“ජූලි 27–අගෝස්තු 2. ‘මම මහත් වැඩක යෙදී සිටිමි’: එස්රා 1; 3–7; නෙහෙමියා 2; 4–6; 8,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“ජූලි 27–අගෝස්තු 2. ‘මම මහත් වැඩක යෙදී සිටිමි,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
ටයිසන් ස්නෝ විසින්, I Have a Great Work to Do [මට කරන්නට මහත් වැඩක් තිබේ]
ජූලි 27–අගෝස්තු 2: “මම මහත් වැඩක යෙදී සිටිමි”
එස්රා 1; 3–7; නෙහෙමියා 2; 4–6; 8
යුදෙව් ජනතාව බැබිලෝනියාවේ අවුරුදු 70ක් පමණ වහල්භාවයේ සිටියා. ඔවුන්ට යෙරුසලම සහ දේවමාළිගාව අහිමි වී තිබූ අතර, බොහෝදෙනෙකුට දෙවියන්වහන්සේගේ නීතියට ඔවුන්ගේ පොරොන්දුව අමතක වී තිබුණා. නමුත් දෙවියන්වහන්සේ ඔවුන්ව අමතක කර තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම, උන්වහන්සේ තම අනාගතවක්තෘවරයා මාර්ගයෙන් මෙසේ ප්‍රකාශ කර තිබුණා, “මම නුඹලා දෙස බලා නැවත මේ ස්ථානයට නුඹලා පැමිණවීමෙන් නුඹලා ගැන මාගේ යහපත් වචනය ඉෂ්ටකරන්නෙමි” (යෙරමියා 29:10). මෙම අනාවැකිය සැබෑ කරමින්, යෙරුසලමට සහ වඩාත් වැදගත් ලෙස ඔවුන්ගේ ගිවිසුම් වලට—නැවත පැමිණීමට ස්වාමින්වහන්සේ විසින් උන්වහන්සේගේ සෙනඟට මාර්ගයක් සපයා තිබෙනවා. ඒවගේම උන්වහන්සේ “මහත් කාර්යයක්” (නෙහෙමියා 6:3) ඉටු කළ සේවකයන්ව නැඟිටෙව්වා: සෙරුබ්බාබෙල් නම් ආණ්ඩුකාරයා ස්වාමින්වහන්සේගේ ගෘහය නැවත ගොඩනැඟීම අධීක්ෂණය කළා. පූජකවරයෙකු සහ ලියන්නෙකු වූ එස්රා, මිනිසුන්ට ඔවුන්ගේ හදවත් නැවත ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව වෙතට හරවා ගැනීමට උපකාර කළා. ඒවගේම නෙහෙමියා යෙරුසලම වටා ආරක්ෂිත තාප්ප නැවත ගොඩනැඟීමට නායකත්වය දුන්නා. ඔවුන් විරුද්ධවාදිකම්වලට මුහුණ දුන් නමුත් ඔවුන්ට අනපේක්ෂිත මූලාශ්‍රවලින් උපකාරද ලැබුණා. අපිද මහත් කාර්යයක් කරන නිසා ඔවුන්ගේ අත්දැකීම් අපිට දැනුමක් සහ පෙළඹවීමක් වෙන්න පුළුවන්. ඔවුන්ගේ මෙන්, අපගේ කාර්යයට ස්වාමින්වහන්සේගේ ගෘහය, ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව සහ උන්වහන්සේ තුළ අප සොයා ගන්නා අධ්‍යාත්මික ආරක්ෂාව සමඟ බොහෝ දේ සම්බන්ධ වෙනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
එස්රා 1
ස්වාමින්වහන්සේ තම අරමුණු ඉටු කර ගැනීමට මිනිසුන්ව පොළඹවන සේක.
පර්සියාව බැබිලෝනියාව යටත් කරගත් පසු, දේවමාළිගාව නැවත ගොඩනැඟීම සඳහා යුදෙව්වන් කණ්ඩායමක් යෙරුසලමට යැවීමට ස්වාමින්වහන්සේ පර්සියානු රජු වන කෝරෙෂ්ව පොළඹවනු ලැබුවා. ඔබ එස්රා 1 කියවන විට, මෙම වැදගත් කාර්යයේදී යුදෙව්වන්ට සහාය වීමට කෝරෙෂ් කළ දේ සැලකිල්ලට ගන්න. ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් නොවන අය ඇතුළුව ඔබ වටා සිටින පිරිමින් සහ කාන්තාවන් හරහා ක්‍රියා කිරීම ඔබ දකින්නේ කෙසේද? ස්වාමින්වහන්සේ සහ උන්වහන්සේගේ කාර්යය ගැන මෙයින් ඔබට යෝජනා කරන්නේ කුමක්ද?
තවත් බලන්න යෙසායා 44:24–28.
එස්රා 3:8–13; 6:16–22
ස්වාමින්වහන්සේගේ ගෘහය ප්‍රීතියේ ස්ථානයකි.
බැබිලෝනිවරුන් යෙරුසලම ආක්‍රමණය කළ විට, ඔවුන් දේවමාළිගාව කොල්ලකා සහ එය පොළොවටම පුළුස්සා දැමූවා (බලන්න 2 රාජාවලිය 25:1–10; 2 ලේකම් 36:17–19). ඔබට සිතෙන ආකාරයට, ඔබ මෙය ඇසින් දුටු යුදෙව්වන්ගෙන් කෙනෙකු වූයේ නම් ඔබට කෙසේ හැඟෙයිද? (බලන්න ගීතාවලිය 137). දශක ගණනාවකට පසුව, නැවත පැමිණ දේවමාළිගාව නැවත ගොඩනැඟීමට අවසර දුන් විට යුදෙව්වන්ට හැඟුණු ආකාරය සැලකිල්ලට ගන්න (බලන්න එස්රා 3:8–13; 6:16–22). ස්වාමින්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ ගෘහය පිළිබඳ ඔබේම හැඟීම් ගැන මෙනෙහි කිරීමට එය ඔබව පොළඹවනු ඇත. දේවමාළිගාවක් ඉදිකිරීම සැමරීමට හේතුවක් වන්නේ ඇයි?
සෙරුබ්බාබෙල්ගේ දේවමාළිගාව; සෑම් ලෝව්ලර්ගේ නිදර්ශනය
එස්රා 4–7; නෙහෙමියා 2; 4; 6
දෙවියන්වහන්සේට මා විසින් කිරීමට වැදගත් කාර්යයක් තිබේ.
ස්වාමින්වහන්සේගේ කාර්යය විරුද්ධත්වයකින් තොරව සිදු වෙන්නේ කලාතුරකින්. සෙරුබ්බාබෙල් සහ නෙහෙමියා විසින් මෙහෙයවන ලද වෑයම් සම්බන්ධයෙන් මෙය සත්‍යයක් වුණා. මෙන්න ඔබට මෙම කථාවලින් ඉගෙන ගැනීමට සහ විරුද්ධවාදිකම් නොතකා ඔබට ස්වාමින්වහන්සේගේ කාර්යය කළ හැකි ආකාරය සලකා බැලීමට උපකාර වන සරල ප්‍රවේශයක්:
සෙරුබ්බාබෙල් වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කාර්යය (එස්රා 4:3):
නෙහෙමියා වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කාර්යය (නෙහෙමියා 2:17–18):
මා වෙනුවෙන් දෙවියන්වහන්සේගේ කාර්යය:
සෙරුබ්බාබෙල් මුහුණ දුන් විරුද්ධතාවන් (එස්රා 4:4–24):
නෙහෙමියා මුහුණ දුන් විරුද්ධතාවන් (නෙහෙමියා 2:19; 4:1–3, 7–8; 6:1–13):
මම මුහුණ දෙන විරුද්ධතාවන්:
සෙරුබ්බාබෙල් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද: (එස්රා 5:1–2):
නෙහෙමියා ප්‍රතිචාර දැක්වූයේ කෙසේද: (නෙහෙමියා 2:20; 4:6, 9; 6:3–15):
මම ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද:
නෙහෙමියාගේ අත්දැකීම් ඔබේ ජීවිතයට සංසන්දනය කිරීමට උදව්වක් ලෙස, ඔබට සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ්ගේ පණිවිඩය “We Are Doing a Great Work and Cannot Come Down” (Liahona, May 2009, 59–62), විශේෂයෙන්ම අවසාන කොටස් දෙක අධ්‍යයනය කළ හැකිය.
ඔබ සිතන ආකාරයට ගැලවුම්කරුවාණන්ගේ සේවයේ “වැඩකරන්ට හිත” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (නෙහෙමියා 4:6). ඔබ උන්වහන්සේගේ කාර්යය කරන විට “දෙවියන්වහන්සේගේ යහපත් හස්තය [ඔබ] කෙරෙහි” තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (නෙහෙමියා 2:8; තවත් බලන්න නෙහෙමියා 2:18; එස්රා 7:6, 9, 27–28). උන්වහන්සේට සේවය කිරීමට ඔබ දරන උත්සාහය තුළ උන්වහන්සේගේ හස්තය ඔබ දැක ඇත්තේ කෙසේද?
නෙහෙමියා 8
මම ශුද්ධලියවිලි අධ්‍යයනය කරන විට මම ආශිර්වාදිත වන්නෙමි.
පරම්පරා ගණනාවක් පුරා වහල්භාවයේ සිටි යුදෙව්වන්ට “මෝසෙස්ගේ ව්‍යවස්ථාපොත” (නෙහෙමියා 8:1) වෙත ප්‍රවේශය සීමා වුණා. නෙහෙමියා 8 හි, එස්රා මිනිසුන් වෙනුවෙන් ව්‍යවස්ථාව කියෙව්වා. මෙම පරිච්ඡේදයෙන් එස්රාට සහ ඔහුගේ සෙනඟට දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය ගැන හැඟුණු ආකාරය පෙන්වන ඔබ සොයා ගත් දේවල් මොනවාද? (විශේෂයෙන් බලන්න 1–12 පද). ඔබේ ජීවිතයේ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය ගැන ඔබට හැඟෙන ආකාරය පෙන්වන ආකාරයන් මොනවාද?
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
එස්රා 3:8–13; 6:16–22
ස්වාමින්වහන්සේගේ ගෘහය ප්‍රීතියේ ස්ථානයකි.
-
යුදෙව්වන් තම දේවමාළිගාව නැවත ගොඩනඟද්දී ඔවුන්ට දැනුණු ප්‍රීතිය ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට, පහත පින්තූරයක් වැනි පින්තූරයක් ඔවුන්ට පෙන්විය හැකිය. මේ පුද්ගලයන් ස්වාමින්වහන්සේගේ දේවමාළිගාවේ සිටීම ගැන සතුටු වන්නේ ඇයිදැයි සාකච්ඡා කරන්න. දේවමාළිගාව ඔබට ප්‍රීතිය ගෙන දෙන ස්ථානයක් වන්නේ ඇයිදැයි කියාත් ඔබේ දරුවන්ට කිව හැකිය. ස්වර්ගීය පියාණන්වහන්සේට සහ ගැලවුම්කරුවාණන්ට සමීප වීමට දේවමාළිගාව ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
-
ඔබ ඔබේ දරුවන් සමඟ එස්රා 3:10–13 කියවන විට, දේවමාළිගාව නැවත ගොඩනඟන විට යුදෙව්වන්ට හැඟුණු ආකාරය පෙන්වන වචන සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. ඔබ 13 වෙනි පදයේ අවසානයට පැමිණි විට, සමහර විට ඔබට එකට එක්ව ප්‍රීතියෙන් හඬ නගන්න පුළුවන්. ස්වාමින්වහන්සේ අපට දේවමාළිගා ලබා දී ඇති නිසා අපට ප්‍රීති වීමට ඇති හේතු ගැන සිතා බැලීමට ඔබේ දරුවන්ට උදව් කරන්න. ඒ ප්‍රීතිය අපට පෙන්විය හැක්කේ කෙසේද?
-
ඔබට දේවමාළිගාවල පින්තූර බලන්න පුළුවන්.
නෙහෙමියා 2:17–20; 6:1–9
ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ “මහත් කාර්යය” කිරීමට මට උපකාර කරනු ඇත.
-
නෙහෙමියාගේ කතාව ඔබේ දරුවන් සමඟ බෙදා ගන්න (බලන්න නෙහෙමියා 2:17–20; 6:1–9). ඔබ නෙහෙමියා 2:20 කියවන විට, ඔබට සහ ඔබේ දරුවන්ට “නැගිට” යෙරුසලමේ පවුරු ගොඩනඟා ගැනීමට උදව් කරන ආකාරයට රඟ දක්වන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබේ දරුවන් ප්ලාස්ටික් කැබලි හෝ වෙනත් වස්තූන් වලින් බිත්තියක් සෑදීමට කැමති වෙන්න පුළුවන්. ඔවුන් එය කරමින් සිටින අතරෙදී, ස්වර්ගීය පියාණන්වහන්සේට අපෙන් කිරීමට අවශ්‍ය වැදගත් දේවල් ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න ඔබට පුළුවන්.
1:38Nehemiah
-
ඔබ නෙහෙමියා 6:9 කියවන විට, “මාගේ අත් සවිකළ මැනව” කියා ඔබ කියන විට ඔබේ දරුවන්ට ඔවුන්ගේ දෑත් ඔසවන්න කියා ආරාධනා කරන්න. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කාර්යය කිරීමට ඔබේ දෑත් ශක්තිමත් කරන බව ඔබට හැඟුණු කාලයක් ගැන දරුවන්ට කියන්න.
නෙහෙමියා 8:1–12
ශුද්ධලියවිලි ආශිර්වාදයකි.
-
එස්රා ශුද්ධලියවිලි කියවන විට මිනිසුන් කළ දේ විස්තර කරන නෙහෙමියා 8:2–3, 5–6, 8–9, 12 තුළ ඇති සමහර වාක්‍ය ඛණ්ඩ ශබ්ද නඟා කියවන්න. ඔබ කියවන අතරතුරේදී, ඔබේ දරුවන්ට මෙම වාක්‍ය ඛණ්ඩ වලට අනුව රඟ දැක්විය හැකිය. එවිට ඔබට ශුද්ධලියවිලි කියවන විට හෝ අසන විට ඔබට හැඟෙන ආකාරය එකිනෙකා සමඟ බෙදා ගත හැකිය.
-
ඔබ එකට එක්ව නෙහෙමියා 8:8 කියවන විට, ඔබේ දරුවන්ට ශුද්ධලියවිලි පද තේරුම් ගැනීමට උපකාරවත් වන්නේ කුමක්දැයි ඔබට ඇසීමට පුළුවන්. ශුද්ධලියවිලි වලින් ගැලවුම්කරුවාණන් ගැන ඉගෙන ගත් දෙයක් බෙදා ගැනීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.
ශුද්ධලියවිලිවල ඇති සදාකාලික සත්‍යය සොයන්න. “ශුද්ධලියවිලි වල … ශුභාරංචි සත්‍යයන් පිරී ඇත, නමුත් සමහරවිට ඒවා සොයාගැනීමට සවිඥානක උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඔබ එකට එක්ව ශුද්ධලියවිලි වලින් ඉගෙනගන්නා විට, මදක් නැවතී ඔවුන් දකින ශුභාරංචි සත්‍යයන් මොනවාදැයි ඔබ උගන්වන අයගෙන් විමසන්න. මෙම සත්‍යයන් ස්වර්ගීය පියාණන්වහන්සේගේ ගැලවීමේ සැලැස්මට සම්බන්ධ වන්නේ කෙසේදැයි බැලීමට ඔවුන්ට උපකාර කරන්න. සමහර අවස්ථා වල සදාකාලික සත්‍යයන් ශුද්ධලියවිලි වල ප්‍රකාශ කර ඇති අතර, තවත් සමහර අවස්ථා වල ඒවා අප කියවන මිනිසුන්ගේ කථා සහ ජීවිත වල නිරූපණය වෙනවා. ඔබ කියවන පද වල ඓතිහාසික පසුබිම මෙන්ම, එම පද වල අර්ථය සහ ඒවා අද අපට අදාළ වන ආකාරයද එකට එකතුවී ගවේෂණය කිරීම ප්‍රයෝජනවත් විය හැකිය” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 22).
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.