“පෙබරවාරි 17–23. 2 නෙපි 11–25: ‘අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු,’” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“පෙබරවාරි 17–23. 2 නෙපි 11–25, එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020
පෙබරවාරි 17–23
2 නෙපි 11–25
“අපි ක්‍රිස්තුස්වහන්සේ තුල ප්‍රීති වන්නෙමු”
නෙපි ඉගැන්වූයේ යෙසායාගේ වචන “අනාවැකි ආත්මයෙන් පිරී ඇති සියල්ලන්ටම සරල වන” බවයි (2 නෙපි 25:4). ඔබ කියවන විට, ආත්මිකව සූදානම් වීමෙන්, ආත්මයාණන්ට සවන්දීමෙන් සහ ඔබේ හැඟීම් සටහන් කරගැනීමෙන් අනාවැකි ආත්මය සොයන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ලෝහ තහඩු මත කැටයම් කිරීම පහසු නොවන අතර නෙපිගේ කුඩා තහඩු වල ඉඩ සීමිත විය. එසේනම්, යෙසායාගේ ලියවිලි විශාල ප්‍රමාණයක් ඔහුගේ වාර්තාවට පිටපත් කිරීමේ වෙහෙසකාරී උත්සාහයට නෙපි යන්නේ ඇයි? “මෙම වචන දැක ඔවුන්ගේ හදවත් ඔසවමින් එමෙන්ම සියලු මනුෂ්‍යයන් ප්‍රමෝදමත් වනු” පිණිස ඔහු එය කළේය (2 නෙපි 11:8). එක අතකින්, යෙසායාගේ ලියවිලි කියවීමට ආරාධනා කිරීම ප්‍රීතිවීමට ආරාධනයකි. ඊශ්‍රායලය එක්රැස් කිරීම, මෙසියස්වහන්සේගේ පැමිණීම සහ ධර්මිෂ්ටයන්ට පොරොන්දු වූ සහස්‍ර සාමය පිළිබඳ යෙසායාගේ අනාවැකි වලින් නෙපි මෙන්, ඔබටත් සතුටු විය හැකිය. “විපතේද අන්ධකාරයේද” දවසක පවා ඔබ “විශාල ආලෝකයක් දැක ඇති” නිසා ඔබට ප්‍රීති විය හැකිය (2 නෙපි 18:22; 19:2). ඔබට “ගැලවීමේ ළිංවලින් ජලය පිටතට ඇදගැනීමට” හැකිවීම ගැන ප්‍රීති විය හැකිය (2 නෙපි 22:3). වෙනත් වචන වලින් කිවහොත්, ඔබට “ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීති විය හැකිය” (2 නෙපි 25:26).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
යෙසායාගේ ඉගැන්වීම් මට වඩා හොඳින් තේරුම්ගත හැක්කේ කෙසේද?
සමහරුන්ට “යෙසායාගේ වචන පැහැදිලි නැති” බව නෙපි පිළිගත්තේය (2 නෙපි 25:4). පුරාණ යුදෙව් සංස්කෘතිය හා නෙපි වැනි භූගෝල විද්‍යාව ගැන හුරු නැති අයට මෙය නිසැකවම සත්‍ය විය හැකිය (බලන්න 2 නෙපි 25:6). නමුත් නෙපි යෙසායාගේ ලියවිලිවල අර්ථය සොයාගැනීමට අපට උපදෙස් දුන්නේය:
-
ඔබ කෙරෙහි “ඔහුගේ වචන අදාළ කරගන්න” (2 නෙපි 11:2).යෙසායාගේ බොහෝ ඉගැන්වීම් වලට විවිධ අර්ථයන් සහ යෙදුම් තිබේ. නිදසුනක් වශයෙන්, ඊශ්‍රායලය විසුරුවා හැරීම හා එක්රැස් කිරීම පිළිබඳව ඔහු ලියූ ලියවිලි ගැලවුම්කරුවාණන් වෙත නැවත “රැස්කිරීමේ” අවශ්‍යතාවය ගැන සිතාබැලීමට ඔබව පොළඹවනු ඇත.
-
“අනාවැකි ආත්මයෙන් පූර්ණ වීමට” උත්සාහ කරන්න (2 නෙපි 25:4).යෙසායාගේ අනාවැකි තේරුම්ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් ආත්මයාණන්ගෙන් පෙළඹවීම් ලබාගැනීමයි. අධ්‍යාත්මික මගපෙන්වීම සඳහා යාච්ඤා කරන්න. ඔබට සියල්ල එකවරම නොතේරෙනු ඇත, නමුත් අද දින ඔබේ ජීවිතය සඳහා ඔබ දැනගත යුතු දේ ඉගෙනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය.
පාදසටහන්, පරිච්ඡේදයේ ශීර්ෂ පාඨ, Guide to the Scriptures යනාදිය ඇතුළු අධ්‍යයනයට උපකාර කිරීම් ඔබට උපකාරවත් විය හැකිය.
“නිවැරදි මාර්ගය ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාස කිරීමයි.”
නෙපි යෙසායාගෙන් උපුටා දැක්වීම හඳුන්වාදීම සහ අවසාන කිරීම කලේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සාක්ෂිය ප්‍රකාශ කරමිනි (බලන්න 2 නෙපි 11:2–8; 25:19–29). ඔහුගේ සාක්ෂිය ගැන ඔබව පුදුම කරන්නේ කුමක්ද? ඔබ මේ සතියේ අධ්‍යයනය කරන විට, “ක්‍රිස්තුස්වහන්සේ තුල විශ්වාස කිරීමට සහ දෙවියන්වහන්සේ තුල එකතුවීමට … [උන්වහන්සේගේ] දරුවන්ව ඒත්තුගැන්වීමට” වූ නෙපිගේ ආශාවන් ගැන සිතා බලන්න (2 නෙපි 25:23), එමෙන්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කිරීමට හා අනුගමනය කිරීමට ඔබව පොළඹවන ඡේද සටහන් කරන්න.
ගැලවුම්කරුවාණන් පිළිබඳ යෙසායාගේ බොහෝ ඉගැන්වීම් සංකේත මගින් ගෙන එන බව මතක තබාගැනීමට එය උපකාරී වේ. නිදසුනක් වශයෙන්, මිදි වත්තක අධිපතියා (බලන්න 2 නෙපි 15:1–7), ගලක් (බලන්න 2 නෙපි 18:14), සහ ආලෝකයක් (බලන්න 2 නෙපි 19:2) වැනි සංකේත වලින් ගැළවුම්කාරයාණන්ව ඔබට දැකගත හැකිය. මෙම පරිච්ඡේදවල යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සම්බන්ධ වෙනත් සංකේත මොනවාද? මෙම සංකේත උන්වහන්සේ ගැන ඔබට උගන්වන්නේ මොනවාද?
උඩඟු හා ලෞකිකයන් නිහතමානී වනු ඇත.
උඩඟුකම තම ජනතාවගේ පරිහානියට හේතු වන බව නෙපි කලින්ම දැක තිබුණි (බලන්න 1 නෙපි 12:19). එබැවින් නෙපි තම ජනතාව සමග උඩඟුකමට අනතුරු ඇඟවීමේ යෙසායාගේ වචන නැවත නැවතත් බෙදාගැනීම පුදුමයක් නොවේ. 12 සහ 13 වන පරිච්ඡේදවල, අහංකාරකම සහ මානය වැනි උඩඟුකම විස්තර කිරීමට යෙසායා භාවිතා කළ වචන සොයන්න. ඔබ උඩඟුකම ගැන අනතුරු ඇඟවීම සඳහා ඔබටම පණිවිඩයක් ලියන්නාක් මෙන්, එවිට ඔබට මෙම අනතුරු ඇඟවීම් ඔබේම වචන වලින් අර්ථ නිරූපණය කිරීමට උත්සාහ කළ හැකිය.
තවත් බලන්න “Chapter 18: Beware of Pride” (Teachings of Presidents of the Church: Ezra Taft Benson [2014], 229–40).
2 නෙපි 12:2–5; 21:9–12; 22; 24:1–3
සහස්‍රයේදී දෙවියන්වහන්සේගේ ජනයා සාමය භුක්ති විඳිනු ඇත.
නෙපි සහ ඔහුගේ ජනතාව වෙනුවට ඔබ ගැන මවාගැනීම ඔබට ප්‍රයෝජනවත් විය හැකිය. ජෙරුසලම විනාශ වීමට මොහොතකට පෙර ඔබ පලා ගිය බව සිතන්න (2 නෙපි 25:10 බලන්න), දැන් ඔබ ඊශ්‍රායලය විසුරුවාහැරීමේ කොටසකි. ඊශ්‍රායලයේ අනාගත රැස්වීම සහ සාමකාමී සහස්‍රය පිළිබඳව යෙසායාගේ ඉගැන්වීම් කියවන විට ඔබට එය හැඟුණේ කෙසේද? පසුකාලීන සාන්තුවරයන් වශයෙන්, අපව කැඳවනු ලැබුවේ ක්‍රිස්තුස්වහන්සේගේ සහස්‍ර පාලන සමය සඳහා සූදානම් වෙමින් පසුදින වලදී දෙවියන්වහන්සේගේ සෙනග එක්රැස් කිරීමට උදව් කිරීමටය. ඔබ මෙම පද කියවන විට, ඔවුන් විස්තර කරන අනාවැකි ඉටුකිරීමට ඔබ උදව් කරන්නේ කෙසේදැයි සිතා බලන්න. දෙවියන්වහන්සේගේ සෙනග එක්රැස් කිරීමට උපකාර කිරීමට ඔබව පොළඹවනවා යැයි ඔබට හැඟෙන්නේ මොනවාද?
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
2 නෙපි 12:1-3
“ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද” - වන දේවමාළිගාවට ඔබ ගොස් තිබේ නම් - “[ස්වාමින්වහන්සේගේ] මාවත්වල ගමන් කිරීමට” දේවමාළිගා ගිවිසුම් ඔබට උපකාර කරන ආකාරය ඔබේ පවුලේ අය සමග බෙදාගත හැකිය. ඔබ දේවමාළිගාවට ගොස් නැතිනම්, මෙම පද එකට කියවීමෙන් ඔබට දේවමාළිගාවේ ආශිර්වාද සඳහා සූදානම් විය හැකි ආකාරය පිළිබඳ සාකච්ඡාවක් ඇති කරගත හැකිය.
2 නෙපි 15:18–23
මෙම පද විස්තර කරන අධර්මිෂ්ට අදහස් පිළිබඳ නවීන උදාහරණ ගැන ඔබේ පවුලට සිතිය හැකිද? අපට යහපත හා නපුර පිළිබඳ බොරු අදහස් වලින් රැවටීමෙන් වැළකීසිටිය හැක්කේ කෙසේද?
2 නෙපි 21
මෙම පරිච්ඡේදය (යෙසායා 11 ට අනුරූපව) තේරුම්ගැනීමට ඔබගේ පවුලට උදව් අවශ්‍ය නම්, ඔබට යෙසායා 11 පිළිබඳ ප්‍රශ්න කිහිපයකට ජෝසෆ් ස්මිත් දිවැසිවරයා සපයන පිළිතුරු පිළිබඳ අවබෝධයක් දහම සහ ගිවිසුම 113: 1–6 කියවා සොයාගත හැකිය. මෙම පද වලින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අප ඉගෙනගන්නේ මොනවාද?
2 නෙපි 21:9
“ස්වාමින්වහන්සේ ගැන දැනුමෙන්” පොළොව පිරවීමට අපට කළ හැකි නිශ්චිත දේවල් මොනවාද?
2 නෙපි 25:23–26
“ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රීතිවීමට” ඔබේ පවුලේ සාමාජිකයන්ට ඔබ උපකාර කරන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් ගැන ප්‍රීතිය ගෙනෙන දේවල් කඩදාසි කොළ වල ලිවීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. ඉන්පසු, අනාගත පවුල් නිවාස සැඳෑවන් වල හෝ පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනය අතරතුර යමෙකුට එම කොළ කැබලි වලින් එකක් කියවිය හැකිය. පවුලේ සාමාජිකයින්ට වසර පුරා එවැනි කොළ කැබලි එකතු කළ හැකිය.
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම
රටාවන් ගැන සොයාබලන්න. ස්වාමින්වහන්සේ ක්‍රියා කරන ආකාරය පෙන්වන රටා ශුද්ධලියවිලි වලින් අපට සොයාගත හැකිය. නිදසුනක් වශයෙන්, 2 නෙපි 11-25 තුළ, ස්වාමින්වහන්සේ අනතුරු අඟවන සහ සමාව දෙන ආකාරය පෙන්වන රටා ඔබට සොයාගත හැකිය.
පැනමා හි පැනමා නගරයේ දේවමාළිගාව “ස්වාමින්වහන්සේගේ නිවෙස් කඳු මුදුන් මත පිහිටුවනු ලබන්නේය, … තවද සියළු ජාතීහු ඒ වෙතට ගලා එන්නෝය” (2 නෙපි 12:2).