ශුද්ධලියවිලි
2 නීෆායි 28


28 වන පරිච්ඡේදය

බොහෝ වැරදි සභාවන් අවසාන දවස් වලදී ගොඩනගනු ලබන්නේය – ඔවුහු වැරදි, නිෂ්ඵල සහ අනුවන ධර්මයන් උගන්වන්නේය – වැරදි ගුරුවරුන් නිසාවෙන් ඇදහිල්ලෙන් වැටී යාම බහුල වන්නේය – යක්ෂයා මනුෂ්‍යයන්ගේ හදවත් තුළ වියරු වන්නේය – ඔහු සියලු ආකාරයේ වැරදි ධර්මයන් උගන්වන්නේය. ක්‍රි.පූ. 559–545 පමණ.

1 තවද දැන්, බලව, මාගේ සහෝදරයිනි, ආත්මයාණන්වහන්සේ මා හට බලකළ ආකාරයෙන්, මම නුඹලාට කථා කර ඇත්තෙමි; එබැවින්, ඒවා සත්‍යයෙන්ම සිදුවන්නට පැමිණෙන බව මම දන්නෙමි.

2 තවද පොතෙහි පිටත ලියනු ලබන්නා වූ දේවල් මනුෂ්‍යය දරුවන්ට, තවද විශේෂයෙන්ම අපගේ වංශය වෙතට, තවද විශේෂයෙන්ම ඊශ්‍රායෙල් වංශයේ ඉතිරිවූවන් හට බලවත් වටිනා කමක් ඇත්තේය.

3 මක්නිසාද එය මෙසේ සිදු වනු ඇත, තවද ස්වාමීන්වහන්සේ උදෙසා ස්ථාපිත නොකරනු ලැබුවා වූ සභාවන් එම දවසේදී, එකෙකු අනෙකාට එවිට කියන්නේය: බලව, මම, මා ස්වාමීන්වහන්සේගේය; තවද අනෙකා කියන්නේය: මම, මා ස්වාමීන්වහන්සේගේය; තවද ස්වාමීන්වහන්සේ උදෙසා සභාවන් ස්ථාපිත නොකරනු ලැබුවා වූ එම සෑම කෙනෙකුම මෙසේ කියන්නේය –

4 තවද ඔවුන් එකිනෙකා සමඟ සටන් කරන්නෝය; තවද ඔවුන්ගේ පූජකවරයන් එකිනෙකා සමඟ සටන් කරන්නෝය, තවද ඔවුන් ඔවුන්ගේ දැනුමෙන් උගන්වනු ලබන්නේය, තවද කථාකරන්නට පුළුවන්කම ලබා දෙන්නා වූ, ශුද්ධාත්මයානන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේය.

5 තවද ඔවුන් ඊශ්‍රායෙල්හි ශුද්ධ වූ තැනැන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ බලය ප්‍රතික්ෂේප කරන්නෝය; තවද ඔවුන් ජනතාවට කියන්නෝය: අපට ඇහුම්කන් දියල්ලා, තවද අපගේ ආඥාවන් අසාපල්ලා; මක්නිසාද බලව දෙවියන්වහන්සේ කෙනෙක් අද නොවන්නේය, මක්නිසාද ස්වාමීන්වහන්සේ සහ තවද මිදුම්කරුවාණන් උන්වහන්සේගේ කාර්යය කළ ඇති සේක, තවද උන්වහන්සේ උන්වහන්සේගේ බලය මනුෂ්‍යයන් හට ලබා දී ඇති සේක.

6 බලව, මාගේ ආඥාවන්ට නුඹලා ඇහුම්කම් දීපල්ලා; ඔවුන් ස්වාමීන්වහන්සේගේ හස්තයෙන් හාස්කමක් පැමිණෙන්නේ යැයි කියන්නේ නම්, එය විශ්වාස නොකරපල්ලා; මක්නිසාද මෙම දවසේදී උන්වහන්සේ හාස්කමේ දෙවියන්වහන්සේ කෙනෙකුන් නොවන සේක; උන්වහන්සේ තමන්වහන්සේගේ කාර්යය හමාර කර ඇති සේක.

7 එසේය, තවද එහි මෙසේ කියන්නාවූ බොහෝමයක් සිටිනු ඇත්තේය: කන්න, බොන්න, තවද ප්‍රීතියෙන් සිටින්න, මක්නිසාද අප හෙට නැසෙන්නෙමු; තවද එය අප සමග යහපත්ව තිබෙන්නේය.

8 තවද මෙසේ කියන බොහෝ දෙනෙකු සිටිනු ඇත්තේය: කන්න, බොන්න, තවද ප්‍රීතිමත්වන්න; එසේවූවත්, දෙවියන්වහන්සේ හට බියවන්න – මක්නිසාද උන්වහන්සේ කුඩා පවක් කිරීම නිදොස් කරන සේක; එසේය, කුඩාවට බොරු කියන්න, ඔහුගේ වචන නිසාවෙන් කෙනෙකුගෙන් ලාභයක් ගන්න, නුඹගේ අසල්වැසියාට ආගාධයක් හාරන්න; එහි කිසි හානියක් නොවන්නේය; තවද මේ සියලු දේවල් කරන්න, මක්නිසාද හෙට අප නසින්නෙමු; තවද එය එසේ වන්නේ නම්, එනම් අප වැරදිකරුවන් නම්, දෙවියන්වහන්සේ අපට පහර කිහිපයකින් තලන්නේය, තවද අවසානයේදී අප දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ගැළවීම ලබන්නෙමු.

9 එසේය, මේ ආකාරයෙන් වැරදි සහ හිස් ධර්මයන් උගන්වන්නා වූ අය බොහෝමයක් වන්නෝය, තවද ඔවුන්ගේ හදවත් තුළ ආඩම්බරයෙන් පිම්බී, තවද ස්වාමීන්වහන්සේ වෙතින් ඔවුන්ගේ උපදේශ සැඟවීමට දැඩිව සොයන්නේය; තවද ඔවුන්ගේ ක්‍රියාවන් අන්ධකාරය තුළ වන්නෝය.

10 තවද ශුද්ධවන්තයන්ගේ ලේ ඔවුන්ට විරුද්ධව පොළොව වෙතින් මොර ගසන්නෝය.

11 එසේය, ඔවුන් සියල්ලෝ මාර්ගයෙන් ඉවතට ගොස් ඇත්තේය; ඔවුන් දූෂිතයන් බවට පත්ව ඇත්තෝය.

12 උඩඟුකම නිසාද, තවද වැරදි ගුරුවරයන් නිසාද, තවද වැරදි ධර්මයන් නිසාද, ඔවුන්ගේ සභාවන් දූෂණයට පත්ව ඇත්තෝය, තවද ඔවුන්ගේ සභාවන් ඔසවනු ලැබ ඇත්තෝය; උඩඟුකම නිසාවෙන් ඔවුන් පිම්බී ඇත්තෝය.

13 ඔවුන්ගේ ශෝභන ශුද්ධස්ථානයන් නිසාවෙන් ඔවුන් දුප්පතුන්ගෙන් සොරකම් කරන්නෝය; ඔවුන්ගේ ශෝභන සළු නිසාවෙන් ඔවුන් දුප්පතුන්ගෙන් සොරකම් කරන්නෝය; තවද ඔවුන් ඔවුන්ගේ උඩගුකමින් පිම්බී ඇති නිසාවෙන්්, ඔවුන් යටහත් වූ සහ සිතින් දිළිඳු වූවන්ට හිංසා කරන්නෝය.

14 ඔවුන් මුරණ්ඩුකම ද උද්දච්චකම ද පැළද සිටින්නෝය; එසේය, තවද උඩඟුකම ද, දුෂ්ඨකමද, පිළිකුල්කම් සහ වේශ්‍යාකම් ද නිසාවෙන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් වූ, කිහිපදෙනෙකු හැරුනු විට, ඔවුන් සියල්ලෝම මුලාවී ගොස්ය; එසේනමුත් බොහෝ අවස්ථාවලදී ඔවුන් වැරදි ක්‍රියා කරන්නේද, ඔවුන්ට එනම් මඟපෙන්වනු ලබන්නේද, මනුෂ්‍යයන්ගේ ආඥාවන් වලින් ඔවුන්ට උගන්වන හෙයිනි.

15 අහෝ ප්‍රඥාවන්තයින් ද, උගතුන් ද, ධනවතුන් ද, ඔවුන්ගේ සිත් වල උඩඟුකමින් පිම්බී සිටින්නෝය, තවද වැරදි ධර්මයන් දේශනා කරන සියල්ලෝද, තවද වේශ්‍යාකම් කරන්නාවූ ඔවුන් සියල්ලෝ ද, ස්වාමීන්වහන්සේගේ නිවැරදි මාර්ගයෙන් මුළා කරන්නන්ටද දුක් වේ, දුක් වේ, ඔවුන් හට දුක් වේ යයි, සර්වබලධාරී දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසන සේක, මක්නිසාද ඔවුන්ව නිරයේ පහතට ඇද දමනු ලබන්නෝය!

16 ධර්මිෂ්ඨයන්ව නිෂ්ඵල දෙයට හරවා යවන්නන්ද, එනම් යහපත් දෙයකට විරුද්ධව කැරලිගසන්නාවුද, තවද එයින් පලක් නැතැයි කියන්නාවුද, ඔවුන් හට දුක්වේ! මක්නිසාද දෙවි වූ ස්වාමීන්වහන්සේ පොළොවේ වැසියන්ව ඉක්මනින් බැලීමට යන්නාවු දවස පැමිණෙන්නේය; තවද එම දවසේදි ඔවුන් අයුතුකමෙන් සම්පූර්ණයෙන් පිරී ඔවුන් නැසී යන්නෝය.

17 එහෙත් බලව, පොළොවේ වැසියන් ඔවුන්ගේ දුෂ්ඨකම් සහ පිළිකුල් සහගත ක්‍රියා ගැන පසුතැවිලි වන්නේ නම්, ඔවුන්ව විනාශ කරනු නොලබන්නේ යැයි, සේනාවල ස්වාමීන්වහන්සේ පවසන සේක.

18 එහෙත් බලව, මුළු පොළොවෙහිම වේශ්‍යාව වන එම බලවත් සහ පිළිකුල් සහගත සභාව, පොළොවට කඩා වැටෙනු ඇත්තේය, තවද එහි වැටීම බලවත් වන්නේය.

19 මක්නිසාද යක්ෂයාගේ රාජ්‍යය කම්පනයට පත් විය යුතුය, තවද එයට අයිතිවන්නා වූ අය පසුතැවිලි වීමට කැළඹිය යුතුය, නැතහොත් යක්ෂයා තමන්ගේ සදාකාලික දම්වැල්වලින් ඔවුන්ව අල්ලාගන්නේය, තවද ඔවුන්ව කෝපයෙන් කළඹවනු ලැබ, තවද නැසී යන්නෝය.

20 මක්නිසාද බලව, එම දවසේදී ඔහු මනුෂ්‍ය දරුවන්ගේ හදවත් තුළ වියරු වන්නේය, තවද එනම් යහපත් දෙයට විරුද්ධව ඔවුන්ව කෝපයට කලඹන්නෝය.

21 තවද ඔහු අනෙක් තැනැත්තන්ව සංසිඳුවමින්, තවද ඔවුන්ව මාංශික සුරක්ෂිතභාවයට සනසවමින්, ඔවුන් මෙසේ කියන පිණිස: සයන්හි සියල්ල යහපත්ය; එසේය, සයන් සමෘද්ධිමත් වන්නේය, සියල්ල යහපත්ය – තවද මෙසේ යක්ෂයා ඔවුන්ගේ ප්‍රාණයන් රවටා, ඔවුන්ව සැලකිල්ලෙන් නිරයේ පහතට ගෙනයනු ලබන්නේය.

22 තවද බලව, ඔහු අනෙක් අයව රැවටීමට ලක් කර, එහි නිරයක් නොමැතියැයි ඔවුන්ට කියන්නේය; ඔහු ඔවුන්ට මෙසේ කීවේය: මම යක්ෂයෙක් නොවෙමි, මක්නිසාද එසේ කිසිවෙක් නැත්තේය – තවද මෙසේ ඔහු ඔහුගේ භයානක දම්වැල්වලින්, ඔවුන්ට එහි කිසිඳු හෝ ගැළවීමක් නොලැබෙන තුරු, ඔවුන්ගේ කන්වලට කොඳුරන්නේය.

23 එසේය, ඔවුන්ව මරණයෙන්ද, නිරයෙන්ද අල්ලාගෙන සිටින්නේය; තවද මරණයද, නිරයද, යක්ෂයාවද, අල්ලාගත් සියල්ලන් දෙවියන්වහන්සේගේ සිංහාසනය අභිමුඛයෙහි සිටිය යුතු අතර, තවද ඔවුන්ගේ ක්‍රියාවන් අනුව විනිශ්චය කරනු ලබන්නේය, එතැන් පටන් ඔවුන් වෙනුවෙන් සඳහා සූදානම් කරන ලද ස්ථානයකට, එනම් නිමක් නොමැති වද වේදනා වන, ගින්දර සහ ගෙන්දගම් විලකට පවා යායුතු වන්නේය.

24 එසේහෙයින්, සයන්හි සැහැල්ලුවෙන් සිටින්නා වූ තැනැත්තා හට දුක් වේ!

25 සියල්ල යහපතය: යැයි මොරගසන්නා වූ තැනැත්තා හට දුක් වේ!

26 එසේය, දෙවියන්වහන්සේගේ බලය සහ ශුද්ධාත්මයාණන්ගේ දීමනාව ප්‍රතික්ෂේප කොට, මනුෂ්‍යන්ගේ ආඥාවන්ට ඇහුම්කම් දෙන්නා වූ තැනැත්තා හට දුක් වේ!

27 එසේය, අපට ලැබී ඇත්තේය, තවද අපට තවත් අවශ්‍ය නැතැයි කියන්නා වූ තැනැත්තා හට දුක් වේ!

28 තවද කෙටියෙන්, දෙවියන්වහන්සේගේ සත්‍යය නිසා වෙව්ලන්නාවු, සහ කෝප වන්නාවු සියලු තැනැත්තන් හට දුක්වේ! මක්නිසාද බලන්න, පර්වතය මත ගොඩනඟා ඇති තැනැත්තා එය සතුටින් ලබාගන්නේය; තවද වැලි අත්තිවාරමක් මත ගොඩනඟා ඇති තැනැත්තා වැටෙන පිණිස වේව්ලන්නේය.

29 අපට දෙවියන්වහන්සේගේ වචනය ලැබී ඇත්තේය, තවද අපට තවත් දෙවියන්වහන්සේගේ වචනය තවත් අවශ්‍ය නොවන්නේය, මක්නිසාද අපට ප්‍රමාණවත්!: බව පවසන තැනැත්තා හට දුක් වේ.

30 මක්නිසාද බලව, දෙවි වූ ස්වාමීන්වහන්සේ මෙසේ පවසන සේක: මම මනුෂ්‍ය දරුවන් හට පේලියෙන් පේලියට, ආඥාවෙන් ආඥාවට, මෙහි ටිකක් සහ එහි ටිකක් යනුවෙන් ලබා දෙන්නෙමිි; තවද මාගේ ආඥාවලට ඇහුම්කම් දී, තවද මාගේ උපදේශවලට සවන් දෙන්නන් ආශිර්වාද ලද්දෝය, මක්නිසාද ඔවුන් ප්‍රඥාව ඉගෙනගන්නෝය; මක්නිසාද ලබාගන්නා වූ තැනැත්තාට මම වැඩියෙන් ලබාදෙන්නෙමිි; තවද අපට තිබෙන්නා වූ දේ ඇති යැයි, පවසන්නා වූ අයගෙන්, ඔවුන් සතු දේ වුවද ඉවතට ගනු ලබන්නේය.

31 මනුෂ්‍යයා කෙරෙහි තමන්ගේ විශ්වාසය තබන්නා, හෝ මාංශය තම හස්තය කරගන්නා, හෝ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ලබාදෙන්නා වූ ආඥා මිස, මනුෂ්‍යයන්ගේ ආඥාවලට ඇහුම්කම් දෙන්නා ශාප ලද්දෙක්ය.

32 අන්‍යජාතිකයන් හට දුක් වේ යැයි, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසන සේක! මක්නිසාද මා ඔවුන්ට මාගේ හස්තය දිගුකොට තිබියදීත් දවසින් දවස, ඔවුන් මා ප්‍රතික්ෂේප කරනු ඇත්තෝය; එසේනමුත්, ඔවුන් පසුතැවිලි වී මා වෙතට පැමිණෙන්නේ නම්, මා ඔවුන් හට කරුණාව දක්වන්නෙමි යැයි, දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසන සේක; මක්නිසාද මාගේ හස්තය දවස මුළුල්ලේහිම දිගුව තිබෙන්නේ යැයි, සේනාවල දෙවි වූ ස්වාමීන්වහන්සේ පවසන සේක.