ප්‍රධාන සම්මන්ත්‍රණය
ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


3:26

ප්‍රධාන අධිකාරීවරුන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන් ස්ථීර කිරීම

සහෝදර සහෝදරියනි, මා දැන් ඔබට ඔබගේ ස්ථීර කිරීමේ ඡන්ද සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රධාන බලධාරීන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිලධාරීන්ව ඔබ වෙත ඉදිරිපත් කරනවා.

කරුණාකර ඔබේ සහයෝගය සුපුරුදු ආකාරයෙන් ප්‍රකාශ කරන්න. දක්වා ඇති ඕනෑම යෝජනාවකට විරුද්ධ වන අය සිටීනම්, ඔබගේ ස්ටේක සභාපතිවරයා හා සමඟ සම්බන්ධ වන ලෙස අප ඉල්ලා සිටිනවා.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පසුදවස්වල ශුද්ධවන්තයන්ගෙන් යුත් සභාවේ ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සභාපති ලෙස ඩැලන් හැරිස් ඕක්ස්ව අනුමත කිරීමට අපි යෝජනා කරනවා.

කැමති සියල්ලන්, දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයන් ලෙස ස්ථිර කිරීම සදහා පහත සඳහන් අයව ඉදිරිපත් කර සිටිනවා: ඩැලන් එච්. ඕක්ස්, ජෙෆ්රි. ආර්. හොලන්ඩ්, හෙන්රි බී. අයිරින්, ඩියේටර්. එෆ්. උක්ඩ්‍රොෆ්, ඩේවිඩ්. ඒ. බෙඩ්නර්, ක්වෙන්ටින් එල්. කුක්, ඩී. ටොඩ් ක්‍රිස්ටෝෆර්සන්, නීල් එල්. ඇන්ඩර්සන්, රොනල්ඩ් ඒ. රස්බැන්ඩ්, ගැරී ඊ. ස්ටීවන්සන්, ඩේල් ජී. රෙන්ලන්ඩ්, ගෙරිට් ඩබ්. ගොන්ග්, උලිසෙස් සෝරෙස්, සහ පැට්‍රික් කීරන්.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණයේ සාමාජිකයින් අනාගතවක්තෘවරුන්, අනාගතය දකින්නන් සහ එළිදරව් කරන්නන් ලෙස ස්ථීර කිරීමට අපි යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන්, කරුණාකර දන්වා සිටින්න.

විරුද්ධ අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

අප්‍රියෙල් 3, බ්‍රහස්පතින්දා පැවති ප්‍රධාන සම්මන්ත්‍රණ නායක රැස්වීමේ දී නව ප්‍රාදේශීය හැත්තෑවරුන් දෙදෙනෙක්ව ස්ථීර කළ අතර සභා වෙබ් අඩවිය හරහා ඔවුන්ව නිවේදනය කළා. මෙම සහෝදරවරුන්ගේ නව පැවරුම් වලට ඔවුන්ව ස්ථීර කරන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය සිටීනම්, එලෙසින්ම දන්වා සිටින්න.

දැනට ඇති වෙනත් ප්‍රධාන අධිකරිත්වයන්, ප්‍රාදේශීය හැත්තෑවරුන්, සහ ප්‍රධාන නිළධාරීන්ව ස්ථීර කිරීම සඳහා යෝජනා කර සිටිනවා.

කැමති සියල්ලන් කරුණාකර දන්වා සිටින්න.

අකමැති අය, එලෙසම, දන්වා සිටින්න.

සහෝදර සහෝදරියනි, සභාවේ නායකත්වය වෙනුවෙන් ඔබේ ස්ථිර කිරීමේ කැමැත්ත ප්‍රකාශයට ස්තූතිවන්න වෙනවා.

ප්‍රාදේශීය හැත්තෑවරුන්ගේ වෙනස්කම්

ප්‍රධාන සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස පැවති නායකත්ව සැසියක දී පහත ප්‍රාදේශීය හැත්තෑවරුන්ව ස්ථිර කරනු ලැබුවා:

භානු කේ. හිරානන්දනී සහ ෆර්නෑන්ඩෝ වීවාස්.