විශ්වාසයෙන් උන්වහන්සේව දැන හඳුනා ගන්නා බවත්, අප කෙරෙහි උන්වහන්සේගේ අසීමිත ගිවිසුම් සහගත ආදරය දැනෙන බවත් මම සාක්ෂි දරනවා.

ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වුණා.

“මා වෙතට එන්න, මම ඔබ වෙතට එන්නෙමි. උත්සාහයෙන් මා සොයන්න, එවිට ඔබට මා සම්බ වනු ඇත.මා වෙතට ලඟාවන්න තවද මම නුඹලා වෙතට ලඟාවන්නෙමි; මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය.”

“නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.”

මෙම පොරොන්දුව සත්‍ය බවට මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න ඊතර් 2:14–15.

  2. යෙසායා 30:15-16; අවධාරණය කිරීම් සහිතයි.

  3. 2 නෙපී 10:24 දෙවියන්වහන්සේගේ කැමැත්තට අපගේ කැමැත්ත නැවත එකඟ කර ගැනීමට අපට ආරාධනා කරයි. “Re” යනු නැවතත්, “con” යන්නෙන් “සමඟ” අදහස් වන අතර, “cile” යනු පුටුවක් හෝ සිංහාසනයකි. අපගේ කැමැත්ත දෙවියන්වහන්සේගේ කැමැත්තට සමාදාන කිරීම යන්නෙන් අදහස් කරන්නේ වචනාර්ථයෙන් දෙවියන්වහන්සේ සමඟ නැවත හිඳීමයි.

  4. රසල් එම්. නෙල්සන්, “ස්වාමින්වහන්සේ සඳහා කාලය වෙන් කරන්න,” ලියාහෝනා, නොවැ. 2021, 120.

  5. රසල් එම්. නෙල්සන්, “අපි ඉගෙන ගන්නා සහ කිසිදා අමතක නොවන දේ,” ලියහෝනා, මැයි 2021, 80.

  6. රසල් එම්. නෙල්සන්, “අපි ඉගෙන ගන්නා සහ කිසිදා අමතක නොවන දේ,” 80.

  7. ඩේවිඩ් ඒ. බෙඩ්නර්, “නිශ්චලව සිටින්න, මම දෙවියන්වහන්සේ බව දැනගන්න,” ලියහෝනා, මැයි 2024, 28.

  8. බලන්න හෙබ්‍රෙව් 11:6.

  9. Lectures on Faith (1985), 72.

  10. රසල් එම්. නෙල්සන්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ බලය අපගේ ජිවිත වෙත ඇදගැනීම,” ලියහෝනා, මැයි 2017, 41.

  11. David O. McKay, “Consciousness of God: Supreme Goal of Life,” Improvement Era, June 1967, 80

  12. බලන්න දහම සහ ගිවිසුම් 4:2.

  13. බලන්න මොසායා 7:33; ඊතර්2:14.

  14. “නිරෝගී, ක්‍රියාකාරී හදවතක් අප සෑම කෙනෙකුගේම සෞඛ්‍යයට සහ යහපැවැත්මට කේන්ද්‍රීය වේ. කෙසේ වෙතත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෙකු සහ සාක්ෂිකරුවෙකු ලෙස මා ඉගෙන ගත් දෙය නම් නිරෝගී ශාරීරික හදවතක් අපගේ අභියෝගයෙන් අඩක් පමණක් බවයි. අපගේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමේ නියෝගය මම බැරෑරුම් ලෙස සලකමි, මන්ද උන්වහන්සේට ප්‍රේම කිරීම අපව ප්‍රබෝධමත් කරයි” (රසල් එම්. නෙල්සන්, The Heart of the Matter: What 100 Years of Living Have Taught Me [2023], 8; අවධාරණය කිරීම් සහිතයි).

  15. බලන්න ගීතාවලිය 14:2; එළිදරව් 3:20.

  16. 3 නෙපී 10:5; අවධාරණය කිරීම් සහිතයි.

  17. වැඩිහිටි ඩේල් ජී. රෙන්ලන්ඩ් මෙසේ ඉගැන්වූවා: “අපගේ හැසිරීම වෙනස් කිරීම සහ ‘නිවැරදි මාර්ගය’ වෙත ආපසු යාම පසුතැවිල්ලේ කොටසක්, නමුත් කොටසක් පමණයි. Real repentance also includes a turning of our heart and will to God and a renunciation of sin” (“Repentance: A Joyful Choice,” Liahona, Nov. 2016, 121; අවධාරණය කිරීම් සහිතයි).

  18. 3 නෙපී 10:6; අවධාරණය කිරීම් සහිතයි.

  19. වැඩිහිටි නීල් ඒ. මැක්ස්වෙල් මෙසේ ඉගැන්වූවා, “කැප කිරීම වැඩි කිරීම පල්ලියේ වැඩ පැය ගණනක් සඳහා එතරම් ඉල්ලුමක් නොවේ, එය ඇත්ත වශයෙන්ම මෙය කාගේ කාර්යයද යන්න පිළිබඳ වැඩි අවබෝධයක් සඳහා වේ!” (“Settle This in Your Hearts,” Ensign, Nov. 1992, 67).

  20. කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ යාච්ඤා පරිණාමය වූ ආකාරය ගැන අදහස් දක්වමින් ඩෙස්මන්ඩ් ටුටූ මෙසේ පැවසීය: “මම හිතන්නේ [මම] එහි සිටීමෙන් වර්ධනය වීමට උත්සාහ කරන බවයි. ඔබ ශීත ඍතුවේ දී ගින්නක් ඉදිරිපිට වාඩි වී සිටින විට—ඔබ සිටින්නේ ගින්නක් ඉදිරියෙන් වන අතර. ඔබ බුද්ධිමත් හෝ කිසිවක් වීමට අවශ්‍ය නැත. ගින්න ඔබව උණුසුම් කරනවා” (“Desmond Tutu, Insisting We Are ‘Made for Goodness’” [NPR interview by Renee Montagne, Mar. 11, 2010], npr.org).

  21. රසල් එම්. නෙල්සන් “සෙලෙස්ටියල් මහිමය සිතන්නබලන්න,” ලියහෝනා, 2023, නොවැ. 117– 20.

  22. බලන්න Russell M. Nelson, “Living by Scriptural Guidance,” Liahona, Nov. 2001, 19-22; බලන්න රසල් එම්. නෙල්සන්, “පිළිතුර සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි,” ලියහෝනා, මැයි 2023, 127–28.

  23. බලන්න 3 නෙපී 17:3. සභාපති ඩෙවිඩ් ඕ. මැකේ ප්‍රකාශ කළේ:

    “සක්‍රමේන්තුව පරිපාලනය කිරීමේ කෙටි කාලය එවැනි භාවනාවක් සඳහා අපට ඇති හොඳම අවස්ථාවන්ගෙන් එකක් බව මම විශ්වාස කරන අතර, එම නියෝග අරමුණෙන් අපගේ අවධානය වෙනතකට යොමු කිරීමට එම පූජනීය කාලය තුළ කිසිවක් නොතිබිය යුතුය. …

    “මෙම පූජනීය නියෝගය වඩාත් ගෞරවාන්විතව පරිපූර්ණ පිළිවෙලකින් මැදි කරන ලෙස මම තරයේ ඉල්ලා සිටිමි; එවිට දෙවියන්වහන්සේගේ ගෘහයට පැමිණෙන සෑම කෙනෙකුම මෙනෙහි කිරීමටත්, නිශ්ශබ්දව හා යාච්ඤාවෙන් දෙවියන්වහන්සේගේ යහපත්කම අගය කිරීමටත් හැකි වනු ඇත. … Let the sacrament hour be one experience of the day in which the worshiper tries at least to realize within himself that it is possible for him to commune with his God” (“Consciousness of God: Supreme Goal of Life,” Improvement Era, June 1967, 80–81).

  24. බලන්න දහම සහ ගිවිසුම් 59:10.

  25. “ස්වාමින්වහන්සේගේ ඉගෙනගැනීමේ ගෘහයට, ඔබේ දේවමාළිගා නිර්දේශය, පසුතැවුණු හදවතක්, සහ සොයන මනසක් ඔබ ගෙන ආ විට, උන්වහන්සේ ඔබට උගන්වයි” (බලන්න රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව සහ ඔබේ අධ්‍යාත්මික පදනම,” ලියහෝනා, නොවැ. 2021).

  26. “සෑම දිනකම—ඔබේ ජීවිතය තුළ ඔබ උන්වහන්සේ වෙනුවෙන් කාලය ගතකරන්නේ නම් ඔබේ පෞද්ගලික ජීවිතය තුළ උන්වහන්සේ ඔබගේ පෙරමුණින් යනවා මෙන්ම ඔබට මගපෙන්වයි” (රසල් එම්. නෙල්සන්, “ස්වාමින්වහන්සේ උදෙසා කාලය වෙන්කරන්න,” 121).

  27. බලන්න ලූක් 10:40–42.

  28. 3 නෙපී 19:19.තවත් බලන්න Joseph Smith Translation, Matthew 4:1 (මතෙව් 4:1හි, පාදසටහන a); මතෙව් 5:1; 14:13, 23; මාක් 1:35; 6:46; ලූක් 5:16; 6:12.

  29. බලන්න 3 නෙපී 21:29.

  30. දහම සහ ගිවිසුම් 88:63.

  31. යෙරමියා29:13; තවත් බලන්න විලාප ගී 3:25.