නීෆායිගේ දෙවන පොත
ලීහායිගේ මරණය පිළිබඳ වූ විස්තරයකි. නීෆායිගේ සහෝදරයන් ඔහුට විරුද්ධව කැරලි ගසති. නීෆායි හට වනාන්තරයට පිටව යන ලෙස ස්වාමීන්වහන්සේ අවවාද කරන සේක. වනාන්තරයෙදී ඔහුගේ ගමන් බිමන් යනාදිය.
1 වන පරිච්ඡේදය
නිදහස් දේශයක් පිළිබඳව ලීහායි අනාවැකි කියයි – ඔවුන් ඊශ්‍රායෙලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔහුගේ වංශය විසුරුවා හැර පහර දෙනු ලබන්නේය – ධර්මිෂ්ඨකමේ සන්නාහය පැළදගන්නා මෙන් ඔහු ඔහුගේ පුත්‍රයින්ව දිරිමත් කරයි. ක්‍රි.පූ. 588–570 පමණ.
1 තවද එය මෙසේ සිදුවිය, එනම් නීෆායි වන මම, මාගේ සහෝදරයන්ට ඉගැන්වීමෙහි අවසානයක් කළ පසු, අපගේ පියා, ලීහායි ද, ඔවුන් හට බොහෝ දේවල් කථා කළේය, තවද ඔවුන්ව ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන ඒමෙන් ඔවුන් හට ස්වාමීන්වහන්සේ කෙතරම් ශ්‍රේෂ්ඨ දේවල් කර තිබුණේ ද යන්න ඔවුන්ට නැවත ගෙන හැර දැක්වීය.
2 තවද ජලයන් මත වූ ඔවුන්ගේ කැරලි ගැසීම් පිළිබඳව ද, තවද ඔවුන් මුහුදේ නොගිලෙන තරමට ඔවුන්ගේ ජීවිත ඉතුරුකිරීමේදී දෙවියන්වහන්සේගේ කරුණාව පිළිබඳව ද, ඔහු ඔවුන්ට හට කථා කළේය.
3 තවද ඔවුන් ලබාගෙන තිබූ පොරොන්දුවේ දේශය පිළිබඳව ද – අප ජෙරුසලම් දේශයෙන් පලා යා යුතු බව අපට අවවාද කිරීමේදී ස්වාමීන්වහන්සේ කෙතරම් කරුණාවන්තව සිටියේද යන්න පිලිබඳව ද ඔහු ඔවුන් හට කථා කළේය.
4 මක්නිසාද්, බලන්න, මා දර්ශනයක් දැක ඇත්තෙමි, එහි ජෙරුසලම විනාශ කරනු ලබන බව එමගින් මම දනිමි යයි, ඔහු කීවේය; තවද අප ජෙරුසෙලමෙහි රැදී සිටියානම් අප ද එසේම නැසෙනු ඇත්තේය.
5 නමුත්, අපගේ පීඩාවන් තිබියදීත්, අනෙක් සියලුම දේශයන්ට වඩා උතුම් වූ දේශයක්, එනම් පොරොන්දුවේ දේශයක් අප ලබාගෙන ඇත්තෙමු යයි, ඔහු කීවේය; එය මාගේ වංශයේ උරුමය සදහා විය යුතු යයි ස්වාමීන් වූ දෙවියන්වහන්සේ මා සමඟ ගිවිසිගෙන ඇති දේශයක්ය. එසේම, ස්වාමීන්වහන්සේ මෙම දේශය මා හට හා මාගේ දරුවන් හට සදාකාලයටම ද, තවද ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් අනෙක් රටවල් වලින් මෙම දේශයට මඟපෙන්වනු ලැබිය යුතු වූ අයටද ගිවිසගෙන ඇත්තේය.
6 එබැවින්, ලීහායි වන මම, ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් රැගෙන එනු ලබන්නාවූ අය හැර වෙනත් කිසිවෙකු මෙම දේශය තුළට නොඑනු ඇති බවට, මා තුළ තිබෙන්නා වූ ආත්මයාණන්වහන්සේගේ ක්‍රියාකාරකම් අනුව අනාවැකි කියමි.
7 එබැවින්, මෙම දේශය උන්වහන්සේ ගෙන එනු ඇති තැනැත්තා හට කැප කරනු ලැබ ඇත්තේය. තවද උන්වහන්සේ දී ඇති අණ පනත් අනුව ඔවුන් උන්වහන්සේ හට සේවය කරත් නම්, එය ඔවුන්ට නිදහස් දේශයක් වනු ඇත්තේය; එබැවින්, ඔවුහු කිසිදාක වහල්භාවය තුළට පහතට ගෙන එනු නොලබනු ඇත්තේය; එය එසේවන්නේ නම්, එය අයුතුකම් නිසාවෙන් විය යුතුය; මක්නිසාද්, අයුතුකම වැඩිවන්නේ නම්, ඔවුන් වෙනුවෙන් දේශය ශාප කරනු ලබන්නේය, නමුත් ධර්මිෂ්ඨ අය හට එය සදහටම ආශිර්වාදයක් වනු ඇත්තේය.
8 තවද බලන්න, මෙම දේශය මේ වන තෙක් අනෙකුත් ජාතීන් විසින් දැනගනු ලැබීමෙන් වලකා තැබීම ප්‍රඥාවන්ත වන්නේය; මක්නිසාද් බලන්න, බොහෝ ජාතීන් දේශය බලයෙන් අත්පත් කරගනු ඇත්තේය, එනම් එහි උරුමයක් සදහා ස්ථානයක් නොතිබෙනු ඇත්තේය.
9 එබැවින්, ලීහායි වන මම, දෙවි වූ ස්වාමීන්වහන්සේ ජෙරුසලම් දේශයෙන් පිටතට ගෙන එනු ඇත්තාවූ අය, උන්වහන්සේගේ අණ පනත් පිළිපදින තෙක්, ඔවුන් මෙම දේශ තළයේ සමෘද්ධිමත් වනු ඇති බවට, පොරොන්දුවක් ලබාගෙන ඇත්තෙමි; තවද ඔවුන් මෙම දේශය තමන්හට අයත් කරගන්නා පිණිස, ඔවුන් අන් සියලුම ජාතීන්ගෙන් වෙන්ව තබාගනු ලබන්නේය. තවද එය එසේ වී නම් එනම් ඔවුන් උන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම්, ඔවුන් මෙම දේශ තළය මත ආශිර්වාද වනු ලබන්නේය, තවද ඔවුන්ට හිංසා කිරීමට හෝ ඔවුන්ගේ උරුමයේ දේශය ඔවුන්ගෙන් ගැනීමට හෝ කිසිවෙක් නොසිටිනු ඇත්තේය; තවද ඔවුන් සදහටම ආරක්ෂාවෙන් ජීවත් වන්නෝය.
10 එහෙත් බලන්න, ඔවුන් අවිශ්වාසයට ක්‍රමයෙන් හීනව යන කාලය පැමිණෙන විට, ඔවුන් ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් ඒතරම් බලවත් ආශ්‍රීර්වාදයන් ලබගෙන සිටියදීත් – පොළොවේත්, සියලු මනුෂ්‍යයන්ගේත් මැවීම පිළිබඳව දැනීමක් ඇතුව සිටියදීත්, ලෝකයේ මැවීම පටන් ස්වාමීන්වහන්සේගේ බලවත් හා ආශ්චර්යමත් ක්‍රියාවන් පිළිබඳව දැනුමක් ලබා සිටියදීත්; ඇදහිල්ලෙන් සියලුම දේ කිරීමට ඔවුන්ට බලය ලබා දී තිබියදීත්, පටන්ගැන්මේ සිට සියලුම අණ පනත් ඇතුව තිබියදීත්, උන්වහස්නේගේ අපිරිමිත යහපත්කමෙන් මෙම අගනා පොරොන්දුවේ දේශය තුළට ගෙන එනු ලැබ තිබියදීත් – ඔවුන් ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේව, සැබෑ මෙසියස්වහන්සේව, ඔවුන්ගේ මිදුම්කරුවාණන්වහන්සේව සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නා වූ දවස පැමිණෙනු ඇත්නම්, බලන්න, සාධාරණ වූ තැනැන්වහන්සේගේ විනිශ්චයන් ඔවුන් මත රැදෙනු ඇතැයි, මම පවසමිි.
11 එසේය, උන්වහන්සේ අනෙක් ජාතීන් ඔවුන් වෙත ගෙන එන්නෝය, තවද උන්වහන්සේ ඔවුන් හට බලය ලබා දෙන්නෝය, තවද උන්වහන්සේ ඔවුන්ගේ භාරයෙන් ඔවුන්ගේ ඉඩකඩම් ඉවතට ගන්නා අතර, තවද උන්වහන්සේ ඔවුන්ව විසිරවනු ලැබීමටත්, පහරදෙනු ලැබීමටත් සලසන සේක.
12 එසේය, එක් පරම්පරාවක් තවත් එකක් පසුකර යන විට, එහි ඔවුන් අතර ලේ වැගිරීම් ද, තවද බලවත් දර්ශන ද ඇති වන්නේය; එබැවින්, මාගේ පුත්‍රයෙනි, නුඹලා මතක තබාගන්නේ නම් මා කැමැත්තෙමි; එසේය, නුඹ මාගේ වචනවලට ඇහුම්කන් දෙන්නේ නම් මා කැමැත්තෙමි.
13 අහෝ නුඹලා අවදිවෙනවා නම් කැමැත්තෙමි; ගැඹුරු නින්දකින් අවදිවන්න, එසේය, නිරයෙන් පවා වූ නින්දකින් ද, තවද මනුෂ්‍ය දරුවන්ව දම්වැලෙන් බැඳ තබන්නාවූ, එනම් ඔවුන්ව වහල්කරුවන් ලෙස පහතට ගෙනයනු ලබන කාලකණ්ණිකමේ හා විපතේ සදාතන ආගාධයට නුඹලාව බැඳ තබා ඇති භයානක දම්වැල් සොලවා හරින්න.
14 අවදි වන්න! තවද දූවිල්ලෙන් නැඟිටින්න, තවද එයින් කිසිම මගියෙකුට ආපසු පැමිණිය නොහැකි වන්නා වූ, කවරෙකුගේද ශරීරය නුඹලා ඉක්මනින්ම සීතල සහ නිසලවූ සොහොනෙහි තැන්පත් කළයුතු වන්නා වූ, වෙව්ලන දෙමාපියකුගේ වචන වලට සවන් දෙන්න; පොළොවේ සියල්ලන් ගිය මාර්ගයෙහි, තව දින කිහිපයකින් මා ද යන්නෙමි.
15 එහෙත් බලන්න, ස්වාමීන්වහන්සේ මාගේ ප්‍රාණය නිරයෙන් මුදවා ගත් සේක; මම උන්වහන්සේගේ මහිමය දැක ඇත්තෙමි, තවද සදාකාලයටම උන්වහන්සේගේ ප්‍රේමයේ හස්තයන් මා වට කරගෙන ඇත්තේය.
16 තවද නුඹලා ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා හා විනිශ්චයන් පිළිපැදීමට මතක තබාගත යුතු යයි මම ආශා කරන්නෙමි; බලන්න, මෙය පටන්ගැන්මේ සිට මාගේ ප්‍රාණයේ දැඩි ආශාව වී තිබෙන්නේය.
17 මාගේ හදවත විටින් විට දුකෙන් බර වී ඇත්තේය, මක්නිසාද නුඹලාගේ හදවත් වල දැඩිකම නිසා ස්වාමී වූ නුඹලාගේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ උදහස සම්පූර්ණයෙන් නුඹලා පිටට පැමිණ, එනම් නුඹලාව සදහටම විනාශකර දමනු ඇතැයි මම බිය වූයෙමි.
18 නැතහොත්, බොහෝ පරම්පරාවන් ගණනාවකට ශාප කිරීමක් නුඹ මත පැමිණෙනු ඇත; තවද කඩුවෙන්ද, සාගතයෙන්ද, ද්වේෂ කරනු ලබන අතර, තවද යක්ෂයාගේ කැමැත්තට හා වහල්භාවයට අනුව ගෙන යනු ලබයි.
19 අහෝ මාගේ පුත්‍රයෙනි, මෙම දේවල් නුඹලා මතට නොපැමිණෙන පිණිස, නමුත් නුඹලාව ස්වාමීන්වහන්සේගේ තෝරා ගන්නා සහ වරප්‍රසාද ලබන ජනතාවක් වනු ඇත්තේය. එහෙත් බලන්න, උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ඨ වනු ඇත්තේය; මක්නිසාද උන්වහන්සේගේ මාර්ග සදහටම ධර්මිෂ්ඨ වන්නේය.
20 තවද උන්වහන්සේ මෙසේ කියා තිබෙන සේක: නුඹලා මාගේ අණ පනත් පිළිපදින තාක්කල් නුඹලා දේශයෙහි සමෘද්ධිමත් වනු ඇත; එහෙත් නුඹලා මාගේ අණපනත් නොපිළිපදින තාක්කල්, නුඹලාව මාගේ අභිමුඛයෙන් කපා හරිනු ලබන්නේය.
21 තවද දැන් එනම් මාගේ ප්‍රාණය නුඹලා කරෙහි ප්‍රීතිය ඇති කර ගැනීමටත්, නුඹලා නිසා සතුටින් මාගේ හදවත මෙලොව හැර යාමටත්, මා සොහොනට කණගාටුවෙන් හා ශෝකයෙන් පහතට ගෙන යනු නොලබන් පිණිසත්, මාගේ පුත්‍රයෙනි, දූවිල්ලෙන් නැඟිට, තවද මනුෂ්‍යයන් වන්න, තවද එක මනසකින් හා එක හදවතකින් අධිෂ්ඨානයෙන් යුක්තව, නුඹලා වහල්භාවයට නොපැමිණෙන පිණිස, සියලු දේවලදී එකමුතුව සිටින්න;
22 එනම් නුඹලා වේදනාකාරී ශාපයකින් ශාප නොකරනු පිණිස; තවද එසේම, විනාශය වෙතට, ප්‍රාණය සහ ශරීරය යන දෙකෙහිම සදාකාලික විනාශය නුඹ මත, එසේය, සාධාරණ වූ දෙවියන්වහන්සේගේ අප්‍රසාදය ලබා නොගන්නා පිණිස ය.
23 මාගේ පුත්‍රයෙනි, අවදි වන්න; ධර්මිෂ්ඨකම නමැති සන්නාහය පැළඳ ගන්න. නුඹලාව බඳිනු ලැබූ දම්වැල් සොලවා, තවද අඳුරුබවින් පිටතට පැමිණ, තවද දූවිල්ලෙන් නැඟි සිටින්න.
24 මහිමාන්විත අදහස් ඇත්තා වූ, අප ජෙරුසලමෙන් පිටත් වූ මොහොතේ පටන් අණ පනත් පිළිපැද්දා වූ, නුඹගේ සහෝදරයාට විරුද්ධව තවත් කැරලි නොගසන්න; තවද අපව පොරොන්දුු දේශයට ගෙන ඒමේදී, දෙවියන්වහන්සේගේ හස්තයෙහි මෙවලමක් වූ; මක්නිසාද, ඔහු නිසා නොවන්නට, අප වනාන්තරයෙහි කුසගින්නෙන් නැසී යන්නට තිබුණේය; එසේනමුත්, නුඹලා ඔහුගේ ජිවීතය නැසීමට උත්සාහ කළේය; එසේම, තවද නුඹලා නිසාවෙන් බෙහෙවින් දුක්විඳ ඇත්තේය.
25 තවද නුඹලා නිසා ඔහු නැවතත් දුක්විඳි දැයි කියා, මම අතිශයින් බිය වී වෙවුලන්නෙමි; මක්නිසාද බලන්න, ඔහු නුඹ කෙරෙහි බලය හා අධිකාරී බලය සෙවූ බවට නුඹලා ඔහුට චෝදනා කර ඇත්තේය; නමුත් ඔහු නුඹ කෙරෙහි බලය හෝ අධිකාරි බලය සොයා නැති බව මම දනිමි; නමුත් ඔහු දෙවියන්වහන්සේගේ මහිමයත්, නුඹලාගේ සදාකාලික ශුභසිද්ධියත් සොයා ඇත්තේය.
26 තවද ඔහු නුඹලාට පැහැදිලිව සිටි බැවින් නුඹලා මැසිවිලි දොඩා ඇත්තේය. ඔහු තියුණු බව භාවිතා කළ බව නුඹලා කියන්නෝය; ඔහු ඔබ සමඟ කෝපයෙන් සිටි බව නුඹලා කියන්නෝය; නමුත් බලන්න, ඔහුගේ තියුණුකම වූයේ ඔහු තුළ වූ දෙවියන්වහන්සේගේ වචනයේ බලයේ තියුණු බවය; තවද නුඹලා තරහා යැයි කියන්නා වූ දෙය වූයේ, දෙවියන්වහන්සේ තුළ අනුකුලව වු සත්‍යයයි, ඔහුට මැඩපවත්වන්න නොහැකි වූ, නුඹලාගේ අයුතුකම් පිළිබඳ නිර්භිත ප්‍රකාශයයි.
27 තවද නුඹලා කීකරු විය යුතු බව නුඹලාට ආඥා කිරීමට වුවද දෙවියන්වහන්සේගේ බලය ඔහු සමඟ තිබීම අවශ්‍ය විය. නමුත් බලන්න, එය ඔහු නොවීය, නමුත් ඔහුට එය නවත්වන්න නොහැකි ප්‍රකාශ කිරීමට ඔහුගේ මුඛය විවෘත කළේ, ඔහු තුළ සිටියා වූ ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන්ය.
28 තවද දැන් මාගේ පුත්‍රයා වන ලේමන්, තවද එසේම ලෙමුවෙල් සහ සෑම්ද, තවද ඉෂ්මායෙල්ගේ පුත්‍රයන් වන මගේ පුත්‍රයනි, බලන්න, නුඹලා නීෆායිගේ හඬට ඇහුම්කන් දෙන්නේ නම්, නුඹලා නොනැසෙන්නෙහුය. තවද නුඹලා ඔහු හට ඇහුම්කන් දෙන්නේ නම්, මා නුඹලා හට ආශිර්වාදයක් තබන්නෙමි, එසේය, මාගේ පළමු ආශ්‍රීර්වාදය පවා තබන්නෙමි.
29 එහෙත් නුඹලා ඔහුට ඇහුම්කන් නොදෙන්නේ නම් මම මාගේ පළවෙනි ආශිර්වාදය, එසේය, මාගේ ආශිර්වාදය පවා ඉවත් කර ගන්නේය, තවද එය ඔහු මත රැඳෙනු ඇත්තේය.
30 තවද දැන් සෝරම්, මම නුඹ හට කථා කරමි: බලන්න, නුඹ වනාහි ලේබන්ගේ සේවකයා ය; එසේනමුත්, නුඹ ජෙරුසලම් දේශයෙන් ගෙන එනු ලබන්නෙහිය, තවද නුඹ, නීෆායි, වන මාගේ පුත්‍රයා හට සදහටම සැබෑ මිතුරෙකු බව මා දනිමි.
31 එබැවින්, නුඹ පක්ෂපාතව සිට ඇති හෙයින්, මෙම දේශ තළය මත බොහෝ කාලයක් සමෘද්ධිමත්ව ජීවත් වෙනු පිණිස, නුඹගේ වංශය ඔහුගේ වංශය සමඟ ආශිර්වාද කරනු ලබන්නේය; තවද ඔවුන් අතර අයුතුකම හැරුණු කොට, වෙන කිසිවක් මෙම දේශ තළය මත ඔවුන්ගේ සමෘද්ධිමත්භාවයට හානි හෝ බාධාවන් සදහටම නොපැමිණෙනු ඇත්තේය.
32 එබැවින්, නුඹ ස්වාමීන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම්, නුඹගේ වංශයේ ආරක්ෂාව සමඟ මාගේ පුත්‍රයාගේ වංශය සඳහා ස්වාමීන්වහන්සේ මෙම දේශය කැපකර ඇත්තේය.