“සැප්තැම්බර් 29–ඔක්තෝම්බර් 5: ‘එය ඔබවහන්සේගේ ගෘහය වන්නේය, ඔබවහන්සේගේ ශුද්ධවන්ත බවේ ස්ථානයක් වන්නේය’: දහම සහ ගිවිසුම් 109–110,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 ( 2025)
“දහම සහ ගිවිසුම් 109–110,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, A Glorious Light—Kirtland Temple [තේජාන්විත ආලෝකයක්—කර්ට්ලන්ඩ් දේවමාළිගාව]
සැප්තැම්බර් 29–ඔක්තෝම්බර් 5: “එය ඔබවහන්සේගේ ගෘහය වන්නේය, ඔබවහන්සේගේ ශුද්ධවන්ත බවේ ස්ථානයක් වන්නේය”
දහම සහ ගිවිසුම් 109–110
1836 මාර්තු 27 වන දින, උදෑසන අට දක්වා කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ දොරවල් විවෘත කිරීමට නියමිතව තිබුණේ නෑ. නමුත් කැපකිරීමේ සේවාවන්ට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි ශුද්ධවන්තයින් ඉතා වේලාසනින්ම වේලාව හත වන විට පෙළ ගැසෙන්නට වුණා. එම ස්ථානයේ තද බදය වැඩි වූ නිසා, සෑම දෙනෙක්වම සහභාගී කරගැනීම සඳහා දෙවන සැසියක් ද අවශ්‍ය වුණා. එමෙන්ම ඒ සඳහා සහභාගී වීමට උනන්දු වූයේ ජීවත්ව සිටින අය පමණක් නොවේ. බොහෝ සාක්ෂිකරුවන්, කැපකිරීම අතරතුරත් කැපකිරීමෙන් පසුවත්, දේවමාළිගාව ඇතුළත් සහ වහලයේ පවා දේවදූතයන්ව දැක තිබුණා. සැබැවින්ම “ස්වර්ගයේ සේනා” පසුදවස්වල ශුද්ධවන්තයින් සමඟ “ගායනා කිරීමට සහ [හඬ නගන්නට]” පැමිණ ඇති බව පෙනෙන්නට තිබුණා (“දිව්‍ය ආත්මයාණන්,” ගීතිකා, අංක 2).
තිරය දෙපසම මෙවන් මහත් උද්යෝගයක් තිබුණේ ඇයි? ශතවර්ෂ ගණනාවකට පසු, මේ පොළොවේ නැවතත් ස්වාමින්වහන්සේගේ ගෘහයක් ගොඩනැගුණා. ස්වාමින්වහන්සේ විසින් තම ශුද්ධවන්තයින්ට “ඉහළ සිට බලය” ලබා දෙන බවට වූ පොරොන්දුව උන්වහන්සේ ඉටු කරමින් සිටියා (දහම සහ ගිවිසුම් 38:32). තවද මෙය “ආශිර්වාදයේ ආරම්භය” පමණක් බව උන්වහන්සේ ප්‍රකාශ කළා (දහම සහ ගිවිසුම් 110:10). අපි දැන් ජීවත් වන යුගයේදී—ජීවත්ව සිටින අය සඳහා සහ මිය ගිය අය මිලියන ගණනකට ලබා ගත හැකි දේවමාළිගා කාර්යයන් සහ නියෝග වැඩි වැඩියෙන් සිදුවීම—ආරම්භ වුණේ, කර්ට්ලන්ඩ් හි “ලෝ වසා ඇති තිර විවර [වූ]” විටයි (“දිව්‍ය ආත්මයාණන් ”).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
දේවමාළිගා ගිවිසුම් තුළින් ස්වාමින්වහන්සේ මට පොහොසත් ආශිර්වාද පිරිනමන සේක.
කර්ට්ලන්ඩ් දේවමාළිගාව අද අප දන්නා දේවමාළිගා වලට වඩා වෙනස් වුණා. උදාහරණයක් ලෙස, අල්තාර සහ බව්තීස්ම පොකුණු තිබුණේ නෑ. නමුත් කර්ට්ලන්ඩ් දේවමාළිගාව සඳහා වූ කැපකිරීමේ යාච්ඤාව වන 109 වෙනි කොටසේ විස්තර කර ඇති ආශිර්වාද, ස්වාමින්වහන්සේගේ ගෘහයේ අදත් තිබෙනවා. මෙම ආශිර්වාදවලින් සමහරක් සොයා ගැනීමට පහත සඳහන් පද සමාලෝචනය කරන්න, එමෙන්ම ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබේ සම්බන්ධතාවය ශක්තිමත් කරගැනීමට ඒවා උපකාර කරන්නේ කෙසේදැයි මෙනෙහි කරන්න.
5, 12–13 පද (තවත් බලන්න දහම සහ ගිවිසුම් 110:6–8): ස්වාමින්වහන්සේගේ ගෘහයේදී, උන්වහන්සේට මා වෙනුවෙන් ප්‍රකාශ විය හැකි අතර, මට උන්වහන්සේගේ බලය දැනිය හැකිය.
වෙනත් ආශිර්වාද:
ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහයට ගොස් ඇත්නම්, මෙම පොරොන්දු ඔබේ ජීවිතයේ ඉටු වූ ආකාරය ගැන සිතා බලන්න.
“දිව්‍ය ආත්මයාණන්” (ගීතිකා, අංක 2) ගීතිකාව කර්ට්ලන්ඩ් දේවමාළිගාව කැපකිරීම සඳහා ලියා තිබෙනවා—එය එතැන් සිට සෑම දේවමාළිගාවකම කැපකිරීමේදී ගායනා කරනවා. ඔබේ අධ්‍යයනයේ සහ නමස්කාරයේ කොටසක් ලෙස එය ගායනා කිරීම හෝ එයට සවන් දීම ගැන සලකා බලන්න. මෙම ගීතිකාවේ විස්තර කර ඇති දේවමාළිගාවේ ආශිර්වාද මොනවාද?
යාච්ඤාව යනු ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ සන්නිවේදනය කිරීමයි.
109 වෙනි කොටස යනු ජෝසෆ් ස්මිත් අනාගතවක්තෘවරයාට එළිදරව් මගින් ලබා දුන් කැපකිරීමේ යාච්ඤාවයි (කොටස් ශීර්ෂය බලන්න). මෙම කොටසින් යාච්ඤාව ගැන ඔබ ඉගෙනගන්නේ මොනවාද? නිදසුනක් වශයෙන්, අනාගතවක්තෘවරයා ස්තූති කළ දේ සහ ඔහු ඉල්ලා සිටි ආශිර්වාද මොනවාද කියා ඔබට සටහන් කළ හැකිය. මෙම යාච්ඤාවේදී ඔහු කී තවත් දේවල් මොනවාද? ඔබ අධ්‍යයනය කරන විට, ඔබට ස්වර්ගීය පියාණන්වහන්සේ සමඟ ඔබේම සන්නිවේදනය ඇගයීමට ලක් කළ හැකිය. මෙම යාච්ඤාවෙන් උන්වහන්සේ ගැන සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද?
ඔබ ළඟම ඇති දේවමාළිගාව ඇතුළුව අනෙකුත් දේවමාළිගාවල කැපකිමේ යාච්ඤා කියවීමට ඔබ කැමති නම්, temples.ChurchofJesusChrist.org හි දේවමාළිගා පිටුවට පිවිසෙන්න.
ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ ගෘහයේදී දී මා හට පෙනී සිටිය හැකිය.
ඔබ දහම සහ ගිවිසුම් 110:1–10 හි ගැලවුම්කරුණන් පිළිබඳ විස්තර කියවන විට, කොටස් ශීර්ෂය ඇතුළුව, මෙම පද උන්වහන්සේ ගැන යෝජනා කරන්නේ කුමක්දැයි මෙනෙහි කරන්න.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ—උන්වහන්සේගේ ගෘහය තුළ—ඔබට උන්වහන්සේව ප්‍රකාශ කරන්නේ කෙසේද? උන්වහන්සේ ඔබේ පරිත්‍යාගයන් පිළිගන්නා බව දැනගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ කෙසේද?
කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඇතුළත
ගැලවුම්කරුණන් පූජකත්ව යතුරු හරහා උන්වහන්සේගේ කාර්යය මෙහෙයවනවා.
මෝසෙස්, එලියා සහ එලයිජා පූජකත්ව යතුරු නැවත පිහිටුවීම සඳහා දේවමාළිගාවේ පෙනී සිටීමට මොහොතකට පෙර, යේසුස් ක්‍රිස්තුවහන්සේ මෙසේ පැවසුවා, “මාගේ ජනතාවගේ හිස්මත වගුරුවන ආශිර්වාදයන්හි ආරම්භය මෙය වන්නේය” (දහම සහ ගිවිසුම් 110:10). ඔබ 11–16 පද කියවන විට, මෙම යතුරු මගින් මෙහෙයවනු ලබන කාර්යය තුළින් ගැලවුම්කරුවාණන් ඔබ මත වගුරුවන ආශිර්වාද ගැන සිතන්න. උදාහරණයක් ලෙස:
-
11 වෙනි පදය: මෝසෙස් සහ ඉශ්‍රායෙලය එක්රැස් කිරීමේ යතුරු (හෝ ධර්මදූත කාර්යය). ස්වාමින්වහන්සේගේ සභාවේ ධර්මදූත උත්සාහයන් තුළින් ස්වාමින්වහන්සේ ඔබට සහ ඔබේ පවුලට ආශිර්වාද කර ඇත්තේ කෙසේද?
-
12 වෙනි පදය: එලියා සහ ආබ්‍රහමික ගිවිසුම ඇතුළුව ආබ්‍රහම්ගේ ශුභාරංචියේ යතුරු. ඔබේ ගිවිසුම් නිසා ස්වාමින්වහන්සේ ඔබට සහ “[ඔබට] පසු පරම්පරාවන්ට” ආශිර්වාද කරන්නේ කෙසේද? (බලන්න රසල් එම්. නෙල්සන්, “සදාකාල ගිවිසුම,” ලියහෝනා, ඔක්. 2022, 4–11.)
-
13–16 පද: එලයිජා සහ මුද්‍රා තැබීමේ බලය, දේවමාළිගා සහ පවුල් ඉතිහාස කටයුතු තුළින් ප්‍රකාශ කිරීම. ඔබ සිතන ආකාරයට, දේවමාළිගාවේ නියෝග හරහා ඔබව ඔබේ මුතුන් මිත්තන්ට සම්බන්ධ කිරීමට ස්වර්ගික පියාණවහන්සේට අවශ්‍ය ඇයි? (බලන්න ගෙරිට් ඩබ්ලිව්. ගොන්ග්, “සතුටින් සහ සදහටම,” ලියහෝනා, නොවැ. 2022, 83–86.)
මෙම යතුරු සහ දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යය (ශුභාරංචිය අනුව ජීවත්වීම, අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීම, ශුභාරංචිය ලැබීමට සැමට ආරාධනා කිරීම සහ සදාකාලිකව පවුල් එකමුතු කිරීම) අතර ඔබ දකින සම්බන්ධතා මොනවාද?
දෙවියන්වහන්සේගේ ගැලවීමේ සහ උත්කර්ෂවත් කිරීමේ කාර්යය සමඟ ඔබට ඇති අත්දැකීම් මොනවාද? මෙම අත්දැකීම් ගැලවුම්කරුවාණන් ගැන, උන්වහන්සේගේ සභාව සහ උන්වහන්සේගේ කාර්යය ගැන ඔබට උගන්වන්නේ මොනවාද?
අන් අයව ඇතුළත් කිරීමට මාර්ග සොයන්න. ඔබ දහම සහ ගිවිසුම් 110:11–16 ගැන උගන්වන්නේ නම්, මෝසෙස්, එලියා හෝ එලයිජා සහ ඔහු නැවත පිහිටවූ යතුරු ගැන අධ්‍යයනය කිරීමට ඉගෙනගන්නන්නට වෙන් වෙන් වශයෙන් පැවරීම ගැන සලකා බලන්න. එවිට ඉගෙන ගන්නා අයට තමන් සොයාගත් දේ එකිනෙකා සමඟ බෙදා ගත හැකිය. මෙවැනි ප්‍රවේශයක් ඉගෙනීමේදී සහ ඉගැන්වීමේදී සෑම කෙනෙකුවම සම්බන්ධ කරයි. (බලන්න ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 24–27).
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
දහම සහ ගිවිසුම් 109:12–13; 110:1–7
දේවමාළිගාව කියන්නේ ස්වාමින්වහන්සේගේ නිවසයි.
-
ඔබට සහ ඔබේ දරුවන්ට ඔබේ නිවස ගැන ඔබ ආදරය කරන දෙයක් කතා කළ හැකිය. එවිට ඔබට කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ පින්තූරයක් දෙස බලා දහම සහ ගිවිසුම් 109:12–13; 110:1–7 කියවමින් එම දේවමාළිගාව කැපකර ස්වාමින්වහන්සේගේ ගෘහය බවට පත් වූ ආකාරය ගැන කතා කිරීමට පුළුවන්. ස්වාමින්වහන්සේගේ ගෘහය ගැන ඔබ ආදරය කරන දෙයක් එකිනෙකා සමඟ බෙදාගන්න.
2:17Chapter 39: The Kirtland Temple Is Dedicated: January–March 1836
-
සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට මිතුරෙකු ඔබේ නිවස සොයා ගැනීමට උත්සාහ කරන බව සිතාගන්න පුළුවන්. අපගේ නිවස කුමක්දැයි දැන ගැනීමට අපි අපගේ මිතුරාට උදව් කරන්නේ කොහොමද? දේවමාළිගාව ස්වාමින්වහන්සේගේ ගෘහය බව අප දැනගන්නේ කෙසේද? (බලන්න දහම සහ ගිවිසුම් 109:12–13).
ගැලවුම්කරුණන් පූජකත්ව යතුරු හරහා උන්වහන්සේගේ සෙනඟට ආශිර්වාද කරන සේක.
-
ඔබට මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව භාවිතා කරමින් දේවමාළිගාවට පැමිණි ස්වර්ගික ජීවීන් ගැන දරුවන්ට පැවසීමට හැකිය. ඔබට මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරයද භාවිතා කළ හැකිය.
1:17The Kirtland Temple
-
කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ සිදු වූ දේවල්වල වැදගත්කම ගැන දැන ගැනීමට, ඔබට සහ ඔබේ දරුවන්ට මෙම යතුරුවල වැදගත්කම ගැන කතා කළ හැකිය. සමහර විට ඔබේ දරුවන්ට මාරුවෙන් මාරුවට යතුරු අතැතිව අගුලු දමා ඇති දොරක් විවෘත කිරීම, මවා පෑමටද හැකිය. දහම සහ ගිවිසුම් 110:11–16 හි යතුරු යන වචනය සොයා ගැනීමට ඔවුන්ට උදවු කරන්න, සහ මෙම යතුරු මගින් අගුලු හරින ආශිර්වාද ගැන කතා කරන්න. පූජකත්ව යතුරු යනු දෙවියන්වහන්සේගේ සභාව මෙහෙයවීමට උන්වහන්සේ ලබා දී ඇති අවසරය බව ඔබට පැහැදිලි කළ හැකිය. ස්වාමින්වහන්සේ අපට පූජකත්ව යතුරු ලබා දීම ගැන ඔබේ කෘතඥතාව බෙදා ගන්න.
ගැලවුම්කරුවාණන්ට අවශ්‍ය වන්නේ මා මගේ හදවත මගේ මුතුන් මිත්තන් වෙතට හැරවීමයි.
-
එකට එක්ව දහම සහ ගිවිසුම් 110:15 කියවීමෙන් පසු, ඔබේ හදවත ඔබේ මුතුන් මිත්තන් වෙත යොමු කිරීමට උපකාර වූ අත්දැකීමක් ගැන ඔබේ දරුවන්ට කියන්න.
-
ඔබේ දරුවන්ගේ “සිත් ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙතට හැරවීමට” උපකාරයක් විය හැක්කේ මොනවාද? FamilySearch.org/discovery හි ඔබට විනෝදජනක අදහස් කිහිපයක් සොයාගත හැකිය. දේවමාළිගාවේ නියෝග අවශ්‍ය මුතුන් මිත්තන් හඳුනා ගැනීමට ඔබට එකට එක්ව වැඩ කළ හැකිය. අපි මෙම කාර්යය කරනවාට යේසුස්වහන්සේ කැමති ඇයි?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.