“අගෝස්තු 24–30. ‘උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ මම ප්‍රකාශ කරන්නෙමි’: ගීතාවලිය 49–51; 61–66; 69–72; 77–78; 85–86,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අගෝස්තු 24–30. ‘උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ මම ප්‍රකාශ කරන්නෙමි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
මයිකල් මැල්ම් විසින්, Saving That Which Was Lost [නැති වූ දේ ගලවාගනිමින්]
අගෝස්තු 24–30: “උන්වහන්සේ මාගේ ආත්මය උදෙසා කළ දේ මම ප්‍රකාශ කරන්නෙමි”
ගීතාවලිය 49–51; 61–66; 69–72; 77–78; 85–86
ගීතාවලියේ ලේඛකයන් ඔවුන්ගේ කාව්‍ය තුළ ගැඹුරු පෞද්ගලික හැඟීම් බෙදා ගෙන තිබෙනවා. ඔවුන් අධෛර්යමත් වීම, බිය සහ පසුතැවිලි වීම ගැන ලිව්වා. සමහර අවස්ථාවලදී, දෙවියන්වහන්සේ විසින් අත්හැර දමා ඇති බවක් පවා ඔවුන්ට හැඟී ගිය අතර, සමහර ගීතිකා තුළ බලාපොරොත්තු සුන්වීමේ හෝ එපා වීමේ වැනි ස්වරයක් තිබෙනවා. ඔබට කවදා හෝ එසේ හැඟී ඇත්නම්, එසේ වී ඇත්තේ ඔබට පමණක් නොවන බව දැනගැනීමට ගීතාවලිය කියවීම ඔබට උදව් වෙයි. ඒ අතරම ගීතිකාකරුවන් ස්වාමින්වහන්සේගේ යහපත්කම ගැන ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ බලය ගැන මවිත වූ අතර, උන්වහන්සේගේ දයාවෙන් ප්‍රීති වූ නිසා, ඔබට එවැනි හැඟීම් ඇති වන විට ඔබව දිරිමත් කළ හැකි ගීතිකා ද ඔබට එහි හමුවෙයි. අප නපුරෙන් හා පාපයෙන් බර වී සිටින නමුත් ස්වාමින්වහන්සේ “යහපත්ය, කමාවෙන්ට සූදානම්” (ගීතාවලිය 86:5) බව ඔවුහු දැන සිටියා. ස්වාමින්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබා ගැනීමෙන් ඔබ කිසි විටෙකත් කනස්සල්ලෙන්, පාපයෙන් හෝ බියෙන් අරගල නොකරන බව ඔවුන් තේරුම් ගත්තා. එයින් අදහස් කරන්නේ ඔබ එසේ කරන විට හැරිය යුත්තේ කා දෙසටද කියා ඔබ දන්නා බවයි.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ගීතාවලිය 49; 62:5–12
ගැලවීම පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්ම පමණයි.
ගීතාවලිය 49 හි “උත්තමාධම පොහොසත් අපොහොසත්” (2 වෙනි පදය) දෙගොල්ලන් සඳහාම පණිවිඩයක් තිබෙනවා. ඔබ සිතන විදියට මේ පණිවිඩය මොකක්ද? ඔබට සිතෙන ආකාරයට ගීතාවලිය 62:5–12 එම පණිවිඩයට එකතු කරන්නේ මොනවාද?
මෙම ගීතාවලිය කියවීමෙන්, මිදීම සඳහා දෙවියන්වහන්සේ හැර වෙනත් දෙයක් විශ්වාස කිරීමට අප පෙළඹෙන ආකාරය ගැන මෙනෙහි කිරීමට ඔබව පෙලඹවිය හැකිය (බලන්න ගීතාවලිය 49:6–7). “දෙවියන්වහන්සේ සොහොනේ බලයෙන් [ඔබේ] ආත්මය මුදාගන්නා සේක” යන ඔබේ සාක්ෂිය ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද? (ගීතාවලිය 49:15)
ගීතාවලිය 51; 85–86
ගැලවුම්කරුවාණන්ගේ දයාව නිසා, මට සමාව දිය හැකිය.
දාවිත් රජු ගීතාවලිය 51 ලිව්වේ අපි හැමෝටම අවශ්‍ය දෙයක් වන සමාව සඳහා ඔහුට ඇති දැඩි අවශ්‍යතාවය හඳුනා ගැනීමෙන් පසුවයි. ඔබට ඇති වූ හැඟීම් විස්තර කරන පද මොනවාද? මෙම ගීතිකාවෙන් ඔබ සොයා ගන්නා, සමාව සඳහා ඔබට බලාපොරොත්තුවක් ලබා දෙන දේවල් මොනවාද?
පසුතැවිලි වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ ඉඟි සඳහා ඔබට ගීතාවලිය 51 උවමනාවෙන් කියවන්න පුළුවන්. ඔබ සොයා ගන්නා දේවල් ලැයිස්තුවක් සාදන්න. සභාපති රසල් එම්. නෙල්සන්ගේ “අපට වඩා හොඳින් කරන්නට හා වඩා හොඳ වෙන්න පුළුවන්” (ලියහෝනා, මැයි 2019, 67–69) යන පණිවිඩය උවමනාවෙන් කියවීමෙන් ඔබට ඔබේ ලැයිස්තුවට තවත් දේවල් එක් කළ හැකි දැයි බලන්න.
ක්‍රිස්තුස්වහන්සේ තුළින් සමාව ලැබෙන බව දැනෙන හැඟීම ඔබ විස්තර කරන්නේ කෙසේද? ඔබට ඔබේ හැඟීම් විස්තර කිරීමට උපකාර අවශ්‍ය නම්, ඔබට ගීතාවලිය 51:1–2, 7–12; 85:2–9. බැලිය හැකිය. සමහර අය ඔවුන්ගේ හැඟීම් ප්රකාශ කිරීමට ඇඳීමට හෝ පින්තූර සොයා ගැනීමට කැමතියි; ඔබටත් එය උත්සාහ කරන්න පුළුවන්.
පසුතැවිලි වීමට නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපව පවිත්‍ර කිරීමට හැකි බව පමණක් නොව උන්වහන්සේ එය කරන බවටද ඇදහිල්ල අවශ්‍ය වෙනවා. ගැලවුම්කරුවාණන්ට සමාව දීමට හැකි බව සහ උන්වහන්සේ එයට කැමැත්තෙන් සිටින බව දැනගැනීමට ඔබට උපකාර වන ගීතාවලිය 86:5, 13, 15 තුළින් ඔබ සොයාගන්නා දේවල් මොනවාද?
තවත් බලන්න ඇල්මා 36; පීටර් එෆ්. මයර්ස්, “උන්වහන්සේට මා සුව කළ හැකියි!,” ලියහෝනා, මැයි 2023, 39–41.
ගීතාවලිය 51:13–15; 66:5–20; 71:15–24
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ මගේ සාක්ෂියට, අන් අයට උන්වහන්සේ වෙතට පැමිණීමට උපකාර කළ හැකිය.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේගේ වන්දිගෙවීමේ බලය පිළිබඳ ඔබගේ සාක්ෂිය ඔබ ලබාගත්තේ කෙසේදැයි මෙනෙහි කරන්න. ඉන්පසුව, ඔබ ගීතාවලිය 51:13–15; 66:5–20; 71:15–24 අධ්‍යයනය කරන විට, “එව්, දෙවියන්වහන්සේගේ ක්‍රියා බලව්” (ගීතාවලිය 66:5) කියා ඔබට අන් අයට ආරාධනා කළ හැක්කේ කෙසේදැයි සිතන්න. ඔබ “[ස්වාමින්වහන්සේ] [ඔබේ] ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශ කරන්නේ” (ගීතාවලිය 66:16) නම්, ඔබ ප්‍රකාශ කරන්නේ කුමක්ද?
“දවස මුළුල්ලේම [උන්වහන්සේගේ] ධර්මිෂ්ඨකම ගැන කතා කිරීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද? (ගීතාවලිය 71:24).
තවත් බලන්න ඇල්මා 26.
“ඇවිත් අසව්, මම [දෙවියන්වහන්සේ] මාගේ ආත්මය උදෙසා කළ දේ ප්‍රකාශ කරන්නෙමි” (ගීතාවලිය 66:16).
ගීතාවලිය 63; 69; 77–78
ස්වාමින්වහන්සේ මට අවශ්‍ය වූ වෙලාවට මට උපකාර කරනු ඇත.
දෙවියන්වහන්සේගෙන් ඈත් වී සිටින බවක් දැනීම සහ උන්වහන්සේගේ උපකාරය දැඩි ලෙස අවශ්‍ය වන්නේ කෙසේද යන්න, ගීතිකා කිහිපයකින් විස්තර කරනවා (බලන්න ගීතාවලිය 63:1, 8; 69:1–8, 18–21; 77:1–9). ගීතාවලිය 63; 69; 77–78 තුළ, ඔබ දකින ආකාරයට ගීතිකාකරුවන්ට සැනසුමක් ලබා දුන්නේ මොනවාද?
ඔබ පීඩාවට පත් වූ විට, “ස්වාමීන්වහන්සේගේ ක්‍රියා” සහ උන්වහන්සේගේ “පුරාණ ආශ්චර්යයන්” සිහි කිරීම ඔබට උපකාර කරන්නේ කෙසේද? (ගීතාවලිය 77:11). එම ආශ්චර්යයන් සමහරක් ගීතාවලිය 78 තුළ විස්තර කර තිබෙනවා. ඔබ ඒවා ගැන කියවන විට, “දෙවියන්වහන්සේ කෙරෙහි [ඔබේ] බලාපොරොත්තුව තැබීමට” ඔබට උපකාරවත් වන දේ ගැන මෙනෙහි කරන්න (7 වෙනි පදය).
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
මෙම ඉරිදා මාසයේ පස්වන ඉරිදා බැවින්, ප්‍රාථමිකයේ ගුරුවරුන්ව “උපග්‍රන්ථය B: දෙවියන්වහන්සේගේ ගිවිසුම් මාවතේ ජීවිත කාලයක් සඳහා දරුවන් සූදානම් කිරීම” හි ඇති ඉගෙනුම් ක්‍රියාකාරකම් භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ.
ගීතාවලිය 51; 86:5, 13, 15
මම වැරදි තේරීමක් කරන විට, යේසුස්වහන්සේට මට වෙනස් වීමට උපකාර කළ හැකිය.
-
ගීතාවලිය 51 තුළ පසුතැවීම පිළිබඳ සත්‍ය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීමට, ඔබට විශාල හදවතක් ඇඳගන්න පුළුවන්. ඉන්පසු එම හදවත් රූපය තුළ සාතන් අපව පොළඹවන නරක දේවල් ලිවීමට ඔබට ඔබේ දරුවන්ට උදව් කරන්න පුළුවන්. අපි කොහොමද මේ දේවල් අපේ හදවතින් ඉවත් කරන්නේ? ගීතාවලිය 51:10, 17 තුළ “සිත” යන වචනය සොයා ගැනීමට ඔබේ දරුවන්ට කියන්න. පසුතැවිලි වීම ගැන මෙම පදවල උගන්වන දේ ගැන කතා කරන්න. හදවතේ ඇති වචන මකා දමා අපි පසුතැවිලි වන විට යේසුස්වහන්සේට අපව වෙනස් කළ හැකි ආකාරය විස්තර කරන නව වචන ලිවීමට ඔබේ දරුවන්ට ඉඩ දෙන්න.
-
“බිඳුණා වූ තැළුණා වූ සිතක්” (ගීතාවලිය 51:17) තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. බිත්තරයක් හෝ ගෙඩියක් වැනි තද කට්ටක් ඇති දෙයක් මාරුවෙන් මාරුවට ඔවුන්ට විවෘත කළ හැකිය. ස්වර්ගීය පියාණන්වහන්සේගේ ප්‍රේමය අපට දැනීමෙන් වළක්වන දේවල් සමඟ මේ කට්ට සංසන්දනය කිරීමට ඔබට ඔවුන්ට උපකාර කළ හැකිය. අපට අපගේ හදවත උන්වහන්සේට විවෘත කළ හැක්කේ කෙසේද?
-
ඔබට එකට එකතු වී ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් දෙස බලා ඔබේ දරුවන් උන්වහන්සේව විස්තර කිරීමට භාවිතා කරන වචන මොනවාදැයි අසන්න පුළුවන්. ගීතාවලිය 86:5, 13, 15 තුළ උන්වහන්සේව විස්තර කරන වචන සොයා ගැනීමට ඔවුන්ට ආරාධනා කරන්න. උන්වහන්සේ ගැන මේ දේවල් දැනගැනීම වැදගත් වන්නේ ඇයි?
ගීතාවලිය 61:2–3
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු මගේ පර්වතයයි.
-
ගීතාවලිය 61:2-3 තුළ ඇති සංකේතවල පින්තූර ඇඳීමෙන් ඔබේ දරුවන් සතුටු විය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උස් “පර්වතයක්” (2 වෙනි පදය), “රක්ෂාස්ථානයක්” සහ “බලකොටුවක්” මෙන් වන්නේ කෙසේද? (3 වෙනි පදය).
“ඔබ මට නවාතැනක් සහ බලකොටුවක් විය” (ගීතාවලිය 61:3).
ගීතාවලිය 66:16; 77:11; 78:6–7
“මම ස්වාමින්වහන්සේගේ ක්‍රියා සිහිකරන්නෙමි.”
-
ඔබේ දරුවන්ට ඔවුන්ගේ ප්‍රියතම ශුද්ධලියවිලි කතන්දර කිහිපයක් බෙදා ගැනීමට කියන්න. මෙම කතන්දර ස්වාමින්වහන්සේ ගැන අපට උගන්වන්නේ මොනවාද? ඔබට එකට එක්ව ගීතාවලිය 66:16 කියවා, “ස්වාමින්වහන්සේ මාගේ ආත්මය වෙනුවෙන් කළ දේ කුමක්ද?” යන ප්‍රශ්නයට මාරුවෙන් මාරුවට පිළිතුරු දෙන්න පුළුවන්.
-
ඔබ එකට එක්ව ගීතාවලිය 77:11; 78:6–7 කියවන විට, ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ ක්‍රියා ඇතුළුව, “ස්වාමින්වහන්සේගේ ක්‍රියා සිහි කිරීමට” (ගීතාවලිය 77:11) ඔබ උත්සාහ කරන ආකාරය එකිනෙකා සමඟ බෙදා ගන්න පුළුවන්. “සෑම විටම මතක තබා ගැනීමට” සක්‍රමේන්තුව අපට උපකාර කරන්නේ කෙසේද? (මොරෝනි 4:3; 5:2).
ගීතාවලිය 71:8
මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අනිත් අයට කියන්න පුළුවන්.
-
ඔබේ දරුවන් සමඟ ගීතාවලිය 71:8 කියවීමෙන් පසු, විශාල මුඛයක් ඇඳීමට ඔවුන්ට ආරාධනා කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන අන් අයට පැවසිය හැකි දේවල් නියෝජනය කරන පින්තූර හෝ වචනවලින් ඔබට එම මුඛය “පිරවීමට” උපකාර කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.
-
ඔබට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පින්තූරයක් අතින් අතට යැවිය හැකිය. පින්තූරය අතැතිව සිටින පුද්ගලයාට උන්වහන්සේ ගැන ඔවුන් දන්නා එක් දෙයක් පැවසිය හැකිය. මේ දේවල් දැනගන්න අපි අනිත් අයට උදව් කරන්නේ කොහොමද?
දරුවන්ට බෙදා ගැනීමට බොහෝ දේ ඇත. “දරුවන් අලුත් දෙයක් ඉගෙනගන්නා විට, ඔවුන්ට ස්වභාවිකවම එය අන් අය සමඟ බෙදාගැනීමට අවශ්‍යතාවයක් ඇති වේ. එකිනෙකාට, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට, සහ ඔවුන්ගේ මිතුරන්ට ශුභාරංචි මූලධර්ම ඉගැන්වීමට දරුවන්ට අවස්ථා ලබාදීමෙන් මෙම ආශාව දිරිමත් කරන්න. ඔබ උගන්වන මූලධර්ම වලට අදාළ ඔවුන්ගේ සිතුවිලි, හැඟීම්, සහ අත්දැකීම් ඔබ සමඟ බෙදාගැනීමටද ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. ඔවුන්ට සරල, නිර්මල, සහ බලවත් අදහස් ඇති බව ඔබට පෙනීයනු ඇත” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 32).
ගීතාවලිය 86:7
ස්වර්ගීය පියාණන්වහන්සේ මාගේ යාච්ඤාවලට සවන් දී පිළිතුරු දෙන සේක.
-
බොහෝ ගීතිකා දෙවියන්වහන්සේට කරන යාච්ඤාවලට සමානයි. ඔබ ඔබේ දරුවන් සමඟ ගීතාවලිය කියවන විට, දුරකථනයක් හෝ ලිපියක් වැනි දුර බැහැර සිටින පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමට අපට භාවිත කළ හැකි දේවල් ඔබට පෙන්විය හැකිය. ඉන්පසුව ගීතාවලිය 86:7 කියවන්න. අපි ස්වර්ගීය පියාණන්වහන්සේට “කන්නලව් කරන්නේ” කෙසේද? උන්වහන්සේ අපට පිළිතුරු දෙන්නේ කෙසේද?
-
දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤාවලට පිළිතුරු දුන් අවස්ථා ගැන එකිනෙකාට කියන්න.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.