ඔබේ වරප්‍රසාදවලට අනුව ජීවත් වන්න
පූජකත්ව නියෝග සහ ගිවිසුම් පොරොන්දු දෙවියන්වහන්සේගේ බලය ඔබගේ ජීවිතයට ගලා යාමට ඉඩ සලසන ආකාරය ඉගෙන ගන්න.
මෑතකදී මගේ ස්වාමිපුරුෂයා වන ග්‍රෙග්ට දැඩි ශල්‍යකර්මයක් සහ මාස කිහිපයක රසායනික චිකිත්සාවක් අවශ්‍ය වන රෝග විනිශ්චයක් ලැබුණා. මේ හා සමාන තත්වයකට මුහුණ දී ඇති ඔබගෙන් බොහෝ දෙනෙක් මෙන්, අපි වහාම ස්වර්ගයේ උපකාරය සහ දෙවියන්වහන්සේගේ බලය ඉල්ලා යාච්ඤා කිරීමට පටන් ගත්තා. ග්‍රෙග්ගේ ශල්‍යකර්මයෙන් පසු ඉරිදා, සක්‍රමේන්තුව අපගේ රෝහල් කාමරයට ගෙනත් දුන්නා.
මේ අවස්ථාවේ සක්‍රමේන්තුව ගත්තේ මම පමණයි. එක පාන් කෑල්ලක්. එක වතුර කෝප්පයක්. සභාවේදී, මගේ මනස බොහෝ විට සක්‍රමේන්තුව බෙදාහැරීමේ ක්‍රමයට යොමු වෙනවා—එය සූදානම් කිරීම, ආශිර්වාද කිරීම සහ බෙදා හැරීම දෙසට. නමුත් එදින සවස වන විට, ශුද්ධ වූ නියෝග තුළින්ම මට ලබා ගත හැකි දෙවියන්වහන්සේගේ බලයේ දීමනාව ගැන සහ මම එම පාන් කැබැල්ල සහ එම වතුර කෝප්පය ගන්නා විට මා තබාගන්නා ගිවිසුමේ පොරොන්දුව ගැන මම කල්පනා කළා. මෙය ඇත්තටම මට ස්වර්ගයෙන් බලය අවශ්‍ය වුණු කාලයක්. දැඩි හිත් වේදනාවක්, වෙහෙසක් සහ අවිනිශ්චිතතාවයක් මධ්‍යයේ, මට අතිශයින් අවශ්‍ය වූ උන්වහන්සේගේ බලය ලබා ගැනීමට ඉඩ සලසන මෙම දීමනාව ගැන මම කල්පනා කළා. සක්‍රමේන්තුවට සහභාගී වීමෙන් ස්වාමින්වහන්සේගේ ආත්මය සමඟ මගේ මිත්‍රත්වය වැඩි වෙනවා, එමගින් මට දේවදූතයන්ගේ දේවසේවය සහ ජයගැනීමට ගැලවුම්කරුවාණන්ගේ ශක්තිය ඇතුළුව දෙවියන්වහන්සේගේ බලයේ දීමනාව ලබා ගැනීමට මට ඉඩ සලසනවා.
වැදගත් වන්නේ එම නියෝගයේ කටයුතු කරන්නේ කවුරුන්ද යන්න පමණක් නොවන බවත්, නමුත් එම නියෝගය සහ අපගේ ගිවිසුම් පොරොන්දු මගින් අගුළු හරින දේ ද මගේ අවධානයට ලක්විය යුතු බවත් මම මීට පෙර මෙතරම් පැහැදිලි භාවයකින් වටහාගෙන ඇතැයි මම සිතන්නේ නෑ. පූජකත්ව නියෝග සහ ගිවිසුම් පොරොන්දු දෙවියන්වහන්සේට අපව පාරිශුද්ධ කිරීමට සහ ඉන්පසු අපගේ ජීවිතවල අරුමපුදුම දේ කිරීමට ඉඩ සලසනවා. නමුත් මෙය සිදු වෙන්නේ කොහොමද?
මුලින්ම, නියෝගයකට අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ බලය ප්‍රකාශ කිරීම සඳහා, එය දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ අධිකාරිත්වයෙන් යුතුව සිදුවෙන්න ඕනෙ. මේ බෙදාහැරීමේ පද්ධතිය වැදගත්. පියාණන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට උන්වහන්සේගේ පූජකත්ව නියෝග බෙදාහැරීම ගැන අධීක්‍ෂණය කිරීමට යතුරු සහ බලය පැවරුවා. උන්වහන්සේගේ මගපෙන්වීම යටතේ, උන්වහන්සේගේ පූජකත්වයේ අනුපිළිවෙල තුළ, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වෙනුවට දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ව පත් කර තිබෙනවා.
දෙවනි එක තමයි, අපි ගිවිසුම් පොරොන්දු ඇතිකරගැනීම පමණක් මදි—අපි ඒවා ඉටු කළ යුතුයි. බොහෝ ශුභාරංචි නියෝග තුළ, අපි දෙවියන්වහන්සේ සමඟ පරිශුද්ධ ගිවිසුම් ඇති කර ගන්නවා; අපි එම ගිවිසුම් රකින විට අපට ආශිර්වාද කරන බවට උන්වහන්සේ පොරොන්දු වෙනවා. දෙවියන්වහන්සේගේ බලය ලබා ගැනීමට අපට ඉඩ සලසන්නේ, පූජකවර නියෝග සමඟ ගිවිසුම් පොරොන්දු තැබීම යන දෙකේ එකතුවෙන් බව අපි වටහාගන්නවාද?
දෙවියන්වහන්සේගේ ගිවිසුම් දියණියක් වන මම, පූජකවර නියෝග හරහා දෙවියන්වහන්සේගේ බලයේ ත්‍යාගය වෙත ප්‍රවේශ විය හැකි ආකාරය සම්පූර්ණයෙන් වටහාගෙන තිබෙනවාද කියා සහ දෙවියන්වහන්සේගේ බලය මා තුළ ක්‍රියාත්මක වන ආකාරය මම සැබවින්ම හඳුනාගන්නවාද කියා එදින දහවල් මම කල්පනා කළා.
ගැලවුම්කරුවාණන්ගේ බලය අපගේ ජීවිතයට ඇද ගන්නා ආකාරය අපට උගන්වමින්, 2019 දී, සභාවේ කාන්තාවන්ට අනාවැකිමය ආරාධනයක් ලබා දුන්නා. පෙන්සිල්වේනියාවේ හාර්මනි හිදී එමා ස්මිත්ට දුන් එළිදරව්වක් වන දහම සහ ගිවිසුම් 25 අධ්‍යයනය කිරීමට සභාපති රසල් එම්. නෙල්සන් අපට ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගැනීමෙන් මගේ ජීවිතය වෙනස් කළා.
ගිය මාසේ මට හාර්මනි ප්‍රදේශය බලන්න යන්න අනපේක්ෂිත අවස්ථාවක් ලැබුණා. ජෝසෆ් ස්මිත් සහ ඔලිවර් කවුඩ්‍රි වෙත පූජකවරය නැවත පිහිටුවා තිබුණේ, එහි තිබූ මේපල් ගස් යටයි. එම ගස්වලට ආසන්නව ජෝසෆ් සහ එමාගේ නිවසේ ඉදිරිපස දොර තිබෙනවා. ඒ ගෙදර ගිනි උඳුනෙන් එහා පැත්තේ ජනේලයක් තියෙනවා. මම ඒ ජනේලය ළඟ හිටගෙන ගස් අතරින් එලිය බලද්දී එමාට කුමක් සිතෙන්නට ඇත්දැයි කල්පනා කළා.
1830 ජූලි මාසයේදී එමාට වයස අවුරුදු 26 යි, ඇය ඉතා තරුණයි. ඇය විවාහ වී වසර තුනහමාරක් ගෙවිලා තිබුණා. ඇයට ඇගේ පළමු පිරිමි දරුවාව අහිමි වී තිබුණා. ඔහුගේ කුඩා සොහොන තිබුණේ ඇගේ නිවසේ සිට ඇති පාරට ආසන්නවයි. ඒ ජනේලය ළඟ මම හිටගෙන ඉද්දි, ඇගේ සිතිවිලි මොනවා වලින් පිරෙන්නට ඇත්දැයි සිතා ගැනීමට අපහසු වුණේ නෑ. නිසැකවම ඇය ඔවුන්ගේ මුදල් තත්වය ගැන, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන වැඩිවන පීඩාවන් ගැන ඔවුන්ගේ අනාගතය ගැන කනස්සල්ලට පත්ව සිටින්නට ඇති. එහෙත් දෙවියන්වහන්සේගේ කාර්යය ඇය වටා සෑම තැනකම තිබුණා. ඒ සැලැස්ම තුළ ඇයගේ ස්ථානය, උන්වහන්සේගේ රාජ්‍යය තුළ ඇයගේ අරමුණ සහ දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ඇයගේ හැකියාවන් ගැනත් ඇය කල්පනා කරන්නට ඇත්ද?
මම හිතන්නේ ඇය එහෙම කල්පනා කරන්න ඇති.
මේ මාර්ගය හරහා, දෙවියන්වහන්සේගේ පූජකවර අධිකාරියේ දීමනාව සහ යතුරු පොළොවේ නැවත පිහිටුවා තිබුණා. මෙය ඇත්තටම එමාට ස්වර්ගයෙන් බලය අවශ්‍ය වුණු කාලයක්. දැඩි හිත් වේදනාවක්, වෙහෙසක් සහ අවිනිශ්චිත බවක් මධ්‍යයේ, එමා ඇයට අතිශයින් අවශ්‍ය වූ දෙවියන්වහන්සේගෙන් බලය විවෘත කළ හැකි මෙම පූජකවරයේ දීමනාව ගැන පුදුම වෙන්න ඇති කියලා මම හිතනවා.
නමුත් එමා ඒ ජනේලය ළඟ සිටගෙන පුදුම වුණේ නෑ.
ජෝසෆ් අනාගතවක්තෘවරයාට යතුරු, තනතුරු, නියෝග සහ පූජකවරයේ සේවයට සහාය වන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වන අතරතුර, ස්වාමින්වහන්සේම තම අනාගතවක්තෘවරයා මාර්ගයෙන් එමාට එළිදරව්වක් ලබා දුන්නා. මේ එළිදරව්ව ලබා දුන්නේ නාවූ සහන සමිතියේ සභාපතිනිය වුණු එමාට නොවේ, නමුත් හාර්මනි හි සිටි අවුරුදු 26 ක් වයසැති එමාටයි. එළිදරව් හරහා, එම පූජකවරයේ නියෝග වලට ඇයගේ ජීවිතය තුළ ක්‍රියා කිරීමට ඇති හැකියාව වැඩි කිරීම කෙරෙහි ඇති අභ්‍යන්තර විශුද්ධිකරණය සහ ගිවිසුම් සම්බන්ධය ගැන එමා ඉගෙන ගන්න ඇති.
පළමුව, ඇය කවුද සහ ඇය කාගේද—ඒ කියන්නෙ ඇය උන්වහන්සේගේ රාජධානියේ දියණියක් බව ඇතුළුව, ස්වාමින්වහන්සේ එමාට උන්වහන්සේගේ සැලැස්මේ ඇගේ ස්ථානය මතක් කර දුන්නා. “ගුණවන්තකමේ මාර්ගයන්හි ඇවිද යන්නට” ඇයට ආරාධනා ලැබුණා, ඒ මාර්ගය, එමා ඇයගේ ගිවිසුම් මත රැඳී සිටියහොත් දෙවියන්වහන්සේගේ බලයට අගුළු හරින නියෝග ඇතුළත් මාර්ගයක්.
දෙවනුව, ඇගේ ගැඹුරු ශෝක සමයේදී, ස්වාමින්වහන්සේ ඇයට අරමුණක් ලබා දුන්නා. එමාට නැවත පිහිටුවීම නැරඹීම සඳහා ඉදිරිපස පේළියේ ආසනයක් තිබුණේ නෑ; නමුත් සිදුවෙමින් පවතින කාර්යයට ඇය අත්‍යවශ්‍ය සහභාගිවන්නියක් වුණා. “ශුද්ධලියවිලි පැහැදිලි කිරීමට, සහ සභාව උනන්දු කිරීමට”ඇයව වෙන් කරනු ලැබුවා. ඇගේ කාලය “ලිවීමට සහ බොහෝ දේ ඉගෙනගැනීම”සඳහා යෙදවුණා. ශුද්ධවන්තයන්ව නමස්කාර කිරීමට සූදානම් කිරීමට උපකාර කිරීම සඳහා එමාට පරිශුද්ධ භූමිකාවක් ලබා දී තිබුණා; ඒ තමයි ස්වාමින්වහන්සේට ඔවුන් ගයන ගීතිකා යාච්ඤාවන් ලෙස පිළිගනු ලබන බව සහ “එය ඔවුන්ගේ හිස මත ආශිර්වාදයක් සමඟින් පිළිතුරු දෙනු ලබන” බව.
අවසාන වශයෙන්, ස්වාමින්වහන්සේ එමාව උත්කර්ෂය සඳහා සූදානම් කරන අභ්‍යන්තර පාරිශුද්ධකරණයේ ක්‍රියාවලියක් ගෙනහැර දැක්වුවා. “තවද නුඹ මෙය කරන්නේ නම් මිස, මා සිටින තැනට නුඹට පැමිණිය නොහැකි වන්නේය”කියා ස්වාමින්වහන්සේ ඇයට පැහැදිලි කළා.
අපි 25 වෙනි කොටස හොඳින් කියවා බැලුවොත්, වැදගත් ප්‍රගතියක් සිදුවෙමින් පවතින බව අපිට සොයාගන්න පුළුවන්. එමා රාජධානියේ දියණියකගේ සිට “තෝරාගත් කාන්තාවක්” බවට සහ ඉන්පසු රැජිනක් බවට පත්වෙනවා. ආරෝනික සහ මෙල්කිසදෙක් පූජකවර නියෝග සමඟ ඒකාබද්ධ වූ ඇගේ ගිවිසුම් පොරොන්දු ඉටු කිරීම මගින් ආත්මයාණන්වහන්සේ හා දේවදූතයන් සමඟ ඇයගේ මිත්‍රත්වය වැඩි කරනවා, දිව්‍ය මගපෙන්වීමෙන් ඇගේ ජීවිතය පුරා ඉදිරියට යාමට ඇයව බලගන්වනවා. දෙවියන්වහන්සේගේ දිව්‍යමය බලය තුළින්, උන්වහන්සේ ඇගේ හදවත සුවපත් කර, ඇගේ හැකියාව විශාල කර, ඇයව පත් කළ හැකි බවට උන්වහන්සේ දැන සිටි ඇගේම හොඳම ස්වරූපයට ඇයව පරිවර්තනය කරනු ලැබෙනවා. මෙල්කිසදෙක් පූජකවරයේ නියෝග හරහා, ඇගේ ජීවිතය තුළ “දේවත්වයේ බලය එළිදරව් කරනු [ලැබෙනවා]” ඒවගේම ඇයට ස්වාමින්වහන්සේගෙන් අවබෝධය ලබාගැනීමට හැකිවන පිණිස, උන්වහන්සේ තිරය ඉවත් කරනවා. දෙවියන්වහන්සේගේ බලය අප තුළ ක්‍රියාත්මක වීම පෙනෙන්නේ මේ ආකාරයටයි.
සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා:
[හාර්මනි] තුළ සිදු වූ සෑම දෙයක්ම ඔබේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරයි. පූජකවරය නැවත පිහිටුවීම, සහ එමාට ස්වාමින්වහන්සේ ලබාදුන් උපදෙස් මගින්, ඔබ සෑම කෙනෙකුටමත් මගපෙන්වීම සහ ආශිර්වාද ලබාගන්න පුළුවන්. …
“… ඔබගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමට ඉඩදීමට ස්වාමින්වහන්සේ එමාට සහ [අපට] කිරීමට උපදෙස් දුන් ඒ දේවල්ම කිරීම අවශ්‍ය වෙනවා.”
දෙවියන්වහන්සේගේ දියණිය වන එමා ස්මිත්ව ශක්තිමත් කරන, දිරිගන්වන සහ උපදෙස් දෙන එළිදරව්වක් වන, ස්වාමින්වහන්සේ විසින් කැඳවනු ලැබූ තේරී පත් වූ කාන්තාවට දෙන ලද එළිදරව්ව ඇතුළුව, හාර්මනියේ එම කවුළුව දෙපස වැදගත් දේවල් සිදුවුණා.
අපේ මිනිබිරිය ඉසබෙල්ට නමක් සහ ආශිර්වාදයක් ලබා දෙද්දි, ඇයගේ පියා, ඇය අඛණ්ඩව වර්ධනය වෙමින් සහ පූජකවරය මගින් ඇයගේ ජීවිතයට ලබාදෙන ආශිර්වාදය ගැන ඉගෙනගනිමින්, පූජකවරය ගැන අවබෝධයක් ලබාගැනීමටත්; ඒවගේම ඇය අවබෝධයෙන් වැඩෙන විට පූජකවරය ගැන ඇගේ ඇදහිල්ල වර්ධනය වන ලෙසත් ඇයට ආශිර්වාද කළා.
කුඩා ගැහැණු ළමයෙකුට, පූජකවරය ගැන අවබෝධ කර ගැනීමටත් එම පූජකවර නියෝග සහ ගිවිසුම් පොරොන්දු ඇයට දෙවියන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමට උපකාර වන ආකාරය ඉගෙනගැනීමටත් ආශිර්වාදයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒත් මට එමාව මතක් වෙලා, මටම හිතුණා, ඇයි එහෙම බැරි කියලා? මෙම කුඩා දියණියට උන්වහන්සේගේ රාජධානියේ තේරී පත් වූ කාන්තාවක් වීමටත් අවසානයේ රැජිනක් වීමටත් හැකියාව තිබෙනවා. උන්වහන්සේගේ පූජකවරයේ නියෝග තුළින් සහ ඇගේ ගිවිසුම් පොරොන්දු ඉටු කිරීම තුළින්, ජීවිතය ගෙන එන ඕනෑම දෙයක් ජය ගැනීමට දෙවියන්වහන්සේගේ බලය ඇය තුළ ක්‍රියා කරයි, ඒවගේම ඇයට විය හැකි බව දෙවියන්වහන්සේ දන්නා කාන්තාව බවට පත්වීමට ඇයට එය උපකාර කරයි. රාජධානියේ සෑම ගැහැණු ළමයෙකුම මේ ගැන තේරුම්ගන්නවාට මම කැමතියි.
“ඔබේ වරප්‍රසාදවලට අනුව ජීවත් වන්න.”
පූජකවර නියෝග සහ ගිවිසුම් පොරොන්දු දෙවියන්වහන්සේගේ බලය ඔබගේ ජීවිතයට ගලා යාමට ඉඩ සලසන ආකාරය ඉගෙන ගන්න, එය වැඩි කාර්යක්ෂමතාවයකින්, ඔබ තුළ සහ ඔබ හරහා ක්‍රියා කරමින්, ඔබගේ සම්පූර්ණ අරමුණ සහ විභවය වෙත ළඟා වීමට ඔබව සවිබල ගන්වමින් ඔබව සන්නද්ධ කරයි.
ආරෝනික සහ මෙල්කිසදෙක් පූජකවර නියෝග, අපි ඒවා සමඟ ඇති කරගන්නා ගිවිසුම් පොරොන්දු සහ එම නියෝග හරහා අප ප්‍රවේශ වන දෙවියන්වහන්සේගේ බලය ගැන හොඳින් අධ්‍යයනය කර මෙනෙහි කරන්න.
මතක තබා ගන්න, වැදගත් වන්නේ එම නියෝග ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද යන්න පමණක් නොවේ; නමුත් එම නියෝග සහ ඔබේ ගිවිසුම් පොරොන්දු අගුළු හරින දේවල් ද ඔබගේ අවධානයට ලක්විය යුතුයි.
පාන් සහ ජලය ලබාගැනීම, ඔබට ජය ගැනීමට උපකාර කිරීමට ඔබ තුළ ක්‍රියා කරන උන්වහන්සේගේ බලය ගැන සතිපතා මතක් කිරීමක්. ශුද්ධ වූ පූජකවරයේ දේවමාළිගා වස්ත්‍රය පැළඳීම, ඔබට වඩා යහපත් වීමට උපකාර කිරීම සඳහා ඔබ තුළ ක්‍රියාත්මක වන උන්වහන්සේගේ බලයේ ත්‍යාගය දිනපතා මතක් කිරීමක්.
දෙවියන්වහන්සේගේ බලයේ ත්‍යාගය සඳහා අප සැමටම ප්‍රවේශය තිබෙනවා.
අපි සක්‍රමේන්තුවට සහභාගි වන සෑම අවස්ථාවකදීම ඒක එහෙමයි.
අපි දේවමාළිගාවක එළිපත්ත තරණය කරන සෑම අවස්ථාවකම ඒක එහෙමයි.
මේ තමයි මගේ සබත් දවසේ විශේෂත්වය. මේ නිසා තමයි මම මගේ දේවමාළිගා නිර්දේශය අගය කරන්නෙ.
“එහිවූ නියෝගයන්ට අනුව, දේවත්වයේ බලය එළිදරව් කරනු [ලැබෙනවා].”
මේ දීමනාව ගැන මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.