18 වැනි පරිච්ඡේදය
ක්‍රිස්තුස්වහන්සේ පැකිලීමට ගලක් සහ අමනාපයට පර්වතයක් මෙන් වන සේක – හොරෙන් බලන මායාකරුවන් නොව, ස්වාමීන්වහන්සේව සොයන්න – මඟපෙන්වීම සඳහා නීතියට සහ සාක්ෂියට හැරෙන්න – යෙසායා 8 සංසන්දනය කරන්න. ක්‍රි.පූ. 559–545 පමණ.
1 තවදුරටත්, ස්වාමීන්වහන්සේගේ වචනය මා හට මෙසේ කී සේක: නුඹ මහත් සන්නසක් ගෙන, තවද එහි මනුශ්‍යයෙකුගේ පන්හිදෙන්, මහෙර්-ෂාලාල්-හාෂ්-බශ් පිළිබඳ ලියන්න.
2 තවද යූරියා වන පූජකයා, සහ ජෙබෙරෙකියාගේ පුත් සෙකරියස් වාර්තා කිරීමට මම මා හට ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් ලබා ගත්තෙමි.
3 තවද මා අනාගතවක්තෘවරිය වෙත ගියෙමි; තවද ඇය පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කළාය. එවිට ස්වාමීන්වහන්සේ මට මෙසේ කී සේක: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බශ් යන නාමය තබන්න.
4 මක්නිසාද බලව, දරුවාට හැඬීමට දැනුමක් නොතිබෙන්නේය, මාගේ පියාණෙනි, සහ මාගෙ මවුනි, දමස්කයේ ධනයන් ඉදිරියේ සහ සමාරියේ කොල්ලයන් අසිරියාවේ රජුන්ට ඉදිරියේ ගෙන යනු ලබන්නේය.
5 ස්වාමීන්වහන්සේ එසේම මා හට නැවතත් කතා කර, මෙසේ කී සේක:
6 මක්නිසාදයත් මෙම ජනතාව ප්‍රතික්ෂේප කරනතාක්කල් ශිලෝහි ජලය සෙමින් ගලා, තවද රෙසින් සහ රෙමාලියාගේ පුත්‍රයා කෙරෙහි ප්‍රීතිමත් වී;
7 දැන් එසේහෙයින්, බලව, ස්වාමීන්වහන්සේ ගංඟාවේ ජලය ඉහළින් ඔවුන් මත ගෙන එන සේක, බොහෝ සහ ශක්තිමත්ව, අසිරියාවේ රජු සහ ඔහුගේ සියලු මහිමය පවාද; තවද ඔහු ඔහුගේ සියලු ඇළවලින් පිටතට පැමිණ, තවද ඔහුගේ සියලු ඉවුරු පිටතට යන්නේය.
8 තවද ඔහු යුදා හරහා ගමන් කරන්නේය; ඔහු පිටාර ගලා තවද පිටතට යන්නේය, ඔහු ගෙල දක්වා ළඟා වනු ඇත; අහෝ එම්මානුවෙල්, තවද ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹගේ දේශයේ පළලින් පිරී යන්නේය.
9 අහෝ නුඹ ජනතාවෙනි, නුඹලා ඇසුරු වන්න, තවද නුඹලා කැබලිවලට බිඳනු ලබන්නේය; තවද සියලු දුර රටවල සිටින නුඹලා සවන් දෙන්න; නුඹලාව සූදානම් කරගනිල්ලා, තවද නුඹලා බිඳනු ලබන්නේය.
10 එක්ව උපදෙස් ගන්න, තවද එය පැමිණ නිෂ්ඵල වනු ඇත; වචනය කතා කරන්න, තවද එය නොපවතිනු ඇත; මක්නිසාද, දෙවියන්වහන්සේ අප සමඟය.
11 මක්නිසාද ස්වාමීන්වහන්සේ මට බලවත් හස්තයකින් මෙසේ කතා කළ සේක, තවද මේ ජනතාවගේ මාර්ගයේ නොඇවිදින ලෙස, මට උපදෙස් ලබා දෙමින්, පැවසූ සේක;
12 නුඹ නොපවසන්න, සංධානයක් යැයි, මේ සෙනඟ කියන සියල්ලන්ට; සංධානයක් යැයි, ඔවුන්ගේ බියට නුඹ බිය නොවන්න, නොහොත් බිය නොවන්න.
13 සේනාවල ස්වාමීන්වහන්සේ හටම කැප කරන්න, තවද උන්වහන්සේව නුඹගේ බිය වන්නට ඉඩ දෙන්න, තවද උන්වහන්සේව නුඹගේ දැඩි බිය වන්නට ඉඩ දෙන්න.
14 තවද උන්වහන්සේ ශුද්ධස්ථානයක් වන සේක; එහෙත් ජෙරුසලමේ වැසියන්ට පැකිලීමේ ගලක්ව, සහ ඊශ්‍රායල් වංශ දෙකෙහිම අමනාපයට පර්වතයක් ද වන්නේය.
15 තවද ඔවුන් අතරෙන් බොහෝ දෙනෙක් පැකිලී සහ වැටී, තවද බිඳෙනු ලබන්නේය, තවද උගුලට අසුවී, තවද ගෙන යනු ලබන්නේය.
16 සාක්ෂිය රැගෙන බැඳ තබන්න, නීතිය මාගේ ගෝලයන් අතර මුද්‍රා කරන්න.
17 තවද මා ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටින්නෙමි, යාකොබ්ගේ වංශයෙන් උන්වහන්සේගේ මුහුණ සඟවාගන්නාවූ මා උන්වහන්සේව සොයන්නෙමි.
18 බලව, සයන් කන්දෙහි වසන, සේනාවල ස්වාමීන්වහන්සේ මම සහ මට දෙවියන්වහන්සේ ලබා දුන් දරුවන් ඊශ්‍රායල්හි ආශ්චර්යයන්ද ලකුණුද පිණිස වන්නෙමු.
19 තවද ඔවුන් නුඹට කියන විට: හුරුපුරුදු ආත්මයන් ඇත්තාවු අය ගැනත්, එබිකම් කරන හා මුමුණන මායාකාරයන් ගැනත් සොයන්න – ජීවත්ව සිටින අය මළවුන්ගෙන් ඇසීම සඳහා ජනතාවක් තම දෙවියන්වහන්සේ වෙත සෙවිය යුතු නොවන්නෙහුද?
20 නීතියට සහ සාක්ෂියට; තවද ඔවුන් මෙම වචනය අනුවට කථා නොකළහොත්, එය ඔවුන් තුළ ආලෝකයක් නොමැති හෙයින්ය.
21 තවද ඔවුන් පීඩිතව සහ බඩගිනිව එය තුළ පසු වන්නේය; තවදඑය මෙසේ සිදු වන්නේය, එනම් ඔවුන්ට බඩගිනි වූ විට, ඔවුන් කෙරෙහිම අතිශයින් කැළඹී, සහ ඔවුන්ගේ රජුන්ට සහ ඔවුන්ගේ දෙවියන්වහන්සේට ශාප කර, තවද ඉහළ දිශාවට බලන්නෝය.
22 තවද ඔවුන් පොළොව වෙත බලා තවද කරදර, සංවේගයේ අඳුරු බව, සහ අන්ධකාරය දැක, තවද අන්ධකාරයට පලවා හරිනු ලබන්නෝය.