“සැප්තැම්බර් 15–21: ‘මහත් පීඩා වලින් පසු, … ආශිර්වාදයන් පැමිණෙන්නේය’: දහම සහ ගිවිසුම් 102–105,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 102–105,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
සී.සී.ඒ. ක්‍රිස්ටෙන්සන් (1831–1912), Zion’s Cam [සයොනයේ කඳවුර], c. 1878, මස්ලින් මත සායම්, අඟල් 78 x 114. මුනුබුරු මිනිබිරියන්ගේ ත්‍යාගය. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, සී.සී.ඒ ක්‍රිස්ටෙන්සන් 1970.
සැප්තැම්බර් 15–21: “මහත් පීඩා වලින් පසු, … ආශිර්වාදයන් පැමිණෙන්නේය”
දහම සහ ගිවිසුම් 102–105
මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයේ සිටින සහෝදර සහෝදරියන්ව ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හරින බව ඇසීමෙන්, කර්ට්ලන්ඩ් හි ශුද්ධවන්තයින්ගේ හදවත් කම්පා වුණා. “සයොනයේ මිදීම, පැමිණිය යුතු වන්නේ බලයෙන් බව” (දහම සහ ගිවිසුම් 103:15) ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ විට, එය නිසැකවම ඔවුන්ව දිරිමත් කරන්නට ඇති. ඔවුන්ගේ හදවත් තුළ එම පොරොන්දුව තබාගනිමින්, පිරිමින් 200 කට අධික පිරිසක් සහ කාන්තාවන් 25 දෙනෙකු පමණ සහ ළමුන්, ඔවුන් පසුව සයොනයේ කඳවුර ලෙසින් හැඳින්වූ ඉශ්‍රායෙල් කඳවුරට එකතු වුණා. එහි මෙහෙවර වූයේ මිසුරි වෙත ගමන් කර, සයොනය මුදා ගැනීමයි.
මෙම කඳවුරේ සමාජිකයින්ට, සයොනය මුදාගැනීම යන්නෙන් අදහස් කළේ ශුද්ධවන්තයින්ට ඔවුන්ගේ දේශය නැවත ලබා දීමයි. නමුත් ඔවුන් ජැක්සන් ප්‍රාන්තයට පැමිණීමට පෙර, සයොන කඳවුර විසුරුවා හරින ලෙස ස්වාමින්වහන්සේ ජෝසෆ් ස්මිත්ට පැවසුවා. කඳවුරේ සිටි සමහර සාමාජිකයන් ව්‍යාකූල වී කලබල වුණා; ගවේෂණය අසාර්ථක වී, ස්වාමින්වහන්සේගේ පොරොන්දු ඉටු නොවූ බවක් පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත්, අනෙක් අය එය වෙනස් ලෙස දුටුවා. පිටුවහල් කරන ලද ශුද්ධවන්තයින්ට ඔවුන්ගේ ඉඩම් සහ නිවාස ආපසු නොලැබුණත්, එම අත්දැකීම මගින් සයොනය වෙත “මිදීමේ” යම් ආකාරයක් ගෙන ආ අතර, එය “බලයෙන් යුතුව පැමිණියා.” සයොනයේ කඳවුරේ ඇදහිලිවන්ත සාමාජිකයන්, පසුව සභාවේ නායකයන් බවට පත් වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, මෙම අත්දැකීම මගින් ජෝසෆ් ස්මිත්ගේ දිව්‍යමය කැඳවීම තුළ දෙවියන්වහන්සේගේ බලය ගැනත්, එමෙන්ම සයොනය—සයොනය යන ස්ථානය පමණක් නොවේ දෙවියන්වහන්සේගේ ජනතාව යන සයොනය ගැනත්, ඔවුන්ගේ ඇදහිල්ල වැඩි වූ බව සාක්ෂි දැරුවා. බැලූ බැල්මට අසාර්ථක යැයි පෙනෙන මෙම කාර්යයේ වටිනාකම ප්‍රශ්න කරනවාට වඩා, අපට සියල්ල නොතේරෙන විට පවා, සැබෑ කාර්යය වන්නේ ගැලවුම්කරුවාණන්ව අනුගමනය කිරීම බව ඔවුහු ඉගෙන ගෙන තිබුණා. අවසානයේ සයොනය මුදවනු ලබන්නේ මෙලෙසයි.
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
සාමාජික මන්ත්‍රණ සභාවල අරමුණ කුමක්ද?
102 වෙනි කොටසේ, සභාවේ පළමු උසස් මන්ත්‍රණ සභාව සංවිධානය කෙරුණු, ඔහායෝ, කර්ට්ලන්ඩ් හි රැස්වීම් වාර්තා ඇතුළත් කර තිබෙනවා. 12–23 පද තුළ, බරපතල වැරදි කළ අය සඳහා සාමාජික මන්ත්‍රණ සභා පැවැත්වීමේදී, උසස් මන්ත්‍රණ සභා අනුගමනය කරන ක්‍රියා පටිපාටි ස්වාමින්වහන්සේ විසින් විස්තර කරනවා.
සභාපති එම්. රසල් බැලර්ඩ් මෙසේ ඉගැන්වුවා:“සභාව විසින් [සාමාජික] මන්ත්‍රණ සභා පවත්වන්නේ මන්දැයි යම් අවස්ථා වලදී සාමාජිකයන් අසනවා. ඒ අරමුණට කොටස් තුනක් තිබෙනවා: වරදකරුගේ ප්‍රාණය බේරා ගැනීම, අහිංසකයන් ආරක්ෂා කිරීම සහ සභාවේ පවිත්‍රබව, අවංකකම සහ හොඳ නම ආරක්ෂා කිරීම” (“A Chance to Start Over: Church Disciplinary Councils and the Restoration of Blessings,” Ensign, Sept. 1990, 15).
දහම සහ ගිවිසුම් 103:1–12, 36; 105:1–19
සයොනය ගොඩනැගිය හැක්කේ ධර්මිෂ්ඨකමේ මූලධර්ම මත පමණි.
ශුද්ධවන්තයින්ට මිසුරි හි ඔවුන්ගේ පොරොන්දු දේශය අහිමි වූයේ ඇයි? එහි බොහෝ හේතු තිබෙන්නට ඇත—අඩුම තරමින් ඒ එකක් තමයි, ස්වාමින්වහන්සේ පැවසූ ආකාරයට “මාගේ ජනතාවගේ වරදට පත්වීම්.” එසේ නොවුණා නම්, සයොනය “මුදවනු ලබා තිබෙන්නේය” (දහම සහ ගිවිසුම් 105:2). ඔබ දහම සහ ගිවිසුම් 103:1–12, 36; 105:1–19 කියවන විට, මිසුරි හි සයොනය පිහිටුවීමට බාධා කළ සමහර දේවල් සහ උපකාර කරන්නට තිබුණු වෙනත් දේවල් ඔබට පෙනෙනු ඇත. ඔබ ඉගෙනගන්නා දේවල් වලින්, ඔබේ හදවත තුළ, නිවස තුළ සහ ප්‍රජාව තුළ සයොනය පිහිටුවීමට ඔබට උපකාර කළ හැකි දේවල් මොනවාද?
දහම සහ ගිවිසුම්103:12–13, 36; 105:1–6, 9–19
ආශිර්වාද පැමිණෙන්නේ ඇදහිල්ලේ පරීක්ෂාවලින් පසුවය.
බොහෝ ආකාරවලින්, සයොනයේ කඳවුරට සහභාගි වීම ඇදහිල්ලේ පරීක්ෂණයක් වුණා. ගමන දිගු වුණා, කාලගුණය උණුසුම් වුණා, ඒවගේම සමහර විට ආහාර සහ ජලය හිඟ වුණා. ඔවුන් විඳදරාගත් සියල්ලට පසුවත්, ශුද්ධවන්තයින්ව නැවත ඔවුන්ගේ දේශයට ගෙන ඒමට සයොනයේ කඳවුර අසාර්ථක වුණා. ඔහුගේ හෝ ඇයගේ අත්දැකීම නිසා තම ඇදහිල්ල කැළඹීමකට ලක් වී තිබෙන, ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ සයොනයේ කඳවුරේ සාමාජිකයෙකුට ලිපියක් ලිවීමට ඔබට අවස්ථාවක් ලැබී ඇතැයි සිතන්න. මෙම පුද්ගලයාව දිරිමත් කිරීමට ඔබට කුමක් කිව හැකිද? දහම සහ ගිවිසුම් 103:5–7, 12–13, 36; 105:1–6, 9–19 හි ඔබ සොයා ගන්නා, ඒ සඳහා උදව් කළ හැකි සත්‍යයන් මොනවා ද?
ඉන්පසු ඔබට සයොනයේ කඳවුරට සමාන නමුත් නවීන උදාහරණයක් ගැන සිතිය හැකිය—එනම් වෙහෙස මහන්සි වී වැඩ කරන ධර්මදූතයෙකු, ඔහු හෝ ඇය කොතරම් උත්සහ කළත් කිසිවෙකු සභාවට සම්බන්ධ නොවන අවස්ථාවක් වැනි උදාහරණයක් ගැන සිතිය හැකිය. ඔහුගේ හෝ ඇයගේ ධර්මදූත සේවය තවමත් සාර්ථක බව දැකීමට, ඔබ අධ්‍යයනය කර ඇති දේ මත පදනම්ව, ඔබ එම ධර්මදූතවරයාට උපකාර කරන්නේ කෙසේද?
“බොහෝ පීඩාවලින් පසුව” ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇත්තේ කෙසේද? (දහම සහ ගිවිසුම් 103:12).
තවත් බලන්න 1 නෙපී 11:16–17; ඇල්මා 7:11–12; දහම සහ ගිවිසුම් 6:33–36; 84:88; 101:35–36.
එළිදරව් වල ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් සූදානම් වන්න. දහම සහ ගිවිසුම් හි ඇති එළිදරව් කිරීම් වල සැකසුම අවබෝධ කර ගැනීමෙන්, ඒවා මගින් උගන්වන මූලධර්ම තේරුම් ගැනීමට සහ ඒවා අදාළ කර ගැනීමට ඔබට උපකාර වනු ඇත. එන්න, මා අනුගමනය කරන්න මෙම සම්පත් බොහොමයකට සබැඳි සපයයි.
ඉශ්‍රායෙල් කඳවුර, ලිට්ල් ෆිෂින් රිවර් යන කුඩා ගං ඉවුර දිගේ කඳවුරු බැඳගත්තා.
පරීක්ෂණ ලැබීමේ අරමුණ කුමක්ද?
පරීක්ෂාවල අරමුණ ගැන වැඩිහිටි ඕර්සන් එෆ්. විට්නිගේ උපදෙස සලකා බලන්න: “අපි දුක් විඳින කිසිම වේදනාවක්, අප අත්විඳින කිසිම අභියෝගයක් අපතේ යන්නේ නැහැ. එය අපගේ අධ්‍යාපනයට සහ ඉවසීම, ඇදහිල්ල, ධෛර්යය සහ නිහතමානිකම වැනි ගුණාංග වර්ධනය කිරීමට උදව් කරනවා. අප දුක් විඳින සියල්ල සහ අප විඳදරාගන්නා සියල්ල, විශේෂයෙන් අපි එය ඉවසිලිවන්තව විඳදරාගත් විට, අපගේ චරිත ගොඩනගා, අපගේ හදවත් පිරිසිඳු කර, අපගේ ප්‍රාණයන් පුළුල් කර, සහ අපව වඩාත් මුදු මොළොක් හා ප්‍රේමනීය කර, දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස හැඳින්වීමට වඩාත් සුදුසු කරනවා … එමෙන්ම අප මෙහි පැමිණ තිබීමේ අරමුණ වන අධ්‍යාපනය ලබා ගන්නේ සහ ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්සේට සහ මවට සමාන වෙන්නේ, ශෝකය සහ දුක් වේදනා, වෙහෙස සහ පීඩාවන් තුළින්” (in Spencer W. Kimball, Faith Precedes the Miracle [1972], 98).
දහම සහ ගිවිසුම් 104:11–18, 78–83
ස්වාමින්වහන්සේ මාව “පොළොවේ ආශිර්වාදයන් සඳහා භාරකරුවෙකු” බවට පත්කර තිබෙනවා.
මිසුරි හි ඇති වූ අභියෝග වලට අමතරව, 1834 දී සභාව අධික ණය සහ වියදම් ඇතුළු, මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන්නා. 104 වෙනි කොටසෙ හි සභාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව ස්වාමින්වහන්සේ උපදෙස් ලබා දුන්නා. 11–18 සහ 78–83 පද තුළ ඇති මූලධර්ම ඔබේ මූල්‍ය තීරණ සඳහා ඔබට යොදාගත හැක්කේ කෙසේද?
Treasure in Heaven: The John Tanner Story
The Labor of His Hands
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
යේසුස්වහන්සේව අනුගමනය කිරීමෙන් මට “ලෝකයට ආලෝකයක්” විය හැකිය.
-
ඔබ දහම සහ ගිවිසුම් 103:9 කියවන අතරතුර විදුලි බුබුලක, ඉටිපන්දමක හෝ වෙනත් ආලෝක ප්‍රභවයක පින්තූර ඔසවා තබාගෙන සිටින ලෙස ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. අපි යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට, අපට අන් අයට ආලෝකයක් මෙන් විය හැක්කේ කෙසේද?
මම යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුගමනය කරන විට මට අන් අයට ආලෝකයක් මෙන් විය හැකිය.
ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ, මම මා සතුව ඇති දේ අවශ්‍යතා ඇති මිනිසුන් සමඟ බෙදා ගැනීමය.
-
දෙවියන්වහන්සේ ඔබේ දරුවන්ට ලබා දී ඇති (ආහාර, ඇඳුම් පැළඳුම්, කුසලතා, ඇදහිල්ල සහ නිවස වැනි) ආශිර්වාද ලැයිස්තුවක් සෑදීමට ඔබේ දරුවන්ට මිනිත්තු කිහිපයක් ලබා දීමට ඔබට අවශ්‍ය විය හැකිය. ඔවුන්ට හැකි තරම් ඒවා ලැයිස්තුගත කිරීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 104:13–18 කියවමින්, මෙවැනි ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය හැකිය: මේ සියල්ලේ සැබෑ හිමිකරු කවුද? උන්වහන්සේට අවශ්‍ය, අපි මේ දේවල් වලට මොනවා කරනවාටද? ඔබට සහ ඔබේ දරුවන්ට යමෙකු ඔබට අවශ්‍ය දෙයක් ලබා දුන් අවස්ථා වල අත්දැකීම් බෙදා ගත හැකිය.
2:8The Coat
මම ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින විට උන්වහන්සේ මට ආශිර්වාද කරන සේක.
-
104 වෙනි කොටසේ කිහිප වතාවක්ම ස්වාමින්වහන්සේගේ ආඥාවලට ඇදහිලිවන්තව කීකරු වන පුද්ගලයින්ට උන්වහන්සේ විසින් “බොහෝ ආශිර්වාද” පොරොන්දු වෙනවා. “බොහෝ” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට රවුමක් ඇඳ, පසුව එය රවුම් දෙකක්, පසුව හතරක්, පසුව අටක්, පසුව දහසයක්, සහ යනාදි ලෙස වැඩි කරමින් අඳින ලෙස ඔබේ දරුවන්ට පැවසිය හැකිය. ඔබ රවුම් එකතු කරන සෑම අවස්ථාවකම, ස්වර්ගික පියාණන්වහන්සේ ඔබේ දරුවන්ට දී ඇති ආශිර්වාදයක් ගැන සිතීමට ඔවුන්ට උපකාර කරන්න.
මට සාමය ඇති කරන්නෙකු විය හැකිය.
-
ඔබට දහම සහ ගිවිසුම් 105:38–40 කියවා “සාමය” යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම නැගී සිටින ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. අකාරුණික වන පුද්ගලයින් සමඟ එම ශුද්ධවන්තයින් සාමය ඇති කරගැනීම, ස්වාමින්වහන්සේට අවශ්‍ය වූ බව පැහැදිලි කරන්න. සාමය ඇති කරන්නන් වීමට ඔවුන්ට කළ හැකි දේවල් ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න, ඒ යම් යම් අවස්ථා රඟ දැක්වීමට ඔවුන්ට ආරාධනා කරන්න.
The Camp of Israel
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.