ශුද්ධලියවිලි
2 නීෆායි 13


13 වන පරිච්ඡේදය

යුදා සහ ජෙරුසලම ඔවුන්ගේ අකීකරුකම නිසා දඬුවම් විඳිනු ඇත – ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාව වෙනුවෙන් ආයාචනා කරන මෙන්ම විනිශ්චය කරන සේක – සයන්හි දූවරුන් ඔවුන්ගේ ලෞකිකත්වය නිසාවෙන් ශාපලත් අතර වධ වේදනා විඳිති – යෙසායා 3 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 මක්නිසාද බලව, ස්වාමීන්වහන්සේ, සේනාවල ස්වාමීන්වහන්සේ, ජෙරුසලමෙන් ද, යුදාවෙන් ද, පිහිටාධාර, සියලු දේ ද, ආහාර පාන ද ඉවත් කරන සේක –

2 බලවත් මිනිසා ද, තවද හේවායා ද, විනිශ්චකාරයා ද, තවද අනාගතවක්තෘවරයා ද, තවද ප්‍රඥාවන්තයා ද, තවද පැරැන්නා ද;

3 පනසාධිපතියා ද, තවද සම්භාවනීය මිනිසා ද, තවද උපදේශකයා ද, තවද උපායදක්ෂ ශිල්පියා ද, තවද චතුර කථිකයාද.

4 තවද මම දරුවන් ඔවුන්ගේ අධිපතීන් වීමට ඔවුන් හට දෙන්නෙමි, තවද ළදරුවන් ඔවුන් පාලනය කරනු ඇත.

5 තවද ජනතාව පීඩා විඳිනු ඇත, ඒ සියළු දෙනා එකිනෙකාගෙන් ද, සෑම කෙනාම තමන්ගේ අසල්වාසියාගෙන් ද පීඩාවට පත් වනු ඇත; තවද අධමයා සම්භාවනීයාට විරුද්ධව, දරුවා වැඩිමහල්ලාට විරුද්ධව උඩඟුව හැසිරෙනු ඇත.

6 මනුෂ්‍යයෙක් තම පියාගේ වංශයේ වූ සහෝදරයාගේ අතින් ගෙන, තවද මෙසේ කියන්නේය: නුඹ හට වස්ත්‍රයන් ඇත්තේය, නුඹ අපේ ආණ්ඩුකාරයා වන්න, තවද මේ විනාශය නුඹේ දෑත යටතේ පැමිණෙන්නට ඉඩ නොදෙන්න –

7 එදින ඔහු දිවුරා, මෙසේ පවසන්නේය: මා සුව කරන්නෙකු නොවන්නෙමි; මක්නිසාද මාගේ නිවසේ ආහාර වත් වස්ත්‍ර වත් නොමැත; මා ජනතාවගේ ආණ්ඩුකාරයා නොකරන්න.

8 මක්නිසාද ජෙරුසලම නැති නාස්ති වී ඇත, තවද යූදා වැටී තිබේ, ඔවුන්ගේ දිවත් ඔවුන්ගේ ක්‍රියාවන් ද ස්වාමීන්වහන්සේට විරුද්ධව, උන්වහන්සේගේ මහිමයේ දෑස් කුපිත කරවන පිණිසය.

9 ඔවුන්ගේ මුහුණුවර ඔවුන්ට එරෙහිව සාක්ෂි දරන්නේය, තවද ඔවුන්ගේ පාපයන් සොදොමය හා සම යැයි ප්‍රකාශනය කරයි, තවද ඔවුන්ට එය සඟවාගත නොහැකිය. ඔවුන්ගේ ප්‍රාණයට විපත වන්නේය, මක්නිසාද ඔවුන් තමන්ටම දුෂ්ඨකම ප්‍රදානය කර ඇත!

10 ධර්මිෂ්ඨයන් හට ඔවුන් යහපත වන්නේය යි පවසන්න; මක්නිසාද ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවල ඵල භුක්තිවිඳින්නෝය.

11 අහෝ දුෂ්ඨයාට විපත වන්නේය, මකින්සාද ඔවුන් විනාශ වන්නෝය; මක්නිසාද ඔවුන්ගේ අත් වල විපාකය ඔවුන් මත වන්නේය!

12 තවද මාගේ ජනතාව, දරුවන් ඔවුන්ගේ පීඩාකාරයෝ දරුවෝය, ස්ත්‍රීන් ඔවුන් කෙරෙහී ආණ්ඩුකරති. අහෝ මාගේ ජනතාවෙනී, නුඹට මග පෙන්වන්නෝ නුඹ මුළාකර නුඹ යා යුතු මඟ විනාශ කරති.

13 ස්වාමීන්වහන්සේ කාරණා කියන්ට, තවද ජනතාව විනිශ්චය කරන්නට කිරීමටද නැගී සිටින සේක.

14 ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ජනතාවගේ පැරැන්නන් හා එහි වූ කුමරුන් හා විනිශ්චයට එළඹෙන සේක; මක්නිසාද නුඹලා තමන්ගේ නිවෙස්වල දුප්පතුන්ගේ වස්තූන් ද මිදිවත්ත ද කොල්ලකාගත් හෙයින් ය.

15 නුඹලා කුමක් අදහස් කරන්නෙහිද? නුඹලා මාගේ ජනතාව තලා පෙළා දමන්නෙහිය, තවද දුප්පතුන්ගේ මුහුණු ගරන්නෙහිය, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසන සේක.

16 එපමණක් නොව, ස්වාමීන්වවහන්සේ පවසන සේක: සයන්හි දූවරුන් උඩඟු නිසාවෙන්, තවද අහංකාරකමෙන් කාමුක බැලුම් හෙළමින්, කෙටි පියවර තබා ඇවිදමින්, ඔවුන්ගේ පා සළඹ හඬ නඟන ලෙස ඇවිදිමින්, සුවිනීතව කෙටි අඩි තියමින් ගමන් කරන්නෝය –

17 එසේහෙයින් ස්වාමීන්වහන්සේ සයන්හි දූවරුන්ගේ හිස්මුදුන කබලු හට ගන්වන සේක, තවද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහස් ප්‍රදේශ නග්න කරන සේක.

18 ඒ දිනයේදී ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ අහංකාරයට හේතු වන හඬ නංවන ආභරණ ද, කේශාභරණ ද, සහ සඳ මෙන් වටකුරු දේ ද ගන්නා සේක;

19 කුණ්ඩලාභරණද අත්වළලුද, මුවවස්නාද;

20 කුඩා තොප්පි ද, පාදවලට දමන ආභරණ ද, හිස් පටි ද, සුවඳ හෙප්පු ද, සුර ද, තවද ඉඟපටිද, කරාබු ද;

21 මුදු ද, තවද නාසාභරණ ද;

22 ඇඟලුම් වල මාරු කළ හැකි ඇඳුම් කට්ටල, පිට කබායන් ද, හිස් වැස්මයන් ද, කැඩෙන සුලු – කටු ද;

23 කැඩපත් ද, සිහින් හණ රෙදි ද, තලප්පා ද, සහ මුහුණු වැස්මයන්.

24 තවද එය මෙසේ සිදු වනු ඇත, මිහිරි සුගන්ධය වෙනුවට දුගඳ; බඳපටිය වෙනුවට, ලණුවක් ද; පිළිවෙලකට සැකසූ වරලස වෙනුවට, මුඩු බව ද; ළය රෙද්ද වෙනුවට, ගෝනි රෙදි වලින් තැණුනු පැළඳුම් ද; රූපශ්‍රීය වෙනුවට පිළිස්සීමද වන්නේය.

25 නුඹගේ පුරුෂයෝ කඩුවෙන්ද නුඹගේ බලවන්තයෝ යුද්ධයෙන්ද වැටෙන්නෝය.

26 තවද ඇගේ දොරටු වැලපී ශෝක වනු ඇත; තවද ඈ පාළුකරයක් වී; තවද බිම හිඳගන්නේය.