“අප්‍රියෙල් 27–මැයි 3. ‘ස්වාමින්වහන්සේට ශුද්ධකම: නික්මයාම 35–40; ලෙවී කථාව 1; 4; 16; 19,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අප්‍රියෙල් 27–මැයි 3. ‘ස්වාමින්වහන්සේට ශුද්ධකම,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ දේවමාළිගාව
අප්‍රියෙල් 27–මැයි 3: “ස්වාමින්වහන්සේට ශුද්ධකම”
නික්මයාම 35–40; ලෙවී කථාව 1; 4; 16; 19
ඊජිප්තුවෙන් පිටවීම—එය වැදගත් වූ නමුත්—ඉශ්‍රායෙල් දරුවන් සඳහා දෙවියන්වහන්සේගේ අරමුණු එමගින් සම්පූර්ණයෙන්ම ඉටු වුණේ නෑ. පොරොන්දු දේශයේ සුවපහසු ජීවිතයක් ලබාදීම යන්න පවා, ඔවුන් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ අවසාන ඉලක්කය නොවෙයි. ඒ දේවල් දෙවියන්වහන්සේට උන්වහන්සේගේ ජනතාවට සැබවින්ම ලබාදීමට අවශ්‍ය දේ කරා යන පියවර පමණයි: “නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවි වූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය” (ලෙවී කථාව 19:2). පරම්පරා ගණනාවක් වහල්භාවයේ ජීවත් වූ පසු තම ජනතාවව ශුද්ධ කිරීමට දෙවියන්වහන්සේ සැලසුම් කළේ කොහොමද? පාළුකරයේ ශුද්ධ ස්ථානයක් වන මණ්ඩපයක් නිර්මාණය කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආඥා කළා. ඔවුන්ගේ ක්‍රියාවන්ට මගපෙන්වීමට සහ ඔවුන්ගේ හදවත් වෙනස් කිරීමට උන්වහන්සේ ඔවුන්ට ගිවිසුම් සහ නීති ලබා දුන්නා. ඒවගේම ඔවුන්ගේ පව්වලට සමාව දීම ගැන ඔවුන්ට ඉගැන්වීම සඳහා සත්ව පූජා ඔප්පු කරන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආඥා කළා. මේ සියල්ලෙන් අදහස් කළේ ඔවුන්ගේ මනස, හදවත් සහ ජීවිත ගැලවුම්කරුවාණන් දෙසට යොමු කිරීමයි. උන්වහන්සේ තමයි ඉශ්‍රායෙල්වරුන්ටත් ඒවගේම අපටත් ශුද්ධකම සඳහා සැබෑ මාර්ගය. අපි සියල්ලෝම පාපයේ වහල්භාවයේ යම් කාලයක් ගත කර තිබෙනවා, ඒවගේම පාපය අත්හැර දමා, “මට නුඹලාව ශුද්ධවන්ත කිරීමට හැකිය” යනුවෙන් පොරොන්දු වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කිරීමට අපි සැමට ආරාධනා ලැබී තිබෙනවා (දහම සහ ගිවිසුම් 60:7).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
නික්මයාම 35–40; ලෙවී කථාව 19
ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මා ශුද්ධ වනවාටයි.
නික්මයාම 35–40 විස්තර කරන්නේ ඉශ්‍රායෙල්වරුන්ට ශුද්ධ වූ සෙනඟක් වීමට ශුද්ධ වූ නියෝග උපකාර වන මණ්ඩපයක් තැනීමට දරන උත්සාහය ගැනයි. ඔබ මෙම පරිච්ඡේද කියවන විට, ස්වාමින්වහන්සේ තම සෙනඟට එම මණ්ඩපයේ තබන ලෙස ඉල්ලා සිටි දේවල් සොයන්න. මෙම අයිතම වලින් නියෝජනය කළ හැක්කේ මොනවාද? ශුද්ධබව වැඩි කරගැනීම ගැන ඒවා ඔබට යෝජනා කරන්නේ මොනවාද? මෙම අයිතම ගැලවුම්කරුවාණන් දෙසට ඔබේ සිතුවිලි හරවන ආකාරය ගැන විශේෂයෙන් සලකා බලන්න. මෙවැනි වගුවක් ඔබට උපකාරී වෙන්න පුළුවන්:
|
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? |
මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද? |
|---|---|
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? ගිවිසුම් පෙට්ටිය (නික්මයාම 37:1–9; 40:20–21) | මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද? බලන්න නික්මයාම 25:20–22. |
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? සුවඳ දුම් පූජාසනය (නික්මයාම 40:26–27; තවත් බලන්න නික්මයාම 30:1, 6–8) | මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද? (බලන්න එළිදරව් 8:3–4) |
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? ඉටිපන්දම් හෝ පහන් රුක (නික්මයාම 37:17–24) | මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද? (බලන්න මතෙව් 5:14–16; යොහන් 8:12) |
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? දවන පූජාසනය (නික්මයාම 38:1–7; තවත් බලන්න නික්මයාම 27:1; 29:10–14) | මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද?
|
ඔබ සොයාගත් වස්තුව කුමක්ද? ජලය සහිත පිත්තල භාජනය (නික්මයාම 30:17–21) | මෙය නියෝජනය කළ හැක්කේ කුමක්ද? (බලන්න 2 ලේකම් 4:6; යෙසායා 1:16; යෙරමියා 33:8) |
ඇත්ත වශයෙන්ම, හුදෙක් ශුද්ධ ස්ථානවල සිටීම අපව ශුද්ධ බවට පත්කරන්නේ නෑ. ලෙවී කථාව 19 තුළ ඉශ්‍රායෙල්වරුන්ට ශුද්ධබව වැඩි කරගැනීමට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ දුන් නීති සහ ආඥා ගැන විස්තර කරනවා. ඔබ මෙම ආඥා වලින් සොයාගන්නා, ස්වාමින්වහන්සේගෙන් ශුද්ධකම සෙවීමට ඔබට උපකාර කළ හැකි දේවල් මොනවාද? මෙම මූලධරම අනුව වඩාත් සම්පූර්ණයෙන් ජීවත් වීම සඳහා කුමක් කිරීමට ඔබ තුළ පැහැදීමක් දැනෙන්නේද?
තවත් බලන්න හෙන්රි බී. අයිරින්, “ශුද්ධවන්තකම සහ ප්‍රීතියේ සැලැස්ම,” ලියහෝනා, නොවැ. 2019, 100–103.
The Tabernacle
පරිශුද්ධ සංගීතය භාවිතා කරන්න. ආත්මයාණන්වහන්සේ බලපෑමට ආරාධනා කිරීමට සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගොඩනැගීමට සංගීතයට විශාල බලයක් තිබෙනවා. ගීතිකා වල පණිවිඩ බොහෝ විට ශුද්ධලියවිලිවල ඇති දහම ශක්තිමත් කරනවා. ගැලවුම්කරුවාණන් මෙන් වඩාත් ශුද්ධ වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන සිතා බැලීමටත්, ශුද්ධබව වැඩි කරගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේදැයි මෙනෙහි කිරීමටත් එය ඔබට උපකාර කරයි.
නික්මයාම 35:4–35; 36:1–7
ස්වාමින්වහන්සේ මගෙන් ඉල්ලා සිටින්නේ මගේ පූජාවන් කැමැත්තෙන් කරන ලෙසයි.
ඊජිප්තුවෙන් පිට වී ගිය පසු අවුරුද්දේදී, ඉශ්‍රායෙල් පුත්‍රයන් යෙහෝවාවහන්සේ සමඟ තිබූ සම්බන්ධය ගැන, එය අස්ථීර බව විස්තර කරන්න පුළුවන්. එහෙත්, ඔබ නික්මයාම 35:4–35 සහ 36:1–7 කියවන විට, එම මණ්ඩපය ගොඩනගන්නට දුන් ආඥාවට ඉශ්‍රායෙල්වරුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන බලන්න. ඔබ ඉශ්‍රායෙල්වරුන්ගෙන් ඉගෙනගන්නා, ස්වාමින්වහන්සේට වඩා හොඳින් සේවය කිරීමට ඔබට උපකාර කළ හැකි දේවල් මොනවාද?
උන්වහන්සේ මණ්ඩපයක් සඳහා වටිනා ලෝහ, හණ රෙදි හෝ ලී ඔබෙන් ඉල්ලන්නේ නෑ. ස්වාමින්වහන්සේ ඔබට දී ඇත්තේ මොනවාද, සහ උන්වහන්සේ ඔබෙන් ඉල්ලන්නේ මොනවාද? “මෙම කාර්යයට පැමිණීමට [ඔබේ] හදවත පොළඹවා” ඇත්තේ කුමන ආකාරයටද?
ඉශ්‍රායෙල් දරුවන් “කැමති සිතක් ඇතිව” එම මණ්ඩපය සඳහා පඬුරු ලබාදුන්නා (නික්මයාම 35:5). කෝර්බට් ගෝතියර් විසින් නිදර්ශනය, © Lifeway Collection/licensed from goodsalt.com
නික්මයාම 40:12–14
පුරාණයේ දේවමාළිගා ආඥා ලබා දී ඇත.
නික්මයාම 40:12–14 සඳහන් කරන්නේ අපගේ කාලයේද ස්වාමින්වහන්සේගේ ගෘහයේ පරිපාලනය කරනු ලබන මෙම පුරාණ නියෝග ගැනයි. මෙම නියෝග යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරන ආකාරය ගැන ඉගෙන ගැනීමට උපකාර වන අමතර පද කිහිපයක් මෙන්න:
-
සේදීම: ගීතාවලිය 51:2; එසකියෙල් 36:25–27
-
දේවමාළිගා වස්ත්‍ර වලින් වස්ත්‍ර ගැන්වීම: යෙසායා 61:10; මතෙව් 22:11–14; එළිදරව් 19:7–8
-
ආලේප කිරීම: ලූක් 4:18–19; ක්‍රියා 10:38
ලෙවී කථාව 1:1–9; 4; 16
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය නිසා මට සමාව ලැබිය හැකියි.
සත්ව බිලි පූජා, ලේ හා ජලය සම්බන්ධ චාරිත්‍ර සහ ජීවිතයේ කුඩා තොරතුරු පාලනය කරන නීති ඇතුළත්—ලෙවී කථාව පොතේ බොහෝ දේ අපට අමුතු ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් මෙම චාරිත්‍ර වාරිත්‍ර සහ නීතිවලින් අදහස් කරන්නේ—පසුතැවීම, ශුද්ධබව සහ ගැලවුම්කරුවාණන්ගේ වන්දිගෙවීම යන හුරුපුරුදු මූලධර්ම ඉගැන්වීමයි. ඔබ ලෙවී කථාව 1:1–9; 4; 16, කියවන විට මෙම මූලධර්ම සොයා ගැනීමට; මෙවැනි ප්‍රශ්න සලකා බලන්න:
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ පරිත්‍යාගය මට මතක් කර දෙන වචන හෝ වාක්‍ය ඛණ්ඩ මොනවාද?
-
ගැලවුම්කරුවාණන්ගේ පූජාව ගැන මෙම පූජාවලින් මා ඉගෙන ගන්නේ මොනවාද?
-
මම, මේ පූජාවන් කළ පුද්ගලයින් වගේ වෙන්නේ කොහොමද?
ස්වාමින්වහන්සේට තවදුරටත් සත්ව පූජාවන් අවශ්‍ය වන්නේ නෑ. නමුත් පූජාව කියන්නේ තවමත් ශුභාරංචියේ වැදගත් මූලධර්මයක්. ස්වාමින්වහන්සේට අවශ්‍ය කරන පූජාවන් ගැන දැනගැනීමට, 3 නෙපී 9:19–20; දහම සහ ගිවිසුම් 64:34 අධ්‍යයනය කරන්න. ඔබ මෙවැනි පූජාවන් කරන්නේ කෙසේද? ඔබ ඔබේ පූජාවන් දෙස බැලිය යුතු ආකාරය ගැන මෝසෙස් 5:7 ඔබට උගන්වන්නේ කුමක්ද?
තවත් බලන්න “මතක තබාගත යුතු සිතුවිලි: මණ්ඩපය සහ පූජාව.”
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
නික්මයාම 35:20–29; 36:1
දෙවියන්වහන්සේගේ කාර්යයට උදව් කිරීමට උන්වහන්සේ මට දීමනාවන් දී ඇත.
-
මෙම දළ සටහන අවසානයේ ඉශ්‍රායෙල්වරුන්ගේ පාළුකරයේ මණ්ඩපයේ පින්තූරයක් තිබෙනවා. ඔබේ දරුවන් සමඟ එය දෙස බලා එවැනි මණ්ඩපයක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාදැයි ඔවුන්ගෙන් ඇසීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. ඉන්පසු ඔබට මෙම ද්‍රව්‍ය සැපයූ ආකාරය සොයා ගැනීමට එකට එකතු වී නික්මයාම 35:20–29 කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට දායක වීමට උන්වහන්සේ අපට ආරාධනා කර ඇත්තේ කෙසේද?
-
එම මණ්ඩපය සෑදීමට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට දුන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔවුන් සමඟ නික්මයාම 36:1 කියවීම ගැන සලකා බලන්න. ස්වාමින්වහන්සේගේ රාජ්‍යය ගොඩනැගීමට උපකාර කිරීම සඳහා උන්වහන්සේ ඔබේ දරුවන්ට දී ඇති බව ඔබට හැඟෙන දේවල් ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්න පුළුවන්. අනිත් අයට ආශිර්වාද කිරීමට අපි මේ දේවල් පාවිච්චි කරන්නේ කොහොමද?
ඉතාලිය රෝමයේ, දේවමාළිගාව
නික්මයාම 40:17–34
ශුද්ධ වූ ස්ථානවල ස්වාමින්වහන්සේගේ සහභාගිත්වය මට දැනේ.
-
නික්මයාම 40:17–34 ඉශ්‍රායෙල්වරුන්ගේ මණ්ඩපයේ කොටස් වූ දේවල් ලැයිස්තුගත කරනවා. සමහරවිට ඔබටත් ඔබේ දරුවන්ටත් ඒවා මෙම පදවලින් සහ මෙම දළ සටහනේ අවසානයේ ඇති මණ්ඩපයේ පින්තූරයෙන් සොයාගන්න පුළුවන්. මෙම මණ්ඩපයේ සෑම කොටසක්ම ගැලවුම්කරුවාණන් හෝ ස්වර්ගීය පියාණන්වහන්සේ ගැන ඉගැන්විය හැකි ආකාරය ගැන කතා කරන්න. උදාහරණයක් වශයෙන්, සාක්ෂි පෙට්ටියට දෙවියන්වහන්සේගේ ආඥාවන් අපට මතක් කර දෙන්න පුළුවන්, පූජාසනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පූජාව සහ ඒ යනාදිය අපට මතක් කර දෙනවා වෙන්න පුළුවන්.
-
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සමීප වීමට අද අපට උපකාර වන ශුද්ධ වූ ස්ථාන මොනවාද? දේවමාළිගාව වැනි පූජනීය ස්ථාන ගැන ඔබට හැඟෙන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.
What Is a Temple?
ලෙවී කථාව 1:1-4
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය නිසා මට සමාව ලැබිය හැකියි.
-
පරණ ගිවිසුමේ විස්තර කර ඇති සත්ව බිලි පූජා තිබුණේ ඉශ්‍රායෙල් දරුවන්ට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් සමාව ලබාගැනීම ගැන ඉගැන්වීමටයි. මෙම පූජා ගැන කියවීමෙන් ඔබේ දරුවන්ටද එසේ කළ හැකි ආකාරය ගැන සලකා බලන්න. ඔබ දරුවන් සමඟ ලෙවී කථාව 1:1–4 කියවන විට ඔබට ගෙත්සෙමන හා කුරුසියේ සිටින යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූර පෙන්වන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරිත්‍යාගය මතක් කරන වචන හෝ වාක්‍ය ඛණ්ඩ සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න.
-
සතුන් වෙනුවට, පූජා කිරීමට අපට ආඥා කර ඇති දේවල් ගැන දැන ගැනීමට ඔබට එකට එකතු වී 3 නෙපී 9:19–20 කියවන්න පුළුවන්. ස්වාමින්වහන්සේට බිඳුණු හදවතක් සහ පසුතැවිලි වූ ආත්මයක් පූජා කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.