29 වන පරිච්ඡේදය
බොහෝ අන්‍යජාතිකයන් මොර්මන්ගේ පොත ප්‍රතික්ෂේප කරති – අපට තවත් බයිබලයක් අවශ්‍ය නොවන්නේයයි ඔවුන් කියන්නෝය – ස්වාමීන්වහන්සේ බොහෝ ජාතීන්ට කථා කරන සේක – ලියනු ලබන්නා වූ පොත් වලින් උන්වහන්සේ ලෝකය විනිශ්චය කරන සේක. ක්‍රි.පූ. 559–545 පමණ.
1 එහෙත් බලව, එම දවසේදී මා ඔවුන් අතරෙහි ආශ්චර්යමත් ක්‍රියාවක් කරන්නට පටන් ගත්කල, එනම් මා මනුෂ්‍ය දරුවන් වෙත මම කළාවූ මාගේ ගිවිසුම් මා සිහිකිරීම පිණිස, එනම් ඊශ්‍රායෙල් වංශයේ වූ, එනම් මාගේ ජනතාව දෙවන වරටත් නැවත අයිති කරගැනීමට මාගේ හස්තය තබන්නා වූ විට – එහි බොහෝ අය වන්නේය.
2 තවද එසේම, එනම් නීෆායි, තවද නුඹ සහ නුඹගේ පියා වෙත ද, එනම් නුඹගේ වංශය මා සිහිපත් කරන ලෙස මා විසින් කරන ලද පොරොන්දු, මා විසින් සිහිපත් කරනු පිණිස; තවද එනම් නුඹගේ වංශයේ වචන මාගේ මුඛයෙන් නුඹගේ වංශය වෙත නික්මෙන්නේය; තවද ඊශ්‍රායෙල් වංශය වූ, මාගේ ජනතාව වෙතට ධජයක් ලෙස, මාගේ වචනය පොළොවේ කෙළවර වෙතට ප්‍රභලව යන්නේය.
3 තවද මාගේ වචන ප්‍රභලව ඉදිරියට යන හෙයින් – අන්‍යජාතිකයන්ගෙන් බොහෝ දෙනෙකු කියන්නෝය: බයිබලයක්! බයිබලයක්! අප සතුව බයිබලයක් තිබෙන්නේය, තවද එහි තවත් බයිබලයක් තිබිය නොහැකි වන්නේය.
4 එහෙත් දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: අහෝ අනුවනයෙනි, ඔවුන්ට බයිබලයක් ලැබෙන්නේය; තවද එය මාගේ පුරාණ ගිවිසුම්ගත ජනතාව වූ, යුදෙව්වන් වෙතින් නික්මෙන්නෝය. තවද ඔවුන් වෙතින් ලබාගත්තා වූ බයිබලය සඳහා ඔවුන් යුදෙව්වන්ට ස්තූතිකරන්නේ කෙසේද? එසේය, අන්‍යජාතීන්ගේ අරමුණ කුමක්ද? ඔවුන් අන්‍යජාතීන් වෙතට ගැළවීම ගෙන ඒමේදී වූ පීඩාවන් සහ වෙහෙසවීම් ද, යුදෙව්වන්ගේ වේදනාවන් ද, මා උදෙසා වූ ඔවුන්ගේ උද්යෝගයද සිහිපත් කරන්නේද?
5 අහෝ අන්‍යජාතික තැනැත්තෙනි, මාගේ පූරාණ ගිවිසුම්ගත ජනතාව වූ, යුදෙව්වන්ව නුඹලා සිහි කරන්නේද? නැත; නමුත් නුඹලා ඔවුන්ට ශාප කරන්නෝය, තවද ඔවුන්ට වෛර කරන්නෝය, තවද ඔවුන්ව නැවත අයිති කරගැනීමට උත්සාහ නොකළෝය. එහෙත් බලව, මා මෙම සියලු දේවල් නුඹලාගේම හිස මතට නැවත හරවන්නෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම මාගේ ජනතාව අමතක කර නොමැත්තෙමි.
6 බයිබලයක්, අප සතුව බයිබලයක් තිබෙන්නේය, තවද අපට වෙනත් බයිබලයක් අවශ්‍ය නොමැත්තේය. කියන්නාවූ, අනුවනයෙනි, යුදෙව්වන්ගෙන් මිස වෙනතකින් බයිබලයක් නුඹලා ලබාගෙන ඇත්තේද?
7 ජාතීන් එකකට වඩා තවත් ඒවා තිබෙන බව නුඹලා නොදන්නෙහුද? එනම් මම, නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ, සියලු මනුෂ්‍යයන් මවනු ලැබූ බවද, තවද එනම් මුහුදේ දූපත් මත සිටින්නන් ද සිහිපත් කරන බවද; තවද එනම් මම ස්වර්ගයේ ඉහලද, පොළොවේ පහලද, පාලනය කරන බවද; තවද මම මනුෂ්‍යය දරුවන් වෙතට, එසේය, පොළොවේ සියලු ජාතීන් වෙතට පවා මාගේ වචනය ඉදිරියට ගෙන එන බව නුඹලා නොදන්නෙහුද?
8 එබැවින් නුඹලා මැසිවිලි නඟන්නේ, එනම් නුඹලා හට මාගේ වචන වැඩියෙන් ලැබෙන්නාවු හෙයින්ද? එනම් මා දෙවියන්වහන්සේ බවට ජාතීන් දෙකක සාක්ෂිය, මා එක් ජාතියක් අනෙක් ජාතිය මෙන් සිහි කරන බව නුඹට සාක්ෂියක් බව නුඹලා නොදන්නෙහුද? එබැවින්, මම එක් ජාතියකට මෙන් සමානව අනෙක් ජාතියකට එකම වචන කථා කරන්නෙමි. තවද ජාතීන් දෙකක් එකට ගමන් කරන විට ජාතීන් දෙකෙහිම සාක්ෂිය ද එකට ගමන් කරනු ඇත්තේය.
9 තවද මා මෙය කරනුයේ එනම් මා ඊයේත්, අදත් සහ සදාකාලයටත් එක හා සමාන බව බොහෝ දෙනෙකුට ඔප්පු කිරීම සඳහාය; තවද එනම් මාගේම කැමැත්තට අනුකුලව මම මාගේ වචන කතා කරන්නෙමි. තවද මා එක් වචනයක් කතා කළ හෙයින් මට තවත් වචනයක් කතා කිරීමට නොහැකි යැයි නුඹලා නොසිතිය යුතුවන්නේය; මක්නිසාද මාගේ කාර්යය තවම අවසන් වී නොමැත; එය මනුෂ්‍යයාගේ අවසානය දක්වාත්, එතැන් පටන් සදාකාලයටත් එය නොවන්නේය.
10 එබැවින්, එනම් නුඹලා සතුව බයිබලයක් ඇති බැවින් එහි මාගේ සියලු වචන අඩංගුව ඇතැයි නුඹලා නොසිතිය යුතුය; මා විසින් වැඩියෙන් ලිවීම සඳහා හේතු නැතැයි නුඹලා නොසිතිය යුතුය.
11 මක්නිසාද දෙකොනින්ම එනම් නැගෙනහිරින් ද, බටහිරින් ද, උතුරින් ද, දකුණින් ද, සහ මුහුදේ දූපත් වලද, සිටින්නාවු සියල්ලන්ටම මා විසින් ඔවුන්ට කථාකරන ලද වචන ඔවුන් විසින් ලියන්නට කියා මා මනුෂ්‍යයන්ට අණ කළෙමි. මක්නිසාද ලියා ඇති පොත්වලින්, එනම් ලියා ඇති දේ අනුකුලව, සෑම මනුෂ්‍යයෙකුම ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව, මා ලෝකය විනිශ්චය කරන්නෙමි.
12 මක්නිසාද බලව, මම යුදෙව්වන්ට කථා කරන අතර ඔවුන් එය ලියන්නෝය; තවද මම එසේම නීෆායිවරුන් හට ද කථා කරන අතර ඔවුන් එය ලියන්නෝය; තවද මා විසින් පිටතට ගෙනයනු ලැබුවා වූ, ඊශ්‍රායෙල් වංශයේ අනෙකුත් ගෝත්‍රවලට ද මම එසේම කථා කරන්නෙමි, තවද ඔවුන් එය ලියන්නෝය; තවද මම එසේම පොළොවේ සියලු ජාතීන්ට ද කථා කරන අතර ඔවුන් එය ලියන්නෝය.
13 තවද එය මෙසේ සිදුවන්නේය, එනම් යුදෙව්වන්ට නීෆායිවරුන්ගේ වචන ලැබෙනු ඇත්තේය, තවද නීෆායිවරුන්ට යුදෙව්වන්ගේ වචන ලැබෙනු ඇත්තේය; තවද ඊශ්‍රායෙල්හි නැති වූ ගෝත්‍රවල වචන නීෆායිවරුන්ට සහ යුදෙව්වන්ට ලැබෙනු ඇත්තේය; තවද ඊශ්‍රායෙල්හි නැති වූ ගෝත්‍රවලට නීෆායිවරුන්ගේ සහ යුදෙව්වන්ගේ වචන ලැබෙනු ඇත්තේය.
14 තවද එය මෙසේ සිදු වන්නේය, එනම් ඊශ්‍රායෙල් වංශයට අයත් වන, මාගේ ජනතාව, ඔවුන්ට අයත් දේශයේ නිවෙස් වෙතට රැස් කරනු ලබන්නෝය; තවද එසේම මාගේ වචනය එකක් මෙන් රැස් කරනු ලබන්නේය. එනම් මම දෙවියන්වහන්සේ බවත්, තවද ආබ්‍රහම් සමඟ මම ඔහුගේ වංශය සදාකාලයටම සිහිපත් කරන බවට ගිවිසුමක් ඇති කළ බව, තවද මාගේ වචනයට විරුද්ධව සටන් කරන්නන් හට සහ ඊශ්‍රායෙල් වංශයට අයත්, මාගේ ජනතාවට විරුද්ධවත් සටන් කරන්නන් හට මම පෙන්වන්නෙමිි.