“සැප්තැම්බර් 22–28: ‘දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙල’: දහම සහ ගිවිසුම් 106–108,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 106–108,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
සැප්තැම්බර් 22–28: “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙල”
දහම සහ ගිවිසුම් 106–108
මුලින්ම බැලූ බැල්මට පෙනෙන්නේ දහම සහ ගිවිසුම් 107 හි කතා කරන්නේ ස්වාමින්වහන්සේගේ සභාව සඳහා නායකත්ව ව්‍යුහයට පූජකත්ව තත්වයන් සංවිධානය කිරීම ගැන පමණක් බවයි. මෙම එළිදරව්ව ප්‍රකාශයට පත් කරන විට, සභාවේ සාමාජිකත්වය එහි සිටි නායකයින් කිහිප දෙනෙකුගේ ධාරිතාව ඉක්මවා යමින් තිබුණා. පළමු සභාපතිත්වය, ප්‍රේරිතවරුන් දොළොස්දෙනාගේ ගණපූරණය, හැත්තෑවරුන්, සභානායකවරුන් සහ ගණපූරණ සභාපතිත්ව තනතුරුවල භූමිකාවන් සහ වගකීම් සංෂිප්ත කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වුණා, ඒවගේම ප්‍රයෝජනවත් වුණා. නමුත් සභාවේ නායකත්වය සංවිධානය කළ යුත්තේ කෙසේද යන්නට වඩා දෙයක් 107 වෙනි කොටසේ ඇති දිව්‍යමය උපදෙස් වල අඩංගු වෙනවා. මෙහිදී, ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ බලය සහ අධිකාරිය වන, “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව, ශුද්ධ වූ පූජකවරය” (3 වෙනි පදය) ගැන අපට උගන්වනවා. පූජකවරයේ පරමාර්ථය වන්නේ දෙවියන්වහන්සේගේ සියලුම දරුවන්ට “ඔවුන් වෙතට ස්වර්ගයන් විවෘත වීමට” හැකි වන පරිදි සහ “පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේද, තවද අලුත් ගිවිසුමේ මැදහත්කරුවාණන් වන, යේසුස්වහන්සේගේද, අභිමුඛයේ සහභාගිකමේ ප්‍රීතිය දැරීමට” හැකි වන පරිදි, “සභාවේ සියලු ආත්මික ආශිර්වාදයන්” අගුලු හැරීමයි (18–19 පද). ගැලවුම්කරුවාණන්ගේ පූජකවරය ගැන අපට ඉගැන්වීමේදී, උන්වහන්සේ අපට තමන්වහන්සේ ගැනත්, අපට උන්වහන්සේ වෙතට පැමිණිය හැකි ආකාරය ගැනත් උගන්වනවා.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
ස්වාමින්වහන්සේ මාව සේවය කිරීමට කැඳවන විට, උන්වහන්සේ මට සහාය දක්වන සේක.
දහම සහ ගිවිසුම් 106 සහ 108 හි, ස්වාමින්වහන්සේගේ සභාවේ සේවය කිරීමට කැඳවනු ලැබූ සාමාජිකයින් දෙදෙනෙකුට උන්වහන්සේ විසින් උපදෙස් සහ පොරොන්දු ලබා දුන්නා. ඔබ උන්වහන්සේගේ උපදෙස් අධ්‍යයනය කරන විට, ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබට ඇති අවස්ථාවන් ගැන ඔබට සිතිය හැකිය—සමහරවිට ඔබේ දේවසේවයේ පැවරුමක්, සභාවේ කැඳවීමක්, ඔබේ පවුලේ වගකීම් හෝ යහපත කිරීමට ලැබෙන අධ්‍යාත්මික පෙළඹවීම් ගැන ඔබට සිතිය හැකිය.
ඔබට හැඟෙන ආකාරයට, මෙම එළිදරව් තුළ ස්වාමින්වහන්සේ ඔබට ලබාදෙන පණිවිඩය කුමක්ද? ඔබට විශේෂයෙන් අර්ථවත් ලෙස පෙනෙන වාක්‍ය ඛණ්ඩ මොනවාද? සලකා බැලිය යුතු ඒවා කිහිපයක් මෙන්න:
-
ස්වාමින්වහන්සේට සේවය කිරීම සඳහා, උන්වහන්සේ ඔබට “කරුණාවද [හෝ දිව්‍යමය උපකාර] තවද සුරක්ෂිතභාවයද” ලබා දී ඇත්තේ කවදාද? (දහම සහ ගිවිසුම් 106:8).
-
ඔබ සිතන ආකාරයට, “නුඹගේ සියලු ක්‍රියාකාරකම් වලදී” අන් අයව ශක්තිමත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (දහම සහ ගිවිසුම් 108:7).
ස්වාමින්වහන්සේට සේවය කිරීමට අවස්ථාවන් පිළිගැනීමට—ඔබේ පරම්පරාව හෝ අනාගතයේදී ඔබවම—දිරිගැන්වීම සඳහා ලිපියක් ලිවීම ගැන සලකා බලන්න. දහම සහ ගිවිසුම් 106 සහ 108 තුළින් සහ ඔබේම අත්දැකීම් වලින් ඔබ ඉගෙනගන්නා සත්‍යයන්, ඔබේ ලිපියට ඇතුළත් කරන්න.
දහම සහ ගිවිසුම් 107:1–4, 18–20
පූජකවරය “දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පිළිවෙලට අනුව” වේ.
ස්වාමින්වහන්සේ “පූජකවරය පිළිබඳ දෙනු ලැබූ එළිදරව්ව” (දහම සහ ගිවිසුම් 107, කොටස් ශීර්ෂය) ආරම්භ කරන්නේ, මෙල්කිසදෙක් පූජකවරයේ මුල් නම අපට උගන්වමින් ය (බලන්න 1–4 පද). ඔබ සිතන ආකාරයට, එය දැනගැනීම වැදගත් වන්නේ ඇයි? ඔබ පූජකවරය ගැන සිතන ආකාරයට, මෙම නම බලපාන්නේ කෙසේද?
ඔබ විශේෂයෙන් 18–20 පදවල පූජකවරය ගැන කියවන විට, මෙම සිතුවිලි මතකයේ තබා ගන්න. “ස්වර්ගයන් විවෘත වීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? “පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේද, තවද යේසුස්වහන්සේගේද, අභිමුඛයේ සහභාගිකමේ ප්‍රීතිය දැරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ගැලවුම්කරුවාණන්ගේ පූජකවර බලය සහ අධිකාරිය මගින් මේ සියල්ල ඔබට ලබා ගැනීමට සලස්වන්නේ කෙසේද?
තවත් බලන්න ඇල්මා 13:2, 16; දහම සහ ගිවිසුම් 84:19–27.
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පිහිටවූ ශුභාරංචිය තුළ ඉගැන්වීමට—ප්‍රතිපත්ති, ආඥා, අනාවැකි, සහ ශුද්ධලියවිලි කථා—වැනි බොහෝ දේවල් තිබේ. නමුත් මේ සියල්ල එකම ගසක අතු වේ, මන්දයත් මේ සියල්ලටම ඇත්තේ එකම අරමුණකි: ඒ තමයි සියලු මිනිසුන්ට ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට සහ උන්වහන්සේ තුළ පරිපූර්ණ වීමට උපකාර කිරීම (බලන්න යාරොම්1:11; මොරෝනි 10:32). එබැවින් ඔබ කුමක් උගන්වමින් සිටියත්, ඔබ සැබවින්ම උගන්වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ හා සමාන වන්නේ කෙසේද යන්න පිළිබඳව බව මතක තබා ගන්න” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 6). නිදසුනක් වශයෙන්, ඔබ දහම සහ ගිවිසුම් 107 තුළ පූජකවරය ගැන උගන්වන විට—සහ ඉගෙන ගන්නා විට—“අපි ගැලවුම්කරුවාණන් ගැන ඉගෙන ගන්නේ මොනවාද?” කියා නිතර නිතර අසන්න.
ස්වාමින්වහන්සේගේ සේවකයන්ව “නිර්භීත බවෙන්, ඇදහිල්ලෙන්, සහ සභාවේ යාච්ඤාව මගින් පිළිගනු ලැබෙන්නේය.”
ඔබ සිතන ආකාරයට, ඔබේ නිර්භීත බව මගින්? ඔබේ ඇදහිල්ලෙන්? ඔබේ යාච්ඤාවෙන්? ස්වාමින්වහන්සේගේ සේවකයන්ව පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
දහම සහ ගිවිසුම් 107:23–24, 33–35, 38, 91–92
අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දරති.
1835 දී, ජෝසෆ් ස්මිත් විසින් අලුතෙන් කැඳවනු ලැබු ප්‍රේරිතවරුන් දොළොස්-දෙනාගේ ගණපූරණය සමඟ 107 වෙනි කොටස බෙදාගත්තා (කොටස් ශීර්ෂය බලන්න). 23–24, 33–35, 38 පදවල ඔවුන්ගේ කැඳවීම ගැන ස්වාමින්වහන්සේ ඔවුන්ට ඉගැන්වූයේ මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජීවමාන ප්‍රේරිතවරුන්ගේ ඉගැන්වීම් මගින් සහ දේවසේවය මගින්, උන්වහන්සේ පිළිබඳ ඔබගේ සාක්ෂිය ශක්තිමත් වී ඇත්තේ කෙසේද?
91–92 පද තුළ, ස්වාමින්වහන්සේ තම ජ්‍යෙෂ්ඨ ප්‍රේරිතවරයා වන සභාවේ සභාපතිවරයා ගැන උගන්වනවා.
දහම සහ ගිවිසුම් 107:27–31, 85–89
ස්වාමින්වහන්සේ මන්ත්‍රණ සභා හරහා උන්වහන්සේගේ කාර්යය ඉටු කරගන්නා සේක.
දහම සහ ගිවිසුම් 107:27–31, 85–89 තුළ ස්වාමින්වහන්සේ මන්ත්‍රණ සභා ගැන ඉගැන්වූ දේවල් සැලකිල්ලට ගන්න. මන්ත්‍රණ සභා ඵලදායී කරන්නේ කොහොමද? ඔබගේ සභා කැඳවීමේදී, ඔබගේ නිවසේදී හෝ ඔබගේ වෙනත් වගකීම් වලදී මෙම මූලධර්ම ඔබට අදාළ කරගත හැක්කේ කෙසේද?
තවත් බලන්න ප්‍රධාන අත්පොත, 4.3–4.4, ශුභාරංචි පුස්තකාලය.
එකට එකතු වී උපදෙස් ලබාගන්නා ලෙස ස්වාමින්වහන්සේ පවුල් වලට ආරාධනා කරයි.
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පූජකත්ව බලය තුළින් මට ආශිර්වාද කරයි.
-
ඔබ සහ ඔබේ දරුවන් එකට එකතු වී දහම සහ ගිවිසුම් 107:18–19 කියවන විට, “සියලු ආත්මික ආශිර්වාද” යන වාක්‍ය ඛණ්ඩය අවධාරණය කරන්න. සමහරවිට ඔබට සහ ඔබේ දරුවන්ට පූජකවරයෙන් ලැබෙන ආශිර්වාද ලැයිස්තුගත කළ හැකිය. දිගම ලැයිස්තුව සෑදිය හැක්කේ කාටදැයි බැලීම සඳහා—ඔබට එය ක්‍රීඩාවක් ලෙස වුවද කළ හැකිය. ඔබේ දරුවන්ට මෙම ආශිර්වාද නියෝජනය කිරීමට පින්තූර ඇඳීමට හෝ ඒවා සොයා ගැනීමටද හැකිය (මෙම සතියේ ක්‍රියාකාරකම් පිටුව බලන්න). ඉන්පසු ඔබට පූජකවර නියෝග (බව්තීස්මය හෝ සක්‍රමේන්තුව වැනි) දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට අපට උපකාර වන ආකාරය ගැන කතා කළ හැකිය.
දහම සහ ගිවිසුම් 107:21–26, 33–35, 91–92
ස්වාමින්වහන්සේගේ තෝරාගත් සේවකයන් උන්වහ්ස්නේගේ සභාව මෙහෙයවයි.
-
ලියහෝනා සඟරාවේ සෑම ප්‍රධාන සම්මන්ත්රණ කලාපයකම ප්‍රධාන අධිකාරීවරුන්ගේ පින්තූර ඇතුළත් පිටුවක් ඇතුළත් වේ. ඔබ දහම සහ ගිවිසුම් 107:21–26, 33–35, 91–92 හි ඔවුන්ගේ වගකීම් ගැන කියවන විට, ඔබේ දරුවන් සමඟ මෙම පින්තූර දෙස බැලීම ගැන සලකා බලන්න. ස්වාමින්වහන්සේ ඔවුන්ට මෙම වගකීම් ලබා දීම ගැන ඔබ කෘතඥ වන්නේ මන්දැයි ඔබට සහ ඔබේ දරුවන්ට කතා කළ හැකිය.
-
සමහරවිට ඔබේ සෑම දරුවෙකුටම මෙම නායකයින්ගෙන් කෙනෙකු ගැන ඉගෙන ගෙන, ඔහු හෝ ඇය ගැන එකිනෙකාට ඉගැන්විය හැකිය. මෙම නායකයන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ සේවකයන් බව ඔබ දන්නා ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න.
-
එකට එකතු වී දහම සහ ගිවිසුම් 107:22 කියවීමෙන් පසු, ඔබට සහ ඔබේ දරුවන්ට පළමු සභාපතිත්වයේ පින්තූරයක් මාරුවෙන් මාරුවට ඔසවාගෙන සිටින අතරතුර, ස්වාමින්වහන්සේගේ සේවකයන් ලෙස ඔබට ඔවුන්ව ස්ථිර කළ හැකි ආකාර ගැන බෙදාගත හැකිය.
පළමු සභාපතිත්වය
මගේ ගිවිසුම් වලට අනුව ජීවත් වීමේදී මට සැලකිලිමත් විය හැකිය.
-
මෙම පදය පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීම සඳහා, හැලෙන්නේ නැතිව කෝප්පයක් පිරවීම වැනි, හොඳ සැලකිල්ලක් අවශ්‍ය වන දෙයක් කිරීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. අප සැලකිලිමත් නොවූ විට කුමක් සිදුවේද? ඉන්පසු ඔබට දහම සහ ගිවිසුම් 108:3 කියවා, ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප කුමන දේවල් සැලකිලිමත්ව කරනවාටදැයි සොයා බැලිය හකිය. අපි දෙවියන්වහන්සේ සමඟ තබන “පොරොන්දු” (හෝ ගිවිසුම්) මොනවාද? ඒවා තබා ගැනීම ගැන අපට වඩාත් සැලකිලිමත් විය හැක්කේ කෙසේද?
ප්‍රවේශමෙන් ජලය වත්කිරීම, ප්‍රවේශමෙන් අපගේ ගිවිසුම් තබාගැනීම හා සැසඳිය හැකිය.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.