එන්න, මා අනුගමනය කරන්න
මැයි 25–31. “ස්වාමින්වහන්සේ ගැලවුම්කරුවෙකු නැගුටුවා දුන් සේක”: විනිශ්චයකාරයන්ගේ පොත 2–4; 6–8; 13–16


“මැයි 25–31. ‘ස්වාමින්වහන්සේ ගැලවුම්කරුවෙකු නැගුටුවා දුන් සේක: විනිශ්චයකාරයන්ගේ පොත 2–4; 6–8; 13–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මැයි 25–31. ‘ස්වාමින්වහන්සේ ගැලවුම්කරුවෙකු නැගුටුවා දුන් සේක,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

අනාගතවක්තෘවරිය වූ දෙබොරා

ඩෙස් ලෙවිට් විසින්, “I Will Surely Go with Thee”—Deborah the Prophetess [“සැබවින් මම නුඹ සමග යන්නෙමි”—අනාගතවක්තෘවරිය වූ දෙබොරා]

මැයි 5–31:“ස්වාමින්වහන්සේ ගැලවුම්කරුවෙකු නැගුටුවා දුන් සේක”

විනිශ්චයකාරයන්ගේ පොත 2–4; 6–8; 13–16

පව් කිරීම, ඒ ගැන දුක් වීම, ඉන්පසු පසුතැවිලි වී අපගේ මාර්ග වෙනස් කිරීමට අධිෂ්ඨාන කිරීම වැනි දේ කොයි වගේද කියලා අපි කවුරුත් දන්නවා. නමුත් බොහෝ විට අපට අපගේ පෙර අධිෂ්ඨානය අමතක වෙනවා, ඉන්පසු පරීක්ෂාව පැමිණි විට, අප විසින්ම එම පාපයම කරන බව අපට පෙනී යනවා. මෙම රටාව විනිශ්චයකරුවන්ගේ පොතෙහි නිතර දක්නට ලැබෙනවා. ඔවුන් දේශයෙන් එළවා දැමිය යුතු අය වන—කානානිවරුන්ගේ විශ්වාසයන් සහ නමස්කාර පිළිවෙත් මගින් බලපෑමට ලක් වුණා—ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් කඩ කර උන්වහන්සේට නමස්කාර කිරීමෙන් වැළකී සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ට උන්වහන්සේගේ රැකවරණය අහිමි වී වහල්භාවයට පත්වුණා. එහෙත් මෙය සිදු වූ සෑම අවස්ථාවකදීම, ස්වාමින්වහන්සේ තම ගිවිසුම් සෙනඟට පසුතැවිලි වීමට අවස්ථාව ලබා දුන් අතර, “විනිශ්චයකාරවරයෙකු” ලෙස හඳුන්වනු ලබන හමුදා නායකයෙකුව ගලවාගන්නෙකු ලෙස ගෙන ආවා. විනිශ්චයකාරයන්ගේ පොතේ සිටින සියලුම විනිශ්චයකරුවන් ධර්මිෂ්ඨ නොවූ නමුත් ඔවුන්ගෙන් සමහරෙක් ඉශ්‍රායෙල් පුත්‍රයන්ව ගලවා ගැනීමටත්, ස්වාමින්වහන්සේ සමඟ ඇති ඔවුන්ගේ ගිවිසුම් සබඳතාවයට ඔවුන්ව නැවත ගෙන ඒමටත් මහත් ඇදහිල්ලක් දැක්වුවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් අපව ඈත් කර ඇත්තේ කුමක් වුවත්, උන්වහන්සේ ඉශ්‍රායලයේ මිදුම්කරුවාණන් බවත්, අපව මුදාගැනීමටත්, අප උන්වහන්සේ වෙතට ආපසු යන විට අපව පිළිගැනීමටත් සැමවිටම කැමැත්තෙන් සිටින බවත් මෙම කථා අපට මතක් කර දෙනවා.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

විනිශ්චයකාරයන්ගේ පොත 2:1–19; 3:5–12

මම පසුතැවිලි වන විට ස්වාමින්වහන්සේ සමාව දෙන සේක.

විනිශ්චයකාරයන්ගේ පොත අනතුරු ඇඟවීමක් මෙන්ම දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. ඔබ විනිශ්චයකාරයන්ගේ පොත 2:1–19; 3:5–12 කියවන විට මෙම අනතුරු ඇඟවීම සහ දිරිගැන්වීම සොයන්න. මෙම අනතුරු ඇඟවීම සහ දිරිගැන්වීම ඔබට අදාළ වන බව ඔබට හැඟෙන්නේ කෙසේද?

උදාහරණයක් වශයෙන්, විනිශ්චයකාරයන්ගේ පොත 2:19 පුරාණ ඉශ්‍රායෙල්වරුන් ගැන නොව ඔබ සහ ඔබේ පරීක්ෂාවන් ගැන වන්නේ නම්, එයින් කුමක් කියවෙයිද? විනිශ්චයකාරයන්ගේ පොත 3:9 ඔබව ගලවා ගැනීමට ස්වාමින්වහන්සේ කළ දේ ගැන නම්, එයින් කුමක් කියවෙයිද?

යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයක් 9 වෙනි පිටුවේ ඇති ප්‍රශ්නය සහ පිළිතුරු කියවීම ගැන සලකා බලන්න. ඔබට හැඟෙන ලෙස, විනිශ්චයකාරයන්ගේ පොතේ ඉශ්‍රායෙල්වරුන්ගේ අත්දැකීම්වලට මෙය අදාළ වන්නේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙයින් ඔබට උගන්වන්නේ කුමක්ද?

විනිශ්චයකාරයන්ගේ පොත 4:1–15

සෙමනේරි නිරූපකය
ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට මට අන් අයට පෙළඹවීමක් ලබාදිය හැකිය.

සමහර විට එක් පුද්ගලයෙකුගේ ඇදහිල්ල තවත් බොහෝ දෙනෙකු තුළ ඇදහිල්ල සඳහා පෙළඹවීමක් වෙන්න පුළුවන්. විනිශ්චයකාරයන්ගේ පොත 4 තුළ, එම එක් පුද්ගලයා වන්නේ දෙබොරා යි. විනිශ්චයකාරයන්ගේ පොත 4:1–15 තුළ ඇය ගැන කියවා, ඇය අවට සිටින පුද්ගලයින්ට ඇය නිසා ඇති වූ බලපෑම සැලකිල්ලට ගන්න. ඇයගේ අත්දැකීම් ඔබේ ජීවිතයට අදාළ වන්නේ කෙසේදැයි සලකා බැලීමට ඔබට උපකාර වන ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • ඒ කාලයේ ඉශ්‍රායෙල්වරුන් සිටි තත්වයන් ඔබ විස්තර කරන්නේ කෙසේද? (බලන්න 1–3 පද). පුද්ගලයන් සහ සමාජය තුළ ඇති—අද තත්ත්වයන් සමඟ ඔබ දකින සමානකම් මොනවාද?

  • දෙබොරාට ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබූ බව ඔබට පෙන්වන්නේ ඇගේ කුමන වචන හෝ ක්‍රියාවන්ද? ඇගේ ඇදහිල්ල අන් අයට බලපෑවේ කෙසේද? ඇය ගැන ඔබව විශ්මයට පත් කරන තවත් දේවල් මොනවාද?

  • ඔබ සිතනා ලෙස, 14 වෙනි පදයේ ඇති ඇගේ ප්‍රශ්නයෙන් දෙබොරා අදහස් කළේ කුමක්ද: “ස්වාමින්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේද?” ස්වාමින්වහන්සේ ඔබට “පෙරටුව යන්නේ”කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 84:87–88).

එකට ඇවිදින තරුණ ගැහැණු ළමුන්

දෙබොරාගේ ඇදහිල්ල බාරාක්ට සහ අනෙකුත් ඉශ්‍රායෙල්වරුන්ට ආශිර්වාද කළ ආකාරයටම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල අන් අයට ආශිර්වාද කළ හැකි ආකාරය ගැන මෙනෙහි කරන්න. ඔබට මේ ගැන සිතීමට උපකාර කිරීම සඳහා, ඔබට වැඩිහිටි නීල් එල්. ඇන්ඩර්සන්ගේ “අපි ක්‍රිස්තුස්වහන්සේ ගැන කතා කරන්නෙමු”(ලියහෝනා, නොවැ. 2020, 88–91) යන පණිවිඩය අධ්‍යයනය කරන්න පුළුවන්. (1) ගැලවුම්කරුවාණන් ගැන වඩාත් විවෘතව කථා කිරීමට හේතු සහ (2) එය කළ හැකි ක්‍රම ගැන සෙවීම සඳහා මෙම පණිවිඩය කියවන්න.

ඉන්පසු ඔබට ශුද්ධලියවිලි වලින්, ජීවමාන අනාගතවක්තෘවරුන්ගේ වචනවලින් සහ ඔබේ පෞද්ගලික අත්දැකීම් වලින් ඔබ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දැනගෙන ඇති දේවල් ලැයිස්තුවක් සාදාගන්න පුළුවන්. මෙය දැනගත යුත්තේ කවුද? ඔබ එය බෙදාගන්නේ කෙසේද?

තවත් බලන්න මතෙව් 5:14–16; 1 පේත්‍රැස් 3:15.

බෙදා ගැනීමට ආරාධනා කරන්න. ඔබ නිවසේ හෝ සභාවේ ගුරුවරයෙකු නම්, “ගැලවුම්කරුවාණන් සහ උන්වහන්සේගේ ශුභාරංචිය ගැන ඔවුන් ඉගෙන ගන්නා දේ එකිනෙකා සමඟ බෙදා ගැනීමට ඉගෙනගන්නන්ට අවස්ථාව ලබා දෙන්න. මෙය සිදු කිරීම මගින් ඔවුන්ට උගන්වන සත්‍යයන් ඔවුන්ගේ අභ්‍යන්තරයට ගෙන, ඔවුන්ට ඒවා ප්‍රකාශ කිරීමට උදව් වෙයි” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම26). උදාහරණයක් ලෙස, එකට එකතු වී විනිශ්චයකාරයන්ගේ පොත 4 අධ්‍යයනය කරන විට, ඔබට ඉගෙනගන්නා සෑම කෙනෙකුටම ඒ ඒ පරිච්ඡේදයේ සෙවීමට නිශ්චිත යමක් ලබා දී ඔවුන් සොයා ගන්නා දේ එකිනෙකා සමඟ බෙදා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න ඔබට පුළුවන්.

විනිශ්චයකාරයන්ගේ පොත 6–8

මම ස්වාමින්වහන්සේගේ කෙරෙහි විශ්වාස කරන විට උන්වහන්සේට හාස්කම් කළ හැකිය.

ඔබ විනිශ්චයකාරයන්ගේ පොත 6–8 කියවන විට, ගිඩියොන්ට විශ්වාස කිරීමට නොහැකි යැයි පෙනෙන දෙයක් විශ්වාස කරන ලෙස ස්වාමින්වහන්සේ ඉල්ලා සිටි අවස්ථා ගැන අවධානය දෙන්න. උන්වහන්සේ ඔබෙන් එවැනි දෙයක් කවදා හෝ අසා තිබෙනවාද?

ඔබට හැඟෙන ලෙස, මෙම වාර්තාව සමඟ ස්වාමින්වහන්සේ ඔබට ඉගැන්වීමට උත්සාහ කරන්නේ කුමක්ද? ස්වාමින්වහන්සේ කළ නොහැකි යැයි පෙනෙන ආකාර වලින් උන්වහන්සේගේ කාර්යය කරන ආකාරය ඔබ දැක ඇත්තේ කෙසේද?

විනිශ්චයකාරයන්ගේ පොත 13–16

මම මගේ ගිවිසුම්වලට ඇදහිලිවන්තව සිටින විට දෙවියන්වහන්සේ මාව ශක්තිමත් කරන සේක.

සම්සොන්ට ඔහුගේ ශාරීරික ශක්තිය සහ ආත්මික ශක්තිය යන දෙකම අහිමි වූයේ ඔහු විශේෂයෙන්ම නාසරියයන්ට අදාළ වූ ගිවිසුම් ඇතුළුව, දෙවියන්වහන්සේ සමඟ ඇති ගිවිසුම් කඩ කළ නිසයි, (නාසරියයන් පිළිබඳ තොරතුරු සඳහා බලන්න, ගණන් කථාව 6:1–6; විනිශ්චයකාරයන්ගේ පොත 13:7). ඔබ විනිශ්චයකාරයන්ගේ පොත 13–16 හි සම්සොන් ගැන කියවන විට, ස්වාමින්වහන්සේ සම්සොන් සමඟ සිටි බව පෙන්වන පද මෙන්ම සම්සොන් සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේට කැප නොවූ බව පෙන්වන පද ද සැලකිල්ලට ගන්න.

ඔබ ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් ගැන ද ඔබට සිතා බලන්න පුළුවන්. මෙම ගිවිසුම් උන්වහන්සේගේ බලය ඔබේ ජීවිතයට ගෙන ආවේ කෙසේද? දෙවියන්වහන්සේ සමඟ ඔබේ ගිවිසුම්වලට එකඟව සිටීමට ඔබව පොළඹවන සම්සොන්ගේ අත්දැකීම් වලින් ඉගෙනගන්නේ මොනවාද?

ඈන් එම්. ඩිබ් සහෝදරිය මෙසේ ඉගැන්වුවා: “සම්සොන් උපත ලැබුවේ විශාල හැකියාවන් ඇතිවයි. ඔහුගේ මවට මෙසේ පොරොන්දු ලැබී තිබුණා, ‘ඔහු පිලිස්තිවරුන්ගේ අතින් ඉශ්‍රායෙල් ගළවන්ට පටන්ගන්නවා ඇත’ [විනිශ්චයකාරයන්ගේ පොත 13:5]. නමුත් සම්සොන් වැඩෙත්ම, ඔහු දෙවියන්වහන්සේගේ මගපෙන්වීමට වඩා ලෝකයේ පරීක්ෂාවන් දෙස බැලුවා. ‘[ඒ] ඔහුගේ කැමත්ත’ [විනිශ්චයකාරයන්ගේ පොත 14:3] නිසා ඔහු ඒ තේරීම් කළා, නමුත් ඔහු එසේ කළේ එම තේරීම් නිවැරදි නිසා නොවේ. සම්සොන්ගේ ගමන, ක්‍රියා සහ තේරීම් ගැන පවසන විට ශුද්ධලියවිලි පදවල ‘ඔහු ගොස්’ [විනිශ්චයකාරයන්ගේ පොත 14:7] යන වාක්‍ය ඛණ්ඩය නැවත නැවතත් භාවිතා කරනවා. ඔහුගේ ශ්‍රේෂ්ඨ හැකියාවන් සපුරාලීම සඳහා නැගී සිටීම හා බැබළීම වෙනුවට, සම්සොන් ලෝකයේ දේවල් වලින් යටපත් වී සිටියා, ඔහුට ලැබී තිබූ දෙවියන්වහන්සේ දුන් බලය අහිමි වුණා, සහ ඛේදජනක, ඉක්මන් මරණයකින් ඔහු මිය ගියා” (“Arise and Shine Forth,” Liahona, May 2012, 118).

තවත් බලන්න ඩැලන් එච්. ඕක්ස්, “ගිවිසුම් සහ වගකීම්,” ලියහෝනා, මැයි 2024, 93–96; උලිසෙස් සෝරෙස්, “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගිවිසුම් විශ්වාසය,” ලියහෝනා, මැයි 2024, 17–21.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

මෙම ඉරිදා මාසයේ පළමු ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන්ට “උපග්‍රන්ථය B: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.

විනිශ්චයකාරයන්ගේ පොත 3:7–9, 12–15

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ ගලවන්නා වන සේක.

  • පාපයෙන් අපව ගලවා ගැනීමට ගැලවුම්කරුවාණන්ගේ බලය ගැන උගන්වන රටාවක් ගැන විනිශ්චයකාරයන්ගේ පොත 3 විස්තර කරනවා. ඔබේ දරුවන්ට මෙම රටාව හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට මෙම වාක්‍ය ඛණ්ඩ ලියා තැබිය හැකිය: “නපුර කළා”, “ස්වාමින්වහන්සේට මොරගැසුවා” සහ “ගලවන්නෙකු නැඟිටුවා.” ඉන්පසු ඔබේ දරුවන්ට විනිශ්චයකාරයන්ගේ පොත 3:7–9 සහ විනිශ්චයකාරයන්ගේ පොත 3:12–15 තුළ ඇති මෙම වාක්‍ය ඛණ්ඩ සොයන්න පුළුවන්. මෙම රටාවෙන් අපි ස්වාමින්වහන්සේ ගැන ඉගෙනගන්නේ මොනවාද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ගලවාගන්නා බව අවධාරණය කිරීමට, ඔබට යේසුස්වහන්සේගේ පින්තූරයක් ඇතුළුව යම් යම් පුද්ගලයින්ගේ පින්තූර කිහිපයක් එකතු කර ඒවායෙහි රූප නොපෙනෙන ලෙසට බිමට හරවා තබන්න පුළුවන්. ඔබේ දරුවන්ට මාරුවෙන් මාරුවට ඒ පින්තූර පෙරළා බැලීමට ඉඩ දෙන්න. ඔවුන් යේසුස්වහන්සේගේ පින්තූරය සොයාගත් විට, උන්වහන්සේ ගැන ගීතයක් ගායනා කර, උන්වහන්සේ ඔබව ගලවාගත් ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න.

විනිශ්චයකාරයන්ගේ පොත 4:1–15

ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට මට අන් අයට පෙළඹවීමක් ලබාදිය හැකිය.

  • දෙබොරා ගැන ඔබ අගය කරන දේ එකිනෙකා සමඟ බෙදාගන්න. ස්වාමින්වහන්සේ කෙරෙහි ඇගේ ඇදහිල්ල ඇය වටා සිටින පුද්ගලයින්ට ආශිර්වාද කළේ කෙසේද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි වැඩි ඇදහිල්ලක් තැබීමට අන් අයට උපකාර කිරීමට අපට කළ හැක්කේ මොනවාද?

    2:9

    Deborah the Prophetess

විනිශ්චයකාරයන්ගේ පොත 7:1–21

ස්වාමින්වහන්සේට ශ්‍රේෂ්ඨ කාර්යයන් කිරීමට කුඩා දේවල් භාවිතා කළ හැකිය.

  • ගිඩියොන්ගේ හමුදාව මෙතරම් කුඩා වෙනවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ ඇයි? (බලන්න විනිශ්චයකාරයන්ගේ පොත 7:2).

    2:37

    The Army of Gideon

  • ඔබේ දරුවන්ට කඩුවක්, පලිහක්, හොරණෑවක්, පහනක් සහ පිට්ටනියක් වැනි චිත්‍ර ඇඳිය ​​හැකි අතර, සටනකදී තමන්ට අවශ්‍ය මෙම වස්තූන්ගෙන් කවරක්දැයි කතා කරන්න පුළුවන්. ඉන්පසු ස්වාමින්වහන්සේ ගිඩියොන්ගේ හමුදාවට භාවිතා කරන්නට කිව්වේ මොනවාදැයි ඉගෙනගැනීමට, ඔවුන්ට විනිශ්චයකාරයන්ගේ පොත 7:16 කියවන්න පුළුවන්. ඔබ විනිශ්චයකාරයන්ගේ පොත 7:19–21 තුළ ඇති සටන ගැන කියවන විට, මෙම කතාවෙන් ඔබ ස්වාමින්වහන්සේ ගැන ඉගෙන ගන්නා දේ එකිනෙකා සමඟ බෙදාගන්න.

සම්සොන් දේවමාළිගාවේ කණු පහළට තල්ලු කරමින්

ජේම්ස් ටිස්සොට් සහ අනෙකුත් අය විසින්, Samson Puts Down the Pillars [සම්සොන් කණු බිම දමයි]

විනිශ්චයකාරයන්ගේ පොත 13: 5

ගිවිසුම් පැවැත්වීම මට ශක්තිය ලබාදෙයි.

  • අපගේ ගිවිසුම් අපට අධ්‍යාත්මික ශක්තිය ලබාදෙනවා සේම, සම්සොන් ස්වාමින්වහන්සේ සමඟ ඇති කරගත් ගිවිසුම් ඔහුට ශාරීරික ශක්තිය ලබා දුන්නා. ඔබේ දරුවන් ශාරීරික අභ්‍යාස කිහිපයක් කිරීමෙන් සහ එම ව්‍යායාම අපගේ ශරීරය ශක්තිමත් කිරීමට උපකාරී වන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීමෙන් සතුටු වෙන්න පුළුවන්. අපගේ ගිවිසුම් පවත්වා ගැනීම අපගේ ආත්මයන් ශක්තිමත් කරන්නේ කෙසේද? (බලන්න මොසායා 18:8–10; දහම සහ ගිවිසුම් 20:77, 79).

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

ගිඩියොන්ගේ හමුදාවේ සාමාජිකයන් ඔවුන්ගේ හොරණෑ පිඹිමින්

ඩැනියෙල් ඒ. ලුවිස් විසින්, Gideon’s Army [ගිඩියොන්ගේ හමුදාව]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ස්වාමින්වහන්සේට ශ්‍රේෂ්ඨ කාර්යයන් කිරීමට කුඩා දේවල් භාවිතා කළ හැකිය.