Doctrine and Covenants 2025
නැවත පිහිටුවීමේ හඬවල්: සයොනයේ කඳවුර


“නැවත පිහිටුවීමේ හඬවල්: සයොනයේ කඳවුර,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“සයොනයේ කඳවුර,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

“නැවත පිහිටුවීමේ හඬවල් නිරූපකය

නැවත පිහිටුවීමේ හඬවල්

සයොනයේ කඳවුර

සයොනයේ කඳවුර මගින් කිසි දිනක ජැක්සන් ප්‍රාන්තයේ ඔවුන්ගේ ඉඩම්වලට ශුද්ධවන්තයින්ව නැවත යැවීම නොකළ නිසා, ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූ බව බොහෝ දෙනෙකුට හැඟුණා. කෙසේ වෙතත්, සයොනයේ කඳවුරට සහභාගී වූ බොහෝ දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් දෙස ආපසු හැරී බැලූ අතර, ස්වාමින්වහන්සේ ඔවුන්ගේ ජීවිතවල සහ උන්වහන්සේගේ රාජධානියේ උසස් අරමුණක් ඉටු කළ ආකාරය දුටුවා. මෙන්න ඔවුන්ගේ සාක්ෂි කිහිපයක්.

ජෝසෆ් ස්මිත්

One drawing in pencil, charcoal and ink on paper.  A left profile, head/shoulders portrait of Joseph Smith; drawn basically in charcoal, highlighted with white paint and black ink.  titled at bottom "Jospeh Smith the Prophet."  Signed at left shoulder "Drawn from the most authentic sources by Dan Weggeland"  A drawn border surrounds it.  No date apparent.

සයොනයේ කඳවුරෙන් වසර 40කට වැඩි කාලයකට පසු, එම කඳවුරේ සාමාජිකයෙකු වූ ජෝසෆ් යන්ග් විසින්, ජෝසෆ් ස්මිත් මෙසේ පැවසූ බව වාර්තා කළා:

“සහෝදරවරුනි, ඔබගෙන් සමහරෙක් මා සමඟ අමනාප වී සිටින්නේ ඔබ මිසුරි හිදී සටන් නොකළ නිසාය. නමුත් මම ඔබට කියන්නම්, ඔබ සටන් කරනවාට දෙවියන්වහන්සේ කැමති වුණේ නෑ. උන්වහන්සේ ඔවුන්ව, තම ජීවිත කැපකළ, එසේම ආබ්‍රහම් මෙන් විශාල කැප කිරීමක් කළ මිනිසුන්ගේ ශරීරයෙන් ලබාගැනීමෙන් මිස, ශුභාරංචියේ දොර පොළොවේ ජාතීන්ට විවෘත කිරීම සඳහා මිනිසුන් දොළොස්-දෙනෙක් සමඟත්, එමෙන්ම ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ මාර්ගය අනුගමනය කරන මිනිසුන් හැත්තෑ දෙනෙකු සමඟත් උන්වහන්සේගේ රාජධානිය උන්වහන්සේට සංවිධානය කළ නොහැකියි.

“දැන්, ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ දොළොස්දෙනා සහ උන්වහන්සේගේ හැත්තෑදෙනා ලැබී තිබෙනවා, එමෙන්ම එම පරිත්‍යාගය කරන තවත් හැත්තෑවරුන්ගේ ගණපූරණ කැඳවනු ලබනවා, එමෙන්ම ඔවුන්ගේ පරිත්‍යාගයන් සහ පිදුම් නොකළ අය දැන් මෙතැන් සිට ඒවා කරයි.”

බ්‍රිගම් යන්ග්

Photograph of Brigham Young in stately side pose.

“අපි මිසුරි වෙත පැමිණි විට ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ සේවක ජෝසෆ්ට කතා කොට, ‘මම ඔබේ පරිත්‍යාගය පිළිගත්තා’ යැයි පැවසූ අතර, අපට නැවත පැමිණීමේ වරප්‍රසාදය ලැබුණා. වැඩ කරන මිනිසුන්ව කැඳවා, මිසුරි වෙත යවා, පෙනෙන පරිදි කිසිවක් ඉටු කර නොගෙන ආපසු පැමිණීමෙන් ඇති ලාභය කුමක්ද කියා, මම ආපසු එන විට බොහෝ මිතුරන් මගෙන් ඇසුවා. ‘කවුද එයින් ප්‍රයෝජන ලැබුවේ?’ කියා ඔවුන් ඇසුවා. ‘ස්වාමින්වහන්සේ එය කරන ලෙස ආඥා කළා නම්, එසේ කිරීමට උන්වහන්සේගේ අරමුණ වුණේ කුමක්ද?’ … මට හොඳ වැටුපක් සමඟ විශාල පොලියක්ද ලැබුණු බවත්—එසේම, ඒ වැටුප මා මනින්නේ අනාගතවක්තෘවරයා සමඟ සංචාරය කිරීමෙන් ලැබුණු මා පිරී ඉතිරී ගිය දැනුමෙන් බවත් මම ඒ සහෝදරයන්ට කිව්වා.”

විල්ෆර්ඩ් වුඩ්‍රෆ්

Portrait of Wilford Woodruff. He is depicted wearing a black suit, vest and bow tie, seated in a red chair and resting one arm on the arm rest and the other on a table.

“මම දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරයා සමඟ සයොනයේ කඳවුරේ සිටියා. දෙවියන්වහන්සේ ඔහු සමඟ කරන ගනුදෙනු මම දැක්කා. ඔහු සමඟ තිබූ දෙවියන්වහන්සේගේ බලය මම දැක්කා. ඔහු අනාගතවක්තෘවරයෙකු බව මම දැක්කා. එම ධර්මදූත සේවය මත දෙවියන්වහන්සේගේ බලයෙන් ඔහුට ප්‍රකාශ වූ දෙය මට සහ ඔහුගේ උපදෙස් ලබා ගත් සියල්ලන්ටම ඉතා වැදගත් වුණා.”

“සයොනයේ කඳවුරේ සාමාජිකයන්ව කැඳවූ විට අපගෙන් බොහෝ දෙනෙක් එකිනෙකාගේ මුහුණු දැක තිබුණේ නෑ; අපි එකිනෙකාට ආගන්තුකයන් වූ අතර බොහෝ දෙනෙක් අනාගතවක්තෘවරයාව දැක තිබුණේ නෑ. පෙරනයක් තුළ බඩ ඉරිඟු පෙරනවා වගේ, අපි රට පුරා විසිරිලා සිටියා. අපි තරුණයන් වූ අතර, එම දිනයේ පෙරට ගොස් සයොනය මුදවා ගන්නට අපව කැඳවා තිබුණා, ඒවගේම අප කළ යුතු දේ ඇදහිල්ලෙන් කළ යුතුව තිබුණා. දෙවියන්වහන්සේ අපට දුන් ආඥාව ඉටු කිරීම සඳහා, අපි විවිධ ප්‍රාන්තවලින් කර්ට්ලන්ඩ් හි රැස් වී සයොනය මුදා ගැනීමට ඉදිරියට ගියා. දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ කාර්යය පිලිගත්තා මෙන්, අපගේ කාර්යයත් පිළිගත්තා. ඇදහිල්ල අත්හළ අය සහ නොඇදහිලිවන්තයන් බොහෝ විට ‘ඔබ කළේ කුමක්ද?’ යන ප්‍රශ්නය ඇසුවත්, අපි විශාල කාරණයක් ඉටු කළා. අපට කිසිදාක වෙනත් ආකාරයකින් ලබා ගත නොහැකි අත්දැකීමක් අපි ලබා ගත්තා. අනාගතවක්තෘවරයාගේ මුහුණ බැලීමේ වරප්‍රසාදය අපට හිමි වූ අතර, ඔහු සමඟ සැතපුම් දහස් ගණනක් ගමන් කිරීමටත්, ඔහු සමඟ දෙවියන්වහන්සේගේ ආත්මයේ ක්‍රියා දැකීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔහුට දුන් එළිදරව් සහ ඒවා ඉටුවීම දැකීමේ වරප්‍රසාදයත් අපට හිමි වුණා. එමෙන්ම ඔහු එම දිනයේදී ජාතිය පුරා සිටින වැඩිහිටියන් දෙසියයක් පමණ එක්රැස් කර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා අපව ලෝකයට යැව්වා. මම සයොනයේ කඳවුර සමඟ නොගියේ නම්, මම අද මෙහි නොසිටින්නට තිබුණා [සෝල්ට් ලේක් නගරයේ, දොළොස්දෙනාගේ ගණපූරණයේ සේවය කරමින්]. … එහි යාමෙන් අපව ශුභාරංචිය දේශනා කිරීම සඳහා මිදි වත්තට තල්ලු කරනු ලැබූ අතර, ස්වාමින්වහන්සේ අපගේ ශ්‍රමය පිළිගත්තා. ඒවගේම අපගේ සියලු ශ්‍රමය සහ පීඩාවන් වලදී, අපගේ ජීවිත බොහෝ විට පරදුවට තබා ඇති බැවින්, අපට ඇදහිල්ලෙන් යුතුව වැඩ කිරීමට සහ ජීවත් වීමට සිදු වුණා.”

“සයොනයේ කඳවුරේ සංචාරය කිරීමෙන් [අපි] ලබාගත් අත්දැකීම රත්තරන් වලට වඩා වටිනවා.”

සටහන්

  1. In Joseph Young Sr., History of the Organization of the Seventies (1878), 14.

  2. “Discourse,” Deseret News, Dec. 3, 1862, 177.

  3. In Conference Report, Apr. 1898, 29–30; see also Teachings of Presidents of the Church: Wilford Woodruff (2004), 135.

  4. “Discourse,” Deseret News, Dec. 22, 1869, 543; see also Teachings: Wilford Woodruff, 138.

  5. Deseret News: Semi-Weekly, July 27, 1880, 2; see also Teachings: Wilford Woodruff, 138.