“අගෝස්තු 3–9. ‘නුඹ පැමුණුණේ … මෙවැනි ප්‍රස්තාවක් නිසාමය’: එස්තර්,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: පරණ ගිවිසුම 2026 (2026)
“අගෝස්තු 3–9. ‘නුඹ පැමුණුණේ … මෙවැනි ප්‍රස්තාවක් නිසාමය,’” එන්න, මා අනුගමනය කරන්න: පරණ ගිවිසුම 2026
සෑම් ලෝව්ලර් විසින්, Queen Esther Saves Jehovah’s People [එස්තර් රැජින යෙහෝවාවහන්සේගේ සෙනඟ බේරා ගනී]
අගෝස්තු 3–9: “නුඹ පැමුණුණේ … මෙවැනි ප්‍රස්තාවක් නිසාමය”
එස්තර්
එස්තර් පොතේ බොහෝ සිදුවීම් වාසනාවක් හෝ අහම්බයක් වගේ පෙනෙන්නට පුළුවන්. අනාථ වූ යුදෙව් දැරියක් තම ජනතාව ඝාතනය කිරිමෙන් ගලවා ගැනීමට නියම වේලාවට පර්සියාවේ රැජින වූ ආකාරය ඔබ වෙන කොහොම පැහැදිලි කරන්නද? එස්තර්ගේ ඥාති සොහොයුරා වන මොර්දෙකයිට රජුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇසෙන්නට ඇති සම්භාවිතයන් මොනවාද? මේවා අහඹු සිදුවීම්ද, නැතහොත් ඒවා දිව්‍යමය සැලැස්මක කොටසක්ද? වැඩිහිටි රොනල්ඩ් ඒ. රස්බන්ඩ් මෙසේ සඳහන් කළා: “අහඹු අවස්ථාවක් ලෙස පෙනෙන දෙය, ඇත්ත වශයෙන්ම, ස්වර්ගයේ සිටින ආදරණීය පියාණන් විසින් අධීක්ෂණය කරනු ලබනවා. … ස්වාමින්වහන්සේ අපගේ ජීවිතයේ කුඩා කොටස් තුළ සිටිනවා.” (“By Divine Design,” Liahona, Nov. 2017, 56). මෙම “කුඩා කොටස්” තුළ ස්වාමින්වහන්සේගේ බලපෑම අපි සැමවිටම හඳුනා ගන්නේ නැහැ. නමුත් අපට උන්වහන්සේගේ අරමුණු ඉටු කිරීමට උන්වහන්සේගේ හස්තයෙහි උපකරණ විය හැකි විට උන්වහන්සේට අපගේ මාවතට මඟ පෙන්විය හැකි බවත්, “මෙවැනි ප්‍රස්තාවකට”(එස්තර් 4:14) අපව සූදානම් කළ හැකි බවත් එස්තර්ගේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
එස්තර්
මට අනෙක් අයට ආශිර්වාද කළ හැකි වන ලෙස ස්වාමින්වහන්සේ මාව ඒ ඒ අවස්ථා වලට යොමු කරන සේක.
සභාපති ඩියේටර් එෆ්. උක්ඩ්‍රොෆ් මෙසේ ඉගැන්වූවා “අද්විතීය ස්ථානයක සිටින අතර [අපට] පමණක් කළ හැකි වැදගත් කාර්යයක් ඇත. … ස්වාමින්වහන්සේ ඔබට ඔබේ වගකීම් දුන්නේ හේතුවක් ඇතුවයි. ඔබට පමණක් ළඟා විය හැකි සහ ස්පර්ශ කළ හැකි මිනිසුන් සහ හදවත් තිබිය හැක. සමහර විට වෙනත් කිසිවෙකුට එය එම ආකාරයෙන්ම කළ නොහැකි විය හැකිය” (“Lift Where You Stand,” Liahona, Nov. 2008, 56).
ඔබ එස්තර්ගේ කතාව කියවන විට, මෙම ප්‍රකාශනය ඇයට අදාළ වන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න. යුදෙව්වන්ව ගලවා ගැනීම ඇයට පහසු කරවීමට ස්වාමින්වහන්සේ ලබා දුන් ක්‍රම සොයන්න. (බලන්න, උදාහරණයක් ලෙස, එස්තර් 2:21–23; 3:10–14; 4:14–16). ඉන්පසු අන් අයට ආශීර්වාද කිරීමට උන්වහන්සේ ඔබට අවස්ථාව ලබා දී ඇත්තේ කෙසේදැයි මෙනෙහි කරන්න. “මෙවැනි ප්‍රස්තාවක් නිසාම” උන්වහන්සේ ඔබට මගපෙන්වූ සමහර තත්වයන් හෝ සබඳතා මොනවාද? (එස්තර් 4:14). ඔබට ආදිපීතෘ ආශිර්වාදයක් තිබේ නම්, ස්වාමින්වහන්සේ ඔබට කිරීමට ලබා දී ඇති කාර්යය ගැන වැඩි විස්තර දැන ගැනීමට එය කියවීම සලකා බලන්න. මෙම කාර්යය සම්පූර්ණ කිරීමට ඔබට කුමක් කළ හැකිද?
For Such a Time as This
අපි ඇහුම්කන් දෙනවාට වඩා වැඩ කිරීමෙන් ඉගෙන ගන්නවා. වැඩිහිටි ඩේවිඩ් ඒ. බෙඩ්නර් මෙසේ උපදෙස් දුන්නා: “අපේ අභිප්‍රාය විය යුත්තේ ‘මම ඔවුන්ට කුමක් කියන්නේද?’ යන්න නොවේ. ඒ වෙනුවට, අපගෙන්ම ඇසිය යුතු ප්‍රශ්න නම් ‘ඔවුන්ට කුමක් කිරීමට මට ආරාධනා කළ හැකිද? යන්නයි. ඔවුන් ප්‍රතිචාර දැක්වීමට කැමති නම්, ඔවුන්ගේ ජීවිත වලට ශුද්ධාත්මයාණන්ට ආරාධනා කිරීමට පටන්ගන්නා කුමන පෙළඹවීම් සහිත ප්‍රශ්න මට ඇසිය හැකිද?’” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 25). ඔබ ඔබේ පවුලට හෝ පන්තියකට එස්තර් ගැන උගන්වනවා නම්, ඔවුන්ට ඉගෙන ගැනීමට උපකාරවත් වන පිණිස කිරීමට ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැක්කේ කුමක්ද?
“මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය” ((එස්තර් 3:5)).
එස්තර් 3; 5:9–14; 7
උඩඟුකම සහ කෝපය පහත වැටීමට හේතු විය හැකිය.
එස්තර්ගේ පොතේ, අපි එස්තර් සහ මොර්දෙකයිගේ ඇදහිල්ලෙන් ඉගෙන ගන්නවා, එමෙන්ම අපි හාමාන්ගේ උඩඟුකම සහ කෝපයෙන්ද ඉගෙන ගන්නවා. ඔබ එස්තර් 3; 5:9–14, කියවන විට, හාමාන්ගේ හැඟීම්, වචන සහ ක්‍රියා සටහන් කරන්න. ඔහු ගැන සහ ඔහුගේ අභිප්‍රේරණ ගැන ඒවා අනාවරණය කරන්නේ කුමක්ද? ඔහු මුහුණ දුන් ප්‍රතිවිපාක මොනවාද? (බලන්න එස්තර් 7). හාමාන් ගැන කියවීමෙන් ඔබේ හැඟීම් සහ ක්‍රියාවන් වලට පෙළඹවීම් ලැබෙන්නේ කෙසේදැයි තක්සේරු කිරීමට ඔබට පෙළඹීමක් ලැබෙයි. ඔබට කුමන හෝ වෙනසක් කිරීමට පෙලඹවීමක් ඇති වුණාද? උපකාරය සඳහා ඔබට ස්වර්ගීය පියාණන්වහන්සේ වෙත හැරිය හැක්කේ කෙසේද?
තවත් බලන්න හිතෝපදේශ 16:32; ඇල්මා 5:28.
එස්තර් 3–4; 5:2–3; 8:11–12
නිරාහාරව යාච්ඤා කිරීමෙන් පෙන්නුම් කරන්නේ මම ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා රඳා සිටින බවයි.
එස්තර් සහ අනෙක් යුදෙව්වන් නිරාහාරව යාච්ඤා කිරීමට තීරණය කළේ මන්දැයි බලන්න (බලන්න එස්තර් 3:13; 4:1–3, 10–17). නිරාහාරව යාච්ඤා කිරීම ඔවුන්ට ආශීර්වාද කළේ කෙසේද? (බලන්න එස්තර් 5:2–3; 8:11–12). ස්වාමින්වහන්සේ නිරාහාරව යාච්ඤා කරන ලෙස අපෙන් ඉල්ලා සිටින්නේ ඇයි? නිරාහාරව යාච්ඤා කිරීම ඔබේ ජීවිතයේ විශාල ආශීර්වාදයක් කර ගන්නේ කෙසේදැයි සලකා බලන්න.
තවත් බලන්න යෙසායා 58:6–12.
Fasting: Young Single Adult Ward, Amanda
එස්තර් 3:1–11; 4:10–17; 5:1–4; 9:17–19
හරි දේ කිරීමට බොහෝ විට මහත් ධෛර්යයක් අවශ්‍ය වේ.
මොර්දෙකයි සහ එස්තර් ඔවුන්ගේ විශ්වාසයන් සහ ඔවුන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි විට, ඔවුන් ඔවුන්ගේම ජීවිත අවදානමක තැබුවා. අපගේ තේරීම් නිසා දරුණු ප්‍රතිවිපාක ඇති වන්නේ අඩුවෙන් නමුත් නිවැරදි දේ කිරීම සඳහා ධෛර්යය අවශ්‍ය වෙන්න පුළුවන්. නිවැරදි දේ කිරීමට ධෛර්යය තිබීම ගැන ඔබ එස්තර් 3:1–4; 4:10–17 තුළින් ඉගෙනගන්නේ කුමක්ද? ධෛර්යය පෙන්වීමෙන් පසු මොර්දෙකයි සහ එස්තර් අත්විඳි වෙනස් ප්‍රතිවිපාක සැලකිල්ලට ගන්න (බලන්න එස්තර් 3:5–11; 5:1–4). එස්තර් සහ මොර්දෙකයි හට ඔවුන් කළ තේරීම් කිරීම සඳහා දෙවියන්වහන්සේ ගැන අවශ්‍ය වූ දැනුම කුමක්ද?
හරි දේ වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ධෛර්යය අවශ්‍ය වන අවස්ථා ගැන සිතන්න. ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය සොයා ගැනීම පිණිස ඔබට උපකාර කළ හැකි එස්තර් සහ මොර්දෙකයිගෙන් ඔබ ඉගෙනගත් දේවල් මොනවාද?
එස්තර්ගේ ධෛර්යය “ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක්” (බලන්න එස්තර් 9:17–19) සඳහා මග පෑදුවා. ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ධෛර්යය මගින් ඔබට “ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක්” ලබා දී ඇත්තේ කෙසේද?
Courage
Dare to Stand Alone
වැඩි විස්තර සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
එස්තර් 2:5–7
මගේ පවුලට සේවය කරන්න මට පුළුවන්.
-
මොර්දෙකයි එස්තර්ට කළාක් මෙන්, අවශ්‍යතා ඇති පවුලේ සාමාජිකයන්ට උපකාර කිරීම ගැන ඔබේ දරුවන්ට ඉගැන්වීමට එස්තර් 2:7 භාවිතා කිරීමට ඔබට පෙලඹීමක් ඇති විය හැකිය. ඔබට එකට එක්ව එම පදය කියවීමට හෝ ඔබේම වචනවලින් එය සාරාංශ කිරීමට හැකිය. පසුව ඔබට සහ ඔබේ දරුවන්ට, ඔබේ උපකාර අවශ්‍ය විය හැකි පවුලේ සාමාජිකයන් ගැන සිතිය හැකිය. ඔවුන්ට උදව් කිරීමට සැලැස්මක් සාදන්න.
එස්තර් 3:1–11; 4:10–17
මට නිර්භීතව සිටීමට ස්වාමින්වහන්සේට උපකාර කළ හැකිය.
-
නිර්භීතකම යනු ඔබ බියෙන් සිටින විට පවා හරි දේ කිරීම බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට එස්තර් සහ මොර්දෙකයිගේ ආදර්ශ උපකාර කරයි. මොර්දෙකයි ඔහු …විට නිර්භීත වූ අතර එස්තර් ඇය …විට නිර්භීත විය වැනි වාක්‍ය ඛණ්ඩ ලිවීම සලකා බලන්න. ඔබ එකට එක්ව එස්තර්ගේ කතාව ඉගෙන ගන්නා විට, ඔබේ දරුවන්ට එම වාක්‍ය අවසන් කිරීමට ක්‍රම යෝජනා කළ හැකිය. ඔබට එස්තර් 3:1–11; 4:10–17 කියවිය හැකිය නැතහොත් මෙම දළ සටහනේ ඇති පින්තූර දෙස බලන්න. ඉන්පසුව මම … කිරීම මගින් නිර්භීත වන්නෙමි ලෙස ලියා, ස්වර්ගීය පියාණන්වහන්සේට ඔවුන් විසින් කිරීමට අවශ්‍ය වන ධෛර්යය අවශ්‍ය කරන දේවල් ලැයිස්තුගත කිරීමට ඔබේ දරුවන්ට ආරාධනා කරන්න.
2:45Queen Esther
-
උදාහරණයක් ලෙස, ගෙත්සෙමනේදී සහ කුරුසියේදී උන්වහන්සේ අපගේ පව් වෙනුවෙන් දුක් වින්ද ආකාරය (බලන්න මතෙව් 26:36–39; 27:33–35)—වැනි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නිර්භීතව සිටි අවස්ථා ගැනද ඔබට ඉගෙන ගත හැකිය. ඔබේ දරුවන්ට ඔවුන් නිර්භීත වූ කාලයක් බෙදා ගැනීමට ඉල්ලන්න, පසුව ඔබේම අත්දැකීමකුත් බෙදාගන්න.
එස්තර් 4:1–3, 10–17
නිරාහාරව සිටීම මගින් ස්වාමින්වහන්සේ ආශිර්වාද ගෙන එයි.
-
එස්තර් 4:1-3, 10-17 කියවීම ඔබේ දරුවන්ට නිරාහාරව සිටීම ගැන ඉගැන්වීමට ඔබට උපකාර විය හැක. එස්තර් සහ යුදෙව්වන් නිරාහාරව සිටියේ ඇයි? ඔබ නිරාහාරව සිටින්නේ මන්දැයි ඔබේ දරුවන්ට කියන්න. මීට පෙර කිසි දිනෙක එය නොකළ මිතුරෙකුට ඔවුන් නිරාහාරව සිටීම පිළිබඳව පැහැදිලි කරන්නේ කෙසේදැයි, ඔබට ඔවුන්ගෙන් ඇසිය හැකිය. නිරාහාරව සිටීමෙන් ලැබෙන ආශීර්වාද තේරුම් ගැනීමට අපට අපගේ මිතුරන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
-
ඔබේ දරුවන්ට ස්වාමින්වහන්සේගේ උපකාරය අවශ්‍ය විය හැකි දෙයක් ගැන සිතීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඊළඟ නිරාහාර ඉරිදා දිනයේදී ඔවුන්ගේ නිරාහාරයේදී එම කොටස කිරීමට ඔවුන්ට යෝජනා කරන්න.
එස්තර් නිර්භීත වූ නිසා, ඇයට ස්වාමින්වහන්සේගේ සෙනඟව ගලවා ගැනීමට හැකි වුණා.
එස්තර් 4:14
මට දෙවියන්වහන්සේගේ හස්තයේ මෙවලමක් වෙන්න පුළුවන්.
-
එස්තර් බිය වූ විට, මොර්දෙකයි ඇයට “මෙවැනි ප්‍රස්තාවක”(එස්තර් 4:14) රැජින වීමට ස්වාමින්වහන්සේ උපකාර කළ බව පැහැදිලි කරමින් ඇයව දිරිමත් කළ බව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කරන්න. මොර්දෙකයි මෙයින් අදහස් කළේ කුමක්ද? එස්තර් ස්වාමින්වහන්සේට මෙවලමක් වූ ආකාරය ගැන එකිනෙකා සමඟ කතා කරන්න. අපිට ස්වාමින්වහන්සේ වෙනුවෙන් මෙවලම් විය හැක්කේ කෙසේද?
-
මෙවලමක් යනු කුමක්දැයි ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට ඔබට උපකාර කළ හැක්කේ කෙසේද? සමහරවිට ඔබට සංගීත මෙවලමකින් ගීතයක් වාදනය කිරීමට යමෙකුට ආරාධනා කිරීමට හෝ එවැනි මෙවලමක් භාවිතා කරන කෙනෙකුගේ පින්තූරයක් පෙන්වීමට හැකිය. පසුව ඔබට දෙවියන්වහන්සේගේ හස්තයෙහි මෙවලමක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන කතා කළ හැකිය.
වැඩි විස්තර සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.