“ජුනි 1–7. ‘මාගේ සිත ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ’: රූත් 1; 1 සාමුවෙල් 1–7,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජුනි 1–7. ‘මාගේ සිත ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
සැන්ඩි ෆ්‍රෙකල්ටන් ගැගොන් විසින්, Whither Thou Goest [නුඹ යන තැනට]
ජුනි 1–7:“මාගේ සිත ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ”
රූත්; 1 සාමුවෙල් 1–7
අපගේ ජීවිතය ආරම්භයේ සිට අවසානය දක්වා පැහැදිලි මාවතක ගමන් කළ යුතු බව සමහර අවස්ථා වල අපි සිතනවා. සියල්ලට පසු, ලක්ෂ්‍ය දෙකක් අතර කෙටිම දුර සරල රේඛාවක්. එහෙත් ජීවිතය බොහෝ විට අපව අනපේක්ෂිත දිශාවලට ගෙන යන ප්‍රමාදයන් සහ හැරවුම් වලින් පිරී තිබෙනවා.
රූත් සහ හන්නා මෙය නිසැකවම තේරුම් ගත්තා. රූත් ඉශ්‍රායෙල් ජාතිකයෙක් නොවුණත් ඇය විවාහක කෙනෙක්, ඒවගේම ඇගේ ස්වාමිපුරුෂයා මිය ගිය විට, ඇයට තේරීමක් කරන්න තිබුණා. ඇය තම පවුලට සහ ඇගේ පැරණි, හුරුපුරුදු ජීවිතයට නැවත යනවාද, නැතහොත් ඇය ඉශ්‍රායෙල් ඇදහිල්ල සහ ඇගේ නැන්දම්මා සමඟ ජීවත් වෙමින් නව නිවසක් වැළඳ ගනීවිද? (බලන්න රූත් 1:4–18). හන්නාගේ ජීවිතය සඳහා ඇයගේ සැලැස්ම වූයේ දරුවන් බිහි කිරීමයි, නමුත් ඇයට එය නොහැකි වූ අතර, එය ඇයව “ආත්මය ශෝකයෙන්” පීඩිත වුණා (බලන්න 1 සාමුවෙල් 1:1–10). ඔබ රූත් සහ හන්නා ගැන කියවන විට, ඔවුන්ගේ අනපේක්ෂිත මාවත්වල ගමන් කිරීමට ඔවුන්ට තිබූ ඇදහිල්ල ගැන සලකා බලන්න. ඉන්පසු ඔබේම ගමන ගැන සිතන්න. එය රූත්ගේ සහ හන්නාගේ—එමෙන්ම වෙනත් ඕනෑම කෙනෙකුගේ ගමනට වඩා වෙනස්. නමුත් මෙහි සහ ඔබගේ සදාකාලික ගමනාන්තය අතර ඇති පරීක්ෂාවන් සහ විස්මයන් පුරාවට, ඔබට හන්නා සමඟ මෙසේ කියන්නට ඉගෙනගන්න පුළුවන්, “මාගේ සිත ස්වාමින්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ” (1 සාමුවෙල් 2:1).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
රූත්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ඛේදවාචකයක් ජයග්‍රහණයක් බවට පත් කළ හැකිය.
ඕනෑම යුගයක වැන්දඹුවකට ජීවිතය දුෂ්කරයි. නමුත් රූත්ගේ ස්වාමිපුරුෂයා මිය ගිය විට, ඇගේ තත්වය විශේෂයෙන් දුෂ්කර වුණා. එකල ඉශ්‍රායෙල් සංස්කෘතිය තුළ, ස්වාමිපුරුෂයෙකු හෝ පුතුන් නොමැති කාන්තාවකට දේපළ සඳහා අයිතියක් නොතිබූ අතර ජීවත්වීමට ඇති මාර්ග ඉතා අල්ප වුණා. ඔබ රූත්ගේ කතාව කියවන විට, ස්වාමින්වහන්සේ ඛේදවාචකයක් මහත් ආශිර්වාද රාශියක් බවට පත් කළ ආකාරය ගැන සැලකිල්ලට ගන්න. ඔබ දකින ආකාරයට රූත්ට උපකාරී වන්නට ඇත්තේ කුමක්ද? බෝවස් රූත්ගේ මංමුලා සහගත තත්වයෙන් ඇයව මුදාගත්තේ කෙසේද? (බලන්න රූත් 4:4–10). රූත් සහ බෝවස් දෙදෙනාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන් වූයේ කෙසේද?
රූත්; 1 සාමුවෙල් 1
මගේ තත්වය කුමක් වුවත් දෙවියන්වහන්සේ මට මගපෙන්වනු ඇති බවත් මට උපකාර කරන බවත් මට විශ්වාස කළ හැකිය.
සමහර විට රූත් සහ නයෝමිට සිදු වූවාක් මෙන් ඔබටත් විශාල අහිමි වීමක් වී තිබෙන්න පුළුවන් (බලන්න රූත් 1:1–5). එසේත් නැතිනම්, හන්නා මෙන්, ඔබට තවමත් ලැබී නැති ආශිර්වාද සඳහා ඔබ ආශා කරනවා වෙන්න පුළුවන් (බලන්න 1 සාමුවෙල් 1:1–10). මෙම කාන්තාවන් දෙවියන්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල පෙන්වූයේ කෙසේද? ඔවුන්ගේ ආදර්ශ වලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?
ඇත්ත වශයෙන්ම, දරුවෙකු වෙනුවෙන් යාච්ඤා කරන සෑම කෙනෙකුටම දරුවෙකු නොලැබෙන අතර, තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මිය ගිය සෑම කෙනෙකුම නැවත විවාහ වන්නේ නෑ. නමුත් ගැලවුම්කරුවාණන් වෙත හැරෙන සෑම කෙනෙකුටම උන්වහන්සේගේ උපකාරය සහ මගපෙන්වීම ලැබෙනවා. ඔබගේ දුෂ්කර කාලවලදී ඔබ ස්වාමින්වහන්සේව “විශ්වාස කළ” ආකාරය සලකා බලන්න (රූත් 2:12).
තවත් බලන්න ඒමි ඒ. රයිට්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ එම දවසේදී ජීවත් වන්න,” ලියහෝනා, නොවැ. 2023, 9–11.
එල්ස්පෙත් යං විසින්, For This Child I Prayed [මේ දරුවා වෙනුවෙන් මම යාච්ඤා කළෙමි]
1 සාමුවෙල් 2; 4–7
ස්වාමින්වහන්සේගේ උපකාරය ලබා ගැනීම සඳහා, මම උන්වහන්සේව විශ්වාස කළ යුතු අතර උන්වහන්සේගේ ආඥාවලට කීකරු විය යුතුයි.
ඉශ්‍රායෙල්වරුන්ගේ සතුරන් ප්‍රහාරයක් එල්ල කළ විට, ඔවුන් සිතුවේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබාගැනීමෙන් ඔවුන්ව ආරක්ෂා වන බවයි. ඔබ 1 සාමුවෙල් 4–6 කියවන විට, එය ක්‍රියා නොකළේ මන්දැයි සිතන්න. (1 සාමුවෙල් 2:12–25 තුළ මණ්ඩපයේ පූජකයන් ලෙස සේවය කළ ඒලීගේ පුත්‍රයන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා ද සැලකිල්ලට ගන්න.) ඔබ සිතන ආකාරයට, ස්වාමින්වහන්සේ තම සෙනඟට ඉගැන්වීමට උත්සාහ කළේ කුමක්ද? පෙට්ටිය අල්ලාගත් පසු පිලිස්තිවරුන්ට සිදු වූ දෙයින් ඔබ ඉගෙනගන්නේ කුමක්ද? (බලන්න පරිච්ඡේද 5–6). 1 සාමුවෙල් 7 තුළ ස්වාමින්වහන්සේගේ ආරක්ෂාව නැවත ලබාගැනීමට ඉශ්‍රායෙල් දරන උත්සාහයෙන් ඔබ ඉගෙනගන්නේ කුමක්ද?
1 සාමුවෙල් 2:1–10 තුළ හන්නාගේ ප්‍රශංසා කාව්‍යය කියවීමෙන් ඔබ ආශ්වාදයක් ලබයි. ඒලීගේ පුත්‍රයන්ට සහ සෙසු ඉශ්‍රායෙල්වරුන්ට උපකාර කළ හැකිව තිබූ ඇගේ වචනවලින්, ඔබ සොයාගන්නේ මොනවාද?
1 සැමුවෙල් 3
මට ස්වාමින්වහන්සේගේ හඬ අසා කීකරු විය හැකිය.
සමහර අවස්ථාවලදී, ස්වාමින්වහන්සේගේ හඬ ඇසූ නමුත් එය හඳුනා නොගත් සාමුවෙල් මෙන් ඔබටත් හැඟෙන්න පුළුවන්. අප සැමට මෙන්ම සාමුවෙල්ටත් ස්වාමින්වහන්සේගේ කටහඬ හඳුනාගැනීමට ඉගෙනගැනීමට සිදු වුණා. ඔබ 1 සාමුවෙල් 3 අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේගේ හඬට සවන් දීම සහ එයට කීකරු වීම ගැන ඔබ මෙම තරුණ ළමයාගෙන් ඉගෙන ගන්නේ කුමක්ද? ඔබට මෙම අමතර ශුද්ධලියවිලි පද උවමනාවෙන් කියවන්න පුළුවන්, ඒවගේම පුද්ගලයෙකුට ස්වාමින්වහන්සේගේ හඬ හඳුනාගැනීමට උපකාර කළ හැකි මාර්ගෝපදේශ ලැයිස්තුවක් හදන්න පුළුවන්: 1 රාජාවලිය 19:11–12; ලූක් 24:15–32; 3 නෙපී 11:3–7; දහම සහ ගිවිසුම් 6:22–23; 8:2–3; 9:7–9.
වෙනත් අවස්ථාවලදී, ස්වර්ගය වසා ඇති බවත්, දෙවියන්වහන්සේ ඔබ සමඟ අදහස් හුවමාරු කිරීමට කැමති නැති බවත් ඔබට හැඟෙන්නට පුළුවන්. සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ පැවසුවා: “ දෙවියන්වහන්සේට ඇත්තෙන්ම ඔබට කථාකිරීමට අවශ්‍යද? ඔව්!” (“සභාව සඳහා එළිදරව්, අපගේ ජීවිත සඳහා එළිදරව්,” ලියහෝනා, මැයි 2018, 93–96). ඔබ සභාපති නෙල්සන්ගේ පණිවිඩය අධ්‍යයනය කරන විට, ඔබ සොයාගන්නා, ස්වාමින්වහන්සේගේ හඬට සවන් දීමට සහ කීකරු වීමට ඔබව පොලඹවන දේවල් මොනවාද? සභාපති නෙල්සන් ඔබට ආරාධනා කරන්නේ කුමක් කිරීමටද, ඒවගේම ඔහු පොරොන්දු වන ආශිර්වාද මොනවාද? “දෙවියන්වහන්සේගේ ආලෝකයේ ඇවිදින්න” (යෞවනයේ ශක්තිය සඳහා: තෝරාගැනීම් සඳහා මගපෙන්වීමක්, 16-20) තුළ එළිදරව් පිළිබඳ ඇති ආරාධනා සහ පොරොන්දු වූ ආශිර්වාද සොයාගැනීමට ඔබට පුළුවන්. “එළිදරව් ලැබීම සඳහා ඔබේ අධ්‍යාත්මික හැකියාව වැඩි කිරීමට” ඔබට කළ හැකි එක් දෙයක් තෝරාගැනීම ගැන සලකා බලන්න.
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
රූත්
මා වටා සිටින පුද්ගලයින්ට මට ආදරය හා කරුණාව පෙන්විය හැකිය.
-
ඔබ රූත්ගේ කතාව ඔබේ දරුවන් සමඟ බෙදාගන්නා විට, ඒ කතාවේ කරුණාවන්ත ක්‍රියාවක් ඇසෙන සෑම අවස්ථාවකම ඔවුන්ගේ දෑත් ඔසවන ලෙස ඔවුන්ට ආරාධනා කරන්න. අනෙක් අය ඔවුන්ට කරුණාව දක්වන විට හෝ ඔවුන් අනෙක් අයට කරුණාව දක්වන විට ඔවුන්ට හැඟෙන ආකාරය බෙදා ගැනීමටද ඔවුන්ට පුළුවන්. ගැලවුම්කරුවාණන් අපට කරුණාවන්ත වී ඇත්තේ කෙසේද? අපට උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?
2:0Ruth and Naomi
රූත්; 1 සාමුවෙල් 1
මට ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන්න පුළුවන්.
-
දුෂ්කර කාලවලදී ඇදහිලිවන්තව සිටීමට රූත් සහ හන්නාගේ කථා ඔබේ දරුවන්ට පෙළඹවීමක් වෙන්න පුළුවන්. අභියෝග, ක්‍රියා, ආශිර්වාද යන මාතෘකා සහිත සරල ප්‍රස්ථාරයක් සෑදීමට ඔවුන්ට උපකාර කිරීම ගැන සලකා බලන්න. ඉන්පසු ඔබට එකට එක් වී රූත් 1:3–5, 8, 16; 2:1–3, 8–12; 4:13–17; 1 සාමුවෙල් 1:1–18 කියවා, මෙම පදවල ඔවුන් සොයා ගන්නා දේවල් එම මාතෘකා යටතේ ලියන්න පුළුවන්. රූත් සහ හන්නා ස්වාමින්වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල පෙන්නුවේ කෙසේද? දුෂ්කර කාලවලදී ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය පිළිබඳ උදාහරණ ඉන්පසු ඔබට හෝ ඔබේ දරුවන්ට බෙදාගන්න පුළුවන්.
1 සාමුවෙල් 1:1–18.
ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන සේක.
-
ළමයෙකුට බෝලයක් විසි කරමින්, ඔවුන් එම බෝලය වෙන කෙනෙකුගේ අතට යැවීමට පෙර මෙම කතාවේ කොටසක් පැවසීමට ඔවුන්ට ආරාධනා කිරීම විනෝදජනක වෙන්න පුළුවන්. හන්නාගේ ආදර්ශයෙන් යාච්ඤාව ගැන අපි ඉගෙනගන්නේ මොනවාද?
1:15Hannah
3:9Hannah's Faith
රොබට් ටී. බැරට් විසින්, Samuel Tells Eli the Truth [සාමුවෙල් ඒලීට සත්‍යය පවසයි]
1 සාමුවෙල් 3:1–10
මට ස්වාමින්වහන්සේගේ හඬ අසා කීකරු විය හැකිය.
-
සමහරවිට සාමුවෙල්ගේ එළිදරව්ව පිළිබඳ අත්දැකීමෙන් ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට, සරල රඟ දැක්වීමක් උදව්වක් වෙන්න පුළුවන්. ඔබ 1 සාමුවෙල් 3:1–10 කියවන විට එක් දරුවෙකුට සාමුවෙල් ලෙස පෙනී සිටින්න පුළුවන්, ඒවගේම තවත් දරුවෙකුට ඒලී ලෙස පෙනී සිටින්න පුළුවන්. ස්වාමින්වහන්සේගේ හඬට සවන් දෙන ආකාරය ගැන සාමුවෙල්ගෙන් අප ඉගෙනගන්නේ මොනවාද? ස්වාමින්වහන්සේ අපට කතා කරන විට අප සවන් දීමට කැමැත්තෙන් සිටින බව අප පෙන්වන්නේ කෙසේද?
2:10Samuel the Prophet
1:58Samuel and Eli
-
ස්වාමින්වහන්සේ ඔවුන්ට කතා කරන ආකාරය ඔවුන් යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේදැයි ඔබේ දරුවන්ගෙන් විමසන්න. දහම සහ ගිවිසුම් 6:22–23; 8:2–3; 9:7–9 තුළ පිළිතුරු සෙවීමට ඔබට ඔවුන්ට උපකාර කරන්න පුළුවන්.
ආත්මයාණන්වහන්සේව හඳුනා ගැනීමට ඉගෙන ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අපගේම හැඟීම් සහ ශුද්ධාත්මයාණන්වහන්සේ අතර හඳුනා ගැනීම පහසු නැහැ. සෑම කෙනෙකුම වරින් වර මේ සමඟ පොරබදිනවා. ඔබේ දරුවන්ට ආත්මයාණන්වහන්සේගේ බලපෑම දැනෙන විට එය හඳුනා ගැනීමට උපකාර කිරීමට ඔබට හැකි සෑම අවස්ථාවක්ම ලබාගන්න. උදාහරණයක් වශයෙන්, ඔබ 1 සාමුවෙල් 3:1–10 සහ දහම සහ ගිවිසුම්වල යෝජිත පද කියවන විට, ස්වාමින්වහන්සේ ඔබේ මනසින් සහ හදවතින් ඔබට ඉගැන්වූ අත්දැකීම් ඔබට බෙදාගන්න පුළුවන්.
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.