24 වන පරිච්ඡේදය
ඊශ්‍රායලය එක්රැස් කරනු ලැබ තවද සහස්‍ර විශ්‍රාමය භුක්ති විඳිනු ඇත – කැරලිකාරිත්වය නිසා ලුසිෆර් ස්වර්ගයෙන් පලවා හරින ලදි – ඊශ්‍රායලය බබිලෝනියාව (ලෝකය) මත ජය ගනී – යෙසායා 14 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ්ට කරුණාකොට, තවද ඊශ්‍රායලය නැවත තෝරාගෙන, තවද ඔවුන්ව ඔවුන්ගේම දේශයෙහි පිහිටුවන සේක; තවද ආගන්තුකයින් ඔවුන් සමඟ එකතු වන අතර, තවද ඔවුන් යාකොබ්ගේ වංශයට බැඳී සිටින්නෝය.
2 තවද ජනතාව ඔවුන් කැඳවාගෙන ඔවුන්ගේ ස්ථානයට ඔවුන්ව ගෙන යන්නෝය; එසේය, ඈත සිට පොළොවේ කෙළවර දක්වාම; තවද ඔවුන්ගේ පොරොන්දු දේශවලට ඔවුන් නැවත පැමිණෙන්නෝය. තවද ඊශ්‍රායෙල් වංශය ඒවා අයත් කරගන්නෝය, තවද ස්වාමීන්වහන්සේගේ දේශය දාසයන්ට ද දාසියන්ට ද වන්නේය; තවද ඔවුහු ඔවුන්ව වහල්කමට ගත්තාවු අයවලුන්ව වහල්කමටම ගනු ලබන්නෝය; තවද ඔවුන් ඔවුන්ගේ පීඩාකාරයින් කෙරෙහි පාලනය කරන්නෝය.
3 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් එම දවසේදී ස්වාමීන්වහන්සේ නුඹගේ දුකෙනුත්, නුඹගේ භීතියෙනුත්, තවද නුඹ ලවා කෙරෙවූ දැඩි වහල්කමෙනුත් නුඹට විශ්‍රාමය ලබා දෙන්නේය.
4 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් එම දවසේ දී, එනම් නුඹ මෙම උපමාව ගෙන බබිලෝනියේ රජුට විරුද්ධව, තවද මෙසේ පවසන්න: පීඩා කරන්නා නැවැත්වූයේ කෙසේද, ස්වර්ණමය නුවර නතර විය!
5 ස්වාමීන්වහන්සේ දුෂ්ඨයන්ගේ සැරයටියත්, ආණ්ඩුකාරයන්ගේ යෂ්ටියත් බිඳ දැමූ සේක.
6 ජනතාවට නිරන්තර උදහසින් පහර දුන් ඔහුවද, ජාතීන් කෝපයෙන් පාලනය කළා වූ ඔහු ද, හිංසාවට පත්වන්නේය, තවද කිසිවෙක් බාධා නොකරන්නේය.
7 මුළු පොළොවම විශ්‍රාමව, තවද නිශ්චලව පවතින්නේය; ඔවුහු ගී ගයමින් මොරගසන්නෝය.
8 එසේය, ලෙබනොන්හි දේවදාර ගස්ද එසේම කිහිරි ගස් ද මෙසේ කියමින් නුඹ ගැන ප්‍රීතිව, මෙසේ පවසමින්: නුඹ හෙළනු ලැබූ තැන් පටන් කිසිවෙකු අපට විරුද්ධව පැමිණෙන්නේ නොමැත.
9 නුඹ පැමිණීමේ දී නුඹව පිළිගැනීමට පහළ තිබෙන නිරය නුඹ නිසා සලිත වන්නේය; එය පොළොවේ සියලු ප්‍රධානීන් ද, මළවුන් ද නුඹ නිසා කළඹවයි; එය ජාතීන්ගේ සියලු රජුන්ද ඔවුන්ගේ සිංහාසනවලින් නැගිටුුවන ලදි.
10 ඔවුන් සියල්ලෝම නුඹට කථාකොට තවද මෙසේ කියන්නෝය: නුඹත් අප මෙන් දුර්වල වූයෙහි ද? නුඹත් අප හා සමාන වූයෙහි ද?
11 නුඹගේ ඓශ්චර්ය සොහොනට හෙළනු ඇත; නුඹේ වීණා හඬ නොඇසෙන්නේය; පණුවන් නුඹ යට ඇතිරී ඇත්තේය, තවද පණුවන් නුඹ වසාගන්නේය.
12 නුඹ ස්වර්ගයෙන් වැටුනේ කෙසේ ද, අහෝ ලුසිෆර්, අලුයම පුත්‍රය! ජාතීන් දුර්වල කළාවූ නුඹ බිමට සිඳ දමනු ලැබූ හැටි!
13 මක්නිසාද නුඹ නුඹගේ හදවතින් මෙසේ කීවේය: මම ස්වර්ගයට නැඟ, දෙවියන්වහන්සේගේ තාරකාවලට වඩා ඉහළින් මාගේ සිංහාසනය තබන්නෙමි; මම එසේම උතුරු දෙසින්, රැස්වීමේ කන්ද මතද හිඳගන්නෙමි.
14 මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මම මහෝත්තමයාණන්ට සමාන වන්නෙමි.
15 එහෙත් නුඹ නිරයට බැස, වළේ ගැඹුරටම හෙළනු ලබනු ඇත්තේය.
16 නුඹව දකින ඔවුහු නුඹ දෙස යන්තමින් බලමින්, තවද නුඹ ගැන කල්පනාකොට, මෙසේ කියන්නෝය: පොළොව සලිත කළා වූ, රාජධාණින් කම්පනය කළා වූ, මනුෂ්‍යයා මොහු නොවන්නෙහුද?
17 තවද ලෝකය වනාන්තරයක් මෙන් කළාවූ ද, එහි නගර විනාශ කළාවූ ද, ඔහුගේ සිරකරුවන්ගේ ගෙය විවෘත නොකළෙහිද?
18 ජාතීන්ගේ සියලු රජවරුන් ද, එසේය, ඔවුන් සියල්ලෝම, මහිමයෙන් ඔවුන් තම තමාගේ ගෘහයෙහි සැතපෙන්නෝය.
19 එහෙත් නුඹගේ සොහොනෙන් පිළිකුල් අත්තක් මෙන් පලවා හරින්නේය, තවද මරණු ලැබූවන්ගෙන් ඉතිරි වූවන්, කඩුවෙන් පහර දෙනු ලබන්නේය, එනම් පාගා දැමූ මළකුණක් මෙන්ද; නිරයේ ගල් යටට යන්නේය.
20 නුඹ නුඹගේ දේශය විනාශ කර නුඹේ ජනතාව මරා දැමූ බැවින්, නුඹ ඔවුන් සමඟ භූමදානයේදී එක් නොවන්නෙහිය; දුෂ්ඨයන්ගේ වංශය කවදාවත් ගෞරවය කරනු නොලබන්නේය.
21 ඔවුන්ගේ පියවරුන්ගේ අයුතුකම් නිසා ඔහුගේ දරුවන් මරණයට සූදානම් කරපන්න, එනම් ඔවුන් නොනැඟිටින්නෝය, දේශයද උරුමකර නොගන්නෝය, නොහොත් පොළෝතලය නුවරවලින් නොපුරවන්නෝය.
22 මක්නිසාද මම ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නෙමි යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක, තවද බබිලෝනියාවේ නමද, තවද ඉතිරි වූවන්ද, පුත්‍රයන්ද, බෑණනුවන්ද සිඳ දමන්නෙමි යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක.
23 මම එසේම එය කුරුළු විශේෂයන්ට උරුම වූ, දිය පොකුණු ද කරන්නෙමි, තවද මම එය විනාශය නැමති මුස්නෙන් අතුගා දමන්නෙමි යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.
24 සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ දිවුරා, පවසන සේක: සැබවින්ම මා සිතු ලෙසම එය සිදුවන්නේය, තවද මා යෝජනා කළ පරිදි එය ස්ථිර වන්නේය –
25 එනම් මම අෂූරියන්ව මගේ දේශයට ගෙනැවිත්, මගේ කඳු මත ඔහු පාගා දමන්නෙමි; එවිට ඔහුගේ වියගහ ඔවුන්ගෙන් පහව යන්නේය, තවද ඔහුගේ බරද ඔවුන්ගේ කරෙන් පහව යන්නේ යැයි කීසේක.
26 මුළු පොළොවෙහිදිම අරමුණු කරගත් අදහස මෙයයි; තවද සියලු ජාතීන් කෙරෙහි දිගුකර තිබෙන හස්තය මෙය වන්නේය.
27 මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ අරමුණු කර තිබේද, තවද එය අවලංගු කරන්නේ කවරෙක්ද? තවද උන්වහන්සේගේ හස්තය දිගුකර ඇති හෙයින්, තවද එය ආපසු හරවනුයේ කවරෙක්ද?
28 ආහාස් රජු මැරුණු අවුරුද්දේ මෙම පණිවුඩය ප්‍රකාශනය විය.
29 මුළු පලස්තීනය, නුඹට පහරදුන් අයගේ යෂ්ටිය කැඩී ගිය බැවින් නුඹ ප්‍රීති නොවන්න, මක්නිසාද සර්පයාගේ මුලෙන් පොළඟෙක් නික්මෙන්නේය, උගේ ඵලය ඉගිලෙන ගිනි සර්පයෙකු වන්නේය.
30 තවද දුප්පතුන්ගේ කුලුඳුලන් පෝෂණය වන්නේය, තවද දිළින්දෝ සුරක්ෂිතව වැතිර සිටින්නේය; තවද මම සාගතයෙන් නුඹේ මුල නසන්නෙමි, තවද එය නුඹේ ඉතිරි අයද නසනු ලබන්නෝය.
31 මොරගසව; එම්බා දොරටුව; කෑගසව, එම්බා නුවර; මුළු පලිස්තිය, නුඹ දියවී ගියෙහිය; මක්නිසාද උතුරෙන් දුමක් එන්නේය, තවද කිසිවෙක් ඔහුගේ නියමිත කාලයේදී තනි නොවන්නේය.
32 එවිට ජාතියේ තානාපතින්ට දිය යුතු පිළිතුර කිමෙක්ද? එනම් ස්වාමීන්වහන්සේ සයන් පිහිටුවා තිබේ, තවද උන්වහන්සේගේ ජනතාව අතරෙන් පීඩිතයන් එහි ආරක්ෂාව ලබන්නෝය.