2020–2024
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


4:17

ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, ඔබගේ ස්ථීර කිරීම සඳහා සභාවේ ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ලැබීම මට ලැබුණු භාග්‍යයක්.

ඔබ කොතැනක සිටියත් සුපුරුදු ආකාරයෙන් ඔබගේ සහයෝගය ප්‍රකාශ කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයින්ගෙන් යුත් සභාවේ දිවැසිවරයා, අනාගතවක්තෘවරයා, එළිදරව් කරන්නා, සහ සභාපති ලෙස රසල් මැරියන් නෙල්සන්; පළමු සභාපතිත්වයේ පළමු උපදේශක ලෙස ඩැලන් හැරිස් ඕක්ස්; සහ පළමු සභාපතිත්වයේ දෙවැනි උපදේශක ලෙස හෙන්රි බෙනියන් අයිරින් යන අයව ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් එච්. ඕක්ස්, සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ ක්‍රියාකාරී සභාපති ලෙස එම්. රසල් බැලර්ඩ් යන අයව ස්ථිර කිරීම සඳහා අප ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සඳහන් අයව ඉදිරිපත් කර සිටිනවා: ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්. ගොන්ග්, උලිසෙස් සෝරෙස්, සහ පැට්‍රික් කේරොන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

පළමු සභාපතිත්වයේ උපදේශකයන් සහ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය දිවැසිවරුන්, අනාගතවක්තෘවරුන්, සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථිර කිරීම සඳහා ඉදිරිපත් කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ, කවුරුන් හෝ සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

ඔක්තෝබර් 3 බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීම් අතරතුර නව ප්‍රාදේශීය හැත්තෑවරුන් හය දෙනෙකුව ස්ථීර කර පසුව සභා වෙබ් අඩවියේ නිවේදනය කළ බව අපි දැනුම් දෙන්නෙමු. මෙම සහෝදරවරුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

දැනට ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන්ව ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්ට අත එසවීමෙන් කැමැත්ත දන්වා සිටිය හැකිය.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකයින් වෙනුවෙන් ඔබේ පවත්නා නිරන්තර යාච්ඤාවන්ට හා ඇදහිල්ලට අප ස්තූතිවන්ත වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියකදී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

මිගෙල් ඒ. ඇවිලා, ජීන් පියෙර් ඒ. එල්. හබොකෝ, රමීරෝ ඉබාරා සන්චෙස්, ජෝර්ජ් කටෙම්බෝ නෝගු මුනෙනේ, ඒ. එන්‍රීකේ ටෙක්සේරා, ෆ්‍රැන්සිස්කෝ විලනුවේවා රෝහාස්.