“ජුනි 22–26. ‘ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව අසනු මැනව’: 2 සාමුවෙල් 11–12; 1 රාජාවලිය 3; 6–9; 11,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජුනි 22–26. ‘ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව අසනු මැනව,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ජේම්ස් ටිස්සොට් සහ අනෙකුත් අය විසින්, Solomon Dedicates the Temple at Jerusalem [සාලමොන් යෙරුසලමේ දේවමාළිගාව කැප කරයි]
ජුනි 22–26:“ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාව අසනු මැනව”
2 සාමුවෙල් 11–12; 1 රාජාවලිය 3; 6–9; 11
සාවුල්, දාවිත් සහ සාලමොන්, යන ඉශ්‍රායෙල්හි පළමු රජවරුන් තිදෙනාම ආරම්භ කළේ විශාල පොරොන්දුවක් සමඟයි. නිහතමානී, ධෛර්ය සම්පන්න සහ ප්‍රඥාවන්ත, ඔවුන් සෑම කෙනෙකුම—අවම වශයෙන් මුල්ම අවදියේදීවත්, ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ලබාගත්තා. කණගාටුවට කරුණක් තමයි, මේ සෑම රජෙකුම මනුෂ්‍ය දුර්වලකම් හා පරීක්ෂාවන්ට යටත් වුණා. ඔවුන් තමන්ගේ ආශාවන් ස්වාමින්වහන්සේට වඩා ඉදිරියෙන් තැබුවා. අපි ශුද්ධලියවිලිවල නැවත නැවතත් දුටු ආකාරයට සහ අපගේම ජීවිතවල, එය ඛේදවාචකයට හේතු වුණා.
නමුත් සාලමොන්ගේ පාලන සමයේදී ගිවිසුම්ගත ජනයාගේ ජීවිතවල ස්ථාවරත්වය සඳහා යම් බලාපොරොත්තුවක් ලබා දුන් වැදගත් දෙයක් සිදු වුණා. සාලමොන් දේවමාළිගාවක් ගොඩනැගුවා. එය එහි තිබූ මණ්ඩපයට වඩා ස්වාමින්වහන්සේගේ ස්ථිර ගෘහයක් විය යුතු වුණා. ඒවගේම එය ස්වාමින්වහන්සේගේ සෙනඟ අතරේ උන්වහන්සේගේ වැඩසිටීම වඩාත් ස්ථිර ලෙස නියෝජනය කළා. මේ සෙනඟ නොයෙකුත් ආකාරයේ දුර්වලකම් හා පරීක්ෂාවන්ට මුහුණ දෙන බව සාලමොන් දැන සිටියා. මේ නව ශුද්ධ වූ ගෘහය කැප කිරීමේදී, සාලමොන් ස්වාමින්වහන්සේට ආයාචනා කළා, “ඔවුන් තමුන්ගේ මුළු සිතින් ඔබ දෙසට හැරී එන්නේ නම්, එවිට ඔබවහන්සේ ඔවුන්ගේ යාච්ඤා අසනු ලැබේවා” (1 රාජාවලිය 8:47–48). එය දේවමාළිගා ගිවිසුම් අප වෙනුවෙන් කරන දෙයෙහි කොටසක් වෙනවා—එනම් ඒවා දෙවියන්වහන්සේට සම්බන්ධයක් නිර්මාණය කරනවා. අපගේ පසුතැවිල්ල සහ උන්වහන්සේගේ දයාව තුළින් උන්වහන්සේට “[අප] අතර වාසය කළ හැකි” බවත් කිසිදා අපව අත් නොහරින බවට වූ පොරොන්දුවත්, ඒවා මගින් අපට සුරක්ෂිත කර දෙනවා (1 රාජාවලිය 6:13).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
2 සාමුවෙල් 11; 12:1–14
මා පව් කිරීමට පෙළඹෙන විට මට යහපත් තේරීම් කිරීමට උපකාර කිරීමට ස්වාමින්වහන්සේට හැකිය.
සමහර විට ඇදහිල්ලේ ශක්තිමත් බවක් අපට පෙනෙන අය දෙස අපි බලනවා, ඒවගේම ඔවුන් පරීක්ෂාවට ලක් නොවන බවට අපි උපකල්පනය කරනවා. 2 සාමුවෙල් 11 හි විස්තර කර ඇති දාවිත්ගේ ඛේදනීය තේරීම් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ එය එසේ නොවන බවයි. ඔහුගේ අත්දැකීම්වලින් ඔබට ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියා සලකා බලන්න. මෙවැනි ප්‍රශ්න ඔබට 2 සාමුවෙල් 11–12 අධ්‍යයනය කිරීමට උදව්වක් වෙන්න පුළුවන්:
-
එන්න එන්නම පව්කාර මාවතකට දාවිත්ව ගෙන යාමට හේතු වී, ඔහුගේ තේරීම් මොනවාද? ඒ වෙනුවට ඔහුට කළ හැකිව තිබූ ධර්මිෂ්ඨ තේරීම් මොනවාද?
4:15To Look Upon
වීඩියෝ භාවිතා කිරීම. වීඩියෝ මඟින් ඔබට ශුද්ධලියවිලි වලින් යම් කතා දෘශ්‍යමාන කරගැනීමට සහ ඒවා ඔබට අදාළ වන ආකාරය සලකා බැලීමට උදවු වෙන්න පුළුවන්. ඉගැන්වීම සහ ඉගෙන ගැනීම වැඩිදියුණු කිරීම සඳහා ඔබට ඒවා භාවිතා කළ හැකි ආකාරය සලකා බලන්න.
-
විරුද්ධවාදියා ඔබව පව්කාර මාර්ගවලට ගෙන යාමට උත්සාහ කරන්නේ කෙසේද? ආත්මිකව සුරක්ෂිතව සිටීමට ඔබට දැන් කළ හැකි තේරීම් මොනවාද?
-
2 සාමුවෙල් 12:1–6 හි නාතාන්ගේ කතාවට දාවිත්ගේ ප්‍රතිචාරය සැලකිල්ලට ගන්න. දාවිත් තමා ගැන සැලකූ ආකාරය ගැන, ඔහුගේ ප්‍රතිචාරයෙන් ඇඟවෙන්නේ කුමක්ද? ඔබව වඩාත් නිවැරදිව දැකීමට ඔබට උපකාර කිරීමට ස්වාමින්වහන්සේ කර ඇත්තේ මොනවාද?
-
ඔබ 2 සැමුවෙල් 11–12 තුළ ඇති සිදුවීම් අනතුරු ඇඟවීමකින් යුත් එක් වාක්‍යයකින් සාරාංශ කරන්නේ කෙසේද?
දාවිත්ගේ නරක තේරීම් ගැන කියවීමෙන් ඔබට කාමුක දර්ශන සහ ලිංගික පාපයේ අන්තරායන් ගැන ඉගෙන ගන්න පුළුවන්. යෞවනයේ ශක්තිය සඳහා: තේරීම් කිරීම සඳහා මාර්ගෝපදේශයකි සහ විශේෂයෙන් “මේ මොහොතේ කළ යුතු දේ” සහ “ඔබේ ශරීරය පරිශුද්ධයි” (පිටු 21–28) යනු මේ සඳහා හොඳ සම්පතක් වෙනවා. සමහරවිට දාවිත්ට වඩා හොඳ තේරීමක් කිරීමට උපකාරවත් වන්නට තිබූ උපදෙස් සඳහා එම පොත ඔබට කියවා බලන්න පුළුවන්. එසේත් නැතිනම් දාවිත්ට නැවත ස්වාමින්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කළ හැකි යමක් සොයමින්, ඔබට “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට උපකාර කරනු ඇත” (පිටු 6–9) කියවන්න පුළුවන්.
තවත් බලන්න 2 නෙපී 28:20–24; උලිසෙස් සෝරෙස්, “සෑම සිතුවිල්ලකම ක්‍රිස්තුස්වහන්සේව සොයන්න,” ලියහෝනා, නොවැ. 2020, 82–85.
Watch Your Step
1 රාජාවලිය 3:1–15
වටහා ගැනීමේ ශක්තියේ දීමනාව හරි වැරැද්ද අතර වෙනස හඳුනා ගැනීමට මට උපකාර කරයි.
“මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්න” (1 රාජාවලිය 3:5) කියා ස්වාමින්වහන්සේ ඔබට කීවේ නම්, ඔබ ඉල්ලන්නේ කුමක්ද? සාලමොන්ගේ ඉල්ලීම ගැන ඔබේ සිත් ගත්තේ කුමක්ද? “යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක්” (9 වෙනි පදය) වටිනා තෑග්ගක් වන්නේ මන්දැයි මෙනෙහි කරන්න. මෙම දීමනාව සෙවීමට ඔබට කළ හැක්කේ මොනවාද?
තවත් බලන්න මොරෝනි 7:12–19.
1 රාජාවලිය 6–8; 9:1–9
ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවේ ඇති කරගත් ගිවිසුම් තුළින්, ස්වාමින්වහන්සේ මා සමඟ වාසය කරන සේක.
1 රාජාවලිය 6–7 හි ඔබට සාලමොන් ස්වාමින්වහන්සේ වෙනුවෙන් ගොඩනඟන ලද පූජනීය ගෘහය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සොයාගන්න පුළුවන්. පුරාණ ඉශ්‍රායෙල්වරුන්ට තරම්ම එම තොරතුරු ඔබට වැදගත් නොවන බව ඔබට පෙනෙයි. නමුත් ස්වාමින්වහන්සේගේ ගෘහයක් තිබීම ඔවුන්ට කොතරම් වැදගත්ද කියා මෙම පරිච්ඡේද කියවීමෙන් ඔබට අවබෝධයක් ලබා දෙයි. එය ඔබට වැදගත් වන්නේ ඇයි?
සාලමොන්ගේ දේවමාළිගාවේ විවිධ කොටස් සංකේතවත් කරන්නේ කුමක්දැයි ඔබට සිතා බලන්න පුළුවන්. උදාහරණයක් ලෙස, 1 රාජාවලිය 6:35 හි සඳහන් වන කෙරුබ්වරුන්, ගස් සහ මල් නියෝජනය කරන්නේ මොනවාදැයි සලකා බලන්න. (තවත් බලන්න උත්පත්ති 3:24.)
8 වෙනි පරිච්ඡේදයේ දේවමාළිගාව නිම කිරීමෙන් පසු සාලමොන්ගේ යාච්ඤාව වාර්තා කරනවා (බලන්න 22–61 පද). සාලමොන් ඉල්ලා සිටි ආශිර්වාද ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. මෙම ආශිර්වාද ගැන ඔබව විශ්මයට පත් කරන්නේ මොනවාද? (2 රාජාවලිය 6:11–13; 9:1–9 හි ස්වාමින්වහන්සේගේ පොරොන්දුද සැලකිල්ලට ගන්න.) ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහයට ගොස් ඇත්නම්, එහි නමස්කාර කිරීමේ ඔබේ අත්දැකීම් ගැන සිතන්න. දේවමාළිගාවේ ගිවිසුම් පැවැත්වීම ඔබට ස්වාමින්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට උපකාර වී ඇත්තේ කෙසේද?
තවත් බලන්න දහම සහ ගිවිසුම් 109; හෙන්රි බී. අයිරින්, “මම දේවමාළිගාව දකින්න ආසයි,” ලියහෝනා, මැයි 2021, 28–31.
කොලොම්බියාවේ බැරැන්කිලා දේවමාළිගාව
1 රාජාවලිය 8:61; 11:1–11
“ඔහුගේ සිත ස්වාමින්වහන්සේ වෙත සම්පූර්ණව නොතිබුණේය.”
“ඔබේ සිත … ස්වාමින්වහන්සේ සමඟ පරිපූර්ණ වීමට ඉඩ දෙන්න” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (1 රාජාවලිය 8:61). එය අපගේ ක්‍රියාවන් පරිපූර්ණ වීමට වඩා වෙනස්ද? ඒ කොහොමද? 1 රාජාවලිය 11:1–11 කියවා, සාලමොන්ගේ හදවත ගැන ස්වාමින්වහන්සේ පැවසූ දේ සැලකිල්ලට ගන්න. ඔබේ හදවත ස්වාමින්වහන්සේගෙන් ඈත් කර “වෙනත් දෙවිවරුන්” වෙතට හැරවිය හැකි බලපෑම් ඔබේ ජීවිතයට තිබේදැයි ඔබට සිතා බලන්න පුළුවන්.
තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
2 සැමුවෙල් 11.
මා පරීක්ෂාවට ලක් වූ විට ස්වාමින්වහන්සේට මට උපකාර කළ හැකිය.
-
දාවිත් කළ වැරදි තේරීම් හඳුනාගෙන ඒ වෙනුවට ඔහුට කළ හැකිව තිබූ හොඳ තේරීම් යෝජනා කරන ලෙස ඔබට ඔබේ දරුවන්ගෙන් ඉල්ලන්න පුළුවන්. අප පරීක්ෂාවට ලක් වූ විට, නිවැරදි තේරීමක් කිරීමට අපට උපකාර කිරීම සඳහා අපට කළ හැකි සමහර දේවල් මොනවාද?
2:11King David
-
දාවිත්ගේ ඛේදනීය පාප ගැන කියවීම කාමුක දර්ශනවල අන්තරායන් ගැන සාකච්ඡා කිරීමට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඔබේ දරුවන්ට අසභ්‍ය දර්ශන හමු වූ විට ඔවුන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සැලැස්මක් සැකසීමට ඔවුන්ට උදව් කරන්න.
5:46What should I do when I see pornography?
1 රාජාවලිය 8:22–61
ස්වාමින්වහන්සේගේ ගෘහයේ ගිවිසුම් ඇති කර ගැනීම—සහ ඒවා පැවැත්වීම—උන්වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට මට උපකාර කරයි.
-
ඔබ සහ ඔබේ දරුවන් 1 රාජාවලිය 8 තුළ දේවමාළිගාවේ කැපකිරීම ගැන ඉගෙන ගන්නා විට, ඔබට මෙම සතියේ දළ සටහනේ ඇති දේවමාළිගාවල පින්තූර දෙස බලන්න පුළුවන්. ඔබේ දරුවන්ට එම පින්තූරවල පෙනෙන විස්තර ගැන කතා කිරීමට ඉඩ දෙන්න. ඔබට 57–58 පද අවධාරණය කරන්න පුළුවන්. “[ස්වාමින්වහන්සේගේ] සියලු මාර්ගවල ගමන් කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (1 රාජාවලිය 8:58). සමහරවිට ඔබේ දරුවන්ට ඔවුන් දෙන සෑම පිළිතුරක් සඳහාම එක් පියවරක් තබන්න පුළුවන්.
-
ඔබ දේවමාළිගාවේ ඇති කර ගන්නා ගිවිසුම් පිළිපැදීමෙන් ඔබට ස්වාමින්වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට උපකාර වන ආකාරය ගැන ඔබේ දරුවන්ට කියන්න. මෙම ගිවිසුම් මොනවාදැයි ඔබට ඔවුන්ට කියන්න පුළුවන් (බලන්න ප්‍රධාන අත්පොත, 27.2, ශුභාරංචි පුස්තකාලය).
සෑම් ලෝලර් විසින් සාලමොන්ගේ දේවමාළිගාවේ නිදර්ශනය
1 රාජාවලිය 11:1–11
මට මගේ ජීවිතයේ පළමු තැන ස්වාමින්වහන්සේට දිය හැකිය.
-
සාලමොන්ගේ භාර්යාවන් ඔහුට බලපෑම් කළ ආකාරය ගැන කියවීමෙන් “වෙනත් දෙවිවරුන්ගේ” උදාහරණ ගැන—නැතහොත් මිනිසුන් දෙවියන්වහන්සේ වෙනුවට නමස්කාර කරන හෝ ආදරය කරන දේවල් ගැන් සංවාදයක් ඇති වෙන්න පුළුවන්. අපගේ ජීවිතයේ අන් සියල්ලටම වඩා අපි උන්වහන්සේට ප්‍රේම කරන බව අපි පෙන්වන්නේ කෙසේද?
තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.