එන්න, මා අනුගමනය කරන්න
ජුනි 8–14. “ස්වාමින්වහන්සේ සිත බලන සේක”: 1 සාමුවෙල් 8–10; 13; 15–16


“ජුනි 8–14. ‘ස්වාමින්වහන්සේ සිත බලන සේක’: 1 සාමුවෙල් 8–10; 13; 15–16,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)

“ජුනි 8–14. ‘ස්වාමින්වහන්සේ සිත බලන සේක,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026

යේසුස්වහන්සේ සැරයටියක් අතැතිව

සයිමන් ඩිවි විසින්, Beside Still Waters [ස්ටිල් වෝටර්ස් අසල]

ජුනි 8–14: “ස්වාමින්වහන්සේ සිත බලන සේක”

1 සාමුවෙල් 8–10; 13; 15–16

සාවුල් බූරුවන් පාලනය කරන්නෙක් වුණා. උස හා කඩවසම් වුවද, ඔහු “[ඔහුගේම] ඇස් හමුවේ සුළු” බවින් සහ ඔහුගේ පවුලේ උරුමය ගැන සංවේදීව සිටියා (බලන්න 1 සාමුවෙල් 9:2–3, 21; 15:17). ඔහු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ ඔවුන්ගේ රජු ලෙස ඉදිරිපත් කළ යුතු දිනයේ ඔහු ආවේ නෑ; ඔහු ඉතා කලබලයට පත් වූ අතර ඔහු “සැඟවී සිටියා” (1 සාමුවෙල් 10:21–22). සාවුල් දෙස බලන විට, ඔහු ඉශ්‍රායෙල්වරුන්ව ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ජයග්‍රහණය කරා ගෙන යනු ඇතැයි—හෝ පසුව ඔහු උඩඟු වී ස්වාමින්වහන්සේට විරුද්ධව කැරලි ගසනු ඇතැයි ඔබ අනුමාන නොකරන්නට ඇති.

දාවිත් බැටළුවන් පාලනය කරන්නෙක් වුණා. ඔහු ඔහුගේ වැඩිමහල් සොහොයුරන් හත්දෙනා තරම් ශාරීරිකව ආකර්ෂණීය වුණේ නෑ. ඉශ්‍රායලයට අලුත් රජෙකු තෝරා ගැනීමට සාමුවෙල් පැමිණි දිනයේ, එම අපේක්ෂකයන් අතරට දාවිත්ව ඇතුළත් කිරීම වටින්නේ නැති බව පෙනුණු නිසා, ඔහුව බැටළුවන් සමඟ කෙත්වල දමා ගොස් තිබුණා. දාවිත් දෙස බලන විට, යෝධයෙකු පරාජය කර ඉශ්‍රායෙලයේ වඩාත්ම සාර්ථක රජු වීමට ඔහුට ඇදහිල්ල සහ ධෛර්යය ඇති බව ඔබ අනුමාන කරන්නට නැතුව ඇති.

නමුත් ස්වාමින්වහන්සේ අපගේ ලේබල්, අපගේ ශාරීරික පෙනුම, අපගේ අනාරක්ෂිත බව අභිබවා අපිව දකිනවා. ඒ වෙනුවට, උන්වහන්සේ බලන්නේ “සිත” දෙසයි (1 සාමුවෙල් 16:7). අපගේ සිත නිවැරදි නොවන විට පවා, අප කැමති නම්, උන්වහන්සේ අපට “වෙනත් සිතක්” ලබාදෙනවා (1 සාමුවෙල් 10:9).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

1 සාමුවෙල් 8.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ රජුය.

1 සාමුවෙල් 8 ඉශ්‍රායෙල්වරුන්ගේ ඉරණම සදහටම වෙනස් කරන සිදුවීමක් ගැන කියනවා. ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂාව සඳහා, ඉශ්‍රායෙල්වරුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ අසල්වැසියන්ට තිබූ දේ—ඒ තමයි ඔවුන්ව පාලනය කිරීමට රජෙක්. ඔබ ඔවුන්ගේ ඉල්ලීම ගැන සහ ස්වාමින්වහන්සේගේ ප්‍රතිචාරය ගැන කියවන විට, ආරක්ෂාව සහ මගපෙන්වීම සඳහා ඔබ සොයන්නේ කාවදැයි කියා සිතන්න. ස්වාමින්වහන්සේට “[ඔබ] කෙරෙහි රජකම් කරන පිණිස” ඉඩ දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා සලකා බලන්න (1 සාමුවෙල් 8:7).

ඉදිරි සති කිහිපය තුළ, ඔබ ඉශ්‍රායලයේ නායකත්වය සඳහා කැඳවනු ලැබූ රජවරුන් ගණනාවක් ගැන කියවයි. ඔබ ඔවුන් ගැන ඉගෙනගන්නා විට, පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න:

  • 1 සාමුවෙල් 8:10–18 හි ස්වාමින්වහන්සේ අනතුරු ඇඟවීම් ඉටු වූයේ කෙසේද?

  • ලෞකික රජෙකු ලැබීමට වූ ඉශ්‍රායෙල් දරුවන්ගේ තේරීම, ඔවුන්ට බලපෑවේ කෙසේද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෞකික රජවරුන්ට වඩා වෙනස් වන්නේ කෙසේද? ක්‍රිස්තුස්වහන්සේට ඔබේ රජු වීමට ඉඩ දීම සඳහා, ඔබේ ජීවිතයෙන් ඉවත් කළ යුතු ලෞකික බලපෑම් මොනවාදැයි කියා සලකා බලන්න.

1 සාමුවෙල් 9–10; 16:1–13

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සේවය කිරීමට උන්වහන්සේ අනාවැකි මගින් පුද්ගලයින්ව කැඳවයි.

1 සාමුවෙල් 9–10 සහ 16 තුළ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙලෙයේ රජුන් තෝරාගත් ආකාරය ගැන කියවන්න (විශේෂයෙන් බලන්න 9:15–17; 10:1–12; 16:1–13). වර්තමානයේ ස්වාමින්වහන්සේගේ සභාවේ “දෙවියන්වහන්සේ විසින්, අනාවැකි මගින් කැඳවීමක් ලැබීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට උපකාර වන ඡේද සොයන්න (ඇදහිල්ලේ කරුණු 1:5). කැඳවීම ලබාදෙන නායකයාගේ (සාමුවෙල්), කැඳවනු ලබන පුද්ගලයාගේ (සාවුල් සහ දාවිත්) සහ ඔවුන් සේවය කිරීමට කැඳවනු ලබන ජනතාවගේ (ඉශ්‍රායෙල්වරුන්) ස්ථාන වලට ඔබවම පත්කරගැනීම ගැන ඔබට සලකා බලන්න පුළුවන්. මෙම පරිච්ඡේදවල ඔවුන්ගේ වචන සහ ක්‍රියාවලින් ඔබ ඉගෙන ගන්නේ මොනවාද?

සාමුවෙල් සාවුල්ව ආලේප කිරීම

පී. මෑන් විසින් සාමුවෙල් සාවුල්ව ආලේප කිරීම පිළිබඳ නිදර්ශනය, © Lifeway Collection/licensed from goodsalt.com

1 සාමුවෙල් 13:5–1415

“පූජාවට වඩා කීකරුවීම හොඳය.”

1 සාමුවෙල් 10 හි සාවුල් කෙතරම් බියසුලු ලෙස පෙනුනේද යන්න සලකා බැලීමේදී, ඔහු රජ වූ පසු ඔහුගේ “කැරැල්ල” සහ “මුරණ්ඩුකම” ගැන කියවීම පුදුම සහගතයි (1 සාමුවෙල් 15:23). ඔබ සිතන ලෙස මෙය සිදු වූයේ ඇයි? 1 සාමුවෙල් 13:5–14 හි, ඔහුගේ වැටීමට තුඩු දුන් ආකල්ප සහ හැසිරීම් මොනවාද?

1 සාමුවෙල් 15 හි, සාවුල්ට හොඳ හේතුවක් ඇතැයි ඔහු සිතූ නිසා, සාවුල් කීකරු නොවූ ස්වාමින්වහන්සේගේ ආඥාවක් ගැන ඔබ කියවයි. සාවුල්ගේ දුර්වල තේරීම් වලින් ඉගෙන ගැනීමට, 22 වෙනි පදය දෙස බලා “පූජා” සහ “බැටළු තෙල” යන වචන වෙනුවට, හොඳ යැයි පෙනෙන නමුත් ස්වාමින්වහන්සේට ඇහුම්කන් දීම සහ කීකරු වීම තරම් වැදගත් නොවන දේවල් යොදන්න. ඔබගේ ජීවිතයේ ස්වාමින්වහන්සේගේ කැමැත්තට මුල් තැන දුන් විට ඔබ ආශිර්වාද ලැබුවේ කෙසේද?

1 සාමුවෙල් 16:6–12

සෙමනේරි නිරූපකය
“ස්වාමින්වහන්සේ සිත බලන සේක.”

ඔබ කවදා හෝ යම් දෙයක හෝ කෙනෙකුගේ “පිටත පෙනුම” මත පදනම්ව තීරණයක් ගෙන, පසුව ඔබ වැරදි බව සොයාගෙන තිබෙනවාද? සමහර විට ඔබ පෙනෙන තරම් හොඳ නැති දෙයක් ආහාරයට ගෙන තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබ යමෙකුව අසාධාරණ ලෙස විනිශ්චය කළා වෙන්න පුළුවන්.

සාමුවෙල් ඉශ්‍රායෙල්හි නව රජෙකු සොයමින් සිටියදී, ස්වාමින්වහන්සේ ඔහුට වඩා හොඳ මාර්ගයක් ඉගැන්වූවා. 1 සාමුවෙල් 16:6–7 හි ඒ ගැන කියවා, පුද්ගලයින් “පිටත පෙනුමෙන්” අන් අයව විනිශ්චය කරන ආකාර ගැන ලැයිස්තුවක් සෑදීම ගැන සලකා බලන්න. වැඩිහිටි ක්‍රිස්ටෝෆ් ජී. ජිරෝඩ් කැරියර්ගේ “අපි උන්වහන්සේගේ දරුවන්” (ලියහෝනා, නොවැ. 2023, 114–16) යන පණිවිඩයෙන් ඔබට උදාහරණ කිහිපයක් සොයාගන්න පුළුවන්. ස්වාමින්වහන්සේ බලන ආකාරයට “සිත දෙස” බැලීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (1 සාමුවෙල් 16:7). වැඩිහිටි ජිරෝඩ් කැරියර්ගේ පණිවිඩයෙන් ද ඔබට මේ සඳහා උදාහරණ සොයාගන්න පුළුවන්. සමහර අවස්ථා වල ගැලවුම්කරුවාණන් පුද්ගලයෙකුගේ බාහිර පෙනුම අභිබවා බැලූ වෙනත් අවස්ථා ගැනත් ඔබට සිතන්න පුළුවන්. (උදාහරණ ලෙස බලන්න, මාර්ක් 12:41–44; ලූක් 5:1–11; 19:1–9; යොහාන් 4:5–30; මෝසෙස් 6:31–36.) මෙම උදාහරණවලින් ඔබ ඉගෙනගන්නේ මොනවාද?

ඔබ අන් අයව සහ ඔබව දකින ආකාරය සඳහා ඔබට ගැලවුම්කරුවාණන්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද? එසේ කිරීම අන් අය සමඟ ඔබේ අන්තර් ක්‍රියාවලට බලපාන්නේ කෙසේද? යමෙකුගේ හදවතේ ඔබ දකින යහපත්කම ගැන ඔවුන්ට පැවසීම ගැන සලකා බලන්න.

තවත් බලන්න උලිසෙස් සෝරෙස්, “ක්‍රිස්තුස්වහන්සේ තුළ සහෝදර සහෝදරියන්,” ලියහෝනා, නොවැ. 2023, 70–73.

තවත් විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

1 සැමුවෙල් 8.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාගේ රජුය.

  • ඔබ ඔබේ දරුවන් සමඟ 1 සාමුවෙල් 8 කියවන විට, රජෙකු සිටීම නරක අදහසක් බව සාමුවෙල් ඉශ්‍රායෙල්වරුන්ට පැවසීමට හේතු සෙවීමට ඔවුන්ට උපකාර කරන්න. අපේ රජු ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිටීම වඩා හොඳ ඇයි? සමහරවිට ඔබට එකට එක්ව කඩදාසි ඔටුන්නක් සාදා, එය මාරුවෙන් මාරුවට පැළඳගෙන, යේසුස්වහන්සේ අපේ රජ වීම අපට අවශ්‍ය බව පෙන්වීමට අපට කළ හැකි දෙයක් බෙදාගන්න පුළුවන්. (තවත් බලන්න යෙරමියා 23:5; දහම සහ ගිවිසුම් 45:59.)

1 සාමුවෙල් 8:6; 9:15–17; 10:1–24; 16:1–13

සභාවේ සේවය කරන අයව කැඳවනු ලබන්නේ දෙවියන්වහන්සේ විසිනි.

  • ඔබේ දරුවන්ට එළිදරව් මගින් අද සභාවේ සේවය කිරීමට කැඳවන ආකාරය ගැන තේරුම් ගැනීමට, දෙවියන්වහන්සේ සාවුල් සහ දාවිත්ව රජවරුන් ලෙස තෝරා ගැනීම පිළිබඳ වාර්තා උපකාර කරයි. මෙම කතන්දර ඔවුන්ට ඉගැන්වීම සඳහා, ඔබට ඒ කතන්දරවලින් යම් යම් සිදුවීම් කඩදාසි තීරු මත ලියා තබන්න පුළුවන්, ඒවගේම ඔබ එකට එක්ව ශුද්ධලියවිලි කොටස් කියවන විට ඔබේ දරුවන්ට ඒවා නිවැරදි පිළිවෙලට තබන්න පුළුවන්. ඉන්පසු පැවරුමක් හෝ කැඳවීමක් ඉටු කිරීමට, දෙවියන්වහන්සේ ඔබට ආධ්‍යාත්මික බලයෙන් ආශිර්වාද කළ අවස්ථා ගැන කතා කරන්න පුළුවන් (බලන්න 1 සාමුවෙල් 10:9–10).

    1:16

    Young David

  • ඇදහිල්ලේ කරුණු පස්වන වගන්තිය ඔබේ දරුවන්ට ඉගැන්වීමට මෙය හොඳ අවස්ථාවක්. සභාවේ ඔබේ කැඳවීම ඔබට ලැබුණු ආකාරය ගැන ඔවුන්ට කියන්න. ඔබව කැඳවනු ලැබුවේ දෙවියන්වහන්සේ විසින් බව ඔබ දන්නේ කෙසේද?

සාමුවෙල් දාවිත්ව රජු ලෙස ආලේප කරයි

බාලගේ බාලෝ විසින්, The Prophet Samuel Anoints David to Be King of Israel in Bethlehem [අනාගතවක්තෘ සාමුවෙල් බෙත්ලෙහෙමේදී දාවිත්ව ඉශ්‍රායෙල්හි රජු ලෙස ආලේප කරයි]

1 සාමුවෙල් 16:1–13

ස්වාමින්වහන්සේ සිත බලන සේක.

  • 1 සාමුවෙල් 16:7 හි ඇති මූලධර්මය තේරුම් ගැනීමට භාණ්ඩ යොදාගනිමින් කරන පාඩමක් ඔබේ දරුවන්ට උපකාර කරයි. උදාහරණයක් ලෙස, ඔබට ඔවුන්ට එහි සත්‍ය අන්තර්ගතයට නොගැලපෙන දවටනයක් හෝ කවරයක් සහිත යම් ආහාරයක් හෝ පොතක් පෙන්වන්න පුළුවන්. 1 සාමුවෙල් 16:7 සහ මෙම භාණ්ඩ යොදාගෙන කරන පාඩම අපි අපි දෙසම සහ අනෙකුත් පුද්ගලයන් දෙස බැලිය යුතු ආකාරය ගැන යෝජනා කරන්නේ මොනවාද?

    භාණ්ඩ යොදාගෙන කරන පාඩම් බෙදාගන්න. ඔබේ දරුවන්ට ශුභාරංචිය ප්‍රතිපත්තියකට අදාළ යමක් දැකීමට සහ ස්පර්ශ කිරීමට ඇති විට, ඔවුන් එය මතක තබා ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔබ ඔවුන් සමඟ 1 සාමුවෙල් 16:7 කියවන විට, “පිටත පෙනුම” මත පදනම් වූ විනිශ්චයන් වෙනුවට “සිත” දෙස බැලීමෙන්, ස්වාමින්වහන්සේ දකින ආකාරයට අප උත්සාහ කළ යුතු බව නිදර්ශනය කිරීම සඳහා, දෘශ්‍ය මිත්‍යාවන් පිළිබඳ උදාහරණ සොයා ගැනීමට ඔබට උදව් කිරීමට ඔවුන්ට ඉඩදෙන්න.

  • “පිටත පෙනුම” පමණක් නොව “සිත දෙස බැලිය යුත්තේ මන්දැයි” කියා ඔබ ඉගෙන ගත් අත්දැකීම් ඔබට සහ ඔබේ දරුවන්ට බෙදාගන්න පුළුවන් (7 වෙනි පදය). ඔබ එකිනෙකාගේ සිත් තුළ දකින යහපත් ගුණාංග ගැන එකිනෙකාට මාරුවෙන් මාරුවට පැවසීමටද ඔබට පුළුවන්.

තවත් විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

සාමුවෙල් සාවුල්ට කතා කරයි

ටෙඩ් හෙන්නිගර් විසින්, Samuel Instructing Saul [සාමුවෙල් සාවුල්ට උපදෙස් දෙයි]

ප්‍රාථමික ක්‍රියාකාරකම් පිටුව: ස්වාමින්වහන්සේ සිත දෙස බලන සේක