“පෙබරවාරි 10–16. 2 නෙපි 6–10: ‘අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් ශ්‍රේෂ්ටද?!”’ එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: මොර්මොන්ගේ පොත 2020 (2020)
“පෙබරවාරි 10–16. 2 නෙපි 6–10,” එන්න, මා අනුගමනය කරන්න - පුද්ගලයන් සහ පවුල් සඳහා: 2020
හැරී ඇන්ඩර්සන් විසින්, මාගේ කැමැත්ත නොව, නමුත් ඔබේ කැමැත්ත වේවා
පෙබරවාරි 10–16
2 නෙපි 6-10
“අහෝ අපගේ දෙවියන්වහන්සේගේ සැලැස්ම කෙතරම් ශ්‍රේෂ්ටද!”
ඔබ 2 නෙපි 6-10 කියවන විට, ස්වාමින්වහන්සේ ඔබට ඉගැන්වීමට උත්සාහ කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න. ඔබ මෙම සත්‍යයන් හඳුනාගන්නා විට, ඒවා වාර්තා කරන්න එමෙන්ම ඔබ ඉගෙනගන්නා දේ අනුව ක්‍රියා කළ හැකි ආකාරය යාච්ඤාශීලීව සලකාබලන්න.
ඔබේ හැඟීම් සටහන් කරන්න
ලෙහිගේ පවුල ජෙරුසලමෙන් පිටවී අවම වශයෙන් අවුරුදු 40 ක් ගතවී තිබුණි. ඔවුන් සිටියේ ජෙරුසලමෙන් හා දෙවියන්වහන්සේගේ ගිවිසුමේ සෙසු ජනයාගෙන් ලෝකයෙන් අඩක් ඈතින් වූ අමුතු නව ප්‍රදේශයකය. ලෙහි මියගොස් ඇති අතර, “දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම් සහ එළිදරව් කිරීම් විශ්වාස කළ” නෙපිවරුන් සහ එසේ නොකල ලාමන්වරුන් අතර ශතවර්ෂ ගණනාවක් පුරා පවතින මතභේදයක් ඔහුගේ පරම්පරාව තුල මේ වන විටත් ආරම්භ වී තිබිණි (2 නෙපි 5:6). මෙම තත්වයන් යටතේ, නෙපිගේ බාල සොහොයුරා වූ සහ දැන් නෙපිවරුන්ගේ ගුරුවරයෙකු ලෙස පැවිදි වී සිටින යාකොබ්ට අවශ්‍ය වූයේ දෙවියන්වහන්සේ ඔවුන්ව කිසිදා අමතක නොකරන නිසා ඔවුන් කිසිවිටෙකත් උන්වහන්සේව අමතක නොකළ යුතු බව, ගිවිසුම්ගත ජනතාව දැනගැනීමයි. ගිවිසුම් හෑල්ලුවට ලක්කර එළිදරව්ව ප්‍රතික්ෂේප කරනු ලබන අපේම ලෝකයේ මෙය අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය පණිවිඩයකි. “අප ඉවත නොදමනු ලබනු පිණිස, … අපි උන්වහන්සේව සිහියේ තබාගනිමු. … ස්වාමින්වහන්සේගේ පොරොන්දු බලවත්ය,” ඔහු පැවසුවේය (2 නෙපි 10:20–21). එම පොරොන්දු අතර, මරණය හා නිරය ජයගැනීම සඳහා “අසීමිත පව් කමාව” පිළිබඳ පොරොන්දුවට වඩා වටිනා දෙයක් නැත (2 නෙපි 9:7). “එබැවින්,” “ඔබේ හදවත් සතුටු කරන්න” කියමින් යාකොබ් අවසාන කළේය.! (2 නෙපි 10:23).
පුද්ගලික ශුද්ධලියවිලි අධ්‍යයනය සඳහා අදහස්
ස්වාමින්වහන්සේ සිය සෙනගට අනුකම්පා කරන අතර උන්වහන්සේගේ පොරොන්දු ඉටුකරන සේක.
තමන් ඊශ්‍රායෙල් වංශයේ කොටසක් බවත්, දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පොරොන්දු කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් තම සෙනගට තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා, යාකොබ් 2 නෙපි 6–8 හි වාර්තා කර ඇති යෙසායාගේ අනාවැකි උපුටා දැක්වීය. ඊශ්‍රායෙලය විසුරුවාහැරීම සහ ගැලවුම්කරුවාණන් පොරොන්දු වූ එක්රැස්වීම සහ උන්වහන්සේගේ සෙනග මුදවාගැනීම යෙසායා විස්තර කළේය. ඔබ කියවන විට, පහත සඳහන් ප්‍රශ්න ගැන මෙනෙහි කරන්න:
-
ගැළවුම්කාරයාණන් මා කෙරෙහි ඇති මුදවාගැනීමේ ආදරය ගැන මා ඉගෙනගන්නේ මොනවාද?
-
ගැලවුම්කරුවාණන් උන්වහන්සේව සොයන අයට දෙන සැනසීම කුමක්ද?
-
ගැළවුම්කාරයාණන් සහ උන්වහන්සේගේ පොරොන්දු වූ ආශිර්වාද සඳහා වඩාත් විශ්වාසවන්තව “බලාසිටීමට” මට කුමක් කළ හැකිද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය වන්දිගෙවීම තුළින් සියලු මිනිසුන්ව ශාරීරික හා අධ්‍යාත්මික මරණයෙන් ගලවාගන්නා සේක.
මරණයෙන් හා පාපයෙන් අපව ගලවාගැනීම සඳහා මිදුම්කරුවෙකු කෙරෙහි අපේ අවශ්‍යතාවය යමෙකු සමග සන්නිවේදනය කිරීමට ඔබ භාවිතා කරන වචන හෝ රූප මොනවාද? යාකොබ් “භයානක” සහ “රාක්ෂයා” යන වචන භාවිතා කළේය. “ඒ රාක්ෂයා, මරණය සහ නිරය” සහ දෙවියන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති “ගැලවීම” ගැන යාකොබ් ඉගැන්වූයේ කුමක්ද? (2 නෙපි 9.10). ඔබ 2 නෙපි 9: 1–26 කියවන විට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නොමැතිව අපට කුමක් සිදුවේද යන්න එක වර්ණයකින් ලකුණු කිරීම ගැන සලකාබලන්න. පසුව, වෙනත් වර්ණයකින්, ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම තුළින් අපට ලැබිය හැකි දේ ඔබට ලකුණු කළ හැකිය. “දෙවියන්වහන්සේගේ ප්‍රඥාව, උන්වහන්සේගේ දයාව හා කරුණාව” ඔබට ප්‍රශංසා කිරීමට හේතු වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම පිළිබඳව ඔබ සොයාගෙන ඇති සත්‍යයන් මොනවාද? (2 නෙපි 9:8).
තවත් බලන්න “Atonement of Jesus Christ,” Gospel Topics, topics.ChurchofJesusChrist.org.
මට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ වන්දිගෙවීමෙහි මහිමාන්විත ආශිර්වාද ලබාගත හැකිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ලෝකයට පැමිණියේ සිය හඬට සවන්දෙන්නේ නම් සියලු මිනිසුන්ව ගලවා ගන්නා පිණිසය” (2 නෙපි 9:21; ඇල අකුරු එකතු කරන ලදි). වෙනත් වචන වලින් කිවහොත්, උන්වහන්සේ දෙන ගැලවීමේ ආශිර්වාද පිළිගැනීමට අප සූදානම් විය යුතුය. මිදීමේ ශ්‍රේෂ්ට සැලැස්ම විස්තර කිරීමෙන් පසු, යාකොබ් 2 නෙපි 9: 27–54 හි සොයාගත හැකි වැදගත් අනතුරු ඇඟවීම් සහ ආරාධනා ලබාදුන්නේ, වන්දිගෙවීමේ ආශීර්වාද ලබාගැනීමට අපට උපකාර කිරීමටය. මෙවැනි වගුවක ඒවා වාර්තාකිරීම සලකාබලන්න:
|
අනතුරු ඇඟවීම් |
ආරාධනා |
|---|---|
අනතුරු ඇඟවීම් | ආරාධනා |
අනතුරු ඇඟවීම් | ආරාධනා |
මෙම අනතුරු ඇඟවීම් හා ආරාධනා වලට ප්‍රතිචාර වශයෙන් ආත්මයාණන්වහන්සේ ඔබෙන් ඉල්ලාසිටිනවා යැයි ඔබට හැඟෙන්නේ මොනවාද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම නිසා මට මගේ හදවත “සතුටු කරන්නට” පුළුවන්.
යාකොබ්ගේ පණිවිඩය ප්‍රීතිමත් එකක් විය. “මා මේ දේවල් නුඹලා හට කථාකරන්නේ,” ඔහු කීවේය, “නුඹලා ප්‍රීතිවනු පිණිසත්, නුඹලාගේ හිස් සදහටම ඔසවනු පිණිසත්ය” (2 නෙපි 9:3). ඔබ 2 නෙපි 10:20, 23–25 කියවන විට, ඔබට බලාපොරොත්තුවක් ලබාදෙන ලෙස ඔබ දකින්නේ මොනවාද? 2 නෙපි 9–10 තුළ ඔබට බලාපොරොත්තුවක් ලබාදුන් ඔබ සොයාගෙන ඇති තවත් දේ මොනවාද? ඔබ අධෛර්යයට පත්වූ විට මේ දේවල් මතකතබාගැනීමට ඔබ කරන්නේ කුමක්ද?
තවත් බලන්න යොහාන් 16:33.
පවුල් ශුද්ධලියවිලි අධ්‍යයනය සහ පවුල් නිවාස සන්ධ්‍යාව සඳහා අදහස්
ඔබ ඔබේ පවුලේ අය සමග ශුද්ධලියවිලි කියවන විට, ඔබේ පවුලේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවධාරණය කළ යුතු හා සාකච්ඡා කළ යුතු මූලධර්ම මොනවාදැයි දැනගැනීමට ආත්මයාණන්ට උපකාර කළ හැකිය. මෙන්න අදහස් කිහිපයක්.
2 නෙපි 8:3–7
ඔබ 2 නෙපි 8:3 කියවන විට, ඔබට කාන්තාරයක සහ උද්‍යානයක පින්තූර පෙන්විය හැකිය. ස්වාමින්වහන්සේ අපගේ ජීවිතයේ කාන්තාර උද්‍යාන බවට පත්කරන්නේ කෙසේද? 4-7 වන පද වල, 3 වන පදයේ විස්තර කර ඇති ප්‍රීතිය ලබාගැනීම සඳහා ස්වාමින්වහන්සේ අපට උපදෙස් දෙන්නේ කුමක්ද?
2 නෙපි 8:24–25
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාසවන්ත ගෝලයන් වීමට අප දරන උත්සාහයේදී යෙසායා සයොන වැසියන් දිරිගන්වන වචන අපව ශක්තිමත් කරන්නේ කෙසේද? අවදි වීම හා ඇඳුම් ඇඳීම දෙවියන්වහන්සේ අප ආත්මිකව කළයුතු යැයි බලාපොරොත්තු වන දේට සමානවන්නේ කෙසේද?
2 නෙපි 9:1-26
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ “අසීමිත වන්දිගෙවීමේ” විශාලත්වය වඩා හොඳින් තේරුම්ගැනීමට ඔබේ පවුලට කුමක් කළ හැකිද? (7 වන පදය). සමහරවිට කෙතක තණකොළ තල, වෙරළේ වැලි ඇට හෝ අහසේ තරු මෙන් - ඔවුන්ට අසීමිත යැයි පෙනෙන දේවල් දෙස බැලීමට හෝ සිතීමට හැකිය. ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම අසීමිත වන්නේ කෙසේද? ගැලවුම්කරුවාණන් අප වෙනුවෙන් කළ දේ පිළිබඳව අපගේ කෘතඥතාව ගැඹුරු කරන 2 නෙපි 9 හි ඇති වාක්‍ය ඛණ්ඩ මොනවාද?
2 නෙපි 9:27–44
සමහරවිට මේ සතියේ එක් දිනක් ඔබගේ පවුලට (දුක්වේ යන්නෙන් අවසාන වන) අනතුරු ඇඟවීම් සොයමින් 2 නෙපි 9: 27-38 දක්වා සෙවිය හැකිය. ඔබේ පවුලේ අයට සාකච්ඡා කිරීමට විශේෂයෙන් වැදගත් වන්නේ මේවායින් මොනවාද? තවත් දවසක, යාකොබ් තම සෙනගට මතකතබාගැනීමට ආරාධනා කළ දේ සොයමින් ඔබට 2 නෙපි 9: 39–44 කියවිය හැකිය.
2 නෙපි 9:28–29, 50–51
“ආඩම්බරකම, දුර්වලකම සහ මිනිසුන්ගේ මෝඩකම” සඳහා උදාහරණ මොනවාද? (28 වන පදය). දෙවියන්වහන්සේගේ දේවල් වලට වඩා වැඩි වටිනාකමක් හා ලෝකයේ දේවල් වලට ඊට අඩු වටිනාකමක් ලබාදීමට අපට කුමක් කළ හැකිද?
2 නෙපි 9:45
ඔබේ පවුලේ අයට කඩදාසි දාමයක් සාදාගෙන එය එකට දැමීමෙන් සහ සෙලවීමට වාර ලබාගැනීමෙන් විනෝද විය හැකිය. පව් දම්වැල් මෙන් වන්නේ කෙසේද? ඒවා සොලවා දමන්නට ගැලවුම්කරුවාණන් අපට උදව් කරන්නේ කෙසේද?
දරුවන්ට ඉගැන්වීමට තවත් අදහස් සඳහා, බලන්න Come, Follow Me—For Primary හි this week’s outline.
අපගේ ඉගැන්වීම් වර්ධනය කරගැනීම
ලබාගත හැකි සහ ලඟාවිය හැකි වන්න. “හොඳම ඉගැන්වීම් අවස්ථා සමහරක් ආරම්භවන්නේ [පවුලේ] සාමාජිකයෙකුගේ හදවතේ ප්‍රශ්නයක් හෝ ගැටළුවක් වශයෙනි. … ඔබ ඒවා ඇසීමට උනන්දුවක් දක්වන බව ඔබේ වචන හා ක්‍රියාවෙන් ඔවුන්ට දන්වන්න” (Teaching in the Savior’s Way, 16).
දෙවියන්වහන්සේගේ සියලු දරුවන් “උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්නේ නම්” ගැළවුම්කාරයාණන් ඔවුන්ව ගලවාගන්නා සේක” (2 නෙපි 9:21). ජේ. කර්ක් රිචඩ්ස් විසින්, උන්වහන්සේ විවිධ රෝග බොහොමයක් සුවකළ සේක