ප්‍රධාන සම්මන්ත්‍රණය
බැටළුවන් මතක තබා ගැනීම
2025 ඔක්තෝම්බර් ප්‍රධාන සම්මන්ත්‍රණය


12:14

බැටළුවන් සිහිපත් කිරීම

ගණන් කිරීමේ සහ ගිණුම් තැබීමේ මූලධර්මය ක්‍රියා කරනවා. ඒ තමයි ස්වාමින්වහන්සේගේ මාර්ගය.

ක්‍රිස්තුස්වහන්සේ යනු යහපත් එඬේරාණන්ය. උන්වහන්සේට රැළේ සෑම කෙනෙකුම වටිනවා. උන්වහන්සේ එඬේරභාවය ආදර්ශයට ගත් අතර, ඔබේ බැටළුවන්ව නමින් දැන හඳුනාගැනීම, ඔවුන්ට ප්‍රේම කිරීම, නැතිවූවන් සොයා ගැනීම, පෝෂණය කිරීම සහ අවසානයේ ඔවුන්ව නැවත නිවසට ගෙන යාම ඇතුළු යහපත් එඬේරෙකුගේ ගුණාංග වචනයෙන් සහ ක්‍රියාවෙන් අපට ඉගැන්වූවා. උන්වහන්සේගේ උප එඬේරුන් ලෙස අපත් ඒ හා සමානවම කරාවි කියා උන්වහන්සේ අපේක්ෂා කරනවා.

පුරාණ අනාගතවක්තෘවරයෙකු වූ—සහ විශිෂ්ට එඬේරෙකු වූ—මොරෝනායිගෙන් අපට ස්වාමින්වහන්සේගේ මාර්ගයෙ හි දේවසේවය කිරීම ගැන බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. ඔහු ජීවත් වුණේ ජංගම දුරකථන, පරිගණක සහ අන්තර්ජාලයේ ප්‍රතිලාභ නොමැතිව ඉතා දුෂ්කර කාලයක. නමුත් ඔහු බැටළුවන් ගැන දිගට ම සොයා බැලීමට සමත් වුණා. මේක කළේ කොහොම ද? මොරෝනායි 6 හි ඔහුගේ ක්‍රමවේදය පිළිබඳ තරමක විස්තරයක් අපට ලැබෙනවා. එහි අපි මෙසේ කියවනවා එනම් ඒ සාමාජිකයින්ව “ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ ජනතාව අතර ගණන් ගනු ලැබුවෝය; තවද ඔවුන්ගේ නාමයන් ගනු ලැබුවෝය, එනම් ඔවුන්ව දෙවියන්වහන්සේගේ යහපත් වචනයෙන් පෝෂණය කිරීමට සහ සිහි තබා ගනු පිණිසත්, ඔවුන්ව නිවැරදි මාර්ගයේ තබා ගැනීමටත් ය. … සභාව “නිරාහාරව සිටීමට සහ යාච්ඤා කිරීමට, තවද ඔවුන්ගේ ආත්මයන්ගේ ශුභසිද්ධිය පිළිබඳව එකිනෙකා සමඟ කතා කිරීමට, නිතර එක් රැස් වුණා” (මොරෝනායි 6:4–5; අවධාරණය එකතු කරන ලදී).

මොරෝනායි අවධානය යොමු කළේ මිනිසුන් ගැන—ඔවුන්ගේ නම් ගැන! සියල්ලන්වම මතකයේ රැඳෙන පරිදි ඔහු ගණන් කිරීම සහ ගිණුම් තැබීම යන මූලධර්මය ක්‍රියාත්මක කළා. ඔහු දුෂ්කරව සිටින හෝ මංමුළාව යන ඕනෑම අයෙකු ගැන සැලකිලිමත් වූ අතර, ශුද්ධවන්තයන්ට මන්ත්‍රණ සභා වලදී ඔවුන්ගේ සුභසාධනය ගැන සාකච්ඡා කිරීමට ඉඩ සැලසුණා. අනූ නව දෙනා හැර දමා (ආරක්ෂිතව හා සුරක්ෂිතව, මට විශ්වාසයි) නැති වූ එකා පසුපස ගිය එඬේරා මෙන් (බලන්න ලූක් 15:4–7), අපගේ රැළ ගැනත් ඒ ආකාරයෙන්ම දැනුවත්ව—සැලකිලිමත්ව මතක තබා ගෙන ගොස් එලෙසම කරන ලෙස අපෙනුත් ඉල්ලා තිබෙනවා

ඉන්දියාවේ ධර්මදූත සේවයක නායකයෙකු ලෙස, තරුණ ශාඛා සභාපතිවරයෙකුගෙන් ඉදිරි වසර සඳහා ඔහුගේ ඉලක්ක කිහිපයක් ගැන ඇසූ ආකාරය මට මතකයි: “මෙල්කිසදෙක් පූජකවරය ලැබීමට ඔබ පිරිමින් කී දෙනෙකු සූදානම් කරනවාද?” ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වුණේ “හත් දෙනෙක්!”

ඔහු ඒ ඉතා නිශ්චිත අංකය කොහෙන් හිතුවා ද කියලා මම කල්පනා කළා! මම ප්‍රතිචාර දක්වන්න කලින්, ඔහු එකේ සිට හත දක්වා අංක පැත්තක ලියා තිබූ කඩදාසි කැබැල්ලක් ඉදිරිපත් කළා. පළමු පේළි පහේ නම් තිබුණා—ඒ නම් තමයි ඔහු සහ ඔහුගේ වැඩිහිටි ගණපූරණය විසින් ඔවුන්ගේ ජීවිතවලට පූජකවරයේ ආශිර්වාදය ලබා ගැනීමට ආරාධනා කර දිරිමත් කිරීමට යන සැබෑ පුද්ගලයින්. ඇත්ත වශයෙන්ම, මට හිස්ව තිබූ පේළි හය සහ හත ගැන අහන්න සිද්ධ වුණා. “සභාපතිතුමනි,” ඔහු දයාවන්තව හිස සොලවමින් මෙසේ පැවසුවා, “නිසැකවම අවුරුද්දේ මුලින් අපි අඩුම තරමින් අවුරුද්ද අවසාන වන විට පූජකවරය ලබා ගත හැකි දෙදෙනෙකුවත් බව්තීස්ම කරනවා.” මෙම විශිෂ්ට නායකයා ගණන් කිරීමේ සහ ගිණුම් තැබීමේ මූලධර්මය තේරුම් ගෙන තිබුණා.

ක්‍රිස්තුස්වහන්සේ තම සභාව සංවිධානය කර ඇත්තේ එක් ආත්මයක් හෝ අමතක කිරීම දුෂ්කර වෙන විදිහට, මොකද ඒ සෑම කෙනෙක් ගැනම උන්වහන්සේ දයාවන්තයි. වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා කොට්ඨාශයක සිටින සෑම පුද්ගලයෙකුටම, ඔවුන් රැකබලා ගැනීමේ, මතක තබා ගැනීමේ කාර්යය පැවරී ඇති භාරකරුවන්—එඬේරුන්—රාශියක් සිටිනවා. උදාහරණයක් වශයෙන්, තරුණ පිරිමි ළමයෙකුගේ යහපැවැත්ම සඳහා පත් කර ඇති සභානායකත්වය, දේවසේවා සහෝදරයන්, වැඩිහිටි තරුණ උපදේශකයින්, සෙමනේරි ගුරුවරුන්, ගණපූරණ සභාපතිත්වයන්, සහ තවත් අය—ආරක්ෂිත දැල් ලෙස සේවය කරන අතර, ඔහු වැටුණොත් ඔහුව අල්ලා ගැනීම සඳහා එම තරුණයා යටින් ශක්තිමත් ලෙස සිටිනවා. එක් දැලක් නිසි ලෙස ස්ථානගත කළ පසු, එම තරුණ පිරිමි ළමයා ආරක්ෂිතව, අවධානයට ලක්ව සහ මතකයේ රැඳී තිබෙනවා. එහෙත්, බොහෝ විට අපට දැලක් සොයා ගැනීමට නොහැකි වන අවස්ථා තිබෙනවා. මිනිසුන් නිතිපතා මංමුළාවේ මීදුම තුළට ඇවිදිනවා—ඒත් කවුරුවත් ඒ ගැන දකින්නේ නැහැ. අපට වඩාත් හොඳ එඬේරුන් වෙන්න පුළුවන් කොහොම ද? අපට ගණන් කිරීමට සහ ගිණුම්ගත කිරීමට ඉගෙන ගන්න පුළුවන්.

සභාව අපට වාර්තා සහ මෙවලම් සපයන්නේ එය කරන්නයි—ඒ මතක තබා ගන්නටයි. කාර්තුමය වාර්තාව ඊට හොඳම උදාහරණයක් එය අපට එක් එක් සාමාජිකයා කිහිප වතාවක් ගණන් කර ගිණුම් තැබීමටත්, අතුරුදහන් වූවන් හෝ අපගේ උදව් සහ ආදරය අවශ්‍ය අයව දැකීමටත් ඉඩ සලසනවා ක්‍රියාමාර්ග සහ සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුව මඟින් අපගේ අවධානය දැන් අවශ්‍ය අය හඳුනා ගන්නා අතර, දේවමාළිගා නිර්දේශ තත්ව වාර්තාව සහ අනෙක් ඒවාත් එහි දැක්වෙනවා. මෙම ගණන් කිරීමේ සහ ගිණුම් තැබීමේ මෙවලම් අපේ අවධානය මිනිසුන් කෙරෙහි යොමු කරවනවා. කැඳවීමක්, පූජකවර උසස්වීමක්, හෝ දේවමාළිගාවට පවුලේ නමක් ගෙනයාමට උපකාරයක් අවශ්‍ය වන්නේ කාට ද? පූර්ණ කාලීන ධර්මදුත සේවයක් සඳහා සූදානම් වීමට අපට උදව් කළ හැක්කේ කාට ද? මේ මාසයේ නොපැමිණියේ කවු ද? මෙම මෙවලම් අපට මිනිසුන්ව මතක තබා ගැනීමට උපකාරී වෙනවා.

මම දැනගෙන හිටියා එක්සත් ජනපදයේ ඉඳන් අප්‍රිකාවේ පැවරුමක් භාරගත්ත පවුලක්. ඔවුන්ගේ පළමු ඉරිදා දිනයේ දී, ඔවුන් රටේ ඇති එකම සභා ඒකකයට ඇවිද ගිය අතර, එහි දී ඔවුන්ව උද්යෝගයෙන් පිළිගනු ලැබුවා. උදෑසන අවසන් වන විට, එම පුද්ගලයාගේ බිරිඳව සහන සමිතියේ සභාපතිනිය ලෙසත් ඔහුව තරුණ පිරිමි නායකයා ලෙසත් කැඳවා තිබුණා! ඔහු වෙහෙසට පත් පෙනුමක් ඇති ශාඛා සභාපතිවරයාගෙන් තරුණ පිරිමි ළමුන් කී දෙනෙක් සිටිනවා ද කියා ඇසුවා. මෙම ඇදහිලිවන්ත, පළමු පරම්පරාවේ නායකයා සක්‍රමේන්තු ශාලාවේ පිටුපසට ඇඟිල්ල දිගු කර මෙසේ පැවසුවා, “අතන ඉන්න දෙන්නා.” ඒ මිනිසා සැබැවින්ම සැක සහිත වූ නිසා, ඔහු ශාඛා ලැයිස්තුවක් නිවසට ගෙන ගොස්, ලැයිස්තුවේ ඇත්ත වශයෙන්ම තරුණ පිරිමි ළමුන් 20 දෙනෙකු සිටින බව ඉක්මනින් නිරීක්ෂණය කළා. ඔහු ශාඛා සභාපතිවරයා වෙත ආපසු ගොස් ඔහුගේ උපදේශකයින් ලෙස සේවය කිරීම සඳහා ක්‍රියාශීලී, ද්විභාෂා තරුණ වැඩිහිටියන් දෙදෙනෙකු ඉල්ලා සිටි අතර, පසුව ඔවුන් සහ පිරිමි ළමයින් දෙදෙනා සමඟ එම නම් සමාලෝචනය කිරීමට වාඩි වුණා.

ඉන්පසු මේ කඩිසර තරුණයෝ වැඩ කරන්නට ගියා. ඉදිරි මාස කිහිපය තුළ, ඔවුන් ලැයිස්තුගත කර තිබූ සෑම පිරිමි ළමයෙකුවම සොයා ගත්තා. නමින් නම, ඒ නැති වූ බැටළුවන්ව ඔවුන්ගේ සම වයසේ මිතුරන් විසින් නැවත පිළිගෙන ආත්මිකව හා ශාරීරිකව පෝෂණය කළා! වසරක් ඇතුළත, ඕනෑම ඉරිදා දිනයක, සාමාන්‍යයෙන් තරුණ පිරිමින් 21 දෙනෙකු පැමිණ සිටියා. ගණන් කර ගිණුම් තැබූ තරුණ පිරිමි ළමුන්ට ස්තූතියි.

මගේ ආදරණීය මිතුරෙකු, තරුණ උපාධිධාරී ශිෂ්‍යයෙකු ලෙස, ඔහුගේ අධ්‍යාපනය දිගට ම කරගෙන යාම සඳහා ඔහුගේ පවුලේ අය සමඟ විශාල ඇමරිකානු නගරයකට ගියා. වැඩිහිටි ගණපූරණයේ මුලසුන දැරීමට ඔහුව ඉක්මනින් කැඳවනු ලැබුවා. ස්ටේක සභාපතිවරයා සමඟ ඔහුගේ පළමු සම්මුඛ සාකච්ඡාව ගැන ටිකක් කලබල වූ ඔහු සූදානම්ව යාමට අධිෂ්ඨාන කරගෙන සිටියා. ඉදිරි වසර සඳහා තමාට ඉලක්ක තුනක් ඇති බව ඔහු ස්ටේක සභාපතිවරයාට පැවසුවා: (1) සියයට 90 ක දේවසේවය, (2) සෑම සතියකම වැදගත් ශුභාරංචි පාඩමක් සහ (3) සෑම මසකම හොඳින් සැලසුම් කළ ගණපූරණ ක්‍රියාකාරකමක්.

මගේ මිතුරා දෙස බලා සිනාසෙමින්, මෙම බුද්ධිමත් ස්ටේක සභාපතිවරයා මෙසේ ඇසුවා, “මේ වසරේ තම පවුලේ අය සමඟ දේවමාළිගාවට යාමට ඔබට උදව් කළ හැකි අඩු ක්‍රියාකාරී ගණපූරණ සාමාජිකයෙකු නම් කරන්න පුළුවන්ද?”. එය මගේ මිතුරාව පුදුමයට පත් කළා. ඔහු හොඳින් සිතා බලා නමක් ඉදිරිපත් කළා. “ඒක ලියාගන්න,” ස්ටේක සභාපතිවරයා උපදෙස් දුන්නා. ඉන්පසු මෙම පළපුරුදු නායකයා එම ප්‍රශ්නයම තවත් තුන් වතාවක් ඇසුවා—සම්මුඛ පරීක්ෂණය අවසන් වුණා. නායකත්වය සහ දේවසේවය පිළිබඳ ඔහුගේ ශ්‍රේෂ්ඨතම පාඩම ඉගෙනගෙන මෙම තරුණයා එම සම්මුඛ පරීක්ෂණයෙන් පිටව ගියා. ඔහු වැඩසටහන්, පාඩම් සහ ක්‍රියාකාරකම් සමඟ සම්මුඛ පරීක්ෂණයට ගියා. ඔහු නම් සමඟ පිටතට ගියා! එම නම් හතර පසුව ඔහුගේ දේවසේවයේ සහ ඔහුගේ ගණපූරණයේ ප්‍රධාන අවධානයක් බවට පත් වුණා.

ධර්මදූත සේවයක නායකයෙකු ලෙස, මම ඉරිදා උදෑසන මගේ එක් ශාඛාවක් බැලීමට ගියා. ශාඛා සභාපතිවරයා දිගට ම තම සාක්කුවෙන් කාඩ්පතක් ගෙන එහි ලියන බව මම දැක්කා. අවසාන යාච්ඤාවෙන් පසු මම ඔහුගෙන් ඒ ගැන විමසීමට තීරණය කළා. රැස්වීම අවසන් වූ පසු, මම කාඩ්පත ගැන විමසීමට පෙර, ශාඛා ධර්මදූත සේවා නායකයා වේදිකාවට දිව ගිය අතර, එහි දී ඔහුට පත්‍රිකාව ලබා දුන්නා. මම ඉක්මනින්ම මේ උද්යෝගිමත් නායකයා සමඟ ඔහුගේ සතිපතා ශාඛා ධර්මදූත සම්බන්ධීකරණ රැස්වීමට ගියා. ඔවුන් පටන් ගැනීමට පෙර, ඔහු තම සාක්කුවෙන් කඩදාසිය එළියට ගත්තා. එය සක්‍රමේන්තු රැස්වීමට සහභාගී නොවූ සාමාජිකයන්ගේ නම්වලින් පිරී තිබුණා. මිනිත්තු කිහිපයක් ඇතුළත, මන්ත්‍රණ සභාවේ සෑම සාමාජිකයෙක්ම නම් එකක් හෝ දෙකක් තෝරාගෙන, ඔවුන් හොඳින් සිටින බව සහතික කර ගැනීමට සහ ඔවුන්ව මඟහැරුන බව ඔවුන්ට දැනුම් දීමට එදිනම ඔවුන් බැලීමට අදිටන් කර ගත්තා. තමයි ගණන් කිරීම සහ ගණන් තැබීම.

කෙදිනකවත් භාවිත නොකර සිටින්නට බොහෝ දුරට ඉඩ ඇති නමුත් වත්මන් නිර්දේශයක් පවත්වා ගැනීම ඉහළ ප්‍රමුඛතාවයක් වූ, ළඟම ඇති දේවමාළිගාවේ සිට පැය ගණනක් ගත කර ජෙට් යානයකින් ගමන් කළ දිස්ත්‍රික්කයක් මට මතකයි. සෑම මසකම පළමු ඉරිදා, නායකයින් තම බලයෙන් සැරසුනු සාමාජිකයින්ව ගණනය කිරීමට ඔවුන්ගේ ගණනය කිරීමේ මෙවලම් භාවිත කළා. ඉක්මනින් කල් ඉකුත් වීමට නියමිත නිර්දේශයක් ඔවුන් සොයා ගත්තොත්, විධායක ලේකම්වරයා අලුත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයක් සැලසුම් කරනවා. කල් ඉකුත් වූ නිර්දේශ සහිත පුද්ගලයින්ට උපදෙස් දී, පසුව ගිවිසුම් මාර්ගයට නැවත පැමිණීමට ඔවුන්ට සහාය වීමට සොයා බලනවා. ඔවුන්ගේ බලයෙන් සැරසුන සාමාජිකයින්ගෙන් කී දෙනෙකුට වත්මන් නිර්දේශයක් තිබෙනවා ද කියලා මම ඇහුවා. පිළිතුර විශ්මයජනක ලෙස සියයට 98.6 ක් වුණා. නිර්දේශ කල් ඉකුත් වී ඇති හය දෙනා ගැන විමසූ විට, නායකයින්ට ඔවුන් නමින්ම හඳුනා ගැනීමට හැකි වූ අතර ඔවුන්ව නැවත ලබා ගැනීමට ගන්නා උත්සාහයන් මට විස්තර කළා!

මීට වසර කිහිපයකට පෙර, මගේ පවුල නැවත එක්සත් ජනපදයට සංක්‍රමණය වුණා. කුඩා, වඩාත් හුදකලා ඒකකවල වසර 26 ක් විශ්මයජනක ලෙස සේවය කිරීමෙන් පසු අපි මෙහි සභාවට සහභාගී වීමට ඉතා කැමැත්තෙන් සිටියා. මාව කොට්ඨාශ ධර්මදූතවරයෙකු ලෙස කැඳවනු ලැබුවා. අපට ශ්‍රේෂ්ඨ කොට්ඨාශ ධර්මදූත නායකයෙක් සිටියා, අපි උද්යෝගිමත් දේවල් කරමින් සහ අපූරු මිනිසුන්ට උගන්වමින් සිටියා. අපි වැඩ කරන මිතුරන් නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ උදව් ලබා ගැනීමට කොට්ඨාශ සභා රැස්වීමකට සහභාගී වීමට මම ඉල්ලා සිටියා. සාකච්ඡා කළේ ඉදිරියේ දී පැවැත්වෙන කොට්ඨාශ ක්‍රියාකාරකමක් ගැන පමණක් වූ විට මම පුදුමයට පත් වුණා. පසුව මම කොට්ඨාශ ධර්මදූත සේවා නායකයා වෙත ගොස්, ඔහුට අපගේ ජනතාව පිළිබඳව වාර්තා කිරීමට අවස්ථාවක් නොලැබුණු බව පැවසුවා. ඔහුගේ ප්‍රතිචාරය වුණේ? “අනේ, මට කවදාවත් වාර්තා කරන්න ලැබුණේ නැහැ.”

මම සති කිහිපයකට පෙර පකිස්ථානයේ ලාහෝර්හි පැවති ශාඛා සභා රැස්වීමකට එය සංසන්දනය කළා. මේ කුඩා කණ්ඩායම එකට කුඩා මේසයක් වටා වාඩි වී සිටි අතර, ඔවුන් කතා කළ එකම දේ මිනිසුන් ගැන විතරයි. නම්. සෑම නායකයෙක්ම ඔවුන්ගේ භාරකාරත්වය සහ ඔවුන් සැලකිලිමත් වූ පුද්ගලයින් සහ පවුල් පිළිබඳව වාර්තා කළා. සාකච්ඡා කළ අයට ආශීර්වාද කළ හැකි හොඳම ක්‍රම පිළිබඳව ඔවුන්ගේ අදහස් එකතු කිරීමට සියලු දෙනාටම අවස්ථාව ලැබුණා. සැලසුම් සකස් කර පැවරුම් ලබා දෙනු ලැබුවා. අපේ පළමු පරම්පරාවේ සහෝදර සහෝදරියන්ගෙන් නම් වශයෙන් ගණන් කිරීම සහ ගිණුම් තැබීම පිළිබඳ මොනතරම් දීප්තිමත් පාඩමක්ද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව තුළ, අතීත අනාගතවක්තෘවරුන් සහ වර්තමාන අනාගතවක්තෘවරුන් විසින්—සහ අපගේ ගැලවුම්කරුවාණන් විසින් සකස් කරන ලද රටාව මගින්—සේවය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අපට උපදෙස් දී තිබෙනවා. අපි නම් ගන්නවා, මතක තියාගන්නවා, ආත්මයන්ගේ සුභසාධනය ගැන උපදේශන දෙනවා. මෙය කරන නායකයින්ට කිසි විටෙකත් ඔවුන්ගේ මන්ත්‍රණ රැස්වීම්වල න්‍යාය පත්‍ර අයිතම අවසන් වෙන එකක් නැහැ! ගණන් කිරීමේ සහ ගිණුම් තැබීමේ මූලධර්මය ක්‍රියා කරනවා. ඒ තමයි ස්වාමින්වහන්සේගේ මාර්ගය. අපට මෙය වඩා හොඳින් කරන්න පුළුවන්. විශ්වය මැවූ සහ සියල්ල පාලනය කරන දෙවියන්වහන්සේට, මෙම කාර්යය—උන්වහන්සේගේ කාර්යය සහ මහිමය—ඉතා පුද්ගලිකයි. උන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ විශ්මිත කාර්යයේ දී උන්වහන්සේගේ හස්තයේ උපකරණ ලෙස, අප සෑම කෙනෙකුටම එය එසේම විය යුතු වෙනවා. සැබෑ මිනිසුන්ගේ ජීවිතවල ආශ්චර්යයන් සිදුවෙයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.