ශුද්ධලියවිලි
2 නීෆායි 3


3 වන පරිච්ඡේදය

මිසරයේ සිටි යෝසෙප් දර්ශනයකින් නීෆායිවරුන් දකියි – ඔහු පසුදවස්වල දිවැසිවරයා වන ජෝසෆ් ස්මිත් ගැනද, ඊශ්‍රායලය ගලවා ගන්නා ලද මෝසෙස් ගැනද, සහ මොර්මන්ගේ පොත ඉදිරියට පැමිණීම පිළිබඳව ද අනාවැකි කීවේය. ක්‍රි.පූ. 588–570 පමණ.

1 තවද දැන් මාගේ අවසානයට උපන්, ජෝසෆ්, මා නුඹ හට කතා කරන්නෙමි, නුඹ මාගේ පීඩාවලදී වනාන්තරයේහි ඉපදුනෙහිය; එසේය, නුඹගේ මව නුඹව ප්‍රසූත කළේ මාගේ බලවත් ශෝකයේ දවස්වලදී ය.

2 තවද නුඹ ඊශ්‍රායලයේ ශුද්ධ වූ තැනැන්වහන්සේගේ අණ පනත් පිළිපදින්නේ නම්, ඉතාමත්ම අගනා දේශයක් වූ මේ දේශය, ස්වාමීන්වහන්සේ නුඹ හට නුඹගේ උරුමය සඳහා ද නුඹගේ සහෝදරයන් සමඟ නුඹගේ වංශයේ උරුමය සඳහා ද, සදාකාලයටම නුඹගේ ආරක්ෂාව සඳහා කැප කරන සේක්වා.

3 තවද දැන්, මාගේ අවසානයට උපන්, ජෝසෆ්, මාගේ පීඩාවන්ගේ වනාන්තරයෙන් මා පිටතට ගෙන ආ කෙනා වූ ද, ස්වාමීන්වහන්සේ නුඹව සදාකාලයටම ආශිර්වාද කරත්වා, මක්නිසාද නුඹගේ වංශය මුළුමනින්ම විනාශ කරනු නොලබන්නේය.

4 මක්නිසාද බලව, නුඹ මාගේ ඉඟටියේ ඵලය වන්නෙහිය; තවද මම මිසර දේශයය තුළට ගෙන යනු ලැබූ යෝසෙප්ගෙන් පැවත එන්නෙක් වෙමි. තවද උන්වහන්සේ යෝසෙප් හා ඇති කරගත් ගිවිසුම් ශ්‍රේෂ්ඨ වූ සේක.

5 එබැවින්, යෝසෙප් සත්‍යයෙන්ම අපගේ දවස දුටුවේය. තවද ස්වාමී වූ දෙවියන්වහන්සේගෙන් ඔහුගේ ඉඟටියේ ඵලයෙන් ඊශ්‍රායල් වංශය වෙත ධර්මිෂ්ඨ අත්තක් නඟා සිටවන බවට පොරොන්දුවක් උන්වහන්සේගෙන් ලබා ගත්තේය; මෙසියස්වහන්සේ නොව නමුත්, කඩා දැමිය යුතු වූ අත්තක් වන්නේය, එසේනමුත්, ඔවුන්ව අන්ධකාරයෙන් ආලෝකයට – එසේය, සැඟවූ අන්ධකාරයෙන් පිටතට හා වහල්භාවයෙන් මිදී නිදහස්භාවයට ගෙන ඒමට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම්වල සිහිකර ඇති පරිදි මෙසියස්වහන්සේ පසුදවස්වලදී ඔවුන් හට ආත්මයේ බලයෙන් ප්‍රකාශ කරනු ලැබිය යුතු බවය.

6 මක්නිසාද යෝසෙප් මෙසේ පවසමින් සත්‍යයෙන්ම සාක්ෂි දැරුවේය: මගේ ස්වාමී වූ දෙවියන්වහන්සේ එක් දිවැසිවරයෙකු නඟා සිටවන සේක, කවුරුන්ද යත් මාගේ ඉඟටියේ ඵලයට ඉතා අගනා දිවැසිවරයෙකුය.

7 එසේය, යෝසෙප් සැබැවින්ම කීවේය: ස්වාමීන්වහන්සේ මා හට මෙසේ කීසේක: මම නුඹගේ ඉඟටියේ ඵලයෙන් අගනා දිවැසිවරයෙකු ඇති කරන්නෙමි; තවද ඔහු නුඹගේ ඉඟටියේ ඵලය අතර ඉහලින් ගණන් ගනු ලැබෙනු ඇත්තේය. තවද ඔහු හට මම අණ පනතක් දෙන්නෙමි, ඔහු නුඹගේ ඉඟටියේ ඵලය වෙනුවෙන් මා නුඹගේ පියවරුන් සමඟ ඇති කරගත් ගිවිසුම්වල දැනීමකට ඔහුගේ සහෝදරයන්ව ගෙන ඒමට පවා ඔහු ඔවුන් හට බලවත් සේ වටිනා කාර්යයක් කරන ලෙස, මම ඔහු හට අණ පනත දෙමි.

8 තවද මා ඔහු හට අණ පනතක් දෙන්නෙමි, එනම් ඔහු මා අණ කළ කාර්යය මිස වෙනත් කාර්යයක් නොකළ යුතු බවය. තවද මා ඔහුව මාගේ ඇස් ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ කරන්නෙමි; මක්නිසාද ඔහු මාගේ කාර්යය කරනු ඇත්තේය.

9 අහෝ ඊශ්‍රායල් වංශය, මාගේ ජනතාව ගලවා ගැනීමට නුඹලා වෙනුවෙන් නඟාසිටුවන බවට මා ප්‍රකාශ කළ ඔහු මෝසෙස් මෙන් ශ්‍රේෂ්ඨයෙකු වන්නේය.

10 තවද මම නුඹගේ ජනතාව මිසර දේශයෙන් ගලවා ගැනීමට, මෝසෙස්ව නඟා සිටවන්නෙමි.

11 එහෙත් මම නුඹගේ ඉඟටි ඵලයෙන් දිවැසිවරයෙකු නඟා සිටවන්නෙමි; තවද නුඹගේ ඉඟටිවල වංශය හට මාගේ වචනය ගෙන ඒමට මා ඔහුට බලය ලබා දෙන්නෙමි – තවද මාගේ වචන ගෙන ඒමට පමණක් නොව, ඔවුන් අතර ඒ වන විටත් ගොස් තිබෙනු ඇති මාගේ වචනය ඔවුන්ට ඒත්තු ගැන්වීමට, යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක.

12 එබැවින්, නුඹගේ ඉඟටිවල ඵලය ලියනු ඇත; තවද යුදාවේ ඉඟටිවල ඵලය ද ලියනු ඇත; තවද නුඹගේ ඉඟටිවල ඵලයෙන් ලියනු ලබනු ඇති දෙයද, තවද එසේම යුදාවේ ඉඟටිවල ඵලයෙන් ලියනු ලබනු ඇති දෙයද, එකට වැඩෙනු ඇත, වැරදි ධර්මයන්හි ව්‍යාකූල බව පෙන්වීම වෙතට සහ මතභේද අවසන් කිරීමටද, සහ නුඹගේ ඉඟටිවල ඵලය අතර සාමය පිහිටුවීමටද, තවද පසුදවස්වලදී ඔවුන් ඔවුන්ගේ පියවරුන්ගේ දැනුමටද, තවද එසේම මාගේ ගිවිසුම්වල දැනුමටද ඔවුන්ව ගෙන එන්නේය යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක.

13 තවද අහෝ ඊශ්‍රායල් වංශය, නුඹව නැවත පිහිටුවීමට මාගේ කාර්යය මාගේ සියලු ජනතාව අතර ආරම්භ වන දවසේදී දුර්වලකම තුළින් ඔහුව ශක්තිමත් කරනු ලබනු ඇත්තේ යැයි ස්වාමීන්වහන්සේ පවසන සේක.

14 තවද යෝසෙප් මෙසේ පවසමින්, අනාවැකි කීවේය: බලව, එම දිවැසිවරයාව ස්වාමීන්වහන්සේ ආශිර්වාද කරන සේක; තවද ඔහුව විනාශ කිරීමට උත්සාහ කරන අයව ව්‍යාකූල කරනු ලැබේ; මක්නිසාද මාගේ ඉඟටිවල ඵල පිළිබඳව, මා ස්වාමීන්වහන්සේගෙන් ලබා ඇති මෙම පොරොන්දුව, සම්පූර්ණ කරනු ලබන්නේය. බලව, මෙම පොරොන්දුවේ සම්පූර්ණවීම පිළිබඳව මට ස්ථිරය;

15 තවද ඔහුගේ නාමය මාගේ නාමය අනුව ආමන්ත්‍රණය කරනු ලබන්නෝය; තවද එය ඔහුගේ පියාගේ නාමයෙන් පසු වන්නේය. තවද ඔහු මා මෙන් වනු ඇත; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුගේ දෑතින් ගෙන එන, එම දේ, ස්වාමීන්වහන්සේගේ බලයෙන් මාගේ ජනතාව ගැලවීම වෙතට ගෙන එන සේක.

16 එසේය, එසේහෙයින් යෝසෙප් අනාවැකි කීවේය: එපමණක් නොව, මම මෝසෙස්ගේ පොරොන්දුව පිළිබඳව ස්ථිර වන්නාක් මෙන්ම, මම මේ දෙයද පිළිබඳව ස්ථිර වන්නෙමි; මක්නිසාද මම සදාකාලයටම නුඹගේ වංශය රකින්නෙමි යැයි ස්වාමීන්වහන්සේ මා හට කීි සේක.

17 තවද ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: මම මෝසෙස් කෙනෙකු නඟා සිටුවන්නෙමි; තවද මම ඔහු හට සැරයටියකින් බලය ලබා දෙන්නෙමි; තවද මම ඔහුට ලිඛිතව විනිශ්චය ලබා දෙන්නෙමි. එහෙත් ඔහු බොහො දේ කතා කිරීමට, මම ඔහුගේ දිව නිදහස් නොකරන්නෙමි, මක්නිසාද මම ඔහුව කථනයෙහි බලවත් නොකරන්නෙමි. නමුත් මම මාගේම දෑතේ ඇඟිල්ලෙන්, ඔහු වෙත මාගේ නීතිය ලියන්නෙමි; තවද මම ඔහු වෙනුවෙන් කථාකරන්නෙකු පත් කරන්නෙමි.

18 තවද ස්වාමීන්වහන්සේ මා හටද මෙසේ පැවසූ සේක: මම නුඹගේ ඉඟටිවල ඵලය වෙත නඟා සිටුවන්නෙමි, තවද මම ඔහු වෙනුවෙන් කථාකරන්නෙකු පත් කරන්නෙමි. තවද මම, බලව, මම ඔහුට නුඹගේ ඉඟටිවල ඵලය වෙත, ඔහු නුඹගේ ඉඟටිවල ඵලය පිළිබඳ ලියවිල්ල ලිවීමට මම ඔහුට දෙන්නෙමි; තවද නුඹගේ ඉඟටිවල කථාකරන්නා එය ප්‍රකාශ කරනු ඇත.

19 තවද ඔහු ඒ ලියන්නාවූ වචන නුඹගේ ඉඟටිවල ඵලය හට යන්නා වූ මාගේ ප්‍රඥාවේ යෝග්‍යය වචන වනු ඇත. තවද එය නුඹගේ ඉඟටිවල ඵලය දූවිල්ලේ සිට ඔවුන් හට මොර ගසා තිබුනා මෙන් වනු ඇත; මක්නිසාද මම ඔවුන්ගේ ඇදහිල්ල දන්නෙමි.

20 තවද ඔවුන් දූවිල්ලෙන් මොර ගසති; එසේය, එපමණක් නොව පසුතැවිලි වීමට ඔවුන්ගේ සහෝදරයන් හට, බොහෝ පරම්පරා ගණනාවක් පසු කර ගොස් ද පවා. තවද එය මෙසේ සිදු විය, ඔවුන්ගේ වචනවල සරලභාවයට අනුව පවාද, ඒ ඔවුන්ගේ මොර ගැසීම් යන්නේය.

21 මක්නිසාද ඔවුන්ගේ ඇදහිල්ල නිසා ඔවුන්ගේ වචන මාගේ මුඛයෙන් පිටවන්නේ නුඹගේ ඉඟටියේ ඵලය වන්නාවූ ඔවුන්ගේ සහෝදරයන් හටය; තවද මම නුඹගේ පියවරුන් හට කළ මාගේ ගිවිසුම සිහිපත් කිරීමට මම ඔවුන්ගේ වචනවල දුර්වලකම ඔවුන්ගේ ඇදහිල්ලෙහි ශක්තිමත් කරන්නෙමි.

22 තවද දැන්, බලව, මාගේ පුත් ජෝසෆ් මේ ආකාරයට මාගේ පුරාතනයේ පියා අනාවැකි කීවේය.

23 එබැවින්, මෙම ගිවිසුම නිසා නුඹ ආශිර්වාද ලද්දෙහිය; මක්නිසාද නුඹගේ වංශය විනාශ නොකරනු ඇත, මක්නිසාද ඔවුහු පොතෙහි වචනවලට සවන් දෙති.

24 තවද ඊශ්‍රායල් වංශය හට සහ නුඹගේ සහෝදරයන්ගේ වංශය හට බොහෝ නැවත පිහිටුවීම් ගෙන ඒම සිදු වීමට, බලවත් ආශ්චර්යයන් ක්‍රියා කිරීමට, සහ දෙවියන්වහන්සේ තුළ බලවත් වූ දෙය කිරීමටද, දෙවියන්වහන්සේගේ දෑත්වල උපකරණයක් වෙමින් අධික වූ ඇදහිල්ලෙන් යුක්ත වූද, වචනයෙන් සහ ක්‍රියාවෙන් බොහෝ යහපත කරනු ලබන බලවත් වූ කෙනෙකු ඔවුන් අතර නැඟී සිටිනු ඇත.

25 තවද දැන්, නුඹ ආශිර්වාද ලද්දෙහිය, ජෝසෆ්. බලව, නුඹ කුඩා වියේ වන්නෙහිය, එබැවින් නීෆායි, නුඹගේ සහෝදරයාගේ වචනවලට සවන් දෙන්න, තවද එය මා කථා කර ඇති වචන අනුව පවා නුඹ වෙනුවෙන් කරනු ඇත. මරණාසන්න නුඹගේ පියාගේ වචන සිහිපත් කරගන්න. ආමේන්.