“ජනවාරි 27–පෙබරවාරි 2. 1 නෙපි 16–22: ‘මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි,’” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“ජනවාරි 27–පෙබරවාරි 2. 1 නෙපි 16–22,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
ජෝසෆ් බ්‍රිකී විසින්, ලෙහි සහ ලියහෝනාව
ජනවාරි 27–පෙබරවාරි 2
1 නෙපි 16–22
“මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි”
ඔබ 1 නෙපි 16–22 දක්වා අධ්‍යයනය කරන විට, ඔබව ආකර්ෂණය කරන ඡේද සොයන්න. සමහර අය ඔවුන්ගේ ශුද්ධලියවිලි වල එවැනි පද ලකුණු කිරීමට කැමතිය; තවත් සමහරු සීමා තීරුවේ සටහන් ලියති. ඔබට ලැබෙන හැඟීම් සටහන් කරන්නේ කෙසේදැයි සලකා බලන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ලෙහිගේ පවුල පොරොන්දු දේශය දෙසට ගමන් කරමින් සිටියදී, ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙම පොරොන්දුව දුන් සේක: “එසේම නුඹලා මාගේ ආඥා පවත්වන්නාහු නම්, මම නුඹලාගේ ඉදිරි මාර්ගය පිළියෙල කරන්නෙමි” (1 නෙපි 17:13). පැහැදිලිවම, එම පොරොන්දුවෙන් ගමන පහසු වනු ඇතැයි අදහස් නොකෙරුණි - පවුලේ සාමාජිකයන් එකඟ නොවූහ, දුනු කැඩී, මිනිසුන් අරගල කර මිය ගියහ, එසේම ඔවුන්ට අමුද්‍රව්‍ය වලින් නැවක් සෑදීමටද සිදුවිය. කෙසේවෙතත්, පවුල විපත්තියකට හෝ කළ නොහැකි කාර්යයන්ට මුහුණ දුන්විට, ස්වාමින්වහන්සේ කිසිවිටෙකත් දුරස් නොවන බව නෙපි හඳුනාගත්තේය. දෙවියන්වහන්සේ “උන්වහන්සේ [ඇදහිලිවන්තයන්] පෝෂණය කරන බවත්, තවද ඔවුන් ශක්තිමත් කරන බවත්, තවද උන්වහන්සේ ඔවුන්ට ආඥා කර ඇති දෙය කිරීමට හැකිවන පරිදි උන්වහන්සේ ඔවුන්ට මාර්ගය සලසන බවත්” ඔහු දැනසිටියේය (1 නෙපි 17:3). නෙපි සහ ඔහුගේ පවුලේ අය වැනි යහපත් මිනිසුන්ට අයහපත් දේ සිදුවන්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කරනවානම්, ඔබට මෙම පරිච්ඡේදවල ඇති ප්‍රඥාව සොයාගත හැකිය. නමුත් වඩා වැදගත් දෙය නම්, නරක දේ සිදුවූ විට හොඳ මිනිසුන් කරන දේ ඔබ දකිනු ඇත.
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
මම අණ පණත් පිළිපදින විට, අභියෝග වලට මුහුණදීමට දෙවියන්වහන්සේ මට උපකාර කරන සේක.
1 නෙපි හි 16–18 දක්වා පරිච්ජේද කැඩුණු දුන්නක් සමග කටයුතු කිරීම ඇතුළුව නෙපිගේ පවුල මුහුණ දුන් අභියෝග කිහිපයක් විස්තර කරයි (බලන්න 1 නෙපි 16:17–32), ඉෂ්මයෙල්ගේ මරණය (බලන්න 1 නෙපි 16:34–39), නැවක් සෑදීම (බලන්න 1 නෙපි 17:7–16; 18:1–4), සහ පවුල් අසමගිය (බලන්න 1 නෙපි 18:9–22). මෙම අභියෝගයන්ට නෙපිගේ ප්‍රතිචාර ඔහුගේ පවුලේ සමහර සාමාජිකයන්ගේ ප්‍රතිචාර වලට වඩා වෙනස් වූයේ කෙසේද? මෙම ප්‍රතිචාරවල ප්‍රතිවිපාක මොනවාද?
“අභියෝගය,” “නෙපිගේ ප්‍රතිචාරය,” “වෙනත් අයගේ ප්‍රතිචාර” සහ “ප්‍රතිඵල” වැනි ශීර්ෂයන් සහිත වගුවක ඔබ සොයාගත් දේ වාර්තා කිරීමට එය උදව් වනු ඇත. අන් අය එසේ නොකළත් නෙපිට එතරම් විශ්වාසවන්තව සිටීමට හැකි වූයේ ඇයි කියා ඔබ සිතන්නේ ඇයි? ඔබේ අභියෝගයන්ට නෙපි සහ ඔහුගේ පවුලේ අයගේ ආදර්ශය ඔබට උපකාර කරන්නේ කෙසේදැයි සිතා බලන්න.
ChurchofJesusChrist.org හෝ සුභාරංචි පුස්තකාල යෙදුමෙහි මොර්මොන්ගේ පොතට අදාළ වීඩියෝ එකතුවෙහි අදාළ වීඩියෝ බලන්න
1 නෙපි 16:10–16, 23–31; 18:11–22
ස්වාමින්වහන්සේ කුඩා හා සරල මාර්ගයන්ගෙන් මට මගපෙන්වයි.
දෙවියන්වහන්සේ ලෙහිගේ පවුල පාළුකරයට ගෙනගිය විට, පොරොන්දු දේශයට යාමට වූ සවිස්තරාත්මක සංචාරක සැලැස්මක් උන්වහන්සේ ඔවුන්ට ලබාදුන්නේ නැත. නමුත් තම පවුලේ අයව දිනපතා ඔවුන්ගේ ගමනාන්තය කරා මෙහෙයවීමට උන්වහන්සේ විසින් ලෙහිට ලියාහෝනාව ලබාදුන් සේක. මගපෙන්වීම සහ මාර්ගෝපදේශය ලබාදීමට ස්වර්ගික පියාණන් ඔබට දී ඇත්තේ කුමක්ද? “තවද කුඩා දේවල් වලින් ස්වාමින්වහන්සේට බලවත් දේවල් කළ හැකිය” යන්නෙන් කුමක් අදහස් වනවා දැයි ඔබ සිතනවාද? (1 නෙපි 16:29).
ඔබ 1 නෙපි 16: 10–16, 23–31 සහ 18: 11–22 කියවන විට, දෙවියන්වහන්සේ තම දරුවන්ට මගපෙන්වන ආකාරය පෙන්වන මූලධර්ම ලැයිස්තුවක් සැකසීම සලකා බලන්න (නිදසුනක් වශයෙන්, 1 නෙපි 16:10 තුලින් දෙවියන්වහන්සේ සමහර විට අනපේක්ෂිත ආකාරවලින් අපට මගපෙන්වන බව උගන්වයි. මෙම මූලධර්ම සමග ඔබට ඇති අත්දැකීම් මොනවාද?
තවත් බලන්න ඇල්මා 37:7, 38–47; දහම සහ ගිවිසුම 64:33–34.
ක්ලාක් කෙලී ප්‍රයිස් විසින්, ඔබ සූදානම් නම් බිය නොවනු ඇත
මට “සියලු ශුද්ධලියවිලි” මා හට සමාන කරගත හැකිය.
යෙසායා සියලු ඊශ්‍රායෙල් දරුවන්ට ලිපියක් යැව්වේය, එමෙන්ම මෙයට ඔහුගේ පවුලේ අයද ඇතුළත් වන බව නෙපි දුටුවේය - එමෙන්ම එයට ඔබත් ඇතුළත්ය (බලන්න 1 නෙපි 19:23–24). නෙපිගේ යෙසායාගේ උපුටා දැක්වීම් සම්බන්ධයෙන් සභාපති හෙන්රි බී. අයිරින් මෙසේ පැවසුවේය, “නෙපි යෙසායාගේ කොටස් තෝරාගත්තේ යැයි සිතමින්, නිරූපණය ගැන කරදර නොවී, ස්වාමින්වහන්සේ මට කථා කරනවාක් මෙන් මගේ හදවතට කෙලින්ම යන බව සිතාගනිමින් … මම යෙසායාගේ වචන කියෙව්වෙමි” (“The Book of Mormon Will Change Your Life,” Ensign, Feb. 2004, 10).
සභාපති අයිරින්ග්ගේ වචන මනසේ තබාගෙන, ඔබ 20-22 පරිච්ඡේද කියවන විට පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න:
-
1 නෙපි 20:1-9.ඊශ්‍රායෙල් දරුවන් ගැන විස්තර කරන මෙම පදවල ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද? ඒවා ලාමන් සහ ලෙමුවෙල්ව විස්තර කරන්නේ කෙසේද? ඔබ සඳහා සොයාගන්නා අනතුරු ඇඟවීම් සහ යෙදුම් මොනවාද?
-
1 නෙපි 20:17–22.ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල් ජනයාට මගපෙන්වූයේ කෙසේද? උන්වහන්සේ ලෙහිගේ පවුලට මගපෙන්වූයේ කෙසේද? උන්වහන්සේ ඔබට මගපෙන්වන්නේ කෙසේද?
ස්වාමින්වහන්සේ ඔබට කතා කළාක් මෙන් ඔබට දැනෙන 1 නෙපි 20–22 දක්වා ඔබ සොයාගන්නා අනෙකුත් දේ මොනවාද? 22 වන පරිච්ඡේදයේ නෙපිගේ විවරණය යෙසායාගේ අනාවැකි තේරුම්ගැනීමට ඔබට උපකාර කරන්නේ කෙසේද?
ඊශ්‍රායෙල්වරුන්ගේ වංශය හා අන්‍යජාතීන් යනු කවුද?
ඊශ්‍රායෙල් වංශය යනු පරණ ගිවිසුමේ අනාගතවක්තෘ, දෙවියන්වහන්සේ විසින් ඊශ්‍රායෙල් යන නාමය ලබාදුන් යාකොබ්ගෙන් පැවත එන්නන්ය (බලන්න උත්පත්ති 32:28; 35:10; තවත් බලන්න Bible Dictionary, “Israel”). ස්වාමින්වහන්සේ ඊශ්‍රායෙල්වරුන් සමග යම් යම් ගිවිසුම් ඇති කර ගත් අතර, ඔහුගෙන් පැවතෙන්නන් දෙවියන්වහන්සේගේ ගිවිසුම් ජනතාව ලෙස සලකනු ලැබීය. කෙසේවෙතත්, පරම්පරා ගණනාවකට පසු, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වාමින්වහන්සේගෙන් ඉවතට හැරී අවසානයේදී පොළොව පුරා විසිරී ගියහ.
මෙම ඡේදවල අන්‍යජාතීන් යන යෙදුමෙන් අදහස් කරන්නේ තවමත් සුභාරංචිය නොමැති අයයි (බලන්න Bible Dictionary, “Gentile”). අවසාන කාලයේදී අන්‍යජාතීන්ට සුභාරංචිය ලබාදෙන බවත් ඊශ්‍රායෙල් වංශයට ඉගැන්වීමට හා එක්රැස් කිරීමට උපකාරී වන බවත් යෙසායා ඉගැන්වීය (බලන්න 1 නෙපි 21:22; 22:8–12; තවත් බලන්න යෙසායා 60; 66:18–20).
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමඟ ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
1 නෙපි 17:1–6, 17–22
සමහරවිට ඔබේ පවුලට නෙපිගේ පාළුකරයේ සංචාරයේ කථාව (බලන්න 1 නෙපි 17:1–6) ඔහුගේ සහෝදරයන්ගේ කථාව (බලන්න 1 නෙපි 17:17–22) හා සැසඳිය හැකිය. ඔවුන් එකම සිදුවීම් එතරම් වෙනස් ලෙස දුටුවේ ඇයි කියා ඔබ සිතන්නේ ඇයි? ඇදහිලිවන්ත ඉදිරි දර්ශනයක් තිබීම ගැන නෙපිගෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
1 නෙපි 17:17–22; 18:9–16
පවුලක ඊර්ෂ්‍යාව, වාද විවාද සහ පැමිණිලි කිරීමේ ප්‍රතිවිපාක මොනවාද? අපි මෙම ගැටළු මගහරවාගන්නේ කෙසේද?
1 නෙපි 19:22–24
නෙපි තම පවුලේ අයට ශුද්ධලියවිල්ල අදාළ කරගත්තේ “එය [ඔවුන්ගේ] ප්‍රයෝජනයට හා ඉගෙනීම සඳහා විය හැකිය” (1 නෙපි 19:23). 1 නෙපි 16–18 දක්වා ඔබේ පවුලේ අයට ඔබ සියල්ලන් සඳහා අදාළ කරගත හැකි කථා කිහිපයක් තිබේ. සමහරවිට ඔබට මෙම කථා වලින් එකක් රඟපාමින් එය ඔබගේ පවුලට අදාළ වන්නේ කෙසේද යන්න සාකච්ඡා කළ හැකිය.
1 නෙපි 21:14–16
අමතක වී ඇතැයි හැඟෙන කෙනෙකුට මෙම පදවල ඇති පණිවිඩය උපකාර කරන්නේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
පුද්ගලික අධ්‍යයනය වර්ධනය කරගැනීම
ස්වාමින්වහන්සේගෙන් උපකාර ඉල්ලන්න. ශුද්ධලියවිලි ලබාදී ඇත්තේ එළිදරව්වෙන් වන අතර ඒවා සැබවින්ම තේරුම්ගැනීමට අපට එළිදරව් අවශ්‍ය වේ. ස්වාමින්වහන්සේ මෙසේ පොරොන්දු වී ඇත, “නුඹට ලැබෙනවා යැයි … ඇදහිල්ලෙන් විශ්වාසයෙන් යුක්තව නුඹ මාගෙන් ඉල්ලනවා නම්, … නිසැකවම මේ දේවල් නුඹට දන්වනු ලැබේ” (1 නෙපි 15:11).