33 වන පරිච්ඡේදය
නීෆායිගේ වචන සත්‍යය – ඒවා ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව සාක්ෂි දරයි – ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන්නාවූ අය නීෆායිගේ වචන විශ්වාස කරන්නෝය, එය විනිශ්ච – තීරුවට පෙර සාක්ෂිකරුවෙකු ලෙස සිටගන්නේය. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවද දැන් මම, නීෆායි, මාගේ ජනතාව අතර උගන්වා ඇති සියලු දේ ලිවීමට නොහැකිය; මා කථනයට මෙන්, ලිවීමටද ඉතා බලවත් නොවන්නෙමි; මක්නිසාද මනුෂ්‍යයෙකු ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කථා කරන විට, ශුද්ධාත්මයාණන්ගේ බලය එය මනුෂ්‍ය දරුවන්ගේ හදවත් වෙතට ගෙන යන සේක.
2 එහෙත්, බලව, ශුද්ධාත්මයාණන්ට එරෙහිව ඔවුන්ගේ හදවත් දැඩි කර ගන්නා බොහෝ දෙනා සිටිති, එනම් එයට ඔවුන් කෙරෙහි කිසිඳු ස්ථානයක් නොමැති බැවින්ය; එබැවින්, ඔවුන් ලියා ඇති බොහෝ දේ අහකට දමා තවද ඒවා ශූන්‍යය දේ ලෙස සැලකිල්ලට ගන්නෝය.
3 එහෙත් මම, නීෆායි, මා ලියා ඇති දේ ලියා ඇත්තෙමි, තවද එය මහත් වටිනාකමෙන් යුක්ත බව සැලකිල්ලට ගන්නෙමි, තවද විශේෂයෙන්ම මාගේ ජනතාව හටය. මක්නිසාද මම ඔවුන් සඳහා නිතර දෙවේලේ යාච්ඤා කරන්නෙමි, තවද රාත්‍රිය වන විට මාගේ ඇස්වලින් මාගේ කොට්ටය තෙත් වන්නේ, ඔවුන් නිසාවෙන්ය; තවද මම මාගේ දෙවියන්වහන්සේ වෙත ඇදහිල්ලෙන් යුක්තව මොර ගසමි, තවද උන්වහන්සේ මාගේ මොරගැසීමට සවන් දෙන බව මම දන්නෙමි.
4 තවද මාගේ ජනතාවගේ දියුණුව සඳහා මගේ යාච්ඤාවන් දෙවි වූ ස්වාමීන්වහන්සේ කැප කරන බව මම දන්නෙමි. තවද මම දුර්වලභාවයෙන් ලියා ඇති වචන ඔවුන් සඳහා ශක්තිමත් වනු ඇත; මක්නිසාද එය ඔවුන්ට යහපත කිරීම උදෙසා ඒත්තු ගන්වන්නේය; එය ඔවුන්ගේ පියවරුන් පිළිබඳව ඔවුන්ට දන්වන්නේය; තවද එය ජේසුස්වහන්සේ පිළිබඳව කියන්නේය, තවද උන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට, එනම් සදාකාලික ජීවිතය වන, තවද අවසානය දක්වා විඳ දරා ගැනීමට ඔවුන්ව ඒත්තු ගන්වන්නේය.
5 තවද සත්‍යයෙහි ප්‍රත්‍යක්ශභාවයට අනුව, එය පාපයට එරෙහිව කුරීරු ලෙස කථා කරන්නේය, එබැවින්, ඔහු යක්ෂයාගේ ආත්මයෙන් වන්නා මිස, මා ලියා ඇති වචන කෙරෙහි කිසිඳු මනුෂ්‍යයෙකු කෝප නොවන්නේය.
6 මා ප්‍රත්‍යක්ශභාවයේ මහිමවත් වන්නෙමි; මා සත්‍යයේ මහිමවත් වන්නෙමි; මා ජේසුස්වහන්සේ කෙරෙහි මහිමවත් වන්නෙමි; මක්නිසාද උන්වහන්සේ නිරයෙන් මාගේ ප්‍රාණය මුදවා ගත් සේක.
7 මාගේ ජනතාව කෙරෙහි දයාව මට ඇත්තෙමි, තවද බොහෝ නොකැළැල් ප්‍රාණයන් උන්වහන්සේගේ විනිශ්ච – ආසනයේ දී මා හමු වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි මහත් ඇදහිල්ලෙන් ද වන්නෙමි.
8 යුදෙව්වරයා කෙරෙහි දයාව මට ඇත්තෙමි – මා යුදෙව්වරයා යැයි පවසන්නේ, මා පැමිණියේ ඔවුන් වෙතින්යැයි කරණ කොටගෙන බව මම අදහස් කරමි.
9 අන්‍යජාතිකයන් කෙරෙහි ද දයාව මට ඇත්තෙමි. එහෙත් බලව, ක්‍රිස්තුස්වහන්සේ වෙතට සමාදාන කිරීම මිස මේ කිසිවක් මට බලාපොරොත්තු වන්නට නොහැකිය, තවද පටු දොරටුවෙන් ඇතුළු වී, සහ ජීවිතය කරා මඟ පෙන්වන ඍජු මාර්ගයේ ඇවිද, සහ පරිවාස දවසේ අවසානය තෙක් මාර්ගයේ පවත්වාගෙන යෑමටය.
10 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයනි, තවද යුදෙව්වෙන් ද, සහ සියලු පොළොවේ කෙළවරවල් හි වූවනි, මේ වචනවලට සවන් දී සහ ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න; තවද නුඹලා මේ වචන විශ්වාස නොකරන්නේ නම් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. තවද නුඹලා ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නේනම් නුඹලා මේ වචන විශ්වාස කරන්නෝය, මක්නිසාද ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ වචන වේ, තවද උන්වහන්සේ ඒවා මා හට ලබා දී ඇත්තේය; තවද ඒවා සියලු මනුෂ්‍යයන්ට ඔවුන් යහපත කිරීම පිණිස උගන්වන්නේය.
11 තවද ඒවා ක්‍රිස්තුස්වහන්සේගේ වචන නොවන්නේනම්, නුඹලා විනිශ්චය කරන්න – මක්නිසාද බලයෙන් සහ මහත් මහිමයෙන්, ඒවා උන්වහන්සේගේ වචන යැයි, අවසාන දවසේ දී, ක්‍රිස්තුස්වහන්සේ නුඹ හට පෙන්වන සේක; තවද නුඹ සහ මම උන්වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියෙහි මුහුණට මුහුණලා සිටගන්නෙමු; තවද මාගේ දුර්වලභාවය එසේ තිබිය දීත්, මේ දේවල් ලිවීමට මා හට උන්වහන්සේ විසින් අණකරනු ලැබූ බව නුඹලා දැනගන්නෝය.
12 තවද ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් මා පියාණන් කෙරෙහි යාච්ඤා කරන්නේ අපගෙන් බොහෝ අය, නැතහොත් සැවොම, උන්වහන්සේගේ රාජ්‍යයෙහි මහත් සහ අවසාන දවසේ දී ගැළවීම ලබන පිණිසය.
13 තවද දැන්, මාගේ ප්‍රියාදර සහෝදරයෙනි, ඊශ්‍රායල් වංශයට අයත් සියලු දෙනා, සහ පොළොවේ සියලු කෙළවරවල් හි වූවනි, මම නුඹලා වෙත කථා කරන්නේ දූවිල්ලේ සිට මොර ගසන කෙනෙකුගේ හඬ මෙන්ය: ඒ මහත් දවස පැමිණෙන තුරු සමුදෙන්නෙමි.
14 තවද දෙවියන්වහන්සේගේ යහපත්කම භුක්ති විඳීමට සහභාගි නොවන්නා වූ ද, තවද මාගේ වචනවලට, සහ යුදෙව්වරුන්ගේ වචනවලට ද, තවද දෙවියන්වහන්සේගේ බැටළුපැටවාණන්ගේ මුඛයෙන් පිටවෙන්නා වූ වචන ද ගරු කරන්නා වූ නුඹ, බලව, මා නුඹට සදාතනික සමුදීමක් පතමි, මක්නිසාද අවසාන දවසේදී මේ වචන නුඹව හෙළා දකින්නේය.
15 මක්නිසාද මා පොළොවෙහි මුද්‍රා තබන දේ, විනිශ්චාසනයේදී නුඹට එරෙහිව ගෙන එන ලද්දේය; මක්නිසාද එම නිසා ස්වාමීන්වහන්සේ මට අණ කළ සේක, තවද මා කීකරු විය යුතුය. ආමෙන්.