යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ඔබගේ නව ආරම්භය
අප සැමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේ නිසා නව ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඔබටත් එසේමයි.
ශුද්ධලියවිලිමය අවතක්සේරුව: යේසුස්වහන්සේ යහපත කරමින් ගියා
යේසුස්වහන්සේ “යහපත කරමින් ගියා.” අපි ඒ සරල වාර්තාව ක්‍රියා පොතේ කියවනවා. ඒක මොනතරම් දැවැන්ත අවතක්සේරු කිරීමක් ද! යේසුස්වහන්සේ නිසැකවම යහපත කරමින් ගමන් කළා! උන්වහන්සේ යහපත්කමේ—සාරය සහ—උල්පතයි! උන්වහන්සේ තම මුළු ලෞකික ජීවිතයම යහපත කිරීමට කැප කළා. උන්වහන්සේ “අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ බොහෝ ඉවසිලිවන්ත සහ බහුල”, යහපත්කමින් අනන්ත සහ දයාවෙන් සදාකාලිකයි.
උන්වහන්සේගේ යහපත්කම සහ දයාව විස්තර කිරීමට හෝ සාරාංශ කිරීමට දරන ඕනෑම උත්සාහයක් අවතක්සේරු කිරීමක් වගේ වෙනවා! සැබවින්ම, ප්‍රේරිතවර යොහන් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ පරිදි, ගැලවුම්කරුවාණන්ගේ යහපත්කමේ සෑම ප්‍රකාශනයක්ම වාර්තා කිරීමට අප උත්සාහ කළොත්, “ලියනු ලබන පොත් දරන්ට ලෝකයත් මදි” වෙනවා.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුටම නව ආරම්භයක් ලබා දෙනවා
යේසුස්වහන්සේ “යහපත කිරීම” ගැන අපට අමරණීය කර ඇති ශුද්ධලියවිල්ලේ ඇති නිශ්චිත උදාහරණ, විශේෂයෙන් එහි සිටීම, උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන් දැකීම, උන්වහන්සේගේ ඉගැන්වීම් ලබා ගැනීම සහ උන්වහන්සේගේ සුවය අත්විඳීම කෙබඳු වන්නට ඇත්දැයි අප සැබවින්ම සලකා බලන විට ගැඹුරු විස්මයක් සහ පුදුමයක් ඇති කරනවා. උන්වහන්සේ සමාජයෙන් බැහැර කරන ලද අය සමඟ කතා කළා, රෝගී වූවන් සහ අපිරිසිඳු අයව ස්පර්ශ කළා, වෙහෙසට පත් වූවන්ට සැනසීම ගෙන දුන්නා, විමුක්තිදායක සත්‍යය ඉගැන්වූවා, පව්කාරයන් පසුතැවිල්ලට කැඳවූවා. සෑම ලාදුරු රෝගියෙකුටම, අන්ධ පුරුෂයෙකුටම සහ කාමමිථ්‍යාචාරය කළ කාන්තාවකටම; කොර, බිහිරි සහ ගොළු; සෑම ශෝකජනක මවකටම, මංමුලා සහගත පියෙකුටම සහ වැලපෙන වැන්දඹුවකටම; හෙළා දකින ලද, ලැජ්ජාවට පත් වූ සහ දුක් විඳින අයට; ශරීරයෙන් මියගිය සහ ආත්මයෙන් මියගිය අයට, උන්වහන්සේ නව ආරම්භයක් ලබා දුන්නා. ඔව්, තවත් ඉතා විශාල අවතක්සේරු කිරීමක්!
උන්වහන්සේ පැවසූ සහ කළ සෑම දෙයක්ම උන්වහන්සේ සුව කළ, ආශිර්වාද කළ, ඉගැන්වූ සහ පාපයෙන් නිදහස් වූ සෑම කෙනෙකුටම නව ආරම්භයක් ලබා දුන්නා. උන්වහන්සේ ඔවුන්ගෙන් ඉවත් වුණේ නැහැ, නිසැකවම උන්වහන්සේ ඔබෙන් ඉවත් වෙන්නේත් නැහැ. මේ මොහොතේ උන්වහන්සේගෙන් මෙවැනි ජීවනදායක වචන ඇසෙන බව සිතා බලන්න:
“යෞවනිය, නැගිටපන්නැයි නුඹට කියමි.”
“මමත් නුඹ වරදට පත් නොකරමි: යන්න, මෙතැන් පටන් තවත් පව් නොකරන්න.”
“දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුව කෙළේය; සමාදානයෙන් යන්න.”
මෙම පුද්ගලයන්ට ගැලවුම්කරුවාණන්ගේ වචන කෙටි වූ නමුත්, ඒවා සමඟ උන්වහන්සේ සමාව දීම, සුව කිරීම, නැවත පිහිටුවීම, සාමය සහ සදාකාල ජීවනය පිළිබඳ අපරිමාණ නව ක්ෂිතිජයන් පින්තාරු කළා. ඒ වගේම තේජාන්විත ආරංචිය නම්, උන්වහන්සේ ඔබටත් මටත් එකම නව ආරම්භයක් ලබා දෙන බවයි. අප සැමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සහ උන්වහන්සේ නිසා නව ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඔබටත් එසේමයි. නව ආරම්භයන් තමයි උන්වහන්සේගේ දරුවන් සඳහා වූ පියාණන්වහන්සේගේ සැලැස්මේ හදවත. මෙය නව ආරම්භයන් වල සභාවයි! මෙය නැවුම් ආරම්භයන් වල සභාවයි!
මෙය නව ආරම්භයේ සභාවයි.
ජලයෙන් සහ ආත්මයෙන් බව්තීස්මය ලැබීමෙන්, අපි “නැවත ඉපදෙන” අතර “ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන්න” පුළුවන්. පාපයේ බරින් මිරිකී සිටින හෝ කරදරකාරී ජීවිතයක සහ අක්‍රිය සබඳතාවල බලපෑම්වලින් පීඩා විඳි කෙනෙකුට ඒ නව ආරම්භය කොපමණ බලාපොරොත්තුවක් ගෙන එනවා ද? යේසුස්වහන්සේට පාපයට සමාවක් හෝ ජීවිතයේ නව ආරම්භයක් අවශ්‍ය වුණේ නැහැ, නමුත් උන්වහන්සේත් බව්තීස්ම වූ අතර, උන්වහන්සේ අප සෑම කෙනෙකුටම කැටයම් කර ඇති නව ආරම්භයට මාර්ගය අපට ඉතා සහනයක් ලෙස පෙන්වුවා.
අපගේ නව ආරම්භය එක් වරක් පමණක් සිදු වෙන්නේ නැහැ. අපගේ බව්තීස්මය නව ආරම්භයකට අපගේ එක් වෙඩිල්ලක් බව අපි සිතනවා. ඒක එහෙම නෙමේ. අපට ඇත්තේ එක අවස්ථාවක් විතරක් නෙමේ. මෙම නව ආරම්භයන් සෑම දිනකම සිදු වෙන්න පුළුවන්! නිසැකවම සෑම සතියකම අපි කුඩා පාන් කැබැල්ලක් අනුභව කර කුඩා වතුර කෝප්පයක් පානය කරන විට, අපට අවශ්‍ය තරම් නව ආරම්භයන් ලබා දීමේ ප්‍රකාශිත අරමුණ සඳහා මරණයට පත් වූ අපගේ පරිපූර්ණ ගැලවුම්කරුවාණන්ගේ ත්‍යාගය සිහිපත් කරනවා! අපට අවශ්‍ය තරම් නව ආරම්භයන් යේසුස්වහන්සේ අපට ලබා දෙනවා.
ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතයක් තුළ කැපවීමෙන් හා ප්‍රීතියෙන්, අපට පරණ දේවල් නැති වෙලා ගිහින් සියල්ල අලුත් වන “නව ජීවියෙකු” බවට පත් වෙන්න පුළුවන්. වැටුණු ලෝකයක ජීවත් වීමේ දරුණු පසුබෑම් මධ්‍යයේ වුණත්, අපගේ මිදුම්කරුවාණන්ගේ සුවපත් කිරීමේ සහ යථා තත්ත්වයට පත් කිරීමේ බලය කෙරෙහි ඇදහිල්ල තෝරා ගැනීම දිගටම කරගෙන යාමෙන්, උත්සාහ කරන ආත්මයකට එම අලුත් උදාවක් වගේ ගෙන එන තාවකාලික සහනය කුමක් ද? වේදනාව නිසා, සෑම සිදුරකින්ම පවා ලේ ගැලීමට, ශරීරයෙන් හා ආත්මයෙන් දුක් විඳීමට සහ කටුක කුසලානය ඉවත් කරන ලෙස යාච්ඤා කිරීමට පවා උන්වහන්සේට හැකි වුණත්, පියාණන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට සහ දිව්‍යමය වන්දිගෙවීම සඳහා වූ මෙහෙවර සම්පූර්ණ කිරීමට වූ කැපවීම, ගැලවුම්කරුවාණන් කිසි විටෙකත් අත්හැරියේ නැහැ,. නැවතත්, දෙවියන්වහන්සේ සමඟ ඇදහිලිවන්තව විඳදරා ගැනීම මොන වගේද කියලා උන්වහන්සේ අපට පෙන්වා දුන්නා.
අපි කරන සෑම ගිවිසුමකින්ම සහ එය රැක ගැනීමට අප ගන්නා සෑම උත්සාහයකින්ම, අපට “නව හදවතක්” සහ “නව ආත්මයක” පූර්ණ මිනුමක් ලබා ගන්න පුළුවන්. ටිකෙන් ටික, අපි උන්වහන්සේගේ යහපත්කම අපගේ හදවත්වලට ආරාධනා කර, අපගේ හිසෙහි ඇති ස්වයං-පරාජිත හඬවල් ඉවත දමන තරමට, අපි උන්වහන්සේගේ සෙනඟ බවට පත්වන්නේ අපි සැබවින්ම උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ බවට පත් කරන හින්දයි. යේසුස්වහන්සේ අපගේ රජුන්, අපගේ එඬේරාණන් සහ අපගේ සාමයේ කුමරුන් වීමට ඉතා උනන්දුවෙන් ආශා කරන අතර, අපගේම හදවත් හා මනසින් උන්වහන්සේව එසේ කිරීමට අප තෝරා ගන්න පුළුවන්.
පසුතැවීම අප දකින ආකාරය පිළිබඳ නව ආරම්භයක්
පසුතැවීම අපගේ නව ආරම්භයන්, නැවුම් ආරම්භයන් සහ දෙවන අවස්ථා සඳහා දොරටු විවර කරනවා. අපගේ ආදරණීය සභාපති රසල් එම්. නෙල්සන්ගේ ඉගැන්වීම් මඟින් පසුතැවිල්ලේ දිව්‍යමය ත්‍යාගය පිළිබඳ වැරදි වැටහීම් ඉවත් කර ඇති අතර, අපි අවසානයේ එය වටහා ගැනීමට පටන් ගෙන ඇතැයි මම සිතනවා.
අපේ යෞවනයන් පසුතැවීම ඔවුන්ට බලපාන්නේ කොහොමද කියලා විස්තර කරන ආකාරය අසන්නට ලැබීම සතුටට කරුණක්. මෑතක දී මට ඇහුණා තරුණ ගැහැණු ළමයෙක් ඇගේ මුහුණේ සිනහවකින් යුතුව මෙසේ කියනවා, “පසුතැවීම, දිනපතා පසුතැවීම ගැන සිතන විට, මට ඇදහිය නොහැකි සතුටක් සහ බලාපොරොත්තුවක් දැනෙනවා. මගේ ස්වර්ගික පියාණන්වහන්සේගේ සහ මගේ ගැලවුම්කරුවාණන්ගේ ප්‍රේමය හා සතුට මට දැනෙනවා. මට පීඩා දෙන ඕනෑම දෙයක් ගැන යාච්ඤාවෙන් ස්වර්ගික පියාණන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටීමට මම බය වෙන්නෙ නැහැ. මම දන්නවා උන්වහන්සේලා උත්සහ කරන්නේ මගේ වැරැද්දක් හසු කරගන්නට නොවේ. උන්වහන්සේලාගේ දෑත් සම්පූර්ණයෙන්ම විවෘතව වෙලා තිබෙනවා. පසුතැවිල්ල ලෙස මට දැනෙන්නේ මේකයි,” ඇය පැවසුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිසා ඇයට නව ආරම්භයන් ලැබිය හැකි බව මෙම තරුණ ගැහැණු ළමයා තේරුම් අරන් තිබෙනවා!
සෑම කෙනෙකුටම, සෑම අවස්ථාවකම නව ආරම්භයක්
ඔබට නව ආරම්භයක් අවශ්‍ය ද? ඔබටත් නැවුම් ආරම්භයක් කරන්න පුළුවන් ද? ගැලවුම්කරුවාණන් දේවසේවය කළ මිනිසුන් ගැන සිතන්න—උන්වහන්සේ ඉගැන්වූ, සුව කළ, නැඟිට්ට වූ, සමාව දුන් සහ නැවත පිහිටවූ අය ගැන සිතන්න. උන්වහන්සේ ඔවුන්ව තෝරා ගත්තේ විශේෂිත ආර්ථික පන්තියකින් හෝ පසුබිමකින් ද? උන්වහන්සේ ධර්මිෂ්ඨයන් සහ පව්කාරයන් අතර වෙනස සොයමින් සිටියා ද? උන්වහන්සේ මිනිසුන්ව වෙන් කළේ ඔවුන් වඩාත් සුදුසු නිසාද නැතහොත් ඔවුන්ට වඩා ආදරය ලැබුණු නිසා ද? නැහැ.
සමහරු උන්වහන්සේ වෙත පැමිණියේ මහත් ඇදහිල්ලෙන්, උන්වහන්සේගේ සුව කිරීමේ බලය කෙරෙහි විශ්වාස කරමින්—ලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රිය මෙන්, රෝම ශතාධිපතියාගේ මිය යමින් සිටි දාසයා, කුෂ්ඨරෝගියා, යායිරස්, සහ අන්ධ බර්තිමේයුස්. ඔවුන් සෑම කෙනෙකුම තම ඇදහිල්ල අවදානමට දමා නාසරෙත්හි රබ්බිවරයාගේ යහපත්කම සහ බලය ඔවුන්ගේ ජීවිත සහ අපේක්ෂාවන් වෙනස් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් සිටියා. ඉතින් උන්වහන්සේ එය කළා. උන්වහන්සේගේ සුවය ගලා යාමට ඉඩ හැරියා.
නමුත් යේසුස්වහන්සේ සැලෙන ඇදහිල්ලක් තිබූ අයටත් ආශීර්වාද කළා, අසනීප දරුවාගේ පියා කෑගැසුවාක් මෙන්, සමහරවිට ඔබත් ඒ ආකාරයට, “මම විශ්වාස කරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනවයි” කියා කෑ ගසා ඇති. තවද උන්වහන්සේ, කාමමිථ්‍යාචාරය කරද්දී අසු වූ ස්ත්‍රිය, නායින් නුවර කනවැන්දුමිය, බෙතෙස්දා පොකුණ අසල ආබාධිත මිනිසා, අන්ධව උපන් මිනිසා වැනි උන්වහන්සේව කොහෙත්ම නොසෙවූ අය මතත් අනුකම්පාව වැගිරෙව්වා. ඔබ උන්වහන්සේව සොයන්නේවත් අනුගමනය කරන්නේවත් නැති විට පවා උන්වහන්සේ ඔබේ ජීවිතයේ යහපත කරන බව ඔබට දැනී තිබෙනවා ද?
මේ සෑම ශුද්ධලියවිලි චරිතයකටම, එය පාපයට සමාව දුන් නව ජීවිතයක් වුණත්, නැතහොත් රෝගවලින් සුව වූ නව ජීවිතයක් වුණත්, නැත්නම් මරණයෙන් නැවත නැගිටි නව ජීවිතයක් වුණත්, සවන් දී ප්‍රතිචාර දක්වන සැමට උන්වහන්සේ නව ආරම්භයක් ලබා දුන්නා.
ඔබටත් මටත් මෙයින් අදහස් කරන්නේ මොකක් ද? උන්වහන්සේගේ යහපත්කම, දයාව සහ ප්‍රේමනීය කරුණාවට සීමාවක් නැහැ. පියාණන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රයේ තියෙන්නේ නව ආරම්භයන්! නැවුම් ආරම්භයන් පුත්‍රයාණන්ගේ මෙහෙවරයි! නව උදාවන්, නව පරිච්ඡේද සහ නව අවස්ථා යනු ශුභාරංචියේ සුභ ආරංචියේ සරල අත්‍යවශ්‍ය කොටසයි!
ඉතින්, නව ආරම්භයක් ලබා ගැනීමට ඔබ ඔබේ ගිවිසුම් වලින් බොහෝ කාලයක් ඈත්ව සිටියා ද? නැහැ. නැවත අවස්ථාවක් ලබා දීමට නොහැකි තරමට ඔබ මෙය හෝ එය බොහෝ වාරයක් කර තිබෙනවා ද? නැහැ. මෙතැන් සිට නව කතාවක් ලිවීමට ඔබට උදව් කිරීමට උන්වහන්සේට නොහැකි තරමට ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් බොහෝ දුර ගොස් තිබෙනවා ද? නැහැ. ඔබ ගිලී ඇති බවට ඇති අදහසින් ප්‍රතිලාභ ලබන්නේ විරුද්ධවාදියා විතරයි. ඔබ එසේ නෙවෙයි.
නව ආරම්භයන් අපගේ පව් සහ වැරදි සඳහා විතරක් නෙමේ. ගැලවුම්කරුවාණන්ගේ යහපත්කම සහ කරුණාව තුළින්, පරණ මානසිකත්වයන්, නරක පුරුදු, කෝපාවිෂ්ඨ ස්වභාවයන්, සෘණාත්මක ආකල්ප, බල රහිත බවට හැඟීම් සහ අන් අයට දොස් පැවරීමට සහ පුද්ගලික වගකීමෙන් වැළකී සිටීමට ඇති ප්‍රවණතා වෙනස් කිරීමට පොළඹවන නැවුම් ආරම්භයන් අපට ලබා ගන්න පුළුවන්. වසර ගණනාවක් තිස්සේ ඔබව වෙහෙසට පත් කළ දේවල් ඔබට සැබවින්ම වෙනස් කරන්න පුළුවන්. නව ආරම්භයේ ස්වාමියාගේ බලයෙන් ඔබට නැවත ආරම්භ කරන්න පුළුවන්. අපට අලුත් ආරම්භයන් ලබා දීමෙන් උන්වහන්සේ කිසි විටෙකත් වෙහෙසට පත් වෙන්නේ නැහැ.
එකම පාපය හෝ එකම පසුබෑම සමඟ නැවත නැවතත් පීඩා විඳින්නනි, ඔබ දිගටම ඉදිරියට යන්න. උන්වහන්සේ ඔබ ඉදිරියේ මාර්ග බාධකයක් තියලා නැහැ. උන්වහන්සේ ඔබේ දෙවන අවස්ථා සඳහා සීමාවක් නියම කරලා නැහැ. ඔබ දිගටම ඉදිරියට යන්න. ඔබ දිගටම උත්සාහ කරන්න. ඔබ අවට සිටින අයගෙන් උපකාර පතන්න. ඔබ ඔබේ පියාණන්වහන්සේ වෙත අවංක හදවතින් ආපසු හැරෙන සෑම අවස්ථාවකම ඔබ වෙනුවෙන් ඇති නව ආරම්භය කෙරෙහි ඔබ විශ්වාස කරනවා. හිතාමතා පව් කිරීම, නැවත නැවතත් කරන වැරදි සහ උඩඟු විරෝධයන් ඒවා අයිති තැන එනම් අප පිටුපසින් තියන්න. ඔබ කලින් සිටි ආකාරයටම සිටිය යුතු නැහැ. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පව් කමා කිරීමේ රුධිරය තුළින් ඔබට පිරිනමනු ලබන ඔබේ දෙවන හෝ තුන්වන හෝ හතරවන—හෝ සියවන—අවස්ථාව වන ඔබේ නව ආරම්භය වැළඳ ගන්න.
මට ලබා දී ඇති නව ආරම්භයන් සහ මට ඉදිරියේ දී ලබා දීමට නියමිත ඒවා සඳහා මම විස්තර කළ නොහැකි තරම් කෘතඥ වෙනවා.
අවසානය
අපගේ ගැලවුම්කරුවාණන් අවසාන වශයෙන් එක් අවතක්සේරු කිරීමක් ප්‍රකාශ කළ අතර එය නොමැතිව අද දින බලාපොරොත්තුවක් හෝ ප්‍රීතියක් ඇති කර ගැනීමට හේතුවක් නැහැ. ගෙත්සෙමනෙ හි දුක් වේදනාවලින් පසු සහ වධ හිංසාකාරී කුරුසිය අවසානයේ, උන්වහන්සේ සරලව මෙසේ පැවසුවා, “එය අවසන්.” මෙසියානු අනාවැකිය ඉටු වී තිබූ අතර, මනුෂ්‍ය වර්ගයාගේ පාප සහ දුක් වේදනා සඳහා වූ ණය සම්පූර්ණයෙන්ම ගෙවා තිබුණා. උන්වහන්සේගේ අනන්ත හා සදාකාලික පරිත්‍යාගය “අවසන්” කළ බව උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒ වුණත්, තුන්වන දිනයේ දී උන්වහන්සේම නව ජීවිතයක් අත්විඳින තුරු, එනම් පියාණන්වහන්සේගේ බලය තුළින් මහිමයට පත් වූ, මරණයෙන් නැවත නැගිටි ප්‍රාණියෙක් ලෙස එම නව ආරම්භය අත්විඳින තුරු උන්වහන්සේගේ වන්දිගෙවීම සම්පූර්ණ වෙන්නේ නැහැ.
උන්වහන්සේ සැමවිටම උන්වහන්සේගේ පියාණන්වහන්සේ සතුටු වෙන දේවල් කළ නිසා, සහ උන්වහන්සේ “සියල්ලෙහි දී පියාණන්වහන්සේගේ කැමැත්තට යටත් වූ නිසා”, ඔබටත් මටත් නව ආරම්භයන් ලබා ගන්න පුළුවන්. කරුණාකර ඔබේ නව ආරම්භය අදම, දැන්ම ලබා ගන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ඇදහිල්ලේ කර්තෘ සහ අවසන් කරන්නා වන අතර, අප සමඟ ගණන් කළ නොහැකි තරම් නව පරිච්ඡේද ලියනවා. අපගේ ලැජ්ජාව සහ දුක් වේදනා වල අවසානය සහ උන්වහන්සේ තුළ නව ජීවිතයක ආරම්භය, උන්වහන්සේගේ කරුණාව අපට ලබා ගැනීමටත්, අතීතය අතහැර දමා, අපට අවශ්‍ය තරම් වාර ගණනක් නව උදාවකින් නැවත ආරම්භ කිරීමටත් ඉඩ සලසන—උන්වහන්සේ ආරම්භය සහ අවසානයයි. සැබවින්ම උන්වහන්සේගේ “යහපත්කමත් කරුණාවත් [අපගේ] ජීවිතයේ සියලු දවස්වල [අප] අනුව එන්නේය.” යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන්, ආමෙන්.