“අගෝස්තු 17–23. ‘ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි’: ගීතාවලිය 1–2; 8; 19–33; 40; 46” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අගෝස්තු 17–23. ‘ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
යොංසන්ග් කිම් විසින්, The Lord Is My Shepherd [ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි] පින්තුරය havenlight.com අනුග්‍රහයෙනි
අගෝස්තු 17–23: “ස්වාමින්වහන්සේ මාගේ එඬේරායි”
ගීතාවලිය 1–2; 8; 19–33; 40; 46
ගීතාවලිය ලිව්වේ කවුරුන්ද කියා අපි නිශ්චිතවම දන්නේ නැහැ. සමහර ඒවා දාවිත් රජුට ආරෝපණය කර තිබෙනවා, නමුත් බොහෝමයක ලේඛකයින් නිර්නාමිකයි. එහෙත් ගීතාවලිය කියවීමෙන් පසු, අපි ඔවුන්ගේ නම් නොදැන සිටියත්, ගීතිකාකරුවන්ගේ හදවත් අප දන්නා බව අපට හැඟෙනවා. ගීතාවලිය ඉශ්‍රායෙල් සෙනඟ අතර නමස්කාරයේ වැදගත් අංගයක් වූ බව අපි දන්නවා, ඒවගේම ගැලවුම්කරුවාණන් ඒවා නිතර උපුටා දැක්වූ බව අපි දන්නවා. ගීතාවලිය තුළ, අපි දෙවියන්වහන්සේගේ පුරාණ ජනයාගේ ආත්මයට කවුළුවක් ලබා ගන්නවා. දෙවියන්වහන්සේ ගැන ඔවුන්ට හැඟුණු ආකාරය, ඔවුන් කනස්සල්ලට පත් වූ දේවල් සහ ඔවුන් සාමය සොයාගත් ආකාරය අපි දකිනවා. අද දින ඇදහිලිවන්තයන් ලෙස, ලොව පුරා, අපි තවමත් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමේදී මෙම වචන භාවිතා කරනවා. එය හරියට ගීතාවලියේ රචකයන්ට අපගේ ආත්මයට කවුළුවක් තිබුණා හා සමානයි, මොකද ඔවුන් දෙවියන්වහන්සේ ගැන අපට හැඟෙන ආකාරය, අප කනස්සල්ලට පත්වන දේ සහ අප සාමය සොයා ගන්නේ කෙසේද යන්න ප්‍රකාශ කළා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ගීතාවලිය 1; 23; 26–28; 46
“මම … ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාස කෙළෙමි.”
ඔබ ගීතාවලිය කියවන විට, ලේඛකයන් බිය, ශෝකය හෝ කනස්සල්ල කොපමණ වාරයක් ප්‍රකාශ කරනවාද කියා ඔබට පෙනෙයි. ඇදහිලිවන්ත අයට පවා එවැනි හැඟීම් සාමාන්‍යයි. නමුත් ගීතාවලිය ආශ්වාදජනක වන්නේ ඒවා ස්වාමින්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය ඇතුළුව ආශ්වාදජනක විසඳුම් ඉදිරිපත් කිරීම නිසයි. ඔබ ගීතාවලිය 1; 23; 26–28; 46 කියවන විට පහත දේවල් සටහන් කරගන්න:
-
ස්වාමින්වහන්සේව විශ්වාස කිරීමට ආරාධනාවන්.
-
උන්වහන්සේව විස්තර කරන වචන.
-
උන්වහන්සේ ලබාදෙන සාමය, ශක්තිය සහ අනෙකුත් ආශීර්වාද විස්තර කරන වචන.
-
උන්වහන්සේව විශ්වාස කරන මිනිසුන්ව විස්තර කරන වචන.
ගැලවුම්කරුවාණන් ගැන ඉගැන්වීමට ගීතාවලිය භාවිතා කරන විචිත්‍රවත් රූප සහ සංකේත සඳහාද බලන්න. උදාහරණයක් ලෙස, ගීතාවලිය 23 හි, “නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වන” හෝ “නිශ්චලවූ දිය” (2 වෙනි පදය) වැනි වාක්‍ය ඛණ්ඩ මතකයට ගෙන එන්නේ මොනවාද? සැනසිලිදායක “දණ්ඩෙන්” සහ “සැරයටියෙන්” (4 වෙනි පදය) සංකේතවත් කළ හැක්කේ මොනවාද? අපගේ “කුසලානය” (5 වෙනි පදය) උතුරා යාම මගින් අදහස් කරන්නේ කුමක්ද?
ගීතාවලිය 2; 22
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යනු පොරොන්දු වූ මෙසියස්වහන්සේ වේ.
ගීතාවලියේ කොටස් කිහිපයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලෞකික ජීවිතයට යොමු වෙනවා. අලුත් ගිවිසුමේ කාලයේ කිතුනුවන් ද මෙම සම්බන්ධතා දුටුවා. පහත සඳහන් ශුද්ධලියවිලි කියවීම සලකා බලන්න. මෙම ගීතිකා වල වචන සහ ගැලවුම්කරුවාණන්ගේ ජීවිතය අතර සම්බන්ධකම් සොයන්න.
-
ගීතාවලිය 2:1–3 සහ ක්‍රියා 4:24–28
-
ගීතාවලිය 2:7 සහ ක්‍රියා 13:30–33
-
ගීතාවලිය 22:1 සහ මතෙව් 27:45–46
-
ගීතාවලිය 22:7–8 සහ මතෙව් 27:39–43
-
ගීතාවලිය 22:16 සහ ලූක් 23:32–33
-
ගීතාවලිය 22:18 සහ මතෙව් 27:35
-
ගීතාවලිය 31:5 සහ ලූක් 23:46
මෙම සම්බන්ධතා අධ්‍යයනය කිරීමෙන් ඔබ ඉගෙන ගන්නේ මොනවාද? තවම ඉටු වී නැති ශුද්ධලියවිලිමය අනාවැකි සහ පොරොන්දු මොනවාද? ඔබ මෙම පොරොන්දුවලින් සොයාගන්නා, ඔබට අනාගතය ගැන බලාපොරොත්තුවක් ලබා දෙන දේවල් මොනවාද?
ගීතාවලිය 8; 19; 33
“පොළොව ස්වාමින්වහන්සේගේ කරුණා ගුණයෙන් පූර්ණය.”
ගීතාවලිය 8; 19; 33 කියවීම ස්වාමින්වහන්සේගේ බොහෝ පුදුමාකාර මැවීම් සලකා බැලීමට ඔබව පොළඹවන්න පුළුවන්. ඔබ එසේ කරන විට, ඔබේ හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන්න. මෙම ගීතිකාවලට අදාළ ගීතයක වචන ගායනා කිරීමට හෝ මෙනෙහි කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ස්වාමින්වහන්සේගේ මැවීම් ඔබට “දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නේ” කෙසේද? (ගීතාවලිය 19:1).
ගීතාවලියෙන් ආභාෂය ලැබූ තවත් ගීතිකා කිහිපයක් මෙන්න:
-
ගීතාවලිය 23: “The Lord Is My Shepherd” (Hymns, no. 108)
-
ගීතාවලිය 23:6; 150: “Praise to the Lord, the Almighty” (Hymns, no. 72)
-
ගීතාවලිය 26:8: “We Love Thy House, O God” (Hymns, no. 247)
-
ගීතාවලිය 27:1: “The Lord Is My Light” (Hymns, no. 89)
-
ගීතාවලිය 33:1–6; 95:1–6: “For the Beauty of the Earth” (Hymns, no. 92)
-
ගීතාවලිය 37:3–9: “Be Still, My Soul” (Hymns, no. 124)
-
ගීතාවලිය 148: “All Creatures of Our God and King” (Hymns, no. 62)
සංගීතය භාවිතා කරන්න. සභාපති ඩැලන් එච්. ඕක්ස් මෙසේ පැවසුවා: “ස්වාමින්වහන්සේගේ ආත්මයට අපව අනුගත කිරීමට ගීතිකා ගායනා කිරීම හොඳම ක්‍රමයකි. … ස්වාමින්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමයේ හැඟීම් සන්නිවේදනය කිරීමට ශුද්ධ සංගීතයට අද්විතීය හැකියාවක් තියෙනවා. මේ ආකාරයේ අදහස් හුවමාරු කිරීම අපගේ නමස්කාරයට කදිම උපකාරයකි. … අපගේ ගීතිකාවන්හි අසමසම දහම් දේශනා අඩංගු වන අතර, ඒවායේ සත්‍ය සහ කාව්‍යමය බලපෑමෙන් ශුද්ධලියවිල්ලෙන් පමණක් අභිබවා යයි” (“Worship through Music,” Ensign, නොවැ. 1994, 10, 11). මෙම සතියේ ඔබේ නමස්කාරය වැඩි දියුණු කිරීම සඳහා ඔබට සවන් දීමට හෝ ගායනා කිරීමට හැකි ගීතාවලියට අදාළ ගීතිකා මොනවාද?
ගීතාවලිය 19:7–11; 29
ස්වාමින්වහන්සේගේ වචනය බලවත් ය, “සිත ප්‍රීති කරවන්නේය.”
ගීතාවලියෙහි, සාක්ෂි, ව්‍යවස්ථා, ආඥා සහ විනිශ්චයන් වැනි වචන ස්වාමින්වහන්සේගේ වචනයට යොමු වෙන්න පුළුවන්. ඔබ ගීතාවලිය 19:7-11 කියවන විට එය මතක තබාගන්න. ස්වාමින්වහන්සේගේ වචනය ගැන මෙම පද ඔබට යෝජනා කරන්නේ මොනවාද? උන්වහන්සේගේ කටහඬ ගැන ගීතාවලිය 29 ඔබට උගන්වන්නේ කුමක්ද? ඔබගේ අත්දැකීම අනුව, ස්වාමින්වහන්සේගේ වචනය හෝ කටහඬ මෙම විස්තර වලට ගැලපෙන්නේ කෙසේද?
ගීතාවලිය 24; 26–27
ගැලවුම්කරුවාණන්ට මට පවිත්‍ර වීමට උපකාර කළ හැකිය, එවිට මට දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුළු විය හැකිය.
යෙරුසලමේ දේවමාළිගාව කන්දක් මත ගොඩනඟා ඇති නිසා, “ස්වාමීන්ගේ කන්ද” (ගීතාවලිය 24:3) යන වාක්‍ය ඛණ්ඩය දේවමාළිගාව හෝ දෙවියන්වහන්සේගේ අභිමුඛය ගැන සඳහන් කරන වචන වෙන්න පුළුවන්. ගීතාවලිය 24 පිළිබඳ ඔබේ අවබෝධයට මෙය එකතු කරන්නේ කුමක්ද? “පවිත්‍ර අත් සහ පිරිසිඳු සිතක්” (4 වෙනි පදය) තිබීම යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද? ඔබ ගීතාවලිය 26–27 කියවන විට, ස්වාමින්වහන්සේගේ ගෘහය ගැන ඔබ තවත් ඉගෙන ගන්නේ කුමක්ද?
සමහර අවස්ථාවලදී, දෙවියන්වහන්සේගේ අභිමුඛයට ඇතුල් වීමට අප පවිත්‍ර විය යුතු බව අසා අප අධෛර්යමත් වෙන්න පුළුවන්. අවසනයේදි, අපි සියල්ලෝම අරගල කරන අතර, අපගෙන් කිසිවෙකු පරිපූර්ණ නැහැ. “පවිත්‍ර අත් සහ පිරිසිඳු සිතක්” ඇති කරගැනීමට ඔබ දරන උත්සාහයේදී ඔබට ගැලවුම්කරුවාණන්ගේ උපකාරය ලබාගත හැකි ආකාරය සලකා බලන්න.
තවත් බලන්න බ්‍රැඩ්ලි ආර්. විල්කොක්ස්, “සුදුසුබව යනු දෝෂ රහිතබව නොවේ,” ලියහෝනා, නොවැ. 2021, 61–67.
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ගීතාවලිය 23; 27–28; 32; 46
ස්වාමින්වහන්සේ මට සාමය, ශක්තිය සහ මගපෙන්වීම ලබා දෙන සේක.
-
ස්වාමින්වහන්සේ යනු … ලෙස ලිවීම සලකා බලා මෙවැනි ශුද්ධලියවිලි පද භාවිතයෙන් එම වාක්‍යය සම්පූර්ණ කිරීමට ක්‍රම සෙවීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න: ගීතාවලිය 23:1; 27:1; 28:1; 28:7; 32:7; 46:1. ස්වාමින්වහන්සේට අපට උපකාර කළ හැකි ආකාරය ගැන මෙම පදවලින් අපට උගන්වන්නේ කුමක්ද?
-
බැටළු පැටවෙකුට ආරක්ෂිතව හා නිරෝගීව සිටීමට අවශ්‍ය දේ ඔබේ දරුවන් සමඟ ඔබට සාකච්ඡා කළ හැකිය. ඉන්පසු, ඔබ එකට එක්ව ගීතාවලිය 23 කියවන විට, එඬේරෙකු බැටළු පැටවෙකු වෙනුවෙන් කරන දෙය යේසුස්වහන්සේ අප වෙනුවෙන් කරන දේ සමඟ සංසන්දනය කිරීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අධ්‍යාත්මිකව සුරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපට අවශ්‍ය වන්නේ මොනවාද?
කන්සෙප්සිඔන් චිලී දේවමාළිගාව
ගීතාවලිය 24:3–4
දේවමාළිගාවට ඇතුල් වීමට නම් අපට “පවිත්‍ර අත් සහ පිරිසිඳු සිතක්” අවශ්‍යයි.
-
ඔබ එකට එක්ව ගීතාවලිය 24:3 කියවන විට, ඔබේ දරුවන්ට දේවමාළිගාව මතක් කර දෙන වචන සොයන්න පුළුවන්. ඔවුන්ට දේවමාළිගාවක පින්තූරයක් ද බලන්න පුළුවන්. ඉන්පසු දේවමාළිගාවට ඇතුළු විය හැක්කේ කාටදැයි කියා දැන ගැනීමට ඔබට එකට එකතු වී 4 වෙනි පදය කියවන්න පුළුවන්. අත් අපිරිසිඳු වන ආකාරය සහ අපි ඒවා පිරිසිඳු කරගන්නා ආකාරය ගැන ඔබට කතා කරන්න පුළුවන්. අපි අධ්‍යාත්මිකව අපිරිසිඳු වන්නේ කෙසේද? අපව අධ්‍යාත්මිකව පිරිසිඳු කිරීමට ගැලවුම්කරුවාණන් උපකාර කරන්නේ කෙසේද?
ගීතාවලිය 30:5
යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුක සතුටක් බවට පත් කළ හැකිය.
-
ඔබට කුඩා දරුවන් සිටී නම්, ගීතාවලිය 30:5 හි “රාත්‍රියේ හැඬීම පවතින නුමුත්” යන පදය කියවන අතරතුර අඬන ආකාරයෙන් රඟ දැක්වීමට ඔවුන්ට ආරාධනා කළ හැකිය. “උදය ප්‍රීතිය පැමිණෙන්නේය” කියා ඔබ කියවන විට ප්‍රීතිය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. මෙම වාක්‍ය ඛණ්ඩය කිහිප වතාවක් නැවත නැවත කියවන්න.
-
ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් පෙන්වන්න, උන්වහන්සේ ඔබට ප්‍රීතිය ගෙන දීමට ඔබ වෙනුවෙන් කර ඇති දේ ඔබේ දරුවන්ට කියන්න. පින්තූරයක් අල්ලාගෙන ප්‍රීතිය ගෙන දීමට යේසුස්වහන්සේ කර ඇති දේ බෙදා ගැනීමට සෑම දරුවෙකුටම අවස්ථාවක් ලබාදීමට ඔබට පුළුවන්.
ගීතාවලිය 46:10
“නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගන්න.”
-
ගීතාවලිය 46:10 හි පළමු පේළිය කටපාඩම් කිරීමට ඔබේ දරුවන්ට උදව් කරන්න: “නිශ්චලව, මා දෙවියන්වහන්සේ බව දැනගන්න” “නිශ්චලව සිටීම“ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? සමහර විට ඔබ නිශ්චලව සිටීමට පුරුදු වීමට යම් කාලයක් ගත කළ හැකිය. “නිශ්චලව” සිටීමෙන් දෙවියන්වහන්සේ සමඟ ඔබේ සබඳතාව ශක්තිමත් වූ ආකාරය ගැන ඔබට එකිනෙකාගේ අද්දැකීම් බෙදාගැනීමටද හැකිය. ඔබේ දරුවන්ට ස්වර්ගීය පියාණන්වහන්සේට සමීප බවක් දැනීමට “නිශ්චලව” සිටිය හැකි දවසේ වේලාවන් ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.