ප්‍රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවා
අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ ජීවිතය සහ මෙහෙවර නිසාත්, අපට පොළොවේ වඩාත්ම ප්‍රීතිමත් මිනිසුන් වීමට පුළුවන් වුණා—සහ අපි එසේ විය යුතු වෙනවා!
මීට වසර 37කට පමණ පෙර 1987 දී නත්තල් සැන්දෑවක යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවට මම බව්තීස්ම වූණා. එය මගේ ජීවිතයේ සහ මගේ සදාකාලික ගමනේ සැබවින්ම අපූරු දිනයක් වූ අතර, එම නව උපතේ ජලය වෙත මාර්ගය සකස් කර මාව ගෙන ආ මිතුරන්ට මම දැඩි ලෙස කෘතඥ වෙනවා.
ඔබගේ බව්තීස්මය ඊයේ හෝ වසර ගණනාවකට පෙර හෝ සිදු වුණත්, ඔබ විශාල බහු කොට්ඨාශ සභා ගොඩනැගිල්ලක හෝ තණකොළ වියනක් යට හමු වූවත්, තායි භාෂාවෙන් හෝ ස්වහීලී භාෂාවෙන් ගැලවුම්කරුවාණන් සිහි කිරීම සඳහා සක්‍රමේන්තුව ලබා ගත්තත්, මම ඔබට කියනවා, ප්‍රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවා කියලා. ප්‍රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවා!
ප්‍රීතියේ සභාව
අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ උන්වහන්සේගේ සෑම දරුවෙකුටම ඇති ප්‍රේමනීය සැලැස්ම නිසාත්, අපගේ ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ ජීවිතය සහ මෙහෙවර නිසාත්, අපට පොළොවේ වඩාත්ම ප්‍රීතිමත් මිනිසුන් වීමට පුළුවන් වුණා—සහ අපි එසේ විය යුතු වෙනවා! බොහෝ විට කරදරකාරී ලෝකයක ජීවිතයේ කුණාටු අප මතට පහර දෙන විට පවා, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ බලාපොරොත්තුව සහ සුන්දර ප්‍රීතියේ සැලැස්ම තුළ අපගේම ස්ථානය පිළිබඳ අපගේ අවබෝධය නිසා අපට වර්ධනය වන සහ පවතින ප්‍රීතිය සහ අභ්‍යන්තර සාමය පිළිබඳ හැඟීමක් වර්ධනය කර ගත හැකි වෙනවා.
ස්වාමින්වහන්සේගේ ජ්‍යේෂ්ඨ ප්‍රේරිතවරයා, සභපති රසල් එම්. නෙල්සන්, සභාවේ සභාපති වීමෙන් පසු ඔහු විසින් කරන ලද සෑම ආමන්ත්‍රණයකම වාගේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයකින් ලැබෙන ප්‍රීතිය ගැන කතා කරලා තියෙනවා. ඔහු එය ඉතා කෙටියෙන් සාරාංශ කළේ මෙසේයි: “ප්‍රීතිය පැමිණෙන්නේ උන්වහන්සේ නිසා. … පසුදවස්වල ශුද්ධවන්තයින්ට, ප්‍රීතිය යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි!”
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ සාමාජිකයන්. අපි ප්‍රීතියේ සභාවේ සාමාජිකයන්! ඒවගේම සෑම සබත් දිනකම අපගේ සක්‍රමේන්තු රැස්වීම්වලදී සියලු ප්‍රීතියේ උල්පතට නමස්කාර කිරීම සඳහා අපි එක්රැස් වන විටදී මෙන් කොතැනකවත් ජනතාවක් වශයෙන් අපගේ ප්‍රීතිය වඩා පැහැදිලි නොවිය යුතු වෙනවා! ස්වාමින්වහන්සේගේ රාත්‍රී භෝජන සංග්‍රහය, පාපයෙන් හා මරණයෙන් අපගේ ගැලවීම සහ ගැලවුම්කරුවාණන්ගේ බලවත් කරුණාව සැමරීමට අපි අපගේ කොට්ඨාශ සහ ශාඛාවන් වලදී පවුල් සමඟ එක්රැස් වෙනවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සොයාගත් ප්‍රීතිය, රැකවරණය, සමාව දීම, ස්තුති දීම සහ අයිති වීම අත්විඳීමට අපි පැමිණෙනවා!
ක්‍රිස්තුස්වහන්සේ තුළ සාමූහික ප්‍රීතියේ මෙම ආත්මය ඔබ සොයා ගන්නවාද? මේකද ඔබ ගේන්නේ? සමහර විට ඔබ සිතන්නේ ඔබට මෙය සමඟ එතරම් සම්බන්ධයක් නැහැ කියලා, නැතහොත් සමහර විට ඔබ සැමවිටම දේවල් සිදු කළ ආකාරයට කිරීමට හුරු වෙලා තියෙනවා. නමුත් අපගේ සක්‍රමේන්තු රැස්වීම් ප්‍රීතියෙන් පිරුණු, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ, පිළිගැනීමේ හෝරාවක් බවට පත් කිරීමට, ප්‍රීතිමත් ගෞරවාන්විත ආත්මයකින් ජීවමාන කිරීමට අප සැමට දායක වෙන්න පුළුවන්.
ප්‍රීතිමත් ගෞරවය
ප්‍රීතිමත් ගෞරවය? “ඒකත් දෙයක්ද?” ඔබ අහන්න පුළුවන්. හොඳයි, ඔව් එහෙම තමා! අපි අපගේ දෙවියන්වහන්සේට ගැඹුරින් ප්‍රේම කරමු, උපහාර කරමු, ගෞරව කරමු, අපගේ ගෞරවය ක්‍රිස්තුස්වහන්සේගේ අධික ප්‍රේමය, දයාව සහ ගැළවීම තුළ ප්‍රීති වන ආත්මයකින් ගලා එනවා! ස්වාමින්වහන්සේට මෙම ප්‍රීතිමත් ගෞරවය අපගේ පරිශුද්ධ සක්‍රමේන්තු රැස්වීමේදි විදහා දැක්විය යුතු වෙනවා.
කෙසේ වෙතත්, බොහෝ දෙනෙකු, ගෞරවය යන්නෙන් අදහස් කරන්නේ: අපගේ පපුව වටා අපගේ දෑත් තදින් නවාගෙන, අපගේ හිස නමා, අපගේ ඇස් වසාගෙන, සහ නිශ්චලව—දින නියමයක් නොමැතිව සිටීමයි! ක්‍රියාශීලි කුඩා දරුවන්ට ඉගැන්වීමට මෙය ප්‍රයෝජනවත් ක්‍රමයක් විය හැකි වුවත්, අපි වැඩෙන හා ඉගෙන ගන්නා විට, ගෞරවය මීට වඩා බොහෝ වැඩි බව අපි දකිනවා. ගැලවුම්කරුවාණන් අප සමඟ සිටියා නම් අප සිටින්නේ එහෙමද? නෑ, මොකද “[උන්වහන්සේ] ඉදිරියෙහි පූර්ණ ප්‍රීතිය තියෙනවා!”
හොඳයි, අපගෙන් බොහෝ දෙනෙකුට සක්‍රමේන්තු රැස්වීමේදී මෙම පරිවර්තනය ප්‍රායෝගිකව සිදු වෙනවා.
නමස්කාරයට එදිරිව සහභාගී වීම
අපි සබත් දවසේ රැස් වෙන්නේ සක්‍රමේන්තු රැස්වීමට සහභාගී වී එය ලැයිස්තුවෙන් ඉවත් කර ගන්න පමණක් නෙමේ. අපි නමස්කාර කරන්න එකතු වෙනවා. මේ දෙක අතර සැලකිය යුතු වෙනසක් තියෙනවා. සහභාගී වීම කියන්නේ පැමිණ සිටින එක. නමුත් නමස්කාර කිරීම යනු අපව වෙනස් කරන ආකාරයෙන් අපගේ දෙවියන්වහන්සේට හිතාමතාම ප්‍රශංසා කිරීම සහ නමස්කාර කරන එකයි!
ඉදිරියෙන් සහ සමූහය තුළ
අපි ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේ මිදීමේ හැකියාව ලබා දීම ගැන සිහිපත් කරමින් රැස්ව සිටින්නේ නම්, අපගේ මුහුණු වලින් අපගේ ප්‍රීතිය හා කෘතඥතාව පිළිබිඹු විය යුතු වෙනවා! වැඩිහිටි එෆ්. එන්සියෝ බුෂ් වරක් ඔහු සභාවේ සභාපතිවරයෙකුව සිටි කාලයේ කතාවක් පැවසූ අතර සභාවේ සිටි කුඩා පිරිමි ළමයෙක් ඔහු දෙස බලා උස් හඬින් මෙසේ අසා තිබෙනවා, “ඒ නපුරු මුහුණක් තියෙන මනුස්සයා එතන මොකද කරන්නේ?” වේදිකාවේ වාඩි වී සිටින අය—කථිකයින්, නායකයින්, ගායන කණ්ඩායම්—සහ සභාවේ රැස්ව සිටින අය “ප්‍රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවා”! යන අදහස එකිනෙකා සමඟ හුවමාරු කරගන්නවා, මෙය ඔවුන්ගේ මුහුණුවල ප්‍රකාශයන් තුළින් පෙන්නුම් කරනවා.
ගීතිකා ගායනය
අපි ගායනා කරන විට, අපගේ කටහඬේ ගුණාත්මක භාවය කුමක් වුවත්, අපගේ දෙවියන්වහන්සේට සහ රජුට ප්‍රශංසා කිරීමට අපි එකට එකතු වෙනවාද, නැත්නම් අපි නිකම්ම මුමුණනවාද නැත්නම් ගායනා කරන්නේම නැද්ද? ධර්මිෂ්ඨයන්ගේ ගීතය දෙවියන්වහන්සේගේ ආත්මය ප්‍රීති කරන යාච්ඤාවක් බව ශුද්ධලියවිලි වල වාර්තා කරනවා. ඉතින් අපි ගායනා කරමු! තවද උන්වහන්සේට ප්‍රශංසා කරමු!
කථාවන් සහ සාක්ෂි
අපි අපගේ කතා සහ සාක්ෂි ස්වර්ගීය පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුභාරංචිය තුල ජීවත් වීමේ නිහතමානීව ඵල වන ඔවුන්ගේ, “සෑම මිහිරි දෙයකට වඩා මිහිරි” ඵල මත කේන්ද්‍රගත කරනවා. එවිට අපි සැබවින්ම “අපට කුසගින්නක් හෝ පිපාසයක් ඇති නොවන පරිදි, අපි තෘප්තිමත් වන තුරු පවා අපි සැබවින්ම මංගල්‍ය පවත්වනවා,” පුත්‍රයාණන්ගේ ප්‍රීතිය තුළින් අපගේ බරද සැහැල්ලු වෙනවා.
සක්‍රමේන්තුව
අපගේ සේවාවන්හි මහිමාන්විත කේන්ද්‍රස්ථානය වන්නේ සක්‍රමේන්තුව ලැබීම සහ එහි ආශිර්වාදයි, පාන් සහ ජලය නියෝජනය කරන්නේ අපගේ රැස්වීමේ සමස්ත අරමුණ වන අපගේ ස්වාමින්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගයයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය අප වෙත ගැනීමටත්, ගැලවුම්කරුවාණන්ව සැමවිටම මතක තබා ගැනීමටත්, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමටත් නැවත ගිවිසුමක් ඇති කර ගැනීමට අප කැමැත්තෙන් සිටින බවට අප අලුතින් සාක්ෂි දරන විට මෙය “ආත්මිකව අලුත් වීමේ පරිශුද්ධ කාලයක්.”
ජීවිතයේ සමහර කාලවලදී, අපි සක්‍රමේන්තුව ගන්න එන්නේ බර හදවත් සහ නොතකා සිටිය නොහැකි තරම් බලවත් බරක් සමඟින්. තවත් අවස්ථාවලදී, අපි කරදර සහ බාධා වලින් නිදහස්ව හා බරක් නොමැතිව පැමිණෙනවා. අපි පාන් සහ ජලයේ ආශීර්වාදයට හොඳින් සවන් දී එම පාරිශුද්ධ සංකේතවලට පංගුකාර වෙන විට, අප වෙනුවෙන් ගැලවුම්කරුවාණන්ගේ පරිත්‍යාගය, ගෙත්සෙමනේදී උන්වහන්සේගේ දුක් වේදනා, කුරුසියේදී උන්වහන්සේගේ විඳදරාගත් වේදනා සහ දුක් වේදනා ගැන ආවර්ජනයක් අපට දැනෙයි. අපගේ දුක් වේදනා උන්වහන්සේගේ වේදනාවන් හා සම්බන්ධ කරන විට එය අපගේ ආත්මයට සහනයක් වේවි. වෙනත් අවස්ථාවලදී, අපගේ ජීවිත තුළ සහ අපගේ සදාකාලිකත්වය තුළ යේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ත්‍යාගය ලබා දී ඇති දේ පිළිබඳ අතිවිශිෂ්ට හා මිහිරි ප්‍රීතිය ගැන කෘතඥපූර්වකව විස්මයට පත් වීමට අපට හැඟෙනවා! ඉදිරියේදී සිදුවීමට ඇති අපගේ ආදරණීය පියාණන් සහ උත්ථානය වූ ගැලවුම්කරුවාණන් සමඟ අපගේ ආදරණීය නැවත එක්වීම—ගැන අපි ප්‍රීති වෙනවා.
සක්‍රමේන්තුවේ අරමුණ පෙර සතියේ අප විසින් අවුල් කරන ලද සියලුම මාර්ග ගැන පමණක් සිතමින් ආසන පේළීයේ හිඳීම යැයි සිතීමට අපට කොන්දේසි ඇති වෙන්න පුළුවන්. නමුත් අපි එම පුරුද්දෙන් වෙනස් වෙමු. නිශ්චලතාවයේ දී, එම සතියේ ස්වාමින්වහන්සේ නිර්දය ලෙස උන්වහන්සේගේ පුදුමාකාර ප්‍රේමයෙන් අප පසුපස හඹා යන ආකාරය අප දුටු බොහෝ ක්‍රම ගැන අපට මෙනෙහි කරන්න පුළුවන්! “දිනපතා පසුතැවිලි වීමෙන් ප්‍රීතිය සොයාගැනීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අපට ආවර්ජනය කරන්න පුළුවන්. ගැලවුම්කරුවාණන් අපගේ අරගලවලට ඇතුළු වූ අවස්ථා සහ අපගේ ජයග්‍රහණ සහ අපගේ දුෂ්කරතා ජය ගැනීමට සහ ඉවසීමෙන් සහ ප්‍රීතියෙන් පවා අපගේ බර දරා ගැනීමට ශක්තිය ලබා දෙන උන්වහන්සේගේ කරුණාව, සමාව සහ බලය අපට දැනුණු අවස්ථා සඳහා අපට ස්තූති කරන්න පුළුවන්.
ඔව්, අපගේ පාපය නිසාවෙන් අපගේ මිදුම්කරුවාණන් විඳ ඇති දුක් වේදනා සහ අසාධාරණයන් ගැන අපි මෙනෙහි කරමු, එය සන්සුන් ආවර්ජනයක් ඇති කරනවා. නමුත් අපි සමහර වෙලාවට එතන හිර වෙනවා—වත්තේ, කුරුසියේ, සොහොන් ගෙය ඇතුලේ. සොහොන් ගෙය පිපිරී යාමේ ප්‍රීතිය, මරණයේ පරාජය සහ සාමය ලබා ගැනීමට සහ අපගේ ස්වර්ගීය නිවසට නැවත පැමිණීමට බාධා කළ හැකි සියල්ලට එරෙහිව ක්‍රිස්තුස්වහන්සේගේ ජයග්‍රහණය කරා ගමන් කිරීමට අපි අසමත් වෙනවා. සක්‍රමේන්තුවේදී අප ශෝකයේ කඳුළු වැගිරෙව්වත් කෘතවේදීත්වයේ කඳුළු හෙළුවත්, එය පියාණන්වහන්සේගේ පුත්‍රයාගේ ත්‍යාගය පිළිබඳ සුබ පණිවිඩය ගැන අසිරියට පත් වීමක් වේවා!
කුඩා හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින දෙමාපියන්
දැන්, කුඩා හෝ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් සඳහා, බොහෝ විට සක්‍රමේන්තුව තුළ නිශ්චල සහ නිශ්ශබ්දව ආවර්ජනය කිරීම කියා දෙයක් නැහැ. නමුත් සතිය පුරාවටම කුඩා අවස්ථාවන්හිදී, ඔබ උන්වහන්සේගේ කුඩා බැටළු පැටවුන්ව නිරතුරුවම රැකබලා ගන්නා විට ගැලවුම්කරුවාණන්ගෙන් ඔබට දැනෙන ආදරය, කෘතඥතාව සහ ප්‍රීතිය ආදර්ශයෙන් උගන්වන්න පුළුවන්. මෙම ලුහුබැඳීමේ කිසිඳු උත්සාහයක් අපතේ යන්නේ නැහැ. දෙවියන්වහන්සේ ඔබ ගැන ගොඩක් දන්නවා.
පවුල් සහ කොට්ඨාශ සහ ශාඛා උපදේශන
නිවසේදී මෙන්ම, සභාවේදීත් අපගේ කාලය සඳහා අපගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් වැඩි දියුණු කිරීමට පටන් ගන්න පුළුවන්. පවුල් උපදේශන වලදී, ප්‍රීතියේ සභාවට සියල්ලන්ව පිළිගැනීමට එක් එක් පුද්ගලයාට අර්ථවත් ආකාරයෙන් දායක විය හැකි ආකාරය ගැන සාකච්ඡා කරන්න පුළුවන්! සභාවේදී ප්‍රීතිමත් අත්දැකීමක් ලබා ගැනීමට අපට සැලසුම් කර බලාපොරොත්තු වෙන්න පුළුවන්.
කොට්ඨාශ සහ ශාඛා උපදේශන වලට අපගේ සක්‍රමේන්තුව සඳහා ප්‍රීතිමත් ගෞරවනීය සංස්කෘතියක් අපේක්ෂා කිරීමට සහ නිර්මාණය කිරීමට හැකි අතර, ප්‍රායෝගික පියවරයන් සහ උපකාර කිරීමට දෘශ්‍ය ඉඟි හඳුනා ගන්න පුළුවන්.
ප්‍රීතිය
ප්‍රීතිය විවිධ පුද්ගලයන්ට වෙනස් ලෙස පේනවා. ඇතැමෙකුට, එය දොරකඩට පැමිණෙන උණුසුම් සුබපැතුම් වෙන්න පුළුවන්. ඇතැමෙකුට, එය නිහඬව මිනිසුන්ට සිනහවෙන් සහ කාරුණික හා විවෘත හදවතකින් ඔවුන් අසල වාඩි වී සැනසීමට උපකාර කිරීමක් වෙන්න පුළුවන්. අතහැර දැමූ හෝ මායිම්වල සිටින අයට, මෙම පිළිගැනීමේ උණුසුම තීරණාත්මක වෙවී. අවසාන වශයෙන්, අපගේ සක්‍රමේන්තු පැය ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ කෙසේදැයි අපට අපෙන්ම අහගන්න පුළුවන්. උන්වහන්සේගේ සෑම දරුවෙකුම සාදරයෙන් පිළිගැනීමට, රැකබලා ගැනීමට, පෝෂණය කිරීමට සහ ආදරය කිරීමට උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ කොහොමද? උන්වහන්සේව සිහිකර නමස්කාර කිරීමෙන් අප අලුත් වන විට උන්වහන්සේට අවශ්‍ය අපට කොයි ආකාරයෙන් හැඟෙනවාටද?
අවසානය
මගේ ඇදහිල්ලේ ගමන ආරම්භයේදී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිය මගේ පළමු ශ්‍රේෂ්ඨ සොයාගැනීම වූ අතර එය මගේ ලෝකය වෙනස් කළා. ඔබට තවමත් මෙම සතුට සොයා ගැනීමට නොහැකි නම්, එහි ගවේෂණය ආරම්භ කරන්න. මෙය සෑම සබත් දිනකම ගැලවුම්කරුවාණන්ගේ ත්‍යාගය වන සාමය, ආලෝකය සහ ප්‍රීතිය ලබා ගැනීමට කරන ආරාධනයක්.
මොර්මොන්ගේ පොතේ අම්මොන් ඔහු මෙසේ පවසන විට මගේ හදවතේ හැඟීම් එමගින් ප්‍රකාශ වෙනවා:
“දැන් අපිට ප්‍රීතිවීමට කාරණාවක් නොමැත්තේද? එසේය, මම නුඹලාට කියන්නෙමි, එහි කිසි දිනක මනුෂ්‍යයන් නොවීය, එනම් අප මෙන් ප්‍රීතිවීමට ඉතා බලවත් කාරණයක් ලෝකයේ ආරම්භයේ පටන්ම නොවීය; එසේය, තවද මාගේ ප්‍රීතිය පාරට්ටු කරගැනීමට මාගේ දෙවියන්වහන්සේ තුළ රැගෙන යන්නේය; මක්නිසාද උන්වහන්සේට සියලු බලය, සියලු ප්‍රඥාව, තවද සියලු තේරුම් ගැනීම ඇත්තේය; උන්වහන්සේ සියල්ල වටහා ගන්නා සේක, ගැලවීම වෙතට වුවත්, පසුතැවිලි වෙමින් උන්වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාස කරන්නටද උන්වහන්සේ කරුණාවන්ත තැනැන්වහන්සේය.
දැන් මෙය පාරට්ටු කරගැනීමක් නම්, එසේවුවත් මම පාරට්ටු කරගන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මාගේ ජිවිතයයි, තවද මාගේ ආලෝකයයි, … දැන් මාගේ ප්‍රීතිය මෙයයි, තවද මාගේ බලවත් ස්තුති දීමත් මෙයයි.”ලෙස පවසන විට මගේ හදවතේ හැඟීම් ප්‍රකාශ කරනවා.
ප්‍රීතියේ සභාවට සාදරයෙන් පිළිගන්නවා! යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.