ශුද්ධලියවිලි
2 නීෆායි 20


20 වන පරිච්ඡේදය

අසිරියාවේ විනාශය දෙවැනි පැමිණීමේදී වන දුෂ්ඨයන්ගේ විනාශයේ ආකාරයකි – ස්වාමීන්වහන්සේ නැවත පැමිණී පසු මනුෂ්‍යයින් කිහිප දෙනෙක් ඉතුරු වී සිටින්නේය – ඒ දිනයේදී යාකොබ්ගේ ඉතුරු වූවන් නැවත පැමිණෙනු ඇත – යෙසායා 10 සංසන්දනය කරන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 තවද ඔවුන් විසින් නිර්දේශ කරන ලද ඛේදජනක දේ ලියන්නා වූ, අධර්මිශ්ඨ නියෝගයන් නියම කරන්නන් හට දුක් වේ;

2 විනිශ්චයෙන් දුප්පතුන් ඉවතට හැරවීමට, සහ මාගේ ජනතාවගේ දුප්පත්භාවයෙන් අයිතිවාසිකම් ඉවතට හරවා, එනම් වැන්ඳඹුවන් ඔවුන්ගේ ගොදුර වන පිණිස, තවද ඔවුන් පියෙක් නොමැති අයගෙන් සොරකම් කරන පිණිසය.

3 තවද පැමිණීමේ දවසේදී, සහ දුරින් පැමිණෙන වියෝගයේදී නුඹලා කුමක් කරන්නෙහුද? නුඹලා උපකාර උදෙසා පලා යන්නේ කා වෙතටද? තවද නුඹලා නුඹලාගේ මහිමය කොතැනක තබන්නෙහුද?

4 මා නොමැතිව ඔවුන් සිරකරුවන්ට පහතින් හිස නමා ආචාර කරන්නෙහුය, තවද ඔවුන් මරා දැමූ අය පහතින් වැටෙන්නෙහුය. මක්නිසාද මේ සියලු දේට උන්වහන්සේගේ කෝපය ඉවතට හරවන නොලද, එහෙත් උන්වහන්සේගේ හස්තය තවමත් දිගුකොට ඇත්තේය.

5 අහෝ අසිරියෙනි, මාගේ කෝපයේ යෂ්ටිය, තවද ඔවුන්ගේ දෑතෙහි ඇති සැරයටිය නම් ඔවුන්ගේ හෙළා දැකීම වන්නේය.

6 මා ඔහුව කපටි දේශයකට එරෙහිව යවන්නෙමි, තවද මාගේ උදහසට එරෙහිව සිටින ජනතාව කෙරෙහි මා ඔහුට කොල්ලය ගැනීමටද, තවද ගොදුර ගැනීමට, සහ වීදීයේ මඩ මෙන් පාගා පහතට දමන්නට භාර දෙන්නෙමිි.

7 කෙසේවෙතත් උන්වහන්සේ එය ආශා කරන්නේ නැත, උන්වහන්සේගේ හදවතද එලෙස සිතන්නේ නැත; එහෙත් උන්වහන්සේගේ හදවතේ ඇත්තේ සුළු ප්‍රමාණයක් නොවන දේශ විනාශ කිරීමටය.

8 මක්නිසාද උන්වහන්සේ පවසන සේක: මාගේ කුමාරයන් සියල්ලෝම රජවරුන් නොවන්නෙහුද?

9 කල්නෝ කර්කෙමිෂ් මෙන් නොවන්නෙහුද? හමාත් අර්පාද් මෙන් නොවන්නෙහුද? සමාරිය දමස්කය මෙන් නොවන්නෙහුද?

10 මාගේ හස්තය දේව රූපයන්ගේ රාජ්‍යයන් පිහිටුවාක් මෙන්, තවද ජෙරුසලම සහ සමාරියට කැටයම් කළ පිළිම ඇත්තාවූ ද;

11 මා සමාරියට සහ ඇයගේ දේව රූපයන් වෙත කළ පරිදි, එලෙස ජෙරුසලම සහ ඇයගේ දේව රූපයන්ට ද, මා නොකළ යුතු වන්නෙහුද?

12 එබැවින් තවද එය මෙසේ සිදු විය, එනම් ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ සියලු කාර්යයන් සියොන් කන්දෙහි සහ ජෙරුසලම මත ඉෂ්ඨ කළ විට, මා අසිරියාවේ රජුගේ නිර්භීත හදවතෙහි ඵලයට, සහ ඔහුගේ උසස් බැල්මේ මහිමයටද දඬුවම් කරන්නෙමි.

13 මක්නිසාද උන්වහන්සේ මෙසේ පවසන සේක: මා මෙම දේවල් කරනු ලද්දේ මාගේ හස්තයේ ඇති ශක්තිය සහ මාගේ ප්‍රඥාව මඟින්ය; මක්නිසාද මා විචක්ෂණශීලීය; තවද මා ජනතාවගේ මායිම් ඉවත් කර, ඔවුන්ගේ වස්තූන් සොරා ගත්තෙමි, තවද මා වැසියන්ව අභීත මනුෂ්‍යයයෙකු ලෙස පහළට දමා ඇත්තෙමි;

14 තවද මාගේ හස්තය ජනතාවගේ සම්පත් කැදැල්ලක් මෙන් සොයා ඇත්තේය, තවද යමෙක් ඉතිරි වූ බිත්තර එක් රැස් කරන්නාක් මෙන් මා ද සියලු පොළොව එක් රැස් කළෙමි; තවද කිසිවෙකු පියාපත සෙලවීමටවත්, කට විවෘත කිරීමටත්, එබිකම් කර බැලීමවත් නොවීය.

15 පොරොව එයින් කපන ඔහුට එරෙහිව එය ගැනම පුරසාරම් දොඩන්නෙහුද? කියත කම්පනයට පත් කරන ඔහුට එරෙහිව එය විසින්ම විශාල කරන්නෙහුද? යශ්ටිය ඔසවා තබන ඔවුන්ට එරෙහිව එය විසින්ම සෙලවීමට මෙන්ද, නැතහොත් සැරයටිය ලීයකින් නොවන සේ එය විසින්ම ඔසවා තබන මෙන්ය!

16 එසේහෙයින් ස්වාමීන්වහන්සේ, සේනාවල ස්වාමීන්වහන්සේ, උන්වහන්සේගේ පුෂ්ඨිමත් අය අතරට, කෙසඟභාවය යවන සේක; තවද උන්වහන්සේගේ මහිමය යටතේ උන්වහන්සේ ගින්නක් අවුළුවන්නා සේ ඇවිළීමට පොලඹවන සේක.

17 තවද ඊශ්‍රායලයේ ආලෝකය ගින්නක් මෙන් වන්නේය, සහ ඔහුගේ ශුද්ධ වූ තැනැන්වහන්සේ ගිනි දළුවක් පිණිස වන්නේය, තවද ඔහු පුළුස්සා ඔහුගේ කටු ද සහ ඔහුගේ ගොකටු ද එක දවසින් ගිල දමන සේක.

18 තවද ඔහුගේ වනාන්තරයේ මහිමය ද, සශ්‍රීක කෙත ද, ප්‍රාණය සහ ශරීරය දෙකම ද; කා දමන්නේය, තවද ඔවුන් ධජය උසුළුවන්නෙකු ක්ලාන්ත වන විට මෙන් වන්නේය.

19 තවද ඔහුගේ වනාන්තරයේ ඉතිරි වූ ගස් කිහිපයක්, එනම් දරුවෙකු එය ලියන්නාක් මෙන් ස්වල්පයක් වන්නේය.

20 තවද එය මෙසේ සිදු විය, එම දවසේදී, එනම් ඊශ්‍රායලයේ ඉතිරි වූවන්, සහ එසේම යාකොබ්ගේ වංශයෙන් මිදී ගිය අය ද, තවදුරටත් ඔවුන්ට පහර දුන් ඔහු මත නොසිටින්නේය, එහෙත් සත්‍යයෙන්, ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේ, ස්වාමීන්වහන්සේ මත සිටින්නේය.

21 දෙවියන්වහන්සේ වෙතත, එසේය, යාකොබ්ගේ ඉතිරි වූවන් පවා, ඉතිරි වූවන් නැවත පැමිණෙන්නේය.

22 මක්නිසාද නුඹගේ ජනතාව ඊශ්‍රායලය මුහුදෙහි වැලි කැට මෙන් වූව ද, එහෙත් ඔවුන්ගෙන් ඉතිරි වූවන් නැවත පැමිණෙන්නේය; විනාශයේ නියෝගය ධර්මිශ්ඨකමින් පිටාර ගලා පිටතට යන්නේය.

23 මක්නිසාද මුළු දේශයේදී අධිෂ්ඨාන වූ පවා ද, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ විනාශයක් කරන සේක.

24 එසේහෙයින්, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: අහෝ සියොනයේ වෙසෙන මාගේ ජනතාවෙනි, අසිරිවරුන්ට බිය නොවන්න; ඔහු නුඹව යශ්ටියකින් පහර දෙනු ඇත, මිසරයට වූ ආකාරයට මෙන්, තවද නුඹට එරෙහිව ඔහුගේ සැරයටිය ඔසවනු ඇත්තේය.

25 මක්නිසාද ඉතා ස්වල්ප කාලයකින්, තවද ඔවුන්ගේ විනාශයේ මාගේ කෝපය, සහ උදහස කෙළවර වන්නේය.

26 තවද ඔරෙබ් පර්වතයෙහි මිදියන්ගේ ඝාතනයට අනුව, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ ඔහුට කසපහරක් කළඹන සේක; තවද උන්වහන්සේගේ යශ්ටිය මුහුදෙහි මත වූ බැවින්, මිසරයට වූ ආකාරයට මෙන් උන්වහන්සේ එය ඔසවන සේක.

27 තවද එය මෙසේ සිදු විය, එම දවසේදී තවද ඔහුගේ වියගහ නුඹගේ ගෙලෙන්ද, තවද ඔහුගේ බර නුඹගේ උරහිස් මතින් ඉවතට ගන්නා ලදී, තවද ආලේප කිරීම නිසා වියගහ විනාශ වන්නේය.

28 ඔහු අයාතට පැමිණ ඇත, ඔහු මිග්‍රෝන පසු කළේය; මික්මාෂ්හීදී ඔහු ඔහුගේ කරත්ත නැවැත්වූවේය.

29 ඔවුන් ගමන් මඟ පසු කර ගොස් ඇත; ඔවුන් ඔවුන්ගේ නවාතැන් ගෙබාහි ගන්නා ලදී; රාමාත් බියට පත්ව ඇත; සාවුල්ගේ ගිබියා පලා යන්නේය.

30 අහෝ ගල්ලීම්ගේ දියණිය, හඬ නගන්න; අහෝ අසරණ අනාතෝත්, එය ලායිෂ්ට ඇසෙන්නට සලසන්න.

31 මද්මේනා ගලවන ලදී; ගේබිම්හි වැසියන් පලා යාමට ඔවුන්ව එක් රැස් කරගන්නේය.

32 එදින ඔහු නොබ්හි රැඳෙන්නේය; ජෙරුසලම් කන්දෙහි, සියොන්හි දියණිය කන්දට එරෙහිව ඔහු ඔහුගේ අත සොලවන්නේය.

33 බලව, ස්වාමීන්වහන්සේ, සේනාවල ස්වාමීන්වහන්සේ අත්ත භීතියෙන් කොට කර දමන සේක; තවද ශරීරයේ උස ප්‍රමාණයේ උස අය පහතට හෙළා දමන ලදී; තවද අහංකාර අය නිරහංකාර කරන්නේය.

34 තවද ඔහු වනාන්තරයේ මූකළන් යකඩයකින් කපා දමන ලදී, තවද ලෙබනොන් ද බලවත් තැනැත්තෙකු කරණ කොටගෙන වැටෙන්නේය.