ප්‍රධාන සම්මන්ත්‍රණය
දෙවියන්වහන්සේ සමඟ සමගිවන්න
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


10:21

දෙවියන්වහන්සේ සමඟ සමගිවන්න

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ සමඟ සමගි වීම, නොසැලෙන ඇදහිල්ලකට මග පාදනවා.

මම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට, මගේ අවධානය ආකර්ෂණය කරගන්නා වචන මට හමු වෙනවා, ප්‍රධාන වශයෙන් එසේ වන්නේ මගේ ජීවිත කාලය තුළ මා ලැබූ අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස ඒවාට විශේෂ අර්ථයක් ඇති නිසයි. මම මගේ වෘත්තීය ජීවිතය ගත කළේ අධිකරණ වෛද්‍ය ගණකාධිකාරීවරයෙකු ලෙසයි. ඒ පසුබිමත් සමඟ, මම ශුද්ධලියවිලි කියවන විට සමගි කිරීම යන වචනය මගේ අවධානයට ලක් වී තිබෙනවා. මගේ රැකියාව වුණේ ගිණුම්කරණය, විගණනය සහ විමර්ශන කුසලතා යොදා ගනිමින් වාර්තා කරන ලද මුදල් මූල්‍ය වාර්තා සමඟ සැසඳීම. වෙනත් වචන වලින් කියනවා නම්, මගේ ඉලක්කය වුණේ නිරවද්‍යතාවය සහ වලංගුභාවය සහතික කිරීම සඳහා මූල්‍ය වාර්තා, ඒවා යටින් පවතින මූල්‍ය ලේඛන සමඟ පෙළගැස්වීමයි. විෂමතා විසඳීමට මම දැඩි උත්සාහයක් දැරුවා, ඒවගේම ඉතා කුඩා විෂමතා පවා විසඳීමට සැලකිය යුතු කාලයක් කැප කිරීම සාමාන්‍ය දෙයක් වුණා.

“දෙවියන්වහන්සේ සමඟ සමගිවන” ලෙස ප්‍රේරිත පාවුල් කොරින්තිවරුන්ට ආයාචනා කළා. දෙවියන්වහන්සේ සමගි වීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ සමඟ නැවත එක් මතයකට පැමිණීම, නැත්නම් අපගේ පාප හෝ ක්‍රියාවන් නිසා පළුදු වූ හෝ බිඳී ගිය දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් නැවත ඇති කරගැනීම. සරලව කියනවා නම්, දෙවියන්වහන්සේ සමඟ සමගි වීම කියන්නෙ අපගේ කැමැත්ත සහ ක්‍රියාවන් දෙවියන්වහන්සේගේ කැමැත්ත සමඟ පෙළගැස්වීම හෝ සභාපති රසල් එම්. නෙල්සන් විසින් ඉගැන්වූ පරිදි, අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේට ජය ගැනීමට ඉඩ දීමයි.

ශුද්ධලියවිලිවල උගන්වන පරිදි, අපට අප වෙනුවෙන් ක්‍රියා කිරීමට, “සදාකාල මරණයේ මාර්ගය හෝ සදාකාල ජීවනයේ මාර්ගය තෝරාගැනීමට” නිදහස තිබෙනවා. නමුත් අපි උද්‍යෝගිමත් නැතිනම්, අප වෙනුවෙන් ක්‍රියා කිරීමට ඇති මෙම නිදහස දෙවියන්වහන්සේගේ කැමැත්ත සමඟ පෙළගැස්වීම නැති කර ගැනීමට එය හේතුවක් වෙන්න පුළුවන්.

දෙවියන්වහන්සේ සමඟ අප සමගියෙන් නැති විට හෝ නුසුදුසු තේරුම් ගැනීමකින් සිටින විට, අපට සමගියක් ඇති කර ගත හැකි එකම ක්‍රමය “ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් [දෙවියන්වහන්සේ] වෙතට සමාදාන වීම” බව අනාගතවක්තෘ ජේකබ් ඉගැන්නුවා. සමගි වීම කරුණාව මත රඳා පවතින බව අප වටහා ගත යුතු අතර, එයින් අදහස් වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාන්විත වන්දිගෙවීම තුළින් මෙම සමගි වීම ඇති කළ හැකි බවයි.

ඔබ ඔබේම ජීවිතය ගැන මෙනෙහි කරද්දි, ඔබ ස්වර්ගික පියාණන්වහන්සේගෙන් ඉවත් වූ නිසා, ඔබ උන්වහන්සේගෙන් ඈත් වී සිටින බවක් දැනුණු කාලයක් ගැන සිතන්න. නිදසුනක් වශයෙන්, සමහරවිට ඔබ උන්වහන්සේට කරන යාච්ඤාවලදී හෝ උන්වහන්සේගේ ආඥා පිළිපැදීමේදී අඩු උද්‍යෝගයක් දැක්වූවා වෙන්න පුළුවන්. අපි දෙවියන්වහන්සේගෙන් ඈත් වීමට තෝරා ගන්නවා සේම, සමගි කිරීමේ උත්සාහය ආරම්භ කිරීමටද අප තෝරා ගත යුතුයි. ස්වාමින්වහන්සේ අපගේ වගකීම ගැන අවධාරණය කරමින් මෙසේ පැවසුවා: “මා නුඹලා වෙතට ලඟාවන්නාක් මෙන් මා වෙතට ලඟාවන්න; මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය; ඉල්ලන්න, තවද නුඹලාට ලැබෙන්නේය; තට්ටු කරන්න තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය”

මෙම වැදගත් සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කරගැනීමට සහ සමගි වන්නට ගැලවුම්කරුවාණන් අපට උපකාර කරන්නේ කෙසේ ද? මට නම්, මම සභාපති නෙල්සන් ඉගැන්වූ උපදෙස් අනුගමනය කර සෑම දිනකම පසුතැවිලි වන විට, දෙවියන්වහන්සේ සමඟ සමගි වීමේ මගේ ගමනේ විශාල ප්‍රගතියක් ලබනවා. සමගි වීම කියන්නෙ පාපයේ බාධකය ඉවත් කිරීම තුළින්, විශේෂයෙන් දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යත්වය අතර බිඳ වැටුණු සම්බන්ධතාවයක් නැවත ස්ථාපිත කිරීමයි.

ශුද්ධලියවිලිවල අප කියවන ශ්‍රේෂ්ඨ සමගි වීම් වලින් එකක් තමයි ඊනොස්ගේ සමගි වීම. ඔහුගේ ජීවිතයේ යම් දෙයක් දෙවියන්වහන්සේ සමඟ ගැලපුණේ නෑ. දෙවියන්වහන්සේ සමඟ සමගි වීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම මත රැඳෙමින් ඔහු ආදර්ශමත් වුණා. ඔහුගේ පසුතැවිලි වීමට ඇති ආශාව, ඔහුගේ නිහතමානිකම, ඔහුගේ අවධානය සහ ඔහුගේ අධිෂ්ඨානය ඔහු පැහැදිලි කළා. “ඊනොස්, නුඹගේ පාපයන්ට නුඹට සමාව දී ඇත, තවද නුඹව ආශිර්වාද කරනු ලබන්නේය” යනුවෙන් හඬක් ඔහුට පැමිණි විට දෙවියන්වහන්සේ සමඟ ඔහුගේ සමගි වීම තහවුරු වුණා. පසුතැවීම සහ සමගි වීම ඔහු කෙරෙහි ඇති කළ බලපෑම ඊනොස් හඳුනාගත්තේ ඔහු මෙසේ පැවසූ විටයි, “තවද මම ඊනොස් දෙවියන්වහන්සේ බොරු නොකියන බව දැන සිටියෙමි; එබැවින්, මාගේ වරදකාරිත්වය පහව ගියේය.”

සමගි වීම වරදකාරි හැඟීම්වලින් සහනයක් පමණක් නොව, අප තුළත් අන් අය සමඟත් සාමයද ගෙන එනවා. එය සබඳතා සුවපත් කරනවා, හදවත් මෘදු කරනවා, සහ අපගේ අනුගාමිකත්වය ශක්තිමත් කරනවා, දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැඩි ආත්ම-විශ්වාසයක් ඇති කරනවා. ඊනොස් විසින් විස්තර කරන ලද සමගි වීමේ තවත් ප්‍රතිඵලයක් වන, “තවද පසුව මම, ඊනොස්, මෙම වචන ඇසූ විට, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ඇදහිල්ල නොසැලී පවත්වාගැනීමට පටන්ගත්තේය” ලෙස ඔහු පැවසූ මෙම වචන මට මහත් බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ගෙන එනවා.

මම කුඩා පිරිමි ළමයෙක්ව සිටිය දී, මගේ මවගේ පාර්ෂවයේ සීයාට විශාල චෙරි වත්තක් තිබුණා. බොහෝ දුරට ගිම්හානයේ දී චෙරි අස්වැන්න නෙළන කාලය තුළ මට මේ පළතුරු වතුයායේ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. ඉතා කුඩා පිරිමි ළමයෙකු ලෙස, බාල්දියක් ලබා දී චෙරි කැඩීමට ගසක් ඉහළට යැවීමෙන් මගේ මැදිහත්වීමේ ප්‍රමාණය මට වැටහුණා.

මගේ සීයා චෙරි ෂේකර් නමින් හැඳින්වෙන යන්ත්‍රයක් මිලදී ගත් විට චෙරි අස්වැන්න නෙළීම සැලකිය යුතු ලෙස වෙනස් වුණා. මෙම යන්ත්‍රය ගසේ කඳ අල්ලා සොලවන අතර, එමඟින් චෙරි ගසෙන් පිටතට චෙරි එකතු කිරීමට භාවිතා කරන දැල් මතට ඒවා වැටෙනවා. එම ෂේකරය ගස සොලවන්නට පටන් ගත් විට, චෙරි ගෙඩි සියල්ලම පාහේ තත්පර කිහිපයකින් ගසෙන් වැටෙන බව මම දැක්කා. ගස තත්පර 10ක් හෝ සම්පූර්ණ මිනිත්තුවක් පුරා සෙලවුවත්, සමහර චෙරි ගෙඩි වැටෙන්නේ නැති බවත් මම දැක්කා. ඒවා සැබවින්ම නොසැලී තිබුණා.

එතිලීන් මුදා හැරීම නිසා ගසකින් චෙරි සොලවනවා කියන්නෙ කරන්න පුළුවන් දෙයක්. මෙම හෝමෝනය චෙරි ගෙඩියේ කඳ සහ ගස අතර සෛල ස්ථරය දුර්වල කිරීමට හේතු වෙනවා. එමනිසා, ඉදුණු චෙරි ගෙඩියක නැට්ටේ තිබෙන දුර්වල සම්බන්ධතාවය නිසා ගසෙන් එය පහසුවෙන් වෙන් වෙනවා.

ජෙස්සේගේ කඳ යනු දාවිත් රජුගේ පියා වූ ජෙස්සේගේ පෙළපතෙන් පැමිණෙන බවට අනාවැකි පළ කරන ලද මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සඳහා රූපකයක් බව ශුද්ධලියවිලිවලින් අපට ඉගෙන ගන්න පුළුවන්. ඉදුණු චෙරි කඳක සම්බන්ධතාවය එතිලීන් මගින් දුර්වල කරනවා සේම, අකීකරුකම, සැකයන් සහ බිය නිසා ජෙස්සේගේ කඳ හෙවත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය දුර්වල වෙන්න පුළුවන්, ඒවගේම එමඟින් අපව පහසුවෙන් සොලවා උන්වහන්සේගෙන් වෙන් වීමට ඉඩ සලසන්න පුළුවන්. අපි කොතරම් ඇදහිලිවන්ත වුවත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය දුර්වල කරගැනීමෙන් අපි වැළකී සිටිය යුතුයි.

දහම සහ ගිවිසුම් තුළ, ඇදහිලිවන්තයන්ට පවා මෙවැනි අනතුරු ඇඟවීමක් ලබා දී තිබෙනවා: “නමුත් මනුෂ්‍යයන් කරුණාවෙන් වැටී තවද ජීවමාන දෙවියන්වහන්සේගෙන් ඉවත්වීමේ හැකියාවක් ඇත්තේය.” ස්වාමින්වහන්සේ තවදුරටත් මෙසේ පවසනවා, “එසේය, තවද පරිශුද්ධ කරනු ලැබූ අය පවා එසේම ඇහුම්කන් දෙනු ලැබේවා.” වැටීමෙන් වැළකී සිටීමට, ස්වාමින්වහන්සේ මෙසේ උපදෙස් දෙනවා, “එසේහෙයින් ඔවුන් පරීක්ෂාවට නොවැටෙන පිණිස, සභාව ඇහුම්කන් දී සෑමවිටම යාච්ඤා කරත්වා.”

පහසුවෙන් සෙලවෙන තත්ත්වය, ශුද්ධලියවිලිවල විස්තර කර ඇති පරිදි, ක්‍රියාවන්ට ඉදිරියේ දී සිදුවිය හැකි ප්‍රතිවිපාක සමඟ විනාශයට සූදානම් වීමට සමාන කරන්න පුළුවන්. යමක් කඩා වැටීමට හෝ විනාශ වීමට ගොදුරු විය හැකි දිරාපත්වීමේ, දූෂණයේ හෝ පරිහානියේ තත්වයක් දැක්වීමට මෙම වාක්‍ය ඛණ්ඩය වඩාත් පුළුල් ලෙස භාවිතා කරන්න පුළුවන්.

මෙම ඉදුණු බවෛන් නියෝජනය කරන්නේ කුමක් ද? ඒ කියන්නේ අපිට වෙනස් වෙන්න බැරි තැනකට එන්න පුළුවන් කියන එක ද? නැහැ, මම හිතන්නේ ඒකෙන් කියන්නෙ අපි වෙනස් වීමට අකමැති කාලයකට ළඟා විය හැකියි කියන එකයි. විනාශය සඳහා ඉදීමට ඇති ප්‍රතිවිරෝධකය තමයි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන දේවල් කිරීම. සඳහන් කර ඇති ආකාරයට, පසුතැවීම ඊනොස්ව නොසැලෙන ඇදහිල්ලකට ගෙන ගියා. පසුතැවීම තුළ—නිතිපතා, කඩිනම් සහ නිතර පසුතැවිලි වීම තුළ ශක්තියක් තිබෙනවා. සභාපති නෙල්සන් අපට ඉගැන්වූ ලෙස, “පසුතැවීම සඳහා නිතිපතා, දිනපතා අවධානය දීම තරම් කිසිඳු දෙයක් අපගේ පෞද්ගලික වර්ධනය සඳහා වඩාත්ම මුදු මොළොක්, වඩාත් ප්‍රශංසනීය, හෝ වඩාත් තීරණාත්මක නෑ.”

පසුතැවිල්ල දේශනා කිරීමට අමතරව, අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ හස්තය පිළිබඳව දැනුවත්ව සිටීම, එළිදරව් සෙවීම සහ ලැබීම සහ උන්වහන්සේ කතා කරන විට උන්වහන්සේට සවන් දීම යන සියල්ලම අපට නොසැලී සිටීමට උපකාරී වන බව අනාගතවක්තෘ ජේකබ් ඉගැන්නුවා. ජේකබ් මෙසේ ද ඉගැන්නුවා, “එබැවින්, අප අනාගතවකෘවරුන් සොයන්නෙමු, තවද අපට බොහෝ එළිදරව්වීම් සහ අනාවැකි ආත්මයද ඇත්තේය; තවද මෙම සාක්ෂීන් තිබීම නිසා අප බලාපොරොත්තුවක් ලබා ගන්නෙමු, තවද අපගේ ඇදහිල්ල නොසෙල්වීමට පැමිණෙන්නේය.” අනාගතවක්තෘවරුන්ගේ සහ ප්‍රේරිතවරුන්ගේ වචන සහ ආරාධනාවලට සවන් දීමෙන් සහ ඒ අනුව ක්‍රියා කිරීමෙන් අපට බලාපොරොත්තුව, විශ්වාසය සහ ශක්තියෙන් පිරිපුන් විය හැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අපගේ ඇදහිල්ල නොසැලෙන එකක් බවට පත්වෙනවා.

දෙවියන්වහන්සේ සමඟ සමගි වීමට ඇති ආශාව පසුතැවිලි වීමට ඇති ආශාව සමඟ තිබිය යුතු බව මම ඉගෙනගෙන තිබෙනවා. පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීමේ ආශීර්වාද අත්විඳීම නොසැලෙන ඇදහිල්ලකට මඟ පාදනවා. නොසැලෙන ඇදහිල්ල සැමවිටම දෙවියන්වහන්සේ සමඟ සමගි වීමට ආශාවක් ඇති කරනවා. මෙය චක්‍රයක් වැනි හෝ පුනරාවර්තන, රටාවක්.

සහෝදර සහෝදරියනි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ හා සමගි වන ලෙස මම ඔබට ආරාධනා කරනවා. ගිවිසුම් ඇති කර ගැනීම සහ ඒවා තබා ගැනීම ගැලවුම්කරුවාණන් සමඟ අපගේ සම්බන්ධතාවය ශක්තිමත් කරන බවත්, එමඟින් විනාශයට ඉදී යාම වළක්වා ගත හැකි බවත් මම සාක්ෂි දරනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් දෙවියන්වහන්සේ සමඟ ඇති කර ගන්නා මෙම සමගිවීම නොසැලෙන ඇදහිල්ලකට මග පාදන බවට මම සාක්ෂි දරනවා.

ස්වර්ගික පියාණන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන බව මම දන්නවා, ඒවගේම උන්වහන්සේ තම ආදරණීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අපගේ ගැලවුම්කරුවාණන්, මිදුම්කරුවාණන් සහ ශ්‍රේෂ්ඨ සමගි කරන්නා වීමට එවනු ලැබුවා. මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරනවා මම එසේ කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.