ශුද්ධලියවිලි
2 නීෆායි 16


16 වන පරිච්ඡේදය

යෙසායා ස්වාමීන්වහන්සේව දකියි – යෙසායාගේ පාපයන්ට සමාව ලැබෙයි – ඔහුව අනාවැකි කීමට කැඳවනු ලබයි – ජේසුස්වහන්සේගේ ඉගැන්වීම් යුදෙව්වන් විසින් ප්‍රතික්ෂේප කිරීම ඔහු අනාවැකියෙන් පවසයි – ඉතිරිවූවෝ නැවත පැමිණෙති – යෙසායා 6 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 උස්සීය රජු මිය ගියාවූ එම අවුරුද්දේ දී, එසේම ස්වාමීන්වහන්සේ උසස් වූ, ඔසවා තිබූ සිංහාසනයක හිඳ සිටිනවා ද, තවද උන්වහන්සේගේ වස්ත්‍ර කෙළවරින් දේවමාළිගාව පිරී තිබුණ බව මම දුටුවෙමි.

2 එයට ඉහළින් සෙරාපිම්වරුන් හිඳ සිටියෝය; සෑම අයෙකුටම තටු හයක් තිබුනේය; දෙකකින් ඔහු මුහුණ වසා ගත්තේය, තවද දෙකකින් ඔහු ඔහුගේ දෙපා වසා ගත්තේය, තවද දෙකකින් ඔහු පියාසර කළේය.

3 තවද එක් අයෙක් අනෙකා හට මොරගසා: සේනාවල ස්වාමීන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධය; මුළු පොළොවම උන්වහන්සේගේ මහිමයෙන් පිරී තිබෙන්නේ යැයි කීවෝය.

4 තවද මොරගැසූ තැනැත්තාගේ හඬට දොරෙහි කණු සෙළවුණේය, තවද ගෘහය දුමෙන් පිරුණේය.

5 එවිට මා පැවසූවේ: මා හට දුක් වේ! මක්නිසාද මා අසම්පූර්ණය; කුමක්හෙයින්ද මා අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක් වන්නෙමි; තවද මා අපවිත්‍ර තොල් ඇති අයවලුන් අතරෙහි වසන්නේය; මක්නිසාද රජ්ජුරුවන් වූ, සේනාවල ස්වාමීන්වහන්සේව මාගේම දෑස් දැක ඇත්තේය.

6 එවිට සෙරාපිම්වරයන්ගෙන් කෙනෙක්, පූජාසනය මතින් අඬුවෙන් ගත් දැවෙනා ගිනි අඟුරක් අතින් ගෙන මා වෙතට, පියාසර කළේය;

7 තවද ඔහු එය මාගේ මුඛයෙහි තබමින්: බලනු, මෙය නුඹගේ තොල්වල තැවරුණේය; තවද නුඹගේ අයුතුකම් ඉවත් කරන ලද්දේය, නුඹගේ පාපය පහකරන ලද්දේයයි කීවේය.

8 එසේම මා කවරෙකුව නම් යවම්ද, තවද අප උදෙසා යන්නේ කවුරුන් දැයි? කියන්නාවු ස්වාමීන්වහන්සේගේ හඬ මට ඇසුනේය: එවිට මම කීවෙමි: මෙන්න මම මෙහිය; මා යැව්ව මැනව.

9 තවද උන්වහන්සේ මෙසේ කිවේය: ගොස් මෙම ජනතාවට පවසන්න – සැබවින්නම නුඹලා අසන්නහුය, එහෙත් ඔවුන් තේරුම් නොගන්නාහුය; තවද සැබවින්නම නුඹලා දකින්නාහුය, එහෙත් ඔවුන් තේරුම් නොගන්නාහුය.

10 මෙම ජනතාවගේ හදවත් තර කර, තවද ඔවුන්ගේ කන් බිහිරි කරන්න, තවද ඔවුන්ගේ දෑස් වසන්න – එනම් ඔවුන් ඔවුන්ගේ දෑස් වලින් බලා, තවද ඔවුන්ගේ කන් වලින් අසා, තවද ඔවුන්ගේ හදවත් වලින් තේරුම් ගෙන, තවද හැරී සුවය නොලබන පිණිසය.

11 එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකට දැයි කීවේය? තවද උන්වහන්සේ: තවද නිවෙස් මනුෂ්‍යයන්ගෙන් තොරව, තවද නගර වාසින් නොමැතිව නාස්ති වී, තවද දේශය සම්පුර්ණයෙන් පාළුවන තුරු යැයි පැවසීය;

12 මක්නිසාද දේශය මධ්‍යයේ බලවත් පාළුවීමක් සිදු වන බැවින්, තවද ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයන්ව බොහෝ ඈතට ඉවත් කළේය.

13 එහෙත් එහි දසයෙන් කොටසක් වන්නේය, තවද ඔවුන් හැරී එන්නෝය, තවද ඒලොන් ගසක් මෙන්, කා දමනු ලබන්නේය, තවද අලෝන ගසක් මෙන් ඒවායේ කොල දමන විට එහි වූ හරය මෙන් වන්නේය; එමනිසා එහි හරය ශුද්ධ වූ වංශය වනු ඇත්තේය.