දෙවියන්වහන්සේගේ ප්‍රියතමයා
දෙවියන්වහන්සේගේ ආදරෙන් පිරී සිටීමෙන් ජීවිතයේ සුළි කුණාටු වලින් අපව ආරක්ෂා කරන අතරම, සතුටුදායක මොහොතවල් තවත් සතුටින් පුරවාලනවා.
මම පටන් ගන්නට පෙර, මගේ දරුවන් දෙන්නෙක් දේශනා කූඩුවේ කතා කරමින් සිටිය දී කලාන්ත වී වැටී තිබෙන බවත්, මේ මොහොතේ තරම් ඔවුන්ට කිට්ටු බවක් මට කිසිදා දැනී නොමැති බවත් මම ඔබට පැවසිය යුතුයි. බිම් දොරට වඩා වැඩි යමක් මගේ මනසේ තියෙනවා.
අපේ පවුලේ දරුවෝ, හය දෙනෙක් ඉන්නවා, සමහරක් වෙලාවට ඔවුන් තමන් ප්‍රියතම ළමයා කියලා එකිනෙකාට විහිළු කර ගන්නවා. එක් එක් කෙනාට කැමති වෙන්න වෙනස් හේතු තිබෙනවා. අපේ සෑම දරුවෙකුටම අපේ ආදරය පවිත්‍රයි, තෘප්තිමත්, ඒවගේම පරිපූර්ණයි. අපට ඔවුන්ගෙන් කිසිවෙකුට තවත් කෙනෙකුට වඩා ආදරය කරන්න බැහැ—හැම දරුවෙකුගේම උපතත් සමඟ අපගේ ආදරයේ සුන්දර වර්ධනයක් සිදුවුණා. මගේ දරුවන් කෙරෙහි මට දැනෙන ආදරය තුළින් මගේ ස්වර්ගික පියාණන්වහන්සේ මා කෙරෙහි ඇති ආදරය මම වඩාත්ම හොඳින් තේරුම් ගන්නවා.
ඔවුන් සෑම කෙනෙකුම වැඩියෙන්ම ආදරය ලබන දරුවා ලෙස ඔවුන්ගේ හිමිකම් පෙරහුරු කරන විට, අපේ පවුලට කිසි විටෙකත් අපිළිවෙල වූ නිදන කාමරයක් තිබුණේ නැහැ කියල ඔබ හිතනවා ඇති. ආදරයට අවධානය යොමු කිරීමත් එක්ක දෙමව්පියන් හා දරුවා අතර සම්බන්ධතාවයේ ගැටළුකාරී හැඟීම අඩු වෙනවා.
යම් අවස්ථාවක, සමහර විට අප නොවැළැක්විය හැකි පවුල් කෝලාහලයක් කරා යන බව මට පෙනෙන නිසා, මම “හරි, ඔයා මාව වෙහෙසට පත් කරල ඉන්නේ, ඒත් මම එය නිවේදනය කරන්න යන්නේ නැහැ; ඒත් ඔයාලා දන්නවනේ ඔයාලගෙන් මගේ ප්‍රියතම කෙනා කවුද කියලා.” මගේ අරමුණ තමයි හය දෙනාගෙන් සෑම කෙනෙකුටම ජයග්‍රාහී බවක් දැනෙන එක සහ හැම-යුද්ධයක්ම වළක්වා ගන්න එක—අඩුම තරමේ ඊළඟ වතාව වෙනකම්වත්!
යොහාන්ගේ ශුභාරංචියේ, ඔහු තමාව හැඳින්වූයේ, හරියට ඒක හරිම වෙනස් දෙයක් විදියට පෙන්නුම් කරමින්, “යේසුස්වහන්සේ ආදරය කළ ගෝලයා,” ලෙසයි. මම හිතන විදියට එහෙම වුණේ යේසුස්වහන්සේ යොහාන්ට ඉතා පරිපූර්ණ ලෙස ආදරය කරන බව ඔහුට දැනුණු නිසා වෙන්න ඇති. නෙපී මෙසේ ලියූ විට ඔහු එවැනිම හැඟිමක් මට ලබා දුන්නා, “මම මගේ යේසුස්වහන්සේ තුළ මහිමයට පත්වෙමි.” ඇත්තවශයෙන්ම, ගැලවුම්කරුවාණන් යොහන්ගේවත් ඊට වඩා නෙපීගේවත් නොවේ, ඒ කෙසේවෙතත් නෙපීට “ඔහුගේ” යේසුස්වහන්සේ සමඟ තිබූ සම්බන්ධතාවයේ ස්වභාවය එම මෘදු විස්තර කිරීම වෙත ඔහුව යොමුකළා.
අපට එතරම් සම්පූර්ණයෙන් සහ පෞද්ගලිකව අවධානයට හා ආදරයට ලක්විය හැකි අවස්ථා තිබීම පුදුමයක් නොවේද? නෙපීට උන්වහන්සේව “ඔහුගේ” යේසුස්වහන්සේ ලෙස හඳුන්වන්න පුළුවන්, අපටත් පුළුවන්. අපේ ගැලවුම්කරුවාණන්ගේ ආදරය “උසස්ම, උතුම්ම, ශක්තිමත්ම ආකාරයේ ආදරයක්,” අපව “පිරෙන” තුරුම උන්වහන්සේ එය අපට ලබාදෙනවා. දිව්‍යමය ආදරය කිසිවිට සිඳී යන්නේ නැති අතර, අපි සෑම කෙනෙක්ම ආදරය ලැබෙන ප්‍රියතමයෙක් වෙනවා. දෙවියන්වහන්සේගේ ආදරය කියන්නෙ වෙන් රූපසටහනක කව ලෙස, අපි සියල්ලන්ම එක පිට එක වැටෙන ස්ථානයයි. අපේ යම් යම් කොටස් වෙනස් විදිහට පෙනුනත්, උන්වහන්සේගේ ආදරය අපට එකමුතුකම සොයාගත හැකි ස්ථානයක් වෙනවා.
ශ්‍රේෂ්ඨතම ආඥාවන් වන්නේ දෙවියන්වහන්සේට ආදරය කිරීම හා අප අවට සිටින අයට ආදරය කරන එක වීම පුදුමයක් ද? මිනිසුන් ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ආදරය එකිනෙකාට පෙන්වන බව මම දකින විට, ඔවුන්ගේ ආදරයට වඩා යමක් එම ආදරයේ අඩංගු බවයි මට දැනෙන්නෙ; ඒ ආදරය තුළ දේවත්වයද තිබෙනවා. සම්පූර්ණයෙන් සහ පරිපූර්ණව අපි එකිනෙකාට ආදරය කරන විට, ස්වර්ගයද ඒ සමඟ සම්බන්ධ වෙනවා.
ඉතිං අපි සැලකිලිමත්වන කෙනෙක් දිව්‍යමය ආදරයේ හැඟිමකින් ඈත්වෙලා කියලා පෙනෙනවා නම්—දෙවියන්වහන්සේ වෙත අපි අපිවම සමීප කරන දේවල් කිරීමෙන් හා පසුව ඔවුන් වෙත අපිව සමීප කරන දේවල් කිරීමෙන්—ක්‍රිස්තුස්වහන්සේ වෙතට එන්න නිහඬ සංඥාවක් කිරීමෙන්—අපිට මේ රටාව අනුගමනය කරන්න පුළුවන්.
මට ඔබත් එක්ක වාඩි වී දෙවියන්වහන්සේගේ ආදරය ඔබට දැනෙන්න හේතු වන කාරණා ඔබෙන් අසන්නට තිබුණානම් මම කැමතියි. මොන ශුද්ධලියවිලි පද වලින්ද, මොන විශේෂ සේවා ක්‍රියාවන් වලින්ද? ඔබ කොහේ සිටීද? මොන සංගීතය ද? කාත් එක්කද? ප්‍රධාන සම්මන්ත්‍රණය කියන්නෙ ස්වර්ගික ආදරයත් එක්ක සම්බන්ධ වීම ගැන ඉගෙන ගන්න අනර්ඝ තැනක්.
නමුත් සමහර විට දෙවියන්වහන්සේගේ ආදරයෙන් ඔබ ගොඩක් ඈත් වෙලා කියලා දැනෙනවා ද? සමහර විට ඔබේ සිතුවිලි වලට බර වන අධෛර්යමත් සහ අන්ධකාරයේ හඬවල් තිබෙනවා, ස්වර්ගික ආදරය සහතික කරන්න බැරි තරම් ඔබ අන්දමන්ද වෙලා හෝ ගොඩක් තුවාල වෙලා, ව්‍යාකූල වෙලා, ගොඩක් දුර්වල වෙලා හා නොසලකා හැරල, ගොඩක් වෙනස් වෙලා කියා ඔබට කියන පණිවිඩ තිබෙනවද. ඔබට ඒ වගෙ අදහස් ඇසෙනවා නම් කරුණාකර මේකත් අසන්න: ඒ හඬවල් වැරදියි. අපගේ ආදරණීය සහ නිකැළැල් ගැලවුම්කරුවාණන් “අපි වෙනුවෙන් තුවාල ලබන්න, බිඳ දමනු ලබන්න, [සහ] ඉරාදමනු ලබන්නට” තෝරා ගත් බව අපට මතක් කර දෙන ගීතිකාව ගායනා කරන සෑම අවස්ථාවකම සහ අපි කැඩුණු පාන් ගන්නා සෑම අවස්ථාවකම—අපව ස්වර්ගීය ප්‍රේමයෙන් නුසුදුස්සන් කරන ඕනෑම ආකාරයකින් අපට බිඳ වැටීම විශ්වාසයෙන් නොසලකා හරින්න පුළුවන්. ඇත්තෙන්ම යේසුස්වහන්සේ බිඳුනු අයගෙන් හැම ලැජ්ජාවම ඉවත් කරනවා. උන්වහන්සේගේ බිඳුනුකම තුළින්, උන්වහන්සේ පූර්ණත්වය ලැබුවා වගේම අපේ බිඳුනුකම් තිබියදී වුනත් උන්වහන්සේට පුළුවන් අපව පරිපූණ කරන්න. බිඳුන, තනිකම, ඉරීගිය, සහ තුවාල වූ උන්වහන්සේ වගේ—අපටත් එහෙම දැනෙන්න පුළුවන්—නමුත් දෙවියන්වහන්සේගේ ආදරයෙන් වෙන්ව අපිට එහෙම දැනෙන්නේ නෑ. “බිඳුන මිනිසුන්, පරිපූර්ණ ආදරය,” ගීතයේ කියන්නෙ ඒ විදිහටයි.
ඔබට ආදරය කරන්න බැහැ කියල සිතන ඔබ ගැන යම් රහසක් ඔබ දන්නවා වෙන්න පුළුවන්. ඔබ ඔබ ගැන දන්න දේ ගැන ඔබ කොතරම් නිවැරදි වුනත්, ඔබ දෙවියන්වහන්සේගේ ආදරෙන් ඈතට ගියා කියලා සිතීම වැරදියි. අපි කිසිම විදිහකින් වෙනත් කිසිවෙකු ගැන සිතන්නවත් බැරි ආකාරයෙන් අපි සමහරක් විට අපටම දරුණුයි, ඉවසිලිවන්ත නැහැ මේ ජීවිතයේ අපට කිරීමට බොහෝ දේ තිබෙනවා, නමුත් තමන්වම පිළිකුල් කරගැනීම සහ ලැජ්ජා සහගතව ස්වයං හෙළාදැකීම ඒ ලැයිස්තුවේ නෑ. අපි කොයිතරම් වැරදියි කියල අපිට දැනුනත් අපි ගැන උන්වහන්සේගේ අත කොට වෙන්නෙ නැහැ. නෑ. උන්වහන්සේගේ දෑත් සෑම විටම “[අපට] ළඟා වීමටත්” අප එකිනෙකාව වැළඳ ගන්නටත් තරම් දිගයි.
අපට දිව්‍යමය ආදරයේ උණුසුම දැනෙන් නැති විට, එය පහව ගිහින් නැහැ. දෙවියන්වහන්සේගේම වචන වලින් කියනවානම් “කඳු පහව යන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් [උන්වහන්සේගේ] කරුණාව නම් [අපෙන්] පහව නොවන්නේය.” ඒනිසා, පැහැදිලිවම කිව්වොත්, දෙවියන්වහන්සේ ආදරය කිරීම නැවැත්වූවා යන අදහස ජීවිතයේ ඇති විය හැකි පැහැදිලි කිරීම් ලැයිස්තුවේ පහළින්ම තිබිය යුතු වගේම අපිට එතනට යන්න පුළුවන් වෙන්නේ කඳු පහව ගොස් හෙල් ඉවත්ව ගිය පසුවයි!
දෙවියන්වහන්සේගේ ආදරයේ ස්ථිරභාවය පිළිබඳව සාක්ෂියක් වන කඳුවල මේ සංකේතවාදය මම ඇත්තෙන්ම ප්‍රිය කරනවා. ඒ බලවත් සංකේතවාද වියමන් වෙනවා, එළිදරව් ලබා ගන්න කඳුවලට යන අයගේ සටහන් වල යෙසායාගේ විස්තරය මෙහෙම කියනවා, “ස්වාමින්වහන්සේගේ ගෘහයේ කන්ද, කඳු මුදුනේ පිහිටුවා තිබේ.” ස්වාමින්වහන්සේගේ ගෘහය අපේ වඩාත් වටිනාම ගිවිසුම් හා අපි සියල්ලන්ටම විවේකයක් ගන්න ස්ථානය සහ පියාණන්වහන්සේ තුළ අපට තිබෙන ආදරයේ සාක්ෂිය ගැඹුරින් අවබෝධ වන නිවහනයි. මම මගේ බව්තීස්ම ගිවිසුම් තව තවත් වැළඳගන්නා විට මගේ ආත්මයට ලැබෙන සැනසීම ද මම භුක්ති විඳ ඇති අතර නැති වූ කෙනෙකුට ශෝක වන හෝ සිත් වේදනාවෙන්, බලාපොරොත්තු සුන්වීමක් නිසා දුක් වන කෙනෙකුට තමන්ගේ හිත හදාගන්න උපකාර කරන්න මම උත්සහ කරනවා. වටිනා ගිවිසුම් ප්‍රේමයේ අපට තව තවත් ගිලී සිටිය හැකි ක්‍රම මේවාද හෙසෙඩ්?
දෙවියන්වහන්සේගේ ආදරය අපව අතහැර යන්නේ නැති නම්, අපට එය හැමවිටම දැනෙන් නැත්තේ ඇයි? ඔබේ බලාපොරොත්තු සලස්වා දීමට පමණක්, මම දන්නෙ නැහැ. නමුත් ආදරය කිරීම නිසැකවම ආදරය දැනීම එක්ක සමාන වෙන්නෙ නැති අතර, ඔබ එම ප්‍රශ්නයට පිළිතුරු හඹායන විට ඔබට උපකාර වෙන්න පුළුවන් සිතුවිලි කිපයක් මට තියෙනවා.
සමහරක් විට තැවුල, විශාදය. පාවාදීම, තනිකම, කලකිරීම, නැතිනම් වෙනත් බලවත් මැදිහත් වීම සමඟ දෙවියන්වහන්සේගේ ඔබට තියෙන ආදරය දැනීමට ඇති හැකියාව එක්ක ඔබ පොර බදිනවා වෙන්න පුළුවන්. එසේ නම්, දැනීමට ඇති අපේ හැකියාව උදාසීන කරන්නත් හෝ අත්හිටුවන්නත් මේ දේවල් වලට පුළුවන්. අඩුම තරමින් යම් කාලයක් සඳහා වුවත්, සමහරවිට ඔබට උන්වහන්සේගේ ආදරය දැනීමට නොහැකි වෙන්න පුළුවන්, ඒ ගැන දැනුම ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. නමුත් දිව්‍යමය ආදරය ප්‍රකාශ කිරීමේ සහ ලබා ගැනීමේ විවිධ ක්‍රම සමඟ ඔබට—ඉවසිලිවන්තව—අත්හදා බලන්න හැකිදැයි මම කල්පනා කරනවා. ඔබ ඉස්සරහා තියෙන ඕනෑම දෙයකින් අඩියක් පිටුපසට ගන්න පුළුවන් ද, සමහර විට තවත් අඩියක් සහ තවත් අඩියක් ඔබ පුළුල්ව භූමි දර්ශනයක් දකිනතෙක්, අවශ්‍ය නම් තව තවත් පුළුල්ව ඇත්ත වශයෙන්ම ඔබ “උත්කර්ෂවත්ව සිතන” තෙක්? මොකද ඔබ තරු දෙස බලා සිටිමින් සංඛ්‍යාවක් නොමැතිව මැවූ ලෝක සහ ඒවායේ මැවුකරුවාණන් ගැන ඒ තුළින් බලා සිටිනවා.
කුරුළු ගීතය, ඉර, සුළඟ දැනීම හෝ මගේ සමට දැනෙන වැස්ස, සහ සොබාදහම මගේ අවබෝධය දෙවියන්වහන්සේ කොරහි විශ්මයට පත් කරන අවස්ථා—ඒ හැම එකක්ම ස්වර්ගය සමඟ සම්බන්ධතාවයක් ලබන්න දායක වෙලා තියෙනවා. සමහරවිට විශ්වාසවන්ත මිතුරන්ගේ සැනසීම උපකාර වෙනවා. සමහරක් විට සංගීතයෙන්? හෝ සේවය කිරීමෙන්? දෙවියන්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතා ඔබට පැහැදිලි වුණ අවස්ථා වර්තාවක් හෝ දිනපොතක් ඔබ තබාගෙන තියෙනවද? සමහරක් විට සහනය හා අවබෝධය සොයන විට ඔබට පුළුවන් ඔබත් සමඟ ඔවුන්ගේ දිව්‍යමය සම්බන්ධතා වල මූලය බෙදා ගන්නට ඔබ විශ්වාස කරන අයට ආරාධනා කරන්න.
ඔබටත් යේසුස්වහන්සේටත් හමුවිය හැකි ස්ථානයක් තෝරාගැනීමට උන්වහන්සේට සිදුවුණොත්, ඔබට උන්වහන්සේ ගැන ඒකීයව අවධානය දෙන්න පුළුවන් පුද්ගලික ස්ථානයක් උන්වහන්සේ තෝරාගනීද, නැත්නම් කාටවත් යන්න බැරි, ඔබේ ගැඹුරුම අවශ්‍යතාවය තිබෙන, පුද්ගලික වේදනාවේ ඔබේ ඒ අනන්‍ය ස්ථානය උන්වහන්සේ තෝරගනීද කියලා මම කල්පනා කරනවා. සමහරවිට ඔබට තනිවී ඇතැයි සිතෙන්නට තරම් තනිකම දැනෙන තැනක්, නමුත් එසේ නොවන තැනක්, ඇතැම් විට උන්වහන්සේ විතරක් ගමන්කළ හැකි ස්ථානයක් නමුත් ඔබ එතනට පැමිණෙන විට ඔබව පිළිගන්නට සූදානම් වී ඇති තැනක්ද? ඔබ උන්වහන්සේ පැමිණෙන තුරු බලා සිටිනවානම්, උන්වහන්සේ එතනට දැනටමත් ඇවිදින් අතේ දුරින් සිටිනවා වෙන්නට පුළුවන්?
ඔබේ ජීවිතයේ මේ කාලය ප්‍රේමයෙන් පිරී තිබෙනවානම්, පෙනේරයක් වතුර රඳව ගන්නා වගේ එය තියාගන්න. යන හැම තැනකටම ඒක විසුරුවන්න. දිව්‍යමය ආර්ථිකයේ එක් ආශ්චර්යයක් තමයි, අපි යේසුස්වහන්සේගේ ප්‍රේමය බෙදාගැනීමට උත්සාහ කරද්දි, “යමෙක් තමාගේ ජීවිතය මා වෙනුවෙන් නැතිකරගන්නේද එවැන්නාට එය සම්බවන්නේය” යන ප්‍රතිපත්තියේ විචලනයකින් අප පිරී සිටිනවා.
දෙවියන්වහන්සේගේ ආදරෙන් පිරී සිටීමෙන් ජීවිතයේ සුළි කුණාටු වලින් ආරක්ෂා වෙන අතරම, සතුටුදායක මොහොතවල් තවත් සතුටින් පුරවාලනවා—අපේ ප්‍රීතිමත් දවස්, ඉර අහසේ පායා තිබෙනකොට, අපගේ ආත්මයන් පායන හිරු එළියටත් වඩා දීප්තිමත් කරවනවා.
අපගේ යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ආදරය කෙරෙහි අපි තව තවත් “මුල් ඇද පිහිටා” සිටිමු. උන්වහන්සේගේ ආදරය සහ බලය දැනෙන අත්දැකීම් සොයා ඒවා අගය කොට සලකමු. ප්‍රීතිමත්, ශෝකවත් බව නොතකා, ශුභාරංචියේ ප්‍රීතිය සැමට එක සේ පවතියි. ප්‍රීතිය යනු අපේ අරමුණ මිසක් අපගේ ජීවන තත්ත්වයේ තිළිණයක් නොවේ. “ප්‍රීතිමත් වී දෙවියන්වහන්සේටත් සියලු මනුෂ්‍යයින්ටත් ආදරයෙන් පිරී සිටින්නට”අපිට සෑම හේතුවක්ම තිබෙනවා. අපි පිරී ඉතිරෙමින් සිටිමු. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.