8 වන පරිච්ඡේදය
යාකොබ් යෙසායාගේ පොතෙන් කියවීම පවත්වාගෙන යයි: අන්තිම දවස්වලදී ස්වාමීන්වහන්සේ සයොනය සනසා තවද ඊශ්‍රායෙලය රැස් කරයි – මුදවාගනු ලැබූවන් ප්‍රීතිය මාධ්‍යයේ සයොනයට පැමිණෙනු ඇත්තේය – යෙසායා 51 හා 51:1–2 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 ධර්මිෂ්ඨකම අනුව යන්නා වූ, නුඹලා මා හට සවන්දෙන්න. නුඹලාව කඩාගනු ලැබූ පර්වතය සහ නුඹලාව හාරගනු ලැබුවා වූ එම ස්ථානයේ වලෙහි සිදුර දෙස බලන්න.
2 නුඹගේ පියා වන ආබ්‍රහම් වෙත, සහ නුඹව ප්‍රසූත කළ, සාරා වන ඇය දෙස බලන්න; මක්නිසාදයත් මා ඔහුව තනිවම කැඳවුවෙමි, තවද ඔහුට ආශිර්වාද කළෙමි.
3 මක්නිසාදයත් ස්වාමීන්වහන්සේ සයන් සනසන්නේය, උන්වහන්සේ ඇගේ සියලුම පාලු පෙදෙස් සනසන්නේය; තවද උන්වහන්සේ ඇගේ වනාන්තරය ඒදන් හා සමාන කරන්නේය, තවද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන් කරනු ලබන්නේය. ප්‍රීතිය හා සතුටද, තූති පිදිම් හා ගීතයේ හඬද, එහි පවතින්නේය.
4 මාගේ ජනතාවෙනි, මා හට සවන්දෙන්න, තවද අහෝ මාගේ දේශයනි, මා හට ඇහුම්කන් දෙන්න, මක්නිසාදයත් මාගෙන් නීතියක් නික්මෙනු ඇත්තේය, තවද මා මාගේ විනිශ්චය ජනතාව උදෙසා ආලෝකයක්ව රැදෙන්න සලස්වන්නෙමි.
5 මාගේ ධර්මිෂ්ඨකම ලඟය; මාගේ ගැළවීම ඉදිරියට ගොස්ය, තවද මාගේ හස්තය ජනතාව විනිශ්චය කරන්නේය. දූපත් මා මත බලා සිටිනු ඇත්තේය, තවද ඔවුහු මාගේ හස්තය කරෙහි විශ්වාසය තබන්නෝය.
6 නුඹගේ දෑස් ස්වර්ගයට ඔසවන්න, තවද පහත පොළොව මත බලන්න; මක්නිසාදයත් ස්වර්ගය දුම මෙන් අතුරුදහන් වෙනු ඇත්තේය, තවද පොළොව වස්ත්‍රයක් මෙන් පරණ වන්නේය, තවද එහි වාසය කරන්නා වූ අයවලුන් ඒ ආකාරයට මිය යන්නේය. එහෙත් මාගේ ගැළවීම සදහටම පවතින්නේය, තවද මාගේ ධර්මිෂ්ඨකම නැති කරනු නොලබන්නේය.
7 ධර්මිෂ්ඨකම දන්නා වූ නුඹලා, මා හට සවන්දෙන්න, මාගේ නීතිය මා ලියා ඇති හදවත ඇත්තා වූ ජනතාවෙනි, මනුෂ්‍යයන්ගේ අපවාදයන්ට නුඹලා බිය නොවන්නෙහුය, නැතහොත් නුඹලා ඔවුන්ගේ ගැරහීම්වලට බිය නොවන්නෙහුය.
8 මක්නිසාදයත් වස්ත්‍රයක් මෙන් කාවෝ ඔවුන්ව කා දමන්නෝය, තවද ගැඩවිලා ඔවුන්ව ලෝම මෙන් කා දමන්නේය. එහෙත් මාගේ ධර්මිෂ්ඨකම සදහටම පවතින්නේය, තවද මාගේ ගැළවීම පරම්පරාවෙන් පරම්පරාවට වන්නේය.
9 අහෝ ස්වාමීන්වහන්සේගේ හස්තය අවදිවන්න, අවදිවන්න! ශක්තිය පැළදගන්න; පුරාණයේ දවස්වලදී මෙන් අවදිවන්න. රාහබ්ව කැපා දැමුවේත්, මකරාව තුවාළ කරනු ලැබුවේත් නුඹ නොවේද?
10 බලවත් ගැඹුරු ජලයේ වූ මහ මුහුද ද, එනම් එම මුහුදේ ගැඹුර වියලීමට සලස්වා; මුදනු ලැබූවන් හරහා යාමට මාර්ගයක් කළේ නුඹ නොවේද?
11 එසේහෙයින්, ස්වාමීන්වහන්සේගේ මුදවනු ලැබූවා වූ අය නැවත ගී කියමින් සයොනයට හැරී එන්නෝය; තවද සදාකලික ප්‍රීතිය සහ ශුද්ධවන්තකම ඔවුන්ගේ හිසමත වන්නේය; තවද ඔවුහු සතුටද, ප්‍රීතියද ලබන්නෝය; වේදනාවද, සුසුම්ලෑමද පලා යන්නේය.
12 මම උන්වහන්සේය; එසේය, නුඹව සනසන තැනැන්වහන්සේ මමය. බලව, නුඹ කවරෙක්ද, එනම් නුඹ මරණයට පත්වෙන්නා වූ, තවද මනුෂ්‍ය පුත්‍රයාගේ වූ, තණකොළ හා සමානව සාදනු ලබන, මනුෂ්‍යයන්ට බියවිය යුතු වන්නෙහුද?
13 තවද ස්වර්ගය විහිදුවාළු, එනම් පොළොවෙහි අත්තිවාරම පිහිටෙව්වාවූ, ස්වාමීන්වහන්සේ වූ, නුඹලාගේ මැවුම්කරුවාණන් අමතක කරන්නෙහිද, තවද පීඩාකාරයාගේ කෝපය නිසා, සෑම දවසකම නිරන්තරයෙන් බියපත්ව, ඔහු විනාශ කිරීමට සූදානම්ව මෙන් සිටින්නේද? තවද පීඩාකාරයාගේ කෝපය කොහිද?
14 වහල්භාවයෙන් පිටුවහල් කරන්නා කඩිනම් වන්නේ, එනම් ඔහුව නිදහස් කරනු පිණිසත්, තවද ඔහුව වලෙහි මිය නොයන පිණිසත්, හෝ ඔහුගේ ආහාරය පිරිහෙන්නේ නැති පිණිසත්ය.
15 නමුත් ඔවුන්ගේ රළ ගර්ජනා කරන්නාවූ, නුඹගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ මමය; මාගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේ වන්නේය.
16 තවද මම මාගේ වචන නුඹගේ මුඛයෙහි තැබුවෙමි, තවද මම ස්වර්ගය පිහිටුවා පොළොවෙහි අත්තිවාරම් දමන පිණිස, මාගේ හස්තයේ සෙවණින් නුඹව ආවරණය කළ, තවද සයන්ට මෙසේ කියමි: බලන්න, නුඹලා මාගේ ජනතාව වන්නේය.
17 ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් උන්වහන්සේගේ කෝපය නමැති කුසලානෙන් පානය කළ අහෝ ජෙරුසලම, අවදිවන්න, අවදිවන්න, නැඟිටින්න – නුඹ වැනෙන සුළු කුසලායේ මන්ඩි මිරිකා බි ඇත්තෙහිය –
18 තවද ඇය බිහිකළ සියලුම පුත්‍රයන් අතරේ ඇයට මඟ පෙන්වීමට කිසිවෙක් නැත්තේය; එනම් ඇගේ අතින් ගෙන යන්නට, ඇය වැදු සියලු පුත්‍රයන්ගෙන් කිසිවෙක් වත් නැත්තේය.
19 මෙම පුත්‍රයන් දෙදෙනා නුඹ වෙත පැමිණ ඇත්තේය, ඔවුන් නුඹ ගැන කණගාටු වනු ඇත – නුඹගේ පාළුව හා විනාශයත්, සාගතය සහ කඩුවත් – තවද කා තුළින් මම නුඹව සනසම්ද?
20 මෙම දෙදෙනා හැරුනු විට, නුඹගේ පුත්‍රයන් සිහිමුර්ජා වී ඇත්තේය; ඔවුන් සියලු වීදි ශිර්ෂවල වැතිර සිටිති; දැලක පැටලී සිටින රෞද්‍ර වෘෂභයෙකු මෙන්, ඔවුන් ස්වාමීන්වහන්සේගේ කෝපයෙන් ද, නුඹගේ දෙවියන්වහන්සේගේ තරවටුවෙන් ද පිරී සිටිති.
21 තවද මුද්‍රික පානයෙන් නොව එහෙත් බී මත්වූ පීඩාවන්තයෙනි, එසේහෙයින් දැන් මෙයට සවන් දෙන්න:
22 නුඹගේ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන්නේය, ස්වාමීන්වහන්සේ සහ නුඹගේ දෙවියන්වහන්සේ තම ජනතාව වෙනුවෙන් ආයාචනා කරන්නේය; බලව, මගේ කෝපය නමැති කුසලානයේ මන්ඩි, ගැහෙන සුළු කුසලානේ මම නුඹගේ දෑතෙන් ඉවතට ගෙන ඇත්තේය; නුඹ එය නැවතත් නොබොනු ඇත්තේය.
23 නමුත් මම එය නුඹට පීඩා කරන්නාවූ ඔවුන්ගේ දෑත් මත තබන්නෙමි; නුඹගේ ප්‍රාණයට පැවසු: එනම් අප මතින් යන පිණිස, බිමට නැමෙන්න – තවද නුඹ නුඹගේ ශරීරය පොළොව මෙන්ද විදිය මෙන් පගා යන්නන්ට වැතිරෙව්වෙහිය.
24 අහෝ සයන්, අවදිවන්න, අවදිවන්න, නුඹගේ ශක්තිය පැළඳ ගන්න; අහෝ ශුද්ධ වූ නගරය වන ජෙරුසලම, නුඹගේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න; මක්නිසාද මෙතැන් පටන් නුඹ වෙතට අචර්මේජිදිතයෙක් හා අපවිත්‍රයෙක්වත් නොපැමිණෙන්නේය.
25 දූවිල්ල වෙතින් නුඹව ගසා දමන්න; අහෝ ජෙරුසලම, නැඟී සිටින්න, හිඳගන්න; අහෝ වහල්භාවයේ සිටින්නා වූ සයන් දියණිය, නුඹගේ ගෙලෙහි වූ නුඹගේ බැමි ලිහා දමන්න.