2020–2024
“ඒ මමය”
2024 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


15:23

“ඒ මමය”

ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය—දිව්‍ය කැමැත්තට පූර්ණ පක්ෂපාතීත්වය තුලින් පැහැදිලි වෙනවා—එය නොනැසී පවතින අතර දිගටම පවතිනවා.

අද සබත් දවස, අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම ගැන කතා කිරීමට රැස්ව සිටිනවා. මගේ මිදුම්කරුවාණන් ජීවත් වන බව මම දන්නවා.

යේසුස්වහන්සේගේ ලෞකික ජීවිතයේ අවසාන සතියේ මෙම දර්ශනය ගැන සලකා බලන්න. ලී පතුරු වලින් සන්නද්ධව සහ කඩු අතින් ගත් රෝම සොල්දාදුවන් ඇතුළුව විශාල පිරිසක් රැස්ව සිටියා. පන්දම් අතැතිව සිටි නායක පූජකවරුන්ගේ නිලධාරීන් විසින් මෙහෙයවන ලද මෙම උනන්දුව ඇති පිරිස පිටව ගියේ නගරයක් යටත් කර ගැනීමට නොවේ. අද රාත්‍රියේ ඔවුන් සොයමින් සිටියේ, ඔහුගේ මුළු ජීවිත කාලය පුරාවටම ආයුධයක් රැගෙන ගියේ නැති, හමුදා පුහුණුවක් ලබා නැති හෝ ශාරීරිකව සටන් කිරීමක නොයෙදුනු මිනිසෙක්වයි.

සොල්දාදුවන් ළං වන විට, යේසුස්වහන්සේ තම ගෝලයන්ව ආරක්ෂා කරන්නට උත්සාහ කරමින්, ඉදිරියට ගොස්, “නුඹලා කවරෙකු සොයවුද?” කියා ඇසුවා. “නාසරිය යේසුස් ය” කියා ඔවුන් පිළිතුරු දුන්නා. යේසුස්වහන්සේ කිව්වා, “ඒ මම ය. … එසැණින් ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුනට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටු[ණා].”

මට නම්, සියලුම ශුද්ධලියවිලිවල ඇති වඩාත්ම සිත් ඇදගන්නා පේළිය එයයි. වෙනත් දේ අතර, එය මට කෙලින්ම පවසන්නේ පරණ ගිවිසුමේ ශ්‍රේෂ්ඨ යෙහෝවාවහන්සේ සහ අලුත් ගිවිසුමේ යහපත් එඬේරාණන් වන කිසිඳු ආයුධයක් දරා නොසිටින—දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ඉදිරියෙහි සිටීමමෙම හඬ ඇසීමෙන් පමණක් කුණාටුවෙන් සහනය ගෙන එන බවයි, විරුද්ධවාදීන්ව පසුබස්සවා හරවා යැවීමට, ඔවුන්ව අවුල් සහගත කිරීමට, ඒ වගේම ඒ රාත්‍රියේ ඒ මුළු කණ්ඩායමටම කුස්සියේ රාජකාරිය පැවරුවා නම් යහපත් කියා සිතීමට තරම් මේ සාමයේ කුමාරයාගේ හඬ ප්‍රමාණවත්.

දින කිහිපයකට පෙර, උන්වහන්සේ ජයග්‍රාහී ලෙස එම නගරයට ඇතුළු වූ විට, “මුළු නුවර කැලඹී, මේ කවුදැයි” යනුවෙන් ඇසූ බව ශුද්ධලියවිල්ලේ පවසනවා. මෙම අවුල් සහගත වුණු සොල්දාදුවන් දැන් අසමින් සිටි ප්‍රශ්නයත් “මේ කවුදැයි?” යන බව මට හිතාගන්න පුළුවන්.

එම ප්‍රශ්නයට පිළිතුර උන්වහන්සේගේ පෙනුමේ නොතිබෙන්නට ඇති, මොකද සියවස් හතකට පමණ පෙර යෙසායා මෙසේ අනාවැකි පළ කර තිබුණා “උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන්වහන්සේ දකින විට උන්වහන්සේ කෙරේ ආශාවීමට ලක්ෂණකමක්ද නැත.” එය නිසැකවම උන්වහන්සේගේ ඔප දැමූ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ හෝ උන්වහන්සේගේ විශාල පෞද්ගලික ධනයේ තිබුණේ නෑ, මොකද උන්වහන්සේට ඒ කිසිවක් තිබුණේ නෑ. එය ප්‍රාදේශීය සිනගෝගවල කිසිඳු වෘත්තීය පුහුණුවකින් ලැබුණා වෙන්න බෑ මොකද උන්වහන්සේ කිසිදාක ඒ කිසිවකින් අධ්‍යාපනය ලැබූ බවට අපට සාක්ෂි නැහැ, නමුත් උන්වහන්සේගේ යෞවන කාලයේදී පවා, “බලය ඇති කෙනෙකු මෙන්” උන්වහන්සේගේ දහමෙන් පුදුමයට පත් කරමින්, විශිෂ්ට ලෙස සූදානම් වී සිටි ශාස්තෘවරුන් සහ නීතිඥයන්වත් උන්වහන්සේට ව්‍යාකූල කළ හැකි වුණා.

දේවමාළිගාවේ එම ඉගැන්වීමේ සිට උන්වහන්සේ ජයග්‍රාහී ලෙස යෙරුසෙලමට ඇතුළුවීම සහ මෙම අවසාන, යුක්ති සහගත නොවන අත්අඩංගුවට ගැනීම දක්වා, යේසුස්වහන්සේව නිරතුරුවම දුෂ්කර, බොහෝ විට වංචනික තත්වයන්ට පත් කරනු ලැබුවා, නමුත් උන්වහන්සේ සෑම විටම එවැනි වැරදි තත්වයන්ගෙන් ජයග්‍රහණය කළා—එයට හේතුව වුණේ උන්වහන්සේගේ දිව්‍යමය DNA මිස අපිට වෙන තේරුම්කිරීමක් නැහැ.

එහෙත් ඉතිහාසය හරහා බොහෝ දෙනෙක් උන්වහන්සේ පිළිබඳ අපගේ ප්‍රතිරූපය සහ උන්වහන්සේ කවුරුන්ද යන්න පිළිබඳ උන්වහන්සේගේ සාක්ෂිය සරල කර, සුළුකොට පෙන්නුම් කර තිබෙනවා. ඔවුන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හුදු විචක්ෂණ භාවයකටද, උන්වහන්සේගේ යුක්තිය හුදු කෝපයකටද, උන්වහන්සේගේ දයාව හුදු අවසරයකටද පත් කර තිබෙනවා. අපට අපහසු යැයි හැඟෙන ඉගැන්වීම් පහසුවෙන් නොසලකා හරින උන්වහන්සේගේ එවැනි සරල අනුවාදයන් ගැන අප පරෙස්සම් විය යුතුයි. මෙම “සුළු කිරීම” උන්වහන්සේගේ අවසාන නිර්වචන ගුණය, උන්වහන්සේගේ ආදරය සම්බන්ධයෙන් පවා සත්‍ය වී තිබෙනවා.

යේසුස්වහන්සේ උන්වහන්සේගේ ලෞකික මෙහෙවර අතරතුර, ශ්‍රේෂ්ඨ ආඥා දෙකක් ඇති බව ඉගැන්වුවා. ඒවා මෙම සම්මන්ත්‍රණයේදී උගන්වා ඇති අතර සදහටම උගන්වනු ලැබෙයි: “ඔබේ ස්වාමින් වූ දෙවියන්වහන්සේට [සහ] ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” මෙම තීරණාත්මක සහ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වූ නීති දෙක තුළ අපි ගැලවුම්කරුවාණන්ව ඇදහිලිවන්තව අනුගමනය කිරීමට නම්, අපි උන්වහන්සේ සැබවින්ම පැවසූ දෙයට තදින් ඇලී සිටිය යුතුයි. ඒවගේම උන්වහන්සේ සැබවින්ම පැවසුවේ මෙයයි, “නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය.” එදිනම සන්ධ්‍යාවේදී උන්වහන්සේ මෙසේ පැවසුවා, “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන්න”

එම ශුද්ධලියවිලි පදවල, සත්‍ය, ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ප්‍රේමය නිර්වචනය කරන සුදුසුකම් ලත් වාක්‍ය ඛණ්ඩ—සමහර විට පිවිතුරු ප්‍රේමය ලෙස හැඳින්වෙන දේ—ඇත්තෙන්ම අත්‍යවශ්‍ය වෙනවා.

ඒවා නිර්වචනය කරන්නේ මොනවාද? යේසුස්වහන්සේ ප්‍රේම කළේ කොහොමද?

පළමුව, උන්වහන්සේ “[උන්වහන්සේගේ] මුළු හදවතින්ද, බලයෙන්ද, මනසින්ද සහ ශක්තියෙන්ද” ප්‍රේම කළා, එමගින් ගැඹුරුම වේදනාවන් සුව කිරීමට සහ දැඩි වූ සත්‍යයන් කථා කිරීමට උන්වහන්සේට හැකියාව ලැබුණා. කෙටියෙන් කිවහොත්, උන්වහන්සේ යනු කරුණාව ලබාදිය හැකි සහ එම අවස්ථාවේදීම සත්‍යය අවධාරණය කළ හැකි අයෙක්. ලෙහී ඔහුගේ පුත් යාකොබ්ට ලබාදුන් ආශිර්වාදයේදී මෙසේ කිව්වා, “එබැවින්, මිදීම පැමිණෙන්නේ ශුද්ධ වූ මෙසියස්වහන්සේ තුළින් ය; මක්නිසාද උන්වහන්සේ කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණය.” උන්වහන්සේගේ ප්‍රේමය අවශ්‍ය වූ විට දිරිගන්වනසුලු වැළඳ ගැනීමටත්, ගිල දැමීමට සිදු වූ විට කටුක කුසලානයකටත් ඉඩ සලසනවා. ඒ නිසා අපි අපේ—මුළු හදවතින්, බලයෙන්, මනසින් සහ ශක්තියෙන් ප්‍රේම කිරීමට උත්සාහ කරමු—මන්ද උන්වහන්සේ අපට ප්‍රේම කරන ආකාරය එයයි.

යේසුස්වහන්සේගේ ප්‍රේමයේ දෙවන ලක්‍ෂණය තමයි උන්වහන්සේගේ කැමැත්ත සහ හැසිරීම උන්වහන්සේගේ ස්වර්ගීය පියාණන්වහන්සේගේ හැසිරීම සමග සැමවිටම සමපාත කරමින්, දෙවියන්වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයකටම කීකරුවීම.

උන්වහන්සේගේ මරණයෙන් නැවත නැගිටීමෙන් පසු උන්වහන්සේ ලෝකයේ මෙම බටහිර අර්ධගෝලයට පැමිණි විට, ක්‍රිස්තුස්වහන්සේ නෙපීවරුන්ට මෙසේ පැවසුවා: “බලන්න, මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙමි. … පියාණන්වහන්සේ මට දුන් එම තිත්ත කුසලානයෙන් බිව්වෙමි, ඒ තුළ මම පියාණන්වහන්සේගේ කැමැත්ත ආරම්භයේ සිටම වින්දෙමි.”

උන්වහන්සේට තමන්ව හඳුන්වා දිය හැකි වූ නොයෙකුත් ක්‍රම අතරින්, යේසුස්වහන්සේ එසේ කළේ පියාණන්වහන්සේගේ කැමැත්තට තම කීකරුකම ප්‍රකාශ කිරීමෙනුයි, ඒ කෙසේ වෙතත් වැඩි කල් නොගොස්, දෙවියන්වහන්සේගේ මේ ඒකජාතක පුත්‍රයාණන්ට තම පියාණන් විසින් උන්වහන්සේව සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති බවක් හැඟුණා. ක්‍රිස්තුස්වහන්සේගේ පිවිතුරු ප්‍රේමය—දිව්‍ය කැමැත්තට පූර්ණ පක්ෂපාතීත්වය තුලින් පැහැදිලි වෙනවා—පහසු සහ සුවපහසු දින පමණක් නොව අඳුරුතම සහ දුෂ්කරම දින හරහාද එය නොනැසී පවතින අතර දිගටම පවතිනවා.

යේසුස්වහන්සේ කියන්නෙ “දුක දන්නාවූ මනුෂ්‍යයෙක්” බව ශුද්ධලියවිලිවල පවසනවා. උන්වහන්සේ දුක, තෙහෙට්ටුව, බලාපොරොත්තු සුන්වීම සහ දරුණු තනිකම අත්වින්දා. මෙම සහ සෑම අවස්ථාවකදීම, යේසුස්වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේගේ පියාණන්වහන්සේගේ ප්‍රේමය අසාර්ථක වී නෑ. ආදර්ශමත්, බලගන්වන සහ ලබා දෙන ආකාරයේ—එවැනි පරිණත, ප්‍රේමයක් සමඟ—අපගේ ප්‍රේමයද අසාර්ථක වෙන්නේ නෑ.

ඒ නිසා, සමහර විට ඔබ දැඩි උත්සාහයක් ගන්නවා නම්, එය ලබා ගැනීමට වඩා දුෂ්කර බවක් පෙනෙන්නට පුළුවන්; ඔබ ඔබේ සීමාවන් සහ ඔබේ අඩුපාඩු මත වැඩ කිරීමට උත්සාහ කරන ආකාරයටම, ඔබේ ඇදහිල්ලට අභියෝග කිරීමට යමෙකු හෝ අධිෂ්ඨානශීලී යමක් ඔබ සොයාගන්නවා වෙන්න පුළුවන්; ඔබ කැපවීමෙන් වැඩ කරන විට, ඔබට තවමත් භීතියේ මොහොතක් දැනෙනවා වෙන්න පුළුවන්, සෑම යුගයකම සැබවින්ම ආශ්චර්යමත් ලෙස ඇදහිලිවන්ත මිනිසුන්ට එය එසේ වූ බව මතක තබාගන්න. ඔබ කිරීමට උත්සාහ කරන සෑම යහපත් දෙයකටම විරුද්ධ වීමට අධිෂ්ඨාන කරගත් බලවේගයක් විශ්වයේ ඇති බව මතක තබාගන්න.

එබැවින්, බහුලත්වය මෙන්ම දරිද්‍රතාවය තුළින්, පුද්ගලික පිළිගැනීම මෙන්ම මහජන විවේචන තුළින්, නැවත පිහිටුවීමේ දිව්‍යමය අංග මෙන්ම එහි අනිවාර්ය අංගයක් වන මිනිස් දුර්වලතා තුළින්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාව සමඟ දිගටම ගමන් කරමු. ඒ ඇයි? මොකද අපගේ මිදුම්කරුවාණන් සමඟ, අපි සම්පූර්ණ පන්ති වාරය සඳහා අත්සන් කර තිබෙනවා—එය පළමු කෙටි හඳුන්වාදීමේ ප්‍රශ්නාවලියෙන් අවසන් වන්නේ නෑ නමුත් අවසාන විභාගය දක්වා තිබෙනවා. මෙහි ඇති සතුට තමයි මෙම පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ප්‍රධානාචාර්යවරයා අප සියල්ලන්ටම පොත් විවෘත කරගෙන පිළිතුරු ලබා දී තිබෙනවා. ඒවගේම, අතරමග නිතිපතා නැවතුම් වලදී එම පිළිතුරු අපට මතක් කර දෙන උපදේශකයින් රාශියක් අප සතුව ඉන්නවා. නමුත් ඇත්ත වශයෙන්ම, අපි පන්ති පැමිණීම මගහැරීම දිගටම කරගෙන ගියහොත් මේ කිසිවක් ක්‍රියා කරන්නේ නෑ.

“නුඹලා සොයන්නේ කාවද?” අපගේ මුළු හදවතින්ම අපි මෙසේ පිළිතුරු දෙනවා, “නාසරිය යේසුස් ය.” “ඒ මමය” කියා යේසුස්වහන්සේ පවසන විට, උන්වහන්සේ ජීවමාන ක්‍රිස්තුස්වහන්සේ බවත්, උන්වහන්සේ තනිව අපගේ පව්වලට වන්දි ගෙවූ බවත්, උන්වහන්සේ අපව අත්හැර දමා ඇතැයි අප සිතන විට පවා උන්වහන්සේ අපව උසුලාගෙන සිටින බවත, අපි දණ නමා අපේ දිවෙන් පාපොච්චාරණය කරනවා. අප උන්වහන්සේ ඉදිරියෙහි හිටගෙන උන්වහන්සේගේ අත්වල සහ පාදවල ඇති කැළැල් දකින විට, අප කෙරෙහි ඇති පිවිතුරු ආදරය හේතුවෙන්—උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන් කීකරු වීම, අපගේ පව් දරාගෙන දුක ගැන දැනගැනීම යන්නෙන් උන්වහන්සේ අදහස් කළේ කුමක්ද යන්න අපි තේරුම් ගැනීමට පටන් ගන්නවා. අනෙක් අයව ඇදහිල්ල, පසුතැවීම, බව්තීස්මය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට කෙනෙකුගේ තහවුරු කිරීමේ කොටසක් ලෙස ලබාදෙන ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ලබාගැනීම සහ ස්වාමින්වහන්සේගේ ගෘහය තුළ අපගේ ශුද්ධ වූ ආශීර්වාද ලබාගැනීම වෙතට හඳුන්වා දීමට—මේවා මූලික “මූලධර්ම සහ නියෝග” වන අතර එය අවසානයේ දෙවියන්වහන්සේට සහ අසල්වැසියාට අපගේ ප්‍රේමය පෙන්නුම් කරනවා, ඒවගේම මේවා ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සභාවේ ලක්ෂණ වෙනවා.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාව, අපගේ උත්කර්ෂය සඳහා දෙවියන්වහන්සේ විසින් සපයා ඇති වාහනය බව මම සාක්ෂි දරනවා. එය උගන්වන ශුභාරංචිය සත්‍ය වන අතර එයට අනුබල දෙන පූජකවරය සැබෑ වන අතර එය වෙනත් කිසිවකින් ආඳා ගත් දෙයක් නොවේ. රසල් එම්. නෙල්සන් යනු ඔහුගේ පූර්වගාමීන් මෙන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් මෙන්ම අපගේ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයෙකු බව මම සාක්ෂි දරනවා. ඒවගේම යම් දවසක “යම් සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද” එලෙසම අපගේ ගැලවීමේ දූතයා බැස යනවා දැකීමට පරම්පරාවකට එම අනාවැකි මගින් මගපෙන්වීම ලැබෙයි, ඒවගේම අපි එවිට “නාසරීය යේසුස්” යැයි ප්‍රශංසා කරමු. සදාකාලිකවම දෑත් දිගු කර, අසමසම ප්‍රේමයෙන් යුතුව, “ඒ මමය” කියා උන්වහන්සේ පිළිතුරු දෙයි. මම මෙසේ පොරොන්දු වෙන්නේ, උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් සහ අපෝස්තලික බලය සහ අධිකාරිය සමඟයි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.

සටහන්

  1. බලන්න මතෙව් 26:47-57; මාර්ක් 14:32-46.

  2. යොහාන් 18:4-6.

  3. මතෙව් 21:10.

  4. යෙසායා 53:2

  5. මතෙව් 7:29; තවත් බලන්න යොහාන් 7:15.

  6. මතෙව් 22:37, 39.

  7. යොහාන් 14:15.

  8. යොහාන් 13:34.

  9. දහම සහ ගිවිසුම් 4:2.

  10. බලන්න Joseph Smith Translation, John 1:4, 14; මෝසෙස් 1:6.

  11. 2 නෙපී 2:6.

  12. බලන්න දහම සහ ගිවිසුම් 84:44.

  13. බලන්න මොසායා 15:7; 3 නෙපී 27:13-15. ඒ වගේම යේසුස්වහන්සේ මතෙව් 7:21හි අපට ඒ දේම කරන්න මතක් කරනවා: “ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය.”

  14. 3 නෙපී 11:10–11.

  15. බලන්න මතෙව් 27:46.

  16. යෙසායා 53:3

  17. බලන්න මොරෝනි 7:12.

  18. යොහාන් 18:4-6.

  19. ඇදහිල්ලේ කරුණු 1:4

  20. මතෙව් 24:27.

  21. යොහාන් 18:5.