ප්‍රධාන සම්මන්ත්‍රණය
සුභ ආරංචි වට්ටෝරුව
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:38

සුභ ආරංචි වට්ටෝරුව

ඔබේ ජීවිතයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තව තවත් එකතු කර ගැනීම කෙබඳු වෙන්න පුළුවන් ද?

ඔබ කවදාහරි මගේ උපන් ප්‍රාන්තය වන ලුසියානා වලට ගිහින් තියෙනවා නම්, ඔබ බොහෝ විට අපගේ රසවත් කෑම වර්ග බොහොමයක් ගැන හොඳින් දන්නවා ඇති—ගම්බෝ, ජම්බලායා, එටූෆි, සහ ලැයිස්තුව දිගටම තියෙනවා.

ඉඳලා හිටලා, ඒ රසවත් වට්ටෝරු වලින් එකක් පිසින්නට තරම් නිර්භීත බවක් මට දැනෙනවා. සියලු අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා සවිස්තරාත්මක උපදෙස් අනුගමනය කළාට පස්සේ ලේඛනගත නොකළ අවසාන පියවර වන්නේ අවසාන රස පරීක්ෂණය සිදු කර යමක් අඩු වෙලා තියෙනවද කියලා බලන එක. “එම අවස්ථාවේ, මට ක්‍රියෝල් වීර සූපවේදීන් කන් වලට කතා කරනවා වගේ දැනුණා,“ඒකට තව Tony’s දාන්න!” කියලා.” Tony’s කියන්නේ මගේ උපන් ගම වන ලුසියානා හි ඔපෙලූසාස් වල සාදන ක්‍රියෝල් කුළුබඩු වර්ගයක්. වට්ටෝරුව අනුගමනය කරන අතරතුර වුණු අඩුපාඩු පියවන්නට එය බොහෝ විට “රහස් අමුද්‍රව්‍යය“ ලෙස භාවිත කරනවා.

මගේ බිරිඳ, ලුසියානා හි ධර්මදූත සේවා නායකයන් ලෙස සේවය කිරීමේ ගෞරවය මිෂෙල්ට සහ මට ලැබුණා. ධර්මදූතයන්ගේ අවසන් රාත්‍රියේ ඔවුන්ගේ පවුල් වෙත ඔවුන් ආපසු යාමට පෙර, ධර්මදූත සේවා නිවහනේ දී ඇයගේ විශේෂ ජම්බලායා වට්ටෝරුව උයන්නේ කොහොමද කියලා ඔවුන්ට ඉගැන්වීමේ සම්ප්‍රදායක් අපට තිබුණා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි වලට අමතරව, අපගේ ධර්මදූතයින් මේ වට්ටෝරු සඳහා අගය කිරීමක් සමඟින් ධර්මදූත සේවයෙන් පිටව ගියා.

මාස කිහිපයකට පෙර, මම සභාවේ මාධ්‍ය පුස්තකාලය පිරික්සමින් ඉද්දී, සභාපති රසල් එම්. නෙල්සන් සමඟ නැවත පිහිටුවීමේ සංවාද නම් කෙටි වීඩියෝ එකතුවට සබැඳියක් දුටුවා. ලැයිස්තුවේ ඇති කෙටි වීඩියෝවලින් එකක මාතෘකාව මගේ අවධානය දිනා ගත් අතර මට සිනහවක් ඇති කළා. එය හඳුන්වන්නේ, “ශුද්ධලියවිලි යනු ප්‍රීතිමත් ජීවිතයක් සඳහා දෙවියන්වහන්සේගේ වට්ටෝරු වේ“ කියලා. මම ඉක්මනින්ම ඒ මිනිත්තු දෙකක වීඩියෝව ක්ලික් කළ අතර, සභාපති නෙල්සන් ප්‍රාථමික ළමුන් කණ්ඩායමකට සතුටින් සිටින්නේ කෙසේද යන්න ගැන සරල හා බලවත් පණිවිඩයක් උගන්වන ආකාරය නැරඹුවා. ඔහු මෙසේ ඉගැන්නුවා: “ඔයා කේක් එකක් හදනවා නම්, ඔයා උපදෙස් අනුගමනය කරනවා නේද? ඒ වගේම ඔයාට හැම වතාවෙම හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි නේද?”

ඉක්මනින්ම අවුරුදු 95ක් සම්පූර්ණ වීම ගැන කතා කරමින් ඔහු තවදුරටත් මෙසේ පෑවසුවා: “මිනිස්සු කියනවා, ‘ඔයා මොනවද කන්නේ?. මොකක්ද ඔයාගේ රහස?“ ඔහු මෙසේ පිළිතුරු දුන්නා, “රහස තමයි ශුද්ධලියවිලි. ඔබට ඒවා කියවලා උත්සාහ කරන්න පුළුවන්.”

හොඳයි, මෙන්න අපිට ඒක තියෙනවා. ශුද්ධලියවිලිවල විස්තර කර ඇති දෙවියන්වහන්සේගේ වට්ටෝරුව අනුගමනය කිරීම තමයි සතුටින් ජීවත් වීමට ඇති සරල රහස. මම ඒකට කියන්නේ “සුභ ආරංචි වට්ටෝරුව” කියලා.

වට්ටෝරුව අනුගමනය කරනකොට යමක් වැරදුනොත් ඔබ මොකද කරන්නේ? හොඳයි, සුභ ආරංචි වට්ටෝරුව තුළට ඇතුළත් කරලා තියෙන “රහස් අමුද්‍රව්‍යය” තමයි ඔබට අවසානයේ එය නිවැරදිව ලැබෙන බවට සහතිකය. සැමවිටම පිළිතුර වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේයි.

අපට උපදෙස් අනුගමනය කිරීමට අපහසු වන බව හෝ සමහර විට අපි යමක් අක්‍රමවත්ව කරන බව හෝ අපගේ පාලනයෙන් තොර දෙයක් සිදුවෙනවා වගේ, අපි හැමෝටම අපේ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් නොවන බව හැඟෙන අවස්ථා ඇති බව මම සිතනවා.

පිළියම මොකක්ද? එය සරලවම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ ජීවිතය තුළට ආරාධනා කරන දේ තවත් එකතු කරගන්න එකයි.

ඉතින්, ඔබේ ජීවිතයට යේසුස් ක්‍රිස්තුස්වහන්සේව තවත් එකතු කර ගැනීම කොහොම වෙන්න පුළුවන්ද?

ධර්මදූත සේවා සභාපති ලෙස සේවය කරන අතරතුර, සෑම සති හයකට වරක් අපගේ එක් එක් තරුණ ධර්මදූතයන්ව පෞද්ගලිකව හමුවීමේ සතුට මට ලැබුණා. තනි තනිව තිබූ හමුවීම් වලදී, ධර්මදූතයන් තම සගයා සමඟ ඵලදායීතාවය වැඩි දියුණු කර ගන්නේ කොහොමද කියලා මඟපෙන්වීමක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක් වුණා.

එක් අවස්ථාවක, ධර්මදූතයෙක් ඔහුගේ පෞද්ගලික සම්මුඛ සාකච්ඡාවට පැමිණ අසුන් ගත්තා. ඔහුගේ ශරීර භාෂාවෙන් මට තේරුණා ඔහුගේ මනසෙහි යම් බරක් තිබෙනවා කියලා. මම මෙසේ ඇහුවා, “එල්ඩර්, අද ඔබ සාකච්ඡා කරන්න කැමති මොනවද?“. ඔහු තම සගයා සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක් සහ එය ධර්මදූත සේවය කිරීමට ඇති ඔවුන්ගේ හැකියාවට බලපාන ආකාරය විස්තර කළා. කඳුළු පිරි දෙනෙතින් ඔහු මා දෙස බලා මෙසේ ඇසුවා, “සභාපතිතුමනි, මා කුමක් කළ යුතු ද?”

ඒ අවස්ථාවේ දී, මම අවංකවම ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා දැන සිටියේ නැහැ. ටික වේලාවකට පසු, ආත්මයාණන්වහන්සේගේ මගපෙන්වීම වෙනුවෙන් අපි දණ ගසා යාච්ඤා කරනවාට කැමති ද කියලා මම ඔහුගෙන් ඇසුවා. ඔහු එකඟ වූ අතර, අපි එකට දණ ගසා අවබෝධයක් ඉල්ලා යාච්ඤා කළා.

යාච්ඤාවෙන් පසු, අපි ටික වේලාවක් දණ ගසාගෙන ඉඳලා, පසුව එකිනෙකාට මුහුණලා අපගේ පුටු වල වාඩි වුණා. මම ඇහුවා අපි දෙන්නට එකතු වෙලා ශුද්ධලියවිලි පදයක් කියවන්න පුළුවන්ද කියලා. අපි අපේ ශුද්ධලියවිලි විවෘත කරන විට, මම නතර වී ඔහුට මෙසේ කිව්වා, “එල්ඩර්, අපි මෙම ශුද්ධලියවිලි කියවන විට, කරුණාකර පහත ප්‍රශ්නය ඔබෙන්ම අසන්න: මම මෙම ගුණාංග අනුව ජීවත් වුවහොත්, එය මගේ සගයා සමඟ සම්බන්ධය සහ අපගේ ධර්මදූත සේවය වැඩිදියුණු කරයි ද?”

ඉන්පසු අපි මොරෝනායි 7:45 දිග හැර කර ශබ්ද නඟා කියෙව්වා: “තවද දයාව බොහෝ ඉවසිලිවන්තය, තවද කරුණාවන්තය, තවද ඊර්ශ්‍යා වන්නේ නැත, තවද පිම්බෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, ලෙහෙසියෙන් කුපිත නොවන්නේය, දුෂ්ට දේ නොසිතන්නේය, තවද යුතුකම ගැන ප්‍රීති නොවී එහෙත් සත්‍ය තුළ ප්‍රීති වන්නේය, සියලු දේවල් උසුලන්නේය, සියලු දේවල් විශ්වාස කරන්නේය, සියලු දේවල් බලාපොරොත්තු වන්නේය, සියලු දේවල් දරාගන්නේය.”

ඊට පස්සේ මේ වැඩිහිටියා කඳුළු පිරි දෑසින් මගේ දිහා බලලා මෙසේ කිව්වා, “ඔව් සභාපතිතුමනි, නමුත් ඒක කරන්න අමාරුයි.” මම එකඟ වෙලා ඔහුට මතක් කළා ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් කියලා, දෙවියන්වහන්සේ සමඟ එක්ව එය කිරීමට දිව්‍යමය හැකියාවක් තියෙනවා කියලා.

ඉන්පසු අපි හැත්තෑවරුන්ගේ වැඩිහිටි ක්ලාක් ජී. ගිල්බට් විසින් ඉගැන්වූ බෑවුම පිළිබඳ උපමාව කෙටියෙන් සාකච්ඡා කළා, අප සිටින තැනින් ආරම්භ කළ යුතු බවත්, ස්වාමින්වහන්සේ සමඟ එක්ව ධනාත්මක දිශාවකට ඉදිරියට සහ ඉහළට යා යුතු බවත් එය අපට මතක් කර දුන්නා. ඊළඟ පියවර ගැන ඔහු තවමත් ටිකක් ව්‍යාකූලව සිටින බව මට වැටහුණා, ඒ නිසා “එනම් කුඩා සහ සරල දේවලින් මහත් දේ ඉදිරියට ගෙන එන්නේය“ යන ශුද්ධලියවිලි පාඨය පිළිබඳ ඔහුගේ අවබෝධය විස්තර කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා. කුඩා හා සරල දේවල් කිරීමෙන් විශිෂ්ට දේ සිදුවෙන්න පුළුවන් යන සංකල්පය ඔහු තවදුරටත් විස්තර කළා. විනාඩියක් ගත කර ඔහුගේ සගයාට කරුණාවන්ත වීමට ඔහුට කළ හැකි කුඩා හා සරල දේවල් දෙකක් හඳුනා ගන්නා ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

සුළු මොහොතකට පස්සේ, ඔහු තම අදහස් බෙදා ගත්තා. ඊට පස්සේ මම ඔහුට කිව්වා විනාඩියක් අරන් ඔහුගේ සගයා සමඟ ඉවසිලිවන්තව ඉන්න කරන්න පුළුවන් පොඩි සරල දේවල් දෙකක් හඳුනා ගන්න කියලා. ඔහු තරමක් ඉක්මනින් ඔහුගේ අදහස් දෙක බෙදා ගත්තා. අපේ හමුවීමට පෙර සිටම ඔහු මේ ගැන කල්පනා කරමින් සිටි බව පැහැදිලි වුණා. ඒ දේවල් ටික දෙවියන්වහන්සේ වෙත යාච්ඤාවෙන් ගෙන ගොස් ඔහුගේ සැලැස්ම සැබෑ අරමුණකින් ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන්න පිළිබඳව තහවුරු කිරීමක්, මඟපෙන්වීමක් සහ පෙළඹවීමක් ඉල්ලා සිටින ලෙස මම ඔහුට ආරාධනා කළා. ඔහු එකඟ වුණා. අපි අවසන් කරන විට, ඔහුගේ සතිපතා ලිපියේ කෙටි යාවත්කාලීන කිරීමක් ලබා දෙන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා.

ඊළඟ සති කිහිපය ගෙවී යන විට, තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ඔහුගේ සතිපතා ලිපිවලින් මට දැකගත හැකි වුණා. ඔහුගේ සතිපතා ලිපිවල පමණක් ඒ දියුණුව මට දැකගත හැකි වුණා නෙමේ, ඔහුගේ සගයාගේ සතිපතා ලිපිවලත් එය දැකගත හැකි වුණා. අපගේ ඊළඟ මුහුණට මුහුණ සම්මුඛ සාකච්ඡාවේ දී, ඔහුගේ මුහුණේ සහ ආත්මයේ ඉතා පැහැදිලි වෙනසක් මම දුටුවා. මම ඔහුගෙන් ඇහුවා, “ඉතින්, එල්ඩර්, ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත කියන එක ඇත්තක්ද?“ ඔහු විශාල සිනහවකින් ප්‍රතිචාර දැක්වූවා, “ඔව්, කුඩා සහ සරල දේවලින් මහත් දේ ඉදිරියට ගෙන එනවා.”

ප්‍රීතිමත් ජීවිතයක් සඳහා සුභ ආරංචි වට්ටෝරුව ඔබ අනුගමනය කරන විට, සභාපති නෙල්සන්ගේ ඉගැන්වීම මතක තබා ගන්න: “ඔබට කුමන ප්‍රශ්න හෝ ගැටලු තිබුණත්, පිළිතුරු සැමවිටම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් තුළ සොයාගන්න පුළුවන්. උන්වහන්සේගේ වන්දිගෙවීම, උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දයාව, උන්වහන්සේගේ දහම සහ සුව කිරීමේ සහ ප්‍රගතියේ උන්වහන්සේගේ නැවත පිහිටුවන ලද ශුභාරංචිය ගැන තව දැනගන්න. උන්වහන්සේ වෙතට හැරෙන්න! උන්වහන්සේව අනුගමනය කරන්න!”

ඔබට “උන්වහන්සේට සවන් දීමට“ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව ඔබේ ජීවිතයට ආරාධනා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය වූ විට, සභාපති නෙල්සන් පුද්ගලික එළිදරව්ව ගැන අපට ඉගැන්වූ පියවර අනුගමනය කිරීම සලකා බලන්න:

“ඔබට නිතිපතා යා හැකි නිස්කලංක ස්ථානයක් සොයා ගන්න. ඔබ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහතමානී වන්න. ඔබගේ හදවත ඔබේ ස්වර්ගික පියාණන්වහන්සේ උදෙසා වගුරන්න. පිළිතුරු සහ සැනසීම සඳහා උන්වහන්සේ වෙත හැරෙන්න.

“ඔබගේ කනස්සල්ල, ඔබගේ භය, ඔබගේ දුර්වලකම්—ඔව්, ඔබේ හදවතේ ඇති ආශාවන් පිළිබඳව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන්න. ඉන්පසු, ඇහුම්කන්දෙන්න! ඔබේ මනසට එන සිතුවිලි ලියන්න. ඔබේ හැඟීම් සටහන් කර ක්‍රියාත්මක වීමට ඔබව පොළඹවන ක්‍රියාවන් ඔස්සේ අනුගමනය කරන්න. ඔබ මෙම ක්‍රියාවලිය දිනෙන් දින, මාසයෙන් මාසය, වසරින් වසර නැවත නැවතත් කරන විට, ඔබ ‘එළිදරව් ලබාගැනීමේ මූලධර්මය දක්වා වර්ධනය වෙනවා.’”

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපේ ගැලවුම්කරුවාණන් සහ මිදුම්කරුවාණන් බව මම සාක්ෂි දරනවා. උන්වහන්සේ “[අපගේ] ස්වර්ගික පියාණන්වහන්සේ වෙත නැවත යාමට අපට අවශ්‍ය සියල්ල ඉටු කර ඇත.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.