එන්න, මා අනුගමනය කරන්න
මැයි 4–10. “ස්වාමින්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් නම් නොකරල්ලා, එමෙන්ම භය නොවෙල්ලා”: ගණන් කථාව 11–14; 20–24; 27


“මැයි 4–10. ‘ස්වාමින්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් නම් නොකරල්ලා, එමෙන්ම භය නොවෙල්ලා: ගණන් කථාව 11–14; 20–24; 27,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“මැයි 4–10. ‘ස්වාමින්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් නම් නොකරල්ලා, එමෙන්ම භය නොවෙල්ලා,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

වාඩි රම් හි ඡායාරූපය

පෙනින්සියුලා සීනායි අසල කාන්තාරය

මැයි 4–10: “ස්වාමින්වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් නම් නොකරල්ලා, එමෙන්ම භය නොවෙල්ලා”

ගණන් කථාව 11–14; 20–2427

පා ගමනින් ගියත්, සීනයි පාළුකරයේ සිට කානාන්හි පොරොන්දු දේශයට ගමන් කිරීමට වසර 40ක් ගත වන්නේ නෑ. නමුත් ඉශ්‍රායෙල් දරුවන්ට අවශ්‍ය වූයේ එම කාලයයි—ඒ කාලය ගත වුණේ භූගෝලීය දුර ආවරණය කිරීමට නොව අධ්‍යාත්මික දුර ආවරණය කිරීමටයි: ඔවුන් කවුරුන්ද යන්න සහ ඔවුන් දෙවියන්වහන්සේගේ ගිවිසුම් සෙනඟක් වීමට අවශ්‍යතාව අතර දුර එයයි.

පොරොන්දු දේශයට ඇතුල් වීමට පෙර ඉශ්‍රායෙල් දරුවන් උගත යුතු පාඩම් ඇතුළුව, එම අවුරුදු 40 තුළ සිදු වූ සමහර දේවල් ගණන් කථාව පොතේ විස්තර කරනවා. ඔවුන් ස්වාමින්වහන්සේගේ සේවකයන්ට ඇදහිලිවන්තව සිටීම ගැන ඉගෙනගත්තා (බලන්න ගණන් කථාව 12). අනාගතය බලාපොරොත්තු රහිත බව පෙනෙන විට පවා, ස්වාමින්වහන්සේගේ බලය කෙරෙහි විශ්වාස කිරීම ගැන ඔවුහු ඉගෙනගත්තා (බලන්න ගණන් කථාව 13–14). ඇදහිල්ල නැතිව සිටීම අධ්‍යාත්මික හානියක් ගෙන දෙන බවත්, නමුත් ඔවුන්ට පසුතැවිලි වී සුවය සඳහා ගැලවුම්කරුවාණන් දෙස බැලිය හැකි බවත් ඔවුන් ඉගෙනගත්තා (බලන්න ගණන් කථාව 21:4–9).

අපි හැමෝම යම් ආකාරයකින් ඉශ්‍රායෙල්වරුන් හා සමානයි. අධ්‍යාත්මික පාළුකරයක සිටීම කෙබඳුදැයි අපි දන්නවා, ඒවගේම ඔවුන් උගත් පාඩම් අපගේ පොරොන්දු වූ දේශයට ඇතුළු වීමට සූදානම් වීමට අපට උපකාරී වෙන්න පුළුවන්: ඒ පොරොන්දු වූ දේශය තමයි අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ සදාකාල ජීවනය.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

ගණන් කථාව 11:11–17, 24–2912

එළිදරව් සෑම කෙනෙකුටම ලබාගත හැකි නමුත්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සභාවට මගපෙන්වන්නේ උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා හරහායි.

ගණන් කථාව 11:11–17, 24–29 තුළ, මෝසෙස් මුහුණ දුන් ගැටලුව සහ දෙවියන්වහන්සේ යෝජනා කළ විසඳුම සැලකිල්ලට ගන්න. ඔබ සිතන ආකාරයට, “ස්වාමින්වහන්සේගේ සියලු සෙනඟ ප්‍රොපේතවරුන්” වනවාට මෝසෙස් කැමති බව ඔහු පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද? (29 වෙනි පදය). ඔබ මෙම ප්‍රශ්නය මෙනෙහි කරන විට, සභාපති රසල් එම්. නෙල්සන්ගේ “සභාව සඳහා එළිදරව්, අපේ ජීවිත සඳහා එළිදරව්” (ලියහෝනා, මැයි 2018, 93–96) යන පණිවිඩයෙන් ලබාගත හැකි පිළිතුරු සොයන්න.

කෙසේ වෙතත්, අප සැමට එළිදරව්ව ලැබිය හැකි යැයි පැවසීමෙන්, මෝසෙස් කළ ආකාරයටම අප සැමට දෙවියන්වහන්සේගේ සෙනඟට මගපෙන්විය හැකි බව ඉන් අදහස් වන්නේ නැහැ. ගණන් කථාව 12 තුළ සිදුවීම මගින් මෙය පැහැදිලි කරනවා. මෙම පරිච්ඡේදයේ ඔබ සොයා ගන්නා අනතුරු ඇඟවීම් මොනවාද? ඔබ සිතන ලෙස, පුද්ගලික එළිදරව් ගැන සහ ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කිරීම ගැන ඔබ තේරුම්ගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මොනවාද?

තවත් බලන්න 1 නෙපී 10:17; දහම සහ ගිවිසුම් 28:1–7.

වඩාත්ම වැදගත් දේ කෙරෙහි අවධානය යොමු කරන්න. සමහර අය එන්න, මා අනුගමනය කරන්න තුළ ඇති සතිපතා කියවීමේ යෝජනාවලින් වෙහෙසට පත්වෙනවා. ඔබ මෙම දළ සටහන් සමාලෝචනය කරන විට, ආත්මයාණන්වහන්සේව අනුගමනය කරන්න. ඔබේම අවශ්‍යතා සහ ඔබ උගන්වන පුද්ගලයන්ගේ අවශ්‍යතා ගැන සලකා බලන්න. පරිච්ඡේද කිහිපයක් මතුපිටින් පමණක් කියවීමට වඩා සතියකට එක් මූලධර්මයක් අවබෝධ කරගැනීම සහ එය සම්පූර්ණයෙන්ම අදාළ කර ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

ගණන් කථාව 12:3

“මෝසෙස් ඉතා නිහතමානී විය.”

පාරාවෝ ඉදිරියෙහි සිටි බලවත් නායකයා වූ සහ ස්වාමින්වහන්සේගේ බලයෙන් විස්මිත හාස්කම් කළ මෝසෙස් “ඉතා නිහතමානී” බව දැනගත් විට සමහරු පුදුම වෙනවා. (ගණන් කථාව 12:3). නිහතමානී වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “යටහත් පහත් සිත්” (ලියහෝනා, මැයි 2018, 30–33) යන පණිවිඩය තුළ ඇති වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර්ගේ පැහැදිලි කිරීම අධ්‍යයනය කිරීම ගැන සලකා බලන්න.

නික්මයාම 18:13–25; ගණන් කථාව 11:26–29; ගණන් කථාව 12; හෙබ්‍රෙව් 11:24–27; සහ මෝසෙස් 1:10–11 තුළ ඇති උදාහරණවලින් ඔබ මෝසෙස්ගේ මෘදුකම පිළිබඳ ඉගෙනගන්නේ මොනවාද? ගැලවුම්කරුවාණන් නිහතමානී බව පෙන්වූ ආකාරය ගැනද ඔබට මෙනෙහි කරන්න පුළුවන් (බලන්න මතෙව් 11:29; 27:11–14; ලූක් 22:41–42; යොහන් 13:4–5). මෙම උදාහරණ ඔබට උගන්වන්නේ කුමක්ද?

ගණන් කථාව 13–14

ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිව, මට අනාගතය ගැන බලාපොරොත්තුවක් තැබිය හැකිය.

ඔබ ගණන් කථාව 13–14 කියවන විට, ඉශ්‍රායෙල්වරුන් වෙනුවට ඔබව එම ස්ථානයේ තැබීමට උත්සාහ කරන්න. ඔබ සිතන ආකාරයට, ඔවුන්ට “ඊජිප්තුවට ආපසු යාමට” අවශ්‍ය වුණේ ඇයි? (ගණන් කථාව 14:3). කාලෙබ්ට තිබූ අනෙක් “ආත්මය” ඔබ විස්තර කරන්නේ කෙසේද? (ගණන් කථාව 14:24). කාලෙබ්ගේ සහ යෝෂුවාගේ ඇදහිල්ල ගැන ඔබේ සිත් ඇදගන්නා දේ කුමක්ද සහ ඔබ මුහුණ දෙන තත්වයන්ට ඔවුන්ගේ ආදර්ශ අදාළ කරගත හැක්කේ කෙසේද?

මෝසෙස් සහ සමහර ඉශ්‍රායෙල් ඔත්තුකරුවන්

ඉශ්‍රායෙල් ඔත්තුකාරයන්ගෙන් දසදෙනෙක් භය වුණා; යෝෂුවාට සහ කාලෙබ්ට ඇදහිල්ල තිබුණා. ඩග්ලස් කෝල්බා විසින්, Joshua and Caleb: Obedient Spies [යෝෂුවා සහ කාලෙබ්: කීකරු ඔත්තුකරුවන්]. © Lifeway Collection/licensed from goodsalt.com

ගණන් කථාව 21:4–9

සෙමනේරි නිරූපකය
මම ඇදහිල්ලෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලුවොත්, උන්වහන්සේට මාව ආත්මිකව සුව කළ හැකිය.

මොර්මොන්ගේ පොතේ අනාගතවක්තෘවරුන් ගණන් කථාව 21:4–9 තුළ ඇති කථාව දැන සිටි අතර එහි අධ්‍යාත්මික වැදගත්කම ඔවුන් තේරුම් ගත්තා. 1 නෙපී 17:40–41; ඇල්මා 33:18–22; සහ හිලමන් 8:13–15 තුළ ඇති මෙම කතාව පිළිබඳ ඔවුන්ගේ ඉගැන්වීම් කියවන්න. ඔබ එසේ කරන අතරතුර මෙනෙහි කිරීමට ප්‍රශ්න කිහිපයක් මෙන්න:

  • පිත්තල සර්පයා මගින් නියෝජනය කළ හැක්කේ කුමක්ද?

  • සර්ප දෂ්ට කිරීම් මගින් නියෝජනය කළ හැක්කේ කුමක්ද?

  • ඉශ්‍රායෙල්වරුන්ට සුවය ලැබීමට “පිත්තල සර්පයා දෙස [බලන්න]” (ගණන් කථාව 21:9) සිදු වුණා. ඔබ සිතන ආකාරයට, සමහර අය බලන්න අකමැති වුණේ ඇයි? එවැනි දෙයක් ඔබට කවදා හෝ සිදුවී තිබෙනවාද?

  • “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව බලා” සුවය ලැබීමට ඔබට පෙළඹවීමක් හැඟෙන්නේ කුමක් කිරීමටද? (හිලමන් 8:15).

මෙම ඡේද කියවීම මගින්, මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමට අවශ්‍ය වූ ශුද්ධලියවිලිවල ඇති වෙනත් අවස්ථා ඔබට මතක්කර දෙයි. උදාහරණයක් ලෙස, ගණන් කථාව 21:4–9 තුළ පණිවිඩය මතෙව් 14:25–31 සහ 1 නෙපී 8:24–28 සමඟ සසඳන්න (මෙම සතියේ දළ සටහනේ අවසානයේ ඇති පින්තූරද බලන්න). ක්‍රිස්තුස්වහන්සේගෙන් අපව ඈත් කරන්නේ මොනවාද? උන්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන පුද්ගලයින්ට උන්වහන්සේ ආශිර්වාද කරන්නේ කෙසේද?

ගණන් කථාව 22–24

අන් අය මාව එයින් වළක්වන්නට උත්සහ කළත්, මට දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කළ හැකිය.

ඉශ්‍රායෙල්වරුන් ළඟට එන බව මෝවබ්හි රජු වූ බාලාක් දැනගත් විට, ඔහු ආශිර්වාද හා ශාප ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ මිනිසෙක් වන බාලාම්ව කැඳෙව්වා. බාලාක්ට අවශ්‍ය වූයේ ඔහු ලවා ඉශ්‍රායෙල්වරුන්ට ශාප කිරීමටයි. බාලාක් විසින් බාලාම්ව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ ආකාරය බලන්න (ගණන් කථාව 22:5–7, 15–17), එමෙන්ම දෙවියන්වහන්සේගේ කැමැත්තට එරෙහිව යාමට ඔබට මුහුණ දීමට සිදු විය හැකි පරීක්ෂාවන් ගැන සිතන්න. ගණන් කථාව 22:18, 38; 23:8, 12, 26; 24:13 තුළ බාලාම්ගේ ප්‍රතිචාර ගැන ඔබ සිත් ගන්නා දෙය කුමක්ද? කණගාටුදායක ලෙස බාලාම් අවසානයේදී බලපෑම්වලට යටත් වී ඉශ්‍රායෙල්වරුන්ව පාවා දුන්නා (බලන්න ගණන් කථාව 31:16; යූදස් 1:11). අන් අයගේ බලපෑම් නොතකා ඔබට ස්වාමින්වහන්සේට ඇදහිලිවන්තව සිටිය හැක්කේ කෙසේදැයි මෙනෙහි කරන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

ගණන් කථාව 11:4–10

දෙවියන්වහන්සේ මට දී ඇති දේවල් ගැන මට ස්තූතිවන්ත විය හැකිය.

  • ඉශ්‍රායෙල්වරුන්ට උපකාර කිරීම සඳහා ස්වාමින්වහන්සේ කළ ප්‍රාතිහාර්යයන් කිහිපයක් ඔවුන්ට මතකදැයි ඔබේ දරුවන්ගෙන් අසන්න. ඉශ්‍රායෙල්වරුන්ට ඔවුන්ගේ ආශිර්වාද අමතක වී මැසිවිලි නඟමින් සිටි බව අවධාරණය කරමින් ඔබට ඔවුන් වෙනුවෙන් ගණන් කථාව 11:4–10 සාරාංශ කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපට අමතක වන ආශිර්වාද මොනවාද?

  • ඔබ ස්තූතිවන්ත බව පිළිබඳ ගීතයක් ගායනා කරන විට හෝ එවැනි එකකට සවන් දෙන විට, ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේ ලබා දී ඇති ආශිර්වාද ගැන චිත්‍ර අඳින්න පුළුවන්.

ගණන් කථාව 12

ස්වාමින්වහන්සේ මා උන්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කරනවාට කැමතියි.

  • ගණන් කථාව 12 හඳුන්වා දීමට, මෝසෙස්ගේ සහෝදරයා සහ සහෝදරිය වන ආරොන් සහ මීරියම් සමඟ ස්වාමින්වහන්සේ අසතුටට පත් වූ බව ඔබට ඔබේ දරුවන්ට කියන්න පුළුවන්. ඒ ඇයි කියා දැනගැනීමට ගණන් කතාව 12:1–8 කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න. ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාට ගරු කළ සහ ආශිර්වාද ලත් පුද්ගලයන්ගේ ශුද්ධලියවිලිවල උදාහරණ සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට Gospel Art Book භාවිතා කිරීම ගැන සලකා බලන්න. අපි ස්වාමින්වහන්සේගේ අනාගතවක්තෘවරයාව අනුගමනය කරන විට අපි ආශිර්වාද ලබන්නේ කෙසේද?

ගණන් කථාව 21:6–9

මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලිය හැකිය.

  • පිත්තල සර්පයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ හා සමාන වන්නේ කෙසේද? (බලන්න යොහන් 3:14–15). ඔබේ දරුවන්ට කඩදාසිවලින් සර්පයෙකු සාදා, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ලෙන් යුතුව බලා” සිටීමට ඔවුන්ට කළ හැකි සරල දේවල් කිහිපයක් ඒවායේ ලිවීමෙන් ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් (හිලමන් 8:15).

    1:2

    Moses and the Brass Serpent

  • වැඩිහිටි දරුවන්ට පහත සඳහන් ශුද්ධලියවිලි පදවලින් එකක් තෝරාගෙන එමගින් මේ කතාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධයට එය එකතු කරන දේ බෙදාගන්න පුළුවන්: 1 නෙපී 17:41; ඇල්මා 33:18–20; හිලමන් 8:13–15; දහම සහ ගිවිසුම් 6:36.

පිත්තල සර්පයා

බ්‍රෙන්ට් එවන්ස් විසින්, Bronze Serpent [ලෝකඩ සර්පයා]

ගණන් කථාව 22–24

අන් අය මාව එයින් වළක්වන්නට උත්සහ කළත්, මට දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුගමනය කළ හැකිය.

  • මෝවබ් හි රජු වූ බාලාක් ඔහුට ගෞරවය හා ධනය පිරිනැමුවද, බාලාම් දෙවියන්වහන්සේගේ සෙනඟට ශාප කිරීම ප්‍රතික්ෂේප කළ ආකාරය අවධාරණය කරමින්, ඔබේ දරුවන් සඳහා ගණන් කථාව 22:1–18 සාරාංශ කරන්න. එවිට බාලාම්ට දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට අවශ්‍ය බව පෙන්වන වාක්‍ය ඛණ්ඩ සඳහා පහත සඳහන් පද සෙවීමට ඔබට ඔබේ දරුවන්ට උදව් වෙන්න පුළුවන්: ගණන් කථාව 22:18; 23:26; 24:13. සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන් කැමති එක් වාක්‍ය ඛණ්ඩයක් තෝරාගෙන එය කාඩ්පතක ලිවීමට ඔවුන්ට පුළුවන්, එමෙන්ම ස්වාමින්වහන්සේට කීකරු වීමට මතක තබාගැනීමට ඔවුන්ට එය උදව්වක් වෙයි.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

කුරුසියේ සිටින යේසුස්වහන්සේ, පිත්තල සර්පයා, පේත්‍රැස්ට වතුර මත ඇවිදීමට උපකාර කරන යේසුස්වහන්සේ සහ ලෙහීගේ දර්ශනය පෙන්වන සංයුක්ත රූපය

ඉහළ වම් පැත්තේ: The Crucifixion of Christ [ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම]. ඉහළ දකුණු පැත්තේ: ජුඩිත් ඒ. මෙහර් විසින්, Moses and the Brass Serpent [මෝසෙස් සහ පිත්තල සර්පයා]. පහළ වම් පැත්තේ: කෙල්සි සහ ජෙසී ලයිට්වේව් විසින්, Finisher of Faith [ඇදහිල්ල සම්පූර්ණ කරන්නා] පහළ දකුණු පැත්තේ: ජෙරී තොම්සන් විසින්, Lehi’s Dream [ලෙහීගේ සිහිනය]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙස බැලිය හැක