ඔවුන් ඔවුන්ගේම විනිශ්චයකාරයෝය
අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කර, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගෙන ඒවා තබාගෙන, අපගේ පව් ගැන පසුතැවිලි වී ඇත්නම් විනිශ්චාසනය සතුටුදායක වෙනවා.
මොර්මන්ගේ පොත අවසන් වන්නේ “ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ,” “උන්වහන්සේ තුළ පරිපූර්ණ වන්න,” “සියලු අභක්තිකත්වයෙන් නුඹලාව වැලකී සිටින්න,” සහ “[අපගේ] මුළු බලයෙන්, මනසින් සහ ශක්තියෙන් දෙවියන්වහන්සේට ප්‍රේම කරන්න” යන මොරෝනායිගේ පෙළඹවීම්ලත් ආරාධනාවෙනි. සිත්ගන්නා කරුණ නම්, ඔහුගේ උපදෙස්වල අවසාන වාක්‍යයේ මරණයෙන් නැවත නැගිටීම සහ අවසාන විනිශ්චය යන දෙකම සඳහන් වෙනවා.
ඔහු මෙසේ පැවසුවා, “මාගේ ආත්මය සහ ශරීරය නැවත එක්වන තුරු, මම ඉක්මණින්ම දෙවියන්වහන්සේගේ පාරාදීසයේ විවේක ගැනීමට යන්නෙමි, තවද ජීවමාන සහ මළවුන් දෙගොල්ලන්ගේම සදාකාලික විනිශ්චයකරුවාණන් වන, ශ්‍රේෂ්ඨ යෙහෝවාගේ ප්‍රසන්න වූ විනිශ්චාසනය අභිමුඛයෙහි නුඹලාව හමුවීමට, මා ජයග්‍රාහී ලෙස සුළඟ හරහා පෙරෙට ගෙන එනු ලබන්නේය.”
අවසාන විනිශ්චය විස්තර කිරීමට මොරෝනායි “ප්‍රසන්න” යන වචනය භාවිත කිරීම ගැන මම කුතුහලයට පත් වුණා. මොර්මන්ගේ පොතේ අනෙකුත් අනාගතවක්තෘවරු ද විනිශ්චය “මහිමාන්විත දිනයක්” ලෙසත් “ඇදහිල්ලේ ඇසින් [ඉදිරියට] බලා සිටිය යුතු” දිනයක් ලෙසත් විස්තර කරනවා. නමුත් බොහෝ විට අපි විනිශ්චය දිනය අපේක්ෂා කරන විට, “ලැජ්ජාවෙන් සහ භයංකාර වරදකරුවෙක් මෙන්,” “භයංකාර බිහිසුණු හා භීතියක්,” සහ “නිමක් නැති වන්නාවු දුක්ඛිත තත්වයක්” වැනි වෙනත් අනාවැකිමය විස්තර මතකයට නැඟෙනවා.
අධ්‍යාත්මිකව සූදානම් නැති අයට අනතුරු ඇඟවූ බිය වෙනුවට, ක්‍රිස්තුස්වහන්සේගේ දහම මගින් මොරෝනායි සහ අනෙකුත් අනාගතවක්තෘවරුන්ට එම ශ්‍රේෂ්ඨ දිනය තෙක් උනන්දුවෙන් හා බලාපොරොත්තු සහගත අපේක්ෂාවෙන් බලා සිටීමට හැකියාව ලබා දුන් බව භාෂාවේ මෙම තියුණු වෙනස පෙන්නුම් කරන බව මම විශ්වාස කරනවා. මොරෝනායි තේරුම් ගත් ඔබ සහ මම ඉගෙන ගත යුතු දේ කුමක්ද?
ස්වර්ගික පියාණන්වහන්සේගේ සතුට හා දයාව පිළිබඳ සැලැස්ම, පියාණන්වහන්සේගේ සැලැස්මේ ගැලවුම්කරුවාණන්ගේ වන්දි ගෙවීමේ භූමිකාව සහ “විනිශ්චය දවසේ දී [අපගේම] ස්වකීය පාපයන් උදෙසා ගණන්දිය යුතු” ආකාරය අපි සලකා බලන විට ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් උපකාරය පතා මම යාච්ඤා කරනවා.
පියාණන්වහන්සේගේ සතුට පිළිබඳ සැලැස්ම
උන්වහන්සේගේ ආත්මික දරුවන්ට භෞතික ශරීරයක් ලබා ගැනීමට, ලෞකික අත්දැකීම් තුළින් “නපුරෙන් යහපත” ඉගෙන ගැනීමට, අධ්‍යාත්මිකව වර්ධනය වීමට සහ සදාකාලිකව දියුණු වීමට අවස්ථාව ලබා දීම පියාණන්වහන්සේගේ සැලැස්මේ ප්‍රධාන අරමුණයි.
දෙවියන්වහන්සේගේ පුතුන්ගේ සහ දියණියන්ගේ අමරණීයභාවය සහ සදාකාලික ජීවිතය ගෙන ඒමේ උන්වහන්සේගේ සැලැස්මේ කේන්ද්‍රීය වීම දහම සහ ගිවිසුම් “සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස”ලෙස හඳුන්වනවා. මෙම අත්‍යවශ්‍ය මූලධර්මය ශුද්ධලියවිලිවල තෝරාගැනීමේ නිදහස සහ තේරීමට සහ ක්‍රියා කිරීමට ඇති නිදහස ලෙස ද විස්තර කර තිබෙනවා.
“සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස” යන යෙදුම උපදේශාත්මකයි. “සදාචාරාත්මක” යන වචනය සඳහා සමාන පද වලට “යහපත්”, “අවංක” සහ “ගුණවත්” ඇතුළත් වෙනවා. “තෝරාගැනීමේ නිදහස” යන වචනය සඳහා සමාන පද වලට “ක්‍රියාව,” “ක්‍රියාකාරකම” සහ “කාර්යය” ඇතුළත් වෙනවා. එබැවින්, “සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස” කියන්නේ යහපත්, අවංක, ගුණවත් සහ සත්‍ය ආකාරවලින් අපටම තෝරා ගැනීමට සහ ක්‍රියා කිරීමට ඇති හැකියාව සහ වරප්‍රසාදය ලෙස තේරුම් ගන්න පුළුවන්.
දෙවියන්වහන්සේගේ මැවීමට “ක්‍රියාකිරීමේ දේවල් සහ ක්‍රියා කරනු ලැබිය යුතු දේවල්ද” යන දෙකම ඇතුළත් වෙනවා. සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස යනු දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපව බලගන්වන දිව්‍යමය වශයෙන් නිර්මාණය කරන ලද “ස්වාධීන ක්‍රියාකාරීත්වයේ බලය” වන අතර එය හුදෙක් ක්‍රියාකිරීමේ වස්තූන් නොව ක්‍රියා කරනු ලැබිය යුතු නියෝජිතයන් බවට පත්වෙනවා.
පොළොව නිර්මාණය කරලා තියෙන්නේ ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන්ට “ඔවුන් ස්වාමින් වූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන්ට ආඥා කරන සියලු දේවල්” කරනවා ද කියා ඔප්පු කළ හැකි ස්ථානයක් විදිහටයි. ස්වාමින්වහන්සේ අපට ආරාධනා කරන ආකාරයට ක්‍රියා කිරීමට සහ ඒ බවට පත්වීමට අපට අවස්ථාව ලබා දීම මැවීමේ සහ අපගේ ලෞකික පැවැත්මේ මූලික අරමුණක්.
ස්වාමින්වහන්සේ ඒනොක්ට මෙසේ උපදෙස් දුන්නා:
“බලන්න, නුඹගේ මෙම සහෝදරයෝ; ඔවුහු මාගේම හස්තයේ හස්ත කර්මාන්තය වන්නෝය, තවද මම ඔවුන්ගේ දැනුම ඔවුන්ට ලබාදුන්නේ, මා ඔවුන්ව මැවූ දිනයේදීමය; තවද ඒදන් උයනේදී, මම මනුෂ්‍යයාට ඔහුගේ තෝරාගැනීමේ නිදහස ලබාදුන්නෙමි;
“තවද නුඹගේ සහෝදරයන්ට මම මෙසේ පවසා ඇත්තෙමි, තවද මෙම ආඥාව ලබා දී ඇත්තෙමි, එනම් ඔවුන් එකිනෙකාට ප්‍රේම කළ යුතු වන්නෝය, තවද ඔවුන් මාව, ඔවුන්ගේ පියාණන්වහන්සේව තෝරාගත යුතු වන්නෝය”
තෝරාගැනීමේ නිදහස තුළ හැසිරීමේ මූලික අරමුණු වන්නේ එකිනෙකාට ප්‍රේම කිරීම සහ දෙවියන්වහන්සේව තෝරා ගැනීමයි. ඒ වගේම මේ අරමුණු දෙක අපගේ මුළු හදවතින්ම, ආත්මයෙන් සහ මනසින් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම සහ අපට මෙන් අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීම යන පළමු සහ දෙවන ශ්‍රේෂ්ඨ ආඥා සමඟ හරියටම සමපාතව ගැලපෙනවා.
හුදෙක් අවවාද හෝ උපදෙස් නොව, නමුත් අපට ආඥා කර ඇත්තේ—එකිනෙකාට ප්‍රේම කරන්නට සහ දෙවියන්වහන්සේව තෝරා ගැනීමට අපගේ තෝරාගැනීමේ නිදහස භාවිත කිරීමට බව සලකන්න. ශුද්ධලියවිලිවල, “සදාචාරය” යන වෙනස් කරන වචනය හුදෙක් නාම විශේෂණයක් විතරක් නෙමේ, අපගේ නිදහස භාවිත කළ යුතු ආකාරය පිළිබඳ දිව්‍යමය නියෝගයක් ද වෙන්න පුළුවන් බව මම යෝජනා කරනවා.
හුරුපුරුදු ගීතිකාවක් “Choose the Right” ලෙස නම් කරලා තියෙන්නේ හේතුවක් ඇතුවයි. අපට අවශ්‍ය ඕනෑම වේලාවක අපට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස භාවිත කරන්න අපට ආශිර්වාද කරලා නැහැ. ඒ වෙනුවට, පියාණන්වහන්සේගේ සැලැස්මට අනුව, සදාකාලික සත්‍යය සොයා යාමට සහ ඒ අනුව ක්‍රියා කිරීමට අපට සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස ලැබිලා තියෙනවා. “[අපටම] නියෝජිතයන්” ලෙස, අපි යහපත් හේතූන් මත බෙහෝ උනන්දු ඇතිව නිරත විය යුතු අතර, “[අපගේ] නිදහස් කැමැත්තෙන් බොහෝ දේ කළ යුතු අතර, බොහෝ ධර්මිෂ්ඨකම් සිදු කළ යුතු” වෙනවා.
සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසේ සදාකාලික වැදගත්කම, පෙර ආත්මික මන්ත්‍රණ සභාව ගැන තිබෙන ශුද්ධලියවිලිමය වාර්තාවෙන් ඉස්මතු කර දක්වනවා. ලුසිෆර් තම දරුවන් සඳහා වූ පියාණන්වහන්සේගේ සැලැස්මට එරෙහිව කැරලි ගැසූ අතර ස්වාධීන ක්‍රියාකාරිත්වයේ බලය විනාශ කරන්නට උත්සාහ කළා. සැලකිය යුතු ලෙස, යක්ෂයාගේ විරෝධතාවය සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහස පිළිබඳ මූලධර්මය කෙරෙහි සෘජුවම යොමු වුණා.
දෙවියන්වහන්සේ මෙසේ පැහැදිලි කළා, “එසේහෙයින්, … සාතන් මට විරුද්ධව කැරළිගසා, මනුෂ්‍යයාට ලබාදුන් තෝරාගැනීමේ නිදහස විනාශ කිරීමට සෙවූ නිසා, … මම ඔහුව පහතට නෙරපා දැමීමට සැලැස්සුවෙමි.”
දෙවියන්වහන්සේගේ දරුවන්ගෙන් ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළ හැකි “ඔවුන් වෙතටම නියෝජිතයන්” වීමේ හැකියාව උදුරා ගැනීම විරුද්ධවාදියාගේ ආත්මාර්ථකාමී උපක්‍රමය වුණා. ස්වර්ගික පියාණන්වහන්සේගේ දරුවන් ක්‍රියා කරනු ලැබිය හැකි වස්තූන් බවට පත් කිරීම ඔහුගේ අභිප්‍රාය වුණා.
ක්‍රියා කිරීම සහ බවට පත්වීම
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය අපට යමක් දැන ගැනීමට සහ සදාචාරාත්මක තෝරාගැනීමේ නිදහසේ ධර්මිෂ්ඨ ක්‍රියාව තුළින් යමක් බවට පත්වීමට ආරාධනා කරන බව සභාපති ඩැලන් එච්. ඕක්ස් අවධාරණය කර තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා:
“සියලු පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යයන් හෝ ක්‍රියා හෝ ඔවුන්ගේ හදවතේ ආශාවන් අනුව විපාක ලැබෙන බව සඳහන් බොහෝ බයිබල් සහ නූතන ශුද්ධලියවිලි පද අවසාන විනිශ්චයක් ගැන කතා කරනවා. නමුත් අප අත්කර ගෙන ඇති තත්ත්වය අනුව අපව විනිශ්චය කරනු ලබන බව වෙනත් ශුද්ධලියවිලි පද මේ පිළිබඳව පුළුල් ලෙස සඳහන් කරනවා.
“අනාගතවක්තෘ නීෆායි අවසාන විනිශ්චය විස්තර කරන්නේ අප බවට පත්ව ඇති ආකාරය අනුවයි: ‘තවද ඔවුන්ගේ ක්‍රියා අපවිත්‍රකම් වූයේ නම් ඔවුන් අපවිත්‍ර විය යුතුය; තවද ඔවුන් අපවිත්‍ර වේ නම් ඔවුන් හට දෙවියන්වහන්සේගේ රාජ්‍යය තුළ වාසය කළ නොහැක’ (1 නීෆායි 15:33; අවධාරණය එකතු කරන ලදී). මොරෝනායි මෙසේ ප්‍රකාශ කළා, ‘තවද එනම් අපවිත්‍ර තැනැත්තා තව දුරටත් අපවිත්‍රව සිටින කාලය එවිට පැමිනෙන්නේය; තවද එනම් ධර්මිෂ්ඨ තැනැත්තා තව දුරටත් ධර්මිෂ්ඨව සිටිනු ඇත්තේය’ (මොර්මන් 9:14; අවධාරණය එකතු කරන ලදී).”
සභාපති ඕක්ස් තවදුරටත් මෙසේ පැවසුවා: “එවැනි ඉගැන්වීම් වලින් අවසාන විනිශ්චය—යනු අප කර ඇති යහපත් හා අයහපත් ක්‍රියාවන්හි එකතුවක් පමණක් නොවන බව අපි නිගමනය කරනවා. එය අපගේ ක්‍රියාවන් හා සිතුවිලි වල අවසාන ප්‍රතිඵලය—එනම් අපි පත්වී ඇති පුද්ගලයා පිළිගැනීමක්.”
ස්වාමින්වහන්සේගේ බව්තීස්මය
අපගේ ක්‍රියා සහ ආශාවන් වලට පමණක් අපව ගලවා ගත නොහැකි අතර ඒවායින් ගැලවීමටද හැකියාවක් නැහැ. “අපට කළ හැකි සියල්ලටත් පසුව,” අපි දෙවියන්වහන්සේ සමඟ එකතු වන්නේ ගැලවුම්කරුවාණන්ගේ අසීමිත හා සදාකාලික වන්දිගෙවීමේ පරිත්‍යාගය තුළින් ලබා ගත හැකි දයාව සහ කරුණාව තුළින් විතරයි.
ඇල්මා මෙසේ ප්‍රකාශ කළා, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ විශ්වාස කිරීමට පටන් ගන්න, එනම් උන්වහන්සේ තමන්වහන්සේගේ ජනතාව මුදා ගැනීමට පැමිණෙන සේක, තවද එනම් ඔවුන්ගේ පාපයන් වෙනුවෙන් වන්දිගෙවීම සඳහා උන්වහන්සේ වේදනා විඳ මරණයට පත්වන සේක, එය මරණයෙන් නැවත නැගිටීම ගෙන එන්නේය, අවසාන සහ විනිශ්චය දවසේදී ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලැබීමට සියලු මනුෂ්‍යයෝ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්නෝය.”
“ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින්, ශුභාරංචියේ නීති හා නියෝග වලට කීකරු වීමෙන්, මුළු මනුෂ්‍ය වර්ගයාම ගැලවීම ලබන බව අපි විශ්වාස කරනවා.” අපි සැබවින්ම “නැවත ඉපදුනොත්,” මිදුම්කරුවාණන් කෙරෙහි අරමුණකින් සිටියොත්, “හදවතේ අවංකකමෙන්” සහ “සැබෑ අභිප්‍රායෙන්” පසුතැවිලි වී “අවසානය දක්වා විඳදරාගතහොත්” අපගේ පාප සහ දුෂ්ට ක්‍රියාවන් අපට විරුද්ධව සාක්ෂියක් ලෙස නොපැවතීම ගැන අපි මොනතරම් කෘතඥ විය යුතුද.
දේව භය
සදාකාලික විනිශ්චයකරුගේ නීතිඥ මණ්ඩලය ඉදිරියේ පෙනී සිටීම ලෞකික අධිකරණයක ක්‍රියා පටිපාටියකට සමාන වනු ඇතැයි අප අතරින් බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්න පුළුවන්. විනිශ්චයකරුවෙකු විසින් මුලසුන හොබවනු ලබනවා. සාක්ෂි ඉදිරිපත් කරනු ලබනවා. තීන්දුවක් ලබා දෙනු ලබනවා. අවසාන ප්‍රතිඵලය කුමක්දැයි දැන ගන්නා තුරු අපි අවිනිශ්චිතව හා බියෙන් සිටිනවා. නමුත් එවැනි විදහා දැක්වීමක් නිවැරදි නොවන බව මම විශ්වාස කරනවා.
ශුද්ධලියවිලිවල “දේව භය” හෝ “ස්වාමින්වහන්සේ කෙරෙහි භය” ලෙස විස්තර කරන දෙය අප බොහෝ විට අත්විඳින ලෞකික භයට වඩා වෙනස් නමුත් ඒ හා සමානයි. චකිතය සහ කාංසාව ඇති කරන ලෞකික භය වගේ නෙමේ, දේව භය අපගේ ජීවිතවලට සාමය, සහතිකය සහ විශ්වාසය ආරාධනා කරනවා.
ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ගැඹුරු ගෞරවයක් සහ ගරුබියක්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීම, සහ අවසාන විනිශ්චය සහ උන්වහන්සේගේ හස්තයෙහි යුක්තිය අපේක්ෂා කිරීම ධර්මිෂ්ඨ භයට ඇතුළත් වෙනවා. දේව භය වර්ධනය වන්නේ මිදුම්කරුවාණන්ගේ දිව්‍යමය ස්වභාවය සහ ධර්මදූත සේවය පිළිබඳ නිවැරදි අවබෝධයකින්, අපගේ කැමැත්ත උන්වහන්සේගේ කැමැත්තට යටත් කිරීමට ඇති කැමැත්තෙන් සහ විනිශ්චය දවසේ දී සෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක්ම තමාගේම ලෞකික ආශාවන්, සිතුවිලි, වචන සහ ක්‍රියාවන් සඳහා වගකිව යුතු බවට ඇති දැනුමෙනුයි.
ස්වාමින්වහන්සේ කෙරෙහි භය වීම කියන්නේ විනිශ්චය කිරීම සඳහා උන්වහන්සේගේ අභිමුඛයට පැමිණීමට ඇති අකමැත්තක් නෙමේ. ඒ වෙනුවට, එය අප ගැන දේවල් ඇත්ත වශයෙන්ම ඇති ආකාරයටම සහ ඒවා ඇත්තටම ඇති විය හැකි ආකාරයටම අවසානයේ පිළිගැනීමට සිදුවීමේ ඉදිරි දැක්මක්.
පොළොව මත ජීවත් වූ, දැන් ජීවත් වන සහ ඉදිරියට ජීවත් වන සෑම පුද්ගලයෙකුම “[ඔහුගේ හෝ ඇයගේ] ක්‍රියාවන් අනුව එනම් ඒවා යහපත් හෝ ඒවා නපුරු වුවද ඔවුන්ව විනිශ්චය කරනු ලබන පිණිස ගෙන එනු” ලබනවා.
අපගේ ආශාවන් ධර්මිෂ්ඨකම සහ අපගේ යහපත් ක්‍රියා සඳහා නම්—එනම් අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ක්‍රියාත්මක කර, දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් ඇති කරගෙන ඒවා තබාගෙන, අපගේ පව් ගැන පසුතැවිලි වී ඇත්නම්—එවිට විනිශ්චාසනය සතුටුදායක වෙනවා. ඊනොස් මෙසේ ප්‍රකාශ කළා, අපි “[මිදුම්කරුවාණන්] අභියස සිටගන්නෙමු; එවිට [අපි] උන්වහන්සේගේ මුහුණ සොම්නසින් දකිමු.” අවසාන දවසේ දී අපට “ධර්මිෂ්ඨකමේ විපාක ලැබෙනු ඇත්තේය.”
අනෙක් අතට, අපගේ ආශාවන් නපුරට යොමු වී ඇති අතර අපගේ ක්‍රියාවන් දුෂ්ට නම්, විනිශ්චාසනය භීතියට හේතුවක් වෙනවා. අපට “පරිපූර්ණ දැනුමක්,” “පැහැදිලි මතකයක්” සහ “[අපගේම] වරදකාරිත්වය පිළිබඳ තියුණු හැඟීමක්” ලැබෙනවා. “අපි අපගේ දෙවියන්වහන්සේ දෙස බලන්නට එඩිතර නොවන්නෙමු; තවද උන්වහන්සේගේ අභියසින් අපව සැඟවෙන්නනට පර්වතයන් සහ කඳු අප මතට වැටෙන ලෙස අපට ආඥා කළ හැකි නම් අපි ඉතා සතුටට පත් වන්නෙමු.” අවසාන දවසේ දී, අපට “[අපගේ] නපුරු විපාකය ලැබෙනු ඇත.”
අවසානයේ දී, අපි අපේම විනිශ්චයකරුවන් වෙනවා. අපි කොහේට යන්නද කියලා කවුරුත් කියන ඕන නැහැ. ස්වාමින්වහන්සේගේ අභිමුඛයේ දී, අපි ලෞකිකත්වයේ දී තෝරාගත්තේ කුමක් වීමට දැයි පිළිගෙන සදාකාලිකව අප සිටිය යුත්තේ කොතැනදැයි අප විසින්ම දැන ගන්නවා.
පොරොන්දුව සහ සාක්ශිය
අවසාන විනිශ්චය ප්‍රසන්න විය හැකි බව තේරුම් ගැනීම මොරෝනායිට පමණක් වෙන් වූ ආශීර්වාදයක් නෙමේ.
ගැලවුම්කරුවාණන්ගේ සෑම කැප වූ ගෝලයෙකුටම ලබා ගත හැකි පොරොන්දු වූ ආශිර්වාද ඇල්මා විස්තර කළා. ඔහු මෙසේ පැවසුවා:
“එහෙත් නැවත පිහිටුවීම යන වචනයේ අර්ථය වන්නේ නපුර සඳහා නපුර නැවත ගෙන ඒමයි, නැතහොත් කායිකත්වය සඳහා කායිකත්වය, හෝ යක්ෂාකාරත්වය සඳහා යක්ෂාකාරත්වය ද—යහපත් වූ දේ සඳහා යහපත වන්නේය; ධර්මිෂ්ඨ වූ දේ සඳහා ධර්මිෂ්ඨකම ද; යුක්ති සහගත වූ දේ සඳහා යුක්තිය ද; දයාවන්ත දේ සඳහා දයාව ද වන්නේය.
“… යුක්ති සහගතව කටයුතු කරන්න, ධර්මිෂ්ඨව විනිශ්චය කරන්න, තවද නොනවත්වා යහපත කරන්න; නුඹලා මේ සියල්ල කරන්නේ නම් නුඹලා හට නුඹලාගේ විපාකය ලැබෙනු ඇත; එසේය, නුඹලා කරා දයාව නැවත පිහිටුවනු ඇත; නුඹලා කරා යුක්තිය නැවත පිහිටුවනු ඇත; නුඹලා කරා ධර්මිෂ්ඨ විනිශ්චයක් නැවත පිහිටවනු ඇත; තවද නුඹලා කරා යහපත් විපාක ලැබෙනු ඇත.”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවමාන ගැලවුම්කරුවාණන් බව මම ප්‍රීතියෙන් සාක්ෂි දරනවා. ඇල්මාගේ පොරොන්දුව සත්‍ය වන අතර—අද, හෙට සහ සදාකාලයටම ඔබටත් මටත් අදාළ වෙනවා. මම සාක්ෂි දරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන්, ආමෙන්.