ශුද්ධලියවිලි
2 නීෆායි 14


14 වන පරිච්ඡේදය

සයන් සහ ඇයගේ දූවරුන් සහස්‍ර දවසේදී මුදවා සහ පවිත්‍ර කරනු ලබන්නේය – යෙසායා 4 සසඳන්න. ක්‍රි.පූ. 559–545 පමණ.

1 තවද ඒ දවසේදී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක් පුරුෂයෙකු අල්ලාගෙන මෙසේ කියනු ඇත්තේය: අප අපගේම රොටි කන්නෙමු, අප අපගේම වස්ත්‍ර පලදින්නෙමු; අපගේ නින්දාව දුරු කරන පිණිස නුඹගේ නාමයෙන් පමණක් අපව නම් කරනු ලැබේවා.

2 ඒ දවසේ දී ස්වාමීන්වහන්සේගේ අත්ත අලංකාරවත් සහ මහිමවත් වන්නේය; ඊශ්‍රායෙලයෙන් ගැළවූවන්ට පොළොවේ ඵලය අනර්ඝ සහ ශෝභන වන්නේය.

3 තවද එය මෙසේ සිදු වනු ඇත, එනම් සයන්හි ඉතිරිවන සහ ජෙරුසලමෙහි රැඳී සිටින්නාවුන්ද, ජෙරුසලමෙහි ජීවත් වන්නෝයැයි ලියවී ඇති සෑම කෙනෙකුම ශුද්ධ ලෙස හැඳින්වනුු ලබන්නෝය.

4 ස්වාමීන්වහන්සේ විනිශ්චයේ ආත්මයෙන් සහ දැවීමේ ආත්මයෙන් සයන්හි දූවරුන්ගේ කිළිටිකම සෝදා, තවද ජෙරුසලමෙහි රුධිරය ඒ මැදින් පහකර දමන සේක.

5 තවද ස්වාමීන්වහන්සේ සයන් කන්දේ සෑම වාසස්ථානයක් මත ද ඇයගේ එක්රැස්වීම් මතද දවාලයේ වලාකුළක් හා දුමාරයක් ද රාත්‍රියේ ඇවිලෙන ගින්නෙහි දීප්තිය ද මවන සේක; මක්නිසාද සයන්හි සියලු මහිමයට ආරක්ෂාවක් වනු ඇත්තේය.

6 තවද දවාලේ දී ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂාස්ථානයක් පිණිසත්, කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ආවරණයක් වන පිණිසත් මණ්ඩපයක් වන්නේය.