“මැයි 18–24. ‘ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න: යෝෂුවා 1–8; 23–24,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“මැයි 18–24. ‘ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න,’” එන්න, මා අනුගමනය කරන්න 2026
ඩැරල් තෝමස් විසින්, Moses Ordaining Joshua [මෝසෙස් යෝෂුවාව නියම කරමින්] (විස්තර)
මැයි 18–24:“ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න”
යෝෂුවා 1–8; 23–24
ඒ සඳහා පරම්පරා කිහිපයක් ගත වූ නමුත් ස්වාමින්වහන්සේගේ පොරොන්දුව ඉටු වීමට ආසන්න වී තිබුණා: ඉශ්‍රායෙල් පුත්‍රයෝ අවසානයේ පොරොන්දු වූ දේශය උරුම කර ගැනීමට ආසන්න වී සිටියා. නමුත් යොර්දාන් ගඟත්, යෙරිකෝවේ පවුරුත්, ස්වාමින්වහන්සේව ප්‍රතික්ෂේප කළ බලවත් සෙනඟක්ද ඔවුන්ගේ මාර්ගයේ සිටියා (බලන්න 1 නෙපී 17:35). ඔවුන්ගේ ආදරණීය නායකයා වූ මෝසෙස් නොමැතිව ඔවුන්ට ඒ සියල්ලට මුහුණ දීමට සිදුවෙනවා. මෙම තත්වය නිසා සමහර ඉශ්‍රායෙල්වරුන්ට දුර්වල බවක් හා බියක් දැනෙන්නට ඇති, නමුත් ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා, “ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න.” ඔවුන්ට ධෛර්යවත් වීමට තිබූ හේතුව කුමක්ද? එය ඔවුන්ගේම ශක්තිය නිසා හෝ—මෝසෙස්ගේ හෝ යෝෂුවාගේ ශක්තිය නිසා නොවේ, නමුත් “නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටින” (යෝෂුවා 1:9) නිසයි. අපට එගොඩ වීමට අපගේම ගංගා සහ බිඳ දැමීමට අපේම තාප්ප ඇති විට, අපගේ ජීවිත තුළ පුදුම දේවල් සිදුවෙන්න පුළුවන්, මොකද “ස්වාමීන්වහන්සේ [අප] අතරේ පුදුම දේ කරන්ට යන්නේය” (යෝෂුවා 3:5).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යෝෂුවා 1:1–9
මම දෙවියන්වහන්සේට ඇදහිලිවන්තව සිටීමට උත්සාහ කරන විට උන්වහන්සේ මා සමඟ සිටිනු ඇත.
මෝසෙස් වෙනුවට යෝෂුවාව කැඳවීම මොන වගේ දෙයක් වෙන්න ඇද්ද කියා සිතා බලන්න. ඔහුව දිරිමත් කිරීම සඳහා යෝෂුවා 1:1–9 තුළ ස්වාමින්වහන්සේ පැවසූ දේ සැලකිල්ලට ගන්න. ඔබ මුහුණ දෙන දුෂ්කර අභියෝග ගැන සිතන්න; මෙම පදවල ඔබට ධෛර්යය ලබා දෙන්නේ මොනවාද?
යෝෂුවා (හෙබ්‍රෙව් භාෂාවෙන් යෙහෝෂුවා හෝ යෙෂුවා) යන නමේ තේරුම “යෙහෝවාවහන්සේ ගලවයි” යන්නයි. ඒවගේම යේසුස් යන නම පැමිණියේ යෙෂුවා යන නමෙන්. එමනිසා, ඔබ යෝෂුවා ගැන කියවන විට, ඉශ්‍රායෙල් පුත්‍රයන්ව යොර්දාන් ගඟෙන් එතෙර කර පොරොන්දු දේශයට ගෙනයාමේ ඔහුගේ කාර්යභාරය ගැන සලකා බලන්න. ඔහුගේ මෙහෙවර ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කරන දෙයට සමාන වූයේ කෙසේද?
යෝෂුවා 1:8
දෙවියන්වහන්සේගේ වචනයට මගේ මාර්ගය සමෘද්ධිමත් කළ හැකිය.
ස්වාමින්වහන්සේ යෝෂුවාව දිරිමත් කරද්දි, උන්වහන්සේ යෝෂුවා 1:8 තුළ ශුද්ධලියවිලි නැතහොත් “ව්‍යවස්ථාවේ වචනය” ගැන උපදෙස් ලබාදුන්නා. යෝෂුවාගේ භාරදූර වගකීම ගැන සලකා බලන විට, මෙම උපදෙස විශේෂයෙන් ප්‍රයෝජනවත් වන්නට ඇත්තේ ඇයි?
ස්වාමින්වහන්සේ අපට ශුද්ධලියවිලි කියවීමට ආරාධනා කරන විට, උන්වහන්සේ බොහෝ විට කියවීමෙන් ඔබ්බට ගිය වචන භාවිතා කරනවා. ඒවගේම උන්වහන්සේ මහත් වූ ආශිර්වාද පොරොන්දු වෙනවා. පහත වගුව ඔබට මෙම ආරාධනා සහ පොරොන්දු වූ ආශිර්වාද සොයා ගැනීමට උදවු වෙයි:
|
ආරාධනය |
පොරොන්දු වූ ආශිර්වාද | |
|---|---|---|
|
යෝෂුවා 1:8 | ආරාධනය දිවා රෑ භාවනා කිරීම | පොරොන්දු වූ ආශිර්වාද
|
ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද
| |
ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද
| |
ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද දේශයේ සමෘද්ධිමත් වීම | |
ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද
| |
ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද
| |
|
රසල් එම්. නෙල්සන්, “උන්වහන්සේට සවන්දෙන්න,” ලියහෝනා මැයි 2020, 89 පිටුවේ අවසාන ඡේදය | ආරාධනය
| පොරොන්දු වූ ආශිර්වාද
|
ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතයේ මෙම පොරොන්දු ඉටු කර ඇත්තේ කෙසේද? ඔබගේ ශුද්ධලියවිලි අධ්‍යයන පුරුදු ඇගයීමට මේ වෙලාව හොඳ කාලයක් වෙන්න පුළුවන්. හොඳින් සිදුවන්නේ මොනවාද? දෙවියන්වහන්සේගේ වචනය සමඟ වඩාත් අර්ථවත් අත්දැකීම් ලබාගැනීමට ඔබට පෙළඹවීමක් දැනෙන්නේ කුමක් කිරීමටද?
යෝෂුවා 2
ගැලවීම සඳහා ඇදහිල්ල සහ ක්‍රියාවන් යන දෙකම අවශ්‍ය වෙනවා.
අලුත් ගිවිසුමේ කිතුනුවන් රාහබ්ව දුටුවේ ඇදහිල්ලේ සහ ක්‍රියාවන් යන දෙකෙහිම බලයේ ආදර්ශයක් ලෙසයි (බලන්න හෙබ්‍රෙව් 11:31; යාකොබ් 2:25). ඔබ යෝෂුවා 2 කියවන විට, රාහබ්ගේ ඇදහිල්ලේ කාර්යභාරය සහ ඇයව, ඇගේ පවුලේ අය සහ ඉශ්‍රායෙල් ඔත්තුකරුවන්ව බේරාගැනීමේ ක්‍රියාවන් ගැන සලකා බලන්න. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඔබේ ඇදහිල්ල සහ ඔබේ ක්‍රියා ඔබටත් අන් අයටත් බලපෑම් කළ හැකි ආකාරය ගැන මෙය ඔබට උගන්වන්නේ කුමක්ද?
රාහබ් ඇගේ ජනේලය ළඟ. එල්ස්පෙත් යං විසින්, Waiting for the Promise [පොරොන්දුව කෙරෙහි බලා සිටිමින්] (විස්තර)
යෝෂුවා 3–4
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව, මට දෙවියන්වහන්සේගේ “පුදුමයන්” අත්විඳිය හැකිය.
ස්වාමින්වහන්සේ තම සෙනඟව පොරොන්දු දේශයට ගෙන යන විට, ඔවුන් අතර පුදුමයන් කළ අතර ඔබ වෙනුවෙනුත් උන්වහන්සේට එසේ කරන්න පුළුවන්. යෝෂුවා 3–4 පිළිබඳ ඔබේ අධ්‍යයනයට මගපෙන්වීම සඳහා ප්‍රශ්න කිහිපයක් මෙන්න:
-
ඔබ සිතන ආකාරයට, ඉශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟෙන් එතෙර වීමට පෙර තමන්ව විශුද්ධ කළ යුතුව තිබුණේ ඇයි? (බලන්න යෝෂුවා 3:5).
-
ගංගාව වෙන් වූයේ “පූජකයන්ගේ පතුල් යොර්දාන් ජලයේ තබන විට” පමණක් බව සැලකිල්ලට ගන්න (යෝෂුවා 3:13, 15). එය වැදගත් වන්නේ ඇයි?
-
යොර්දාන් ගඟේ තවත් වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුණා—බලන්න2 රාජාවලිය 2:6–15; 5:1–14; සහ මාර්ක් 1:9–11. මෙම සිදුවීම් අතර ඔබ දකින සම්බන්ධතා මොනවාද?
-
ස්වාමින්වහන්සේ ඔබේ ජීවිතයේ “පුදුමයන්” කර ඇත්තේ කෙසේද? (යෝෂුවා 3:5). ඔබට එම පුදුමයන් නිතර නිතර අත්විඳිය හැක්කේ—හෝ හඳුනාගත හැක්කේ—කෙසේද? (උදාහරණයක් ලෙස, බලන්න යෝෂුවා 3:17).
යෝෂුවා 6–8
කීකරුකම දෙවියන්වහන්සේගේ බලයට මගේ ජීවිතයට ආරාධනා කරයි.
යෝෂුවා 6–8 යෙරිකෝව සහ ආයි දේශයන් සම්බන්ධව ඇති සටන් ගැන කතා කරනවා. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, ඔබ පරීක්ෂාවට එරෙහිව සටන් කරන ආකාරය ගැන සලකා බලන්න (උදාහරණයක් ලෙස, බලන්න යෝෂුවා 7:10–13). දෙවියන්වහන්සේට ඔබට උපකාර කළ හැකි ආකාරය ගැන සහ උන්වහන්සේගේ බලයට ප්‍රවේශ වීමට ඔබ කළ යුතු දේවල් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? උදාහරණයක් වශයෙන්, යෙරිකෝව රැගෙන යාම සඳහා ස්වාමින්වහන්සේගේ උපදෙස් ගැන ඔබේ සිත් ඇදගන්නේ කුමක්ද?(බලන්න යෝෂුවා 6:1–5). සමහර විට යෝෂුවා 7 හි ඇති වාර්තාව ඔබේ ජීවිතයේ ඔබට ඉවත් කිරීමට අවශ්‍ය “ශාපලත් දෙයක් තිබේද” යන්න තීරණය කිරීමට ඔබව පොළඹවනු ඇත (යෝෂුවා 7:13).
යෝෂුවා 23–24
“නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගනිල්ලා.”
යෝෂුවා 23–24 තුළ ඉශ්‍රායෙල්වරුන්ට යෝෂුවා ලබාදුන් අවසාන ඉගැන්වීම්වලට වැදගත් අනතුරු ඇඟවීම්, උපදෙස් සහ පොරොන්දු වූ ආශීර්වාද ඇතුළත් වෙනවා. සමහරවිට ඔබට සොයාගත හැකි වූ දේවල් ලැයිස්තුවක් සාදන්න පුළුවන්. ඉශ්‍රායෙල්වරුන් මුහුණ දුන් සෑම දෙයක් ගැනම සලකා බැලීමේදී, යෝෂුවා තම ජීවිතයේ අවසානයේදී මේ දේවල් ඔවුන්ට පැවසීමට තෝරාගත්තේ ඇයි කියා ඔබ සිතන්නේද? ඔබ සොයාගත් ආකාරයට “ස්වාමින්වහන්සේට ඇලී සිටීමට” ඔබව පොලඹවන්නේ මොනවාද? (යෝෂුවා 23:8).
තවත් බලන්න ඩේල් ජී. රෙන්ලන්ඩ්, “ඔබ මෙදිනම තෝරාගන්න,” ලියහෝනා, 2018 නොවැම්බර්, 104–6.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යෝෂුවා 1–4; 6
“ශක්තිමත්ව ධෛර්‍යවන්තව සිටපන්න.”
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබේ දරුවන්ට “ශක්තිමත්ව ධෛර්‍යවන්තව” සිටීමට උපකාර කිරීමට එක් ක්‍රමයක් මෙන්න (යෝෂුවා 1:6). යෝෂුවා 1:6, 9, සහ 18 තුළ නැවත නැවතත් සඳහන් කර ඇති වාක්‍ය ඛණ්ඩයක් සොයා ගැනීමට ඔවුන්ට ආරාධනා කර, එය ලියන්න හෝ කටපාඩම් කරන්න. යෝෂුවාට මෙන්, ඔබේ දරුවන්ටත් මෙම පණිවිඩය අවශ්‍ය විය හැකි අවස්ථා ගැන සිතීමට ඔවුන්ට උදව් කරන්න. ඔබට එකට එකතු වී යෝෂුවා 1–4; 6 තුළ ඇති සමහර කථා සමාලෝචනය කරන්න පුළුවන්. මෙම කතාවල සිටින අය ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය හා ශක්තිය පෙන්වූයේ කෙසේද?
2:59Joshua the Prophet
1:39Rahab and the Spies
යෝෂුවා 1:8
ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීම මට ආශීර්වාද ගෙන එනවා.
-
යෝෂුවා 1:8 කියවීමෙන් පසු ඔබේ දරුවන්ට එම ශුද්ධලියවිලි පාඨ තනිවම කියවීමට පෙළඹවීමක් වෙන්න පුළුවන්. අපි ශුද්ධලියවිලි කියවිය යුත්තේ කෙසේද සහ ඇයි කියා උගන්වන වචන මෙම පදයෙන් සොයා ගැනීමට ඔවුන්ට උපකාර කරන්න. ඔවුන්ට 1 නෙපී 15:23–24; 2 නෙපී 31:20; 32:3; යාකොබ් 4:6; හිලමන් 3:29–30. තුළත් එය සොයන්න පුළුවන්. ශුද්ධලියවිලි කියවීමට සැලැස්මක් සකස් කර, එය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට උපකාර කරන්නටද ඔබට පුළුවන්.
යෝෂුවා 3–4
ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට මම බව්තීස්ම විය යුතුයි.
-
බව්තීස්මයේ සංකේතයක් ලෙස ඉශ්‍රායෙල්වරුන් යොර්දාන් ගඟෙන් එතෙර වූ—පාළුකරයේ අපගේ පැරණි ජීවිතය අත්හැර දෙවියන්වහන්සේ සමඟ ගිවිසුම් සබඳතාවයක් තුළ අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ කතාව ඔබට භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු ඔබ එකට එකතු වී යෝෂුවා 3–4 කියවන විට, ඔබට යේසුස්වහන්සේ බව්තීස්ම වන පින්තූරයක් දෙස බලා ඉශ්‍රායෙල්වරුන් තරණය කළ එම ගංගාවේම යේසුස්වහන්සේ බව්තීස්ම වූ බව පැහැදිලි කරන්න පුළුවන්. බව්තීස්ම වීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ නව ජීවිතයක් ආරම්භ කිරීම හා සමාන වන්නේ කෙසේදැයි එකිනෙකා සමඟ බෙදාගන්න.
2:59Joshua the Prophet
යෝෂුවා 24:15
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට තෝරා ගත හැකිය.
-
යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ට ආරාධනා කළාක් මෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට තෝරා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට ඔබට කළ හැක්කේ කුමක්ද? ඔබට ඔවුන්ට පහත පරිදි කිරීමට ආරාධනා කරන්න පුළුවන්:
-
යෝෂුවා 24:15 තුළ ඇති කෙටි වාක්‍ය ඛණ්ඩයක් කටපාඩම් කරන්න. ඔබේ දරුවන්ට එය විනෝදජනක කිරීමට උත්සාහ කරන්න. ඔවුන් කටපාඩම් කරන වචන ගණන ඔවුන්ගේ වයස අනුව තීරණය විය හැකිය.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සේවය කිරීමට තෝරාගත් අය පිළිබඳ කථා සොයන්න.
-
ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීමට සහ උන්වහන්සේට සේවය කිරීමට ඔවුන්ට තෝරා ගත හැකි අවස්ථා රඟ දක්වන්න.
-
විවිධ ක්‍රියාකාරකම් භාවිතා කරන්න. “සියලුම දරුවන් වෙනස් වන අතර, ඔවුන් වර්ධනය වන විට, ඔවුන්ගේ අවශ්‍යතාද වෙනස් වනු ඇත. ඔබේ ඉගැන්වීමේ ක්‍රම වෙනස් කිරීම ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට ඔබට උපකාරී වනු ඇත” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 31).
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.