Doctrine and Covenants 2025
සැප්තැම්බර් 8–14: “නොසැලී සිට තවද එනම් මම දෙවියන්වහන්සේ බව දැනගන්න”: දහම සහ ගිවිසුම් 98–101


“සැප්තැම්බර් 8–14: ‘නොසැලී සිට තවද එනම් මම දෙවියන්වහන්සේ බව දැනගන්න’: දහම සහ ගිවිසුම් 98–101,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 98–101,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

මැර කල්ලි විසින් මිසුරි හි ශුද්ධවන්තයින්ට පහරදෙමින්

සී.සී.ඒ. ක්‍රිස්ටෙන්සන් (1831–1912), Saints Driven from Jackson County Missouri [මිසුරි හි ජැක්සන් ප්‍රාන්තයෙන් පන්නා දැමූ ශුද්ධවන්තයින්], c. 1878, මස්ලින් මත සායම්, අඟල් 77 ¼ x 113. බ්‍රිගම් යන්ග් විශ්ව විද්‍යාලයේ කලා කෞතුකාගාරය, සී.සී.ඒ. ක්‍රිස්ටෙන්සන්ගේ මුනුපුරු මිනිපිරියන්ගේ ත්‍යාගය. 1970.

සැප්තැම්බර් 8–14: “නොසැලී සිට තවද එනම් මම දෙවියන්වහන්සේ බව දැනගන්න”

දහම සහ ගිවිසුම් 98–101

1830 ගණන්වල සිටි ශුද්ධවන්තයින් සඳහා, මිසුරි, ඉන්ඩිපෙන්ඩන්ස් යනු වචනාර්ථයෙන්ම පොරොන්දු වූ දේශය වුණා. එය සයොනයෙහි “කේන්ද්‍රීය ස්ථානය” (දහම සහ ගිවිසුම් 57:3)—පොළොවේ ඇති දෙවියන්වහන්සේගේ නගරය වුණා—එසේම ශුද්ධවන්තයින්ගේ මෙම එක්රැස්වීම දෙවන පැමිණීමට උද්වේගකර පූර්විකාවක් වුණා. නමුත් එම ප්‍රදේශයේ සිටි ඔවුන්ගේ අසල්වැසියන් ඒ දේවල් දුටුවේ වෙනස් ආකාරයකටයි. දෙවියන්වහන්සේ විසින් මෙම ශුද්ධවන්තයින්ට මෙම ඉඩම ලබා දී ඇති බවට කරන ප්‍රකාශයට ඔවුහු විරුද්ධ වුණා, ඒවගේම නුහුරු නුපුරුදු බොහෝ මිනිසුන් ඉතා ඉක්මණින් පැමිණීමේ දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රතිවිපාක ගැන ඔවුන් අපහසුතාවයට පත්වුණා. එම අසහනය, ඉක්මනින්ම පීඩා සහ ප්‍රචණ්ඩත්වය බවට පත්වුණා. 1833 දී සභාවේ මුද්‍රණාලය විනාශ වූ අතර, ශුද්ධවන්තයින්ව ඔවුන්ගේ නිවෙස්වලින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුවා.

ජෝසෆ් ස්මිත් සිටියේ කර්ට්ලන්ඩ් නගරයට සැතපුම් 800 කට වඩා දුරින් වූ අතර, මෙම පුවත ඔහු වෙත ළඟා වීමට සති කිහිපයක් ගතවුණා. නමුත් සිදුවන්නේ කුමක්ද කියා ස්වාමින්වහන්සේ දැන සිටි අතර, මෙම ශුද්ධවන්තයින්ව සනසන සාමයේ සහ දිරිගැන්වීමේ මූලධර්ම උන්වහන්සේ තම අනාගතවක්තෘවරයාට හෙළි කළා – අප පීඩාවලට මුහුණ දෙන විට, අපගේ ධර්මිෂ්ඨ ආශාවන් ඉටු නොවන විට, නැතිනම් අපගේ දෛනික දුක් ගැහැට අවසානයේ කෙසේ හෝ “[අපගේ] යහපත උදෙසා ක්‍රියා කරන” බවට මතක් කිරීමක් අවශ්‍ය වූ විට එම මූලධර්ම අපට උදව් කරනවා (දහම සහ ගිවිසුම් 98:3).

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 98:1–3, 11–14, 22; 101:1–16, 22–31, 36

සෙමනේරි නිරූපකය
මගේ අභියෝග මගේ යහපත සඳහා හේතු විය හැකිය.

අපගේ ජීවිතයේ සමහර අභියෝග පැමිණෙන්නේ අපගේම තේරීම් නිසයි. අනෙක් ඒවා අන් අයගේ තේරීම් නිසා ඇතිවෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ලෞකිකත්වයේ කොටසක් වන දේවල් ද සිදුවෙනවා. හේතුව කුමක් වුවත්, අප දෙවියන්වහන්සේ වෙතට හැරෙන විට, දිව්‍ය අරමුණු ඉටු කිරීමට, විපත්තිවලට උපකාර වෙන්න පුළුවන්.

1833 දී මිසුරි හි සිටි ශුද්ධවන්තයින්ට මෙය සත්‍යයක් වූ අතර, එය අද අපටත් සත්‍යයක් වෙනවා. දහම සහ ගිවිසුම් 98 සහ 101 හි ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට පැවසූ දේ ගැන ඔබ කියවන විට, ඔබට තිබිය හැකි විවිධ අභියෝග හෝ දුෂ්කරතා සඳහා උන්වහන්සේගේ පණිවිඩය අදාළ වන්නේ කෙසේදැයි සිතා බලන්න. ඔබට උපකාර කිරීමට ප්‍රශ්න සහ සම්පත් කිහිපයක් මෙන්න.

ඔබගේ අභියෝග පහත දේවල් වල ප්‍රතිඵලයක් නම්:

  • පුද්ගලික තේරීම්: දහම සහ ගිවිසුම් 98:11–12; 101:1–9 තුළ ඔබ සොයාගන්නා උපදෙස් සහ පොරොන්දු මොනවාද? ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන මෙම පදවලින් ඔබ ඉගෙනගන්නා දේවල් මොනවාද? ඔබට සිතෙන ආකාරයට දෙවියන්වහන්සේ කැමති ඔබ කුමක් කරනවාටද?

  • අනෙක් අයගේ තේරීම්: දහම සහ ගිවිසුම් 98:1–3, 22; 101:10–16, 22 තුළ ඔබ සොයාගන්නා සැනසීම කුමක්ද? ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අපි අපයෝජනයට, හිරිහැරයට හෝ ප්‍රචණ්ඩත්වයට කෙසේ ප්‍රතිචාර දක්වනවාටද? ස්වාමින්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ආකාරය ගැන මෙම පදවලින් උගන්වන්නේ කුමක්ද?

  • ලෞකිකත්වයේ දුෂ්කරතා: දහම සහ ගිවිසුම් 98:1–3; 101:22–31, 36 වෙතින් ඔබ ලබාගන්නා දෘෂ්ටිකෝණය කුමක්ද? ඔබේ අභියෝග වලින් ඔබ ඉගෙන ගන්නේ කුමක්ද? දෙවියන්වහන්සේගේ උපකාරය ලබාගැනීමට ඔබ කරන්නේ කුමක්ද? උන්වහන්සේ ඔබට උදව් කරන්නේ කෙසේද?

“නුඹලා පීඩාවට පත්කොට ඇති සියලු දේවල් නුඹලාගේ යහපත උදෙසා එක්ව ක්‍රියාකරන්නට” (දහම සහ ගිවිසුම් 98:3) දෙවියන්වහන්සේට හැකිවන්නේ කෙසේදැයි ඉගෙනගැනීම සඳහා වැඩිහිටි ඇන්තනි ඩී. පර්කින්ස්ගේ “අහෝ අප දෙවියන්වහන්ස, ඔබේ දුක් විඳින ශුද්ධවන්තයින්ව සිහිකරන්න” (ලියහෝනා, නොවැ. 2021, 103–5) යන පණිවිඩය අධ්‍යයනය කිරීම ගැන සලකා බලන්න. ගැලවුම්කරුවාණන් ඔබට ආරාධනා කරන්නේ ඔබගේ අභියෝග දෙස කෙසේ බැලීමටද කියා තේරුම්කරන ඡේදය සොයාගැනීමට ඔබට ඔහුගේ පණිවිඩය උවමනාවෙන් කියවිය හැකිය. ඔබගේ යහපත සඳහා හෝ දෙවියන්වහන්සේගේ අරමුණු ඉටු කරගැනීම සඳහා, ඔබගේ අභියෝග හේතු වී ඇති ආකාර මොනවාද?

තවත් බලන්න රෝම 8:28; 2 නෙපී 2:2; දහම සහ ගිවිසුම් 90:24.

2:40

Trial of Adversity

4:17

Feeling the Lord's Love and Goodness in Trials

5:2

The Refiner's Fire

දහම සහ ගිවිසුම් 98:23–48

ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මා උන්වහන්සේගේ මාර්ගයෙහි සාමය සෙවීමයි.

සභාපති රසල් එම්. නෙල්සන් මෙසේ ඉගැන්වුවා: “යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් මුළු ලෝකයටම ආදර්ශයක් තැබිය යුතුය. දැනට ඔබගේ හදවත් තුළ සහ ඔබේ ජීවිතය තුළ ඇවිලී ඇති පුද්ගලික ගැටුම් අවසන් කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි” (“ආත්මික ගම්‍යතාවයේ බලය,” ලියහෝනා, මැයි 2022, 97).

දහම සහ ගිවිසුම් 98:23–48 හි ඇති සියල්ල අන් අය සමඟ ඔබේ පුද්ගලික අන්තර්ක්‍රියාවලට අදාළ නොවන අතර, ඔබේ ජීවිතයේ පුද්ගලික ගැටුම් අවසන් කිරීමට ඔබට මගපෙන්වන, ඔබ සොයාගන්නා මූලධර්ම මොනවාද?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවම

හෙයින්‍රිච් හොෆ්මන් විසින්, Christ and the Rich Young Ruler [ක්‍රිස්තුස්වහන්සේ සහ පොහොසත් තරුණ පාලකයා]

දහම සහ ගිවිසුම් 99–100

ස්වාමින්වහන්සේට සේවය කරන පුද්ගලයින්ව උන්වහන්සේ රැක බලාගන්නා සේක.

99 සහ 100 වෙනි කොටස්වල ඇති එළිදරව් ලබා දී ඇත්තේ, වැදගත් සභා වගකීම් ඇති නමුත්, ඔවුන්ගේ පවුල් ගැන කනස්සල්ලෙන් සිටි පුද්ගලයින්ටයි. ඔබ මෙම එළිදරව් වලින් සොයා ගත්, ඔවුන්ට උපකාරවත් වෙන්නට ඇති දේවල් මොනවාද? මෙම එළිදරව් තුළ, ඔබ වෙනුවෙන් ස්වාමින්වහන්සේ දී ඇති පණිවිඩය කුමක්ද?

දහම සහ ගිවිසුම් 101:43–65

දෙවියන්වහන්සේගේ උපදෙස් පිළිපැදීම මගේ ආරක්ෂාවට උපකාර කරයි.

ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ව සයොනයෙන් පලවා හැරීමට ඉඩදුන් හේතුව, දහම සහ ගිවිසුම් 101:43–62 තුළ ඇති උපමාව මගින් පැහැදිලි කරනවා. ඔබ මෙම පද කියවන විට, ඔබ එම උපමාවේ සඳහන් සේවකයන් හා සමාන වන ආකාරය ඔබට පෙනෙනවාද? “[ඔබේ] ගැලවීම උදෙසා සුදුසු මාර්ගයට මගපෙන්වනු ලැබීමට [ඔබ] කැමති” බව ඔබ දෙවියන්වහන්සේට පෙන්වන්නේ කෙසේද? (බලන්න 63–65 පද).

වාර්තා හෝ උපමා රඟ දක්වන්න. ශුද්ධලියවිලි වල ඇති කතාන්දර හෝ උපමා වල විස්තර කරන පුද්ගලයින්ගේ තත්වයට ගොස් අපි ඒ දෙස බලන්නේ නම්, ඒවා වලින් ඉගෙනගැනීම සහ ඒවා අදාළ කරගැනීමට සමහර වෙලාවට පහසුයි. ඔබ දහම සහ ගිවිසුම් 101:43–62 උගන්වන්නේ නම්, යමෙකු එම උපමාව ශබ්ද නගා කියවන විට, එය රඟ දැක්වීමට ඔබට ඉගෙන ගන්නන්ට ආරාධනා කළ හැකිය. එම වචන වලට ක්‍රියාවන් එකතු කිරීමෙන් ඔබ ලැබූ අවබෝධය කුමක්ද?

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 03

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 98:1–3

මගේ පරීක්ෂාවන් ආශිර්වාද බවට පත්කිරීමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පුළුවන්.

  • ඔබගේ දරුවන්ගේ සම වයසේ දරුවන් මුහුණ දෙන අභියෝග කිහිපයක් ගැන ඔබේ දරුවන්ගෙන් විමසීමෙන් ඔබට සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය. ඉන්පසු ඔබට එකට එකතු වී දහම සහ ගිවිසුම් 98:1–3 කියවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අභියෝග, ආශිර්වාද බවට පත් කළ හැකි ආකාරය ගැන කතා කළ හැකිය. උන්වහන්සේ ඔබේ අභියෝග, ආශිර්වාද බවට පත් කළ ආකාරය පිළිබඳ උදාහරණ ඔබට ඔබේ දරුවන් සමඟ බෙදා ගත හැකිය.

දහම සහ ගිවිසුම් 98:39–40

සමාව දීමට ගැලවුම්කරුවාණන් මට උදව් කරනවා.

සටහන: සමාව දීමේ වැදගත්කම ගැන ඔබ ඔබේ දරුවන්ට උගන්වද්දී, යමෙකු ඔවුන්ට රිදවන්නේ නම්, ඔවුන් සැමවිටම විශ්වාසවන්ත වැඩිහිටියෙකුට ඒ ගැන පැවසිය යුතු බවද ඔවුන්ට තේරුම් කරන්න.

  • ඔබට සහ ඔබේ දරුවන්ට යමෙකුට සමාව දීමට අවශ්‍ය අවස්ථාවක් ගැන සහ ගැලවුම්කරුවාණන් ඒ සඳහා ඔබට උපකාර කළ ආකාරය ගැන කතා කළ හැකිය.

  • ඔබට ඔබේ දරුවන්ට ප්‍රීතිමත් මුහුණක සහ දුක්බර මුහුණක පින්තූර පෙන්විය හැකිය. යමෙකු අකාරුණික වන අවස්ථා ගැන කතා කරන්න, එයට ප්‍රතිචාර දැක්වීමට ක්‍රම යෝජනා කරන්න. එම මුහුණු දෙසට ඇඟිල්ල දිගු කරමින්, ඒ එක් එක් ප්‍රතිචාරය ඔවුන්ට ගෙන එන්නේ සතුටක්ද නැතිනම් දුකක්ද කියා පෙන්වීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අපි මිනිසුන්ට සහ අපට යහපත් නොවන අයට පවා සමාව දීම, යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි?

2:42

Chapter 34: God Warns the People of Zion: July–August 1833

2:10

Chapter 35: The Saints Leave Jackson County, Missouri: September–December 1833

දහම සහ ගිවිසුම් 101:16; 23–32

මා හට සාමය ගෙන ඒමට යේසුස් ක්‍රිස්තුස්වහන්සේට හැකිය.

  • දහම සහ ගිවිසුම් 101:16 කියවීමෙන් පසු, අප නිශ්චලව සිටින විට සහ යේසුස්වහන්සේ ගැන සිතන විට–උදාහරණයක් ලෙස, අප යාච්ඤා කරන විට හෝ සක්‍රමේන්තුව ගන්නා විට–ඇතිවන සාමකාමී හැඟීම් හඳුනා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න. අපගේ නිවස තුළ උන්වහන්සේගේ සාමය අපට දැනෙන්නේ කෙසේද?

  • යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන විට ජීවිතය කෙබඳු වේදැයි ඉගෙන ගැනීමට ඔබේ දරුවන් උනන්දු විය හැකිය. එකට එකතු වී දහම සහ ගිවිසුම් 101:23–32 කියවන්න, උන්වහන්සේ පැමිණෙන විට අපට ප්‍රීතිය ගෙන දෙන, මෙම පදවල ඔවුන් සොයා ගන්නා දේවල් ගැන කතා කරන්න. අපට අසීරු කාල වලදී, මේ දේවල් ගැන දැනගැනීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දරුවෙකුව වැළඳගනිමින්

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණෙන විට, උන්වහන්සේ සාමය හා ප්‍රීතිය රැගෙන එයි.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

පසුදවස්වල ශුද්ධවන්තයින්ට හිංසා පීඩා කරන මැර කණ්ඩායමක සිතුවම

ග්ලෙන් එස්. හොප්කින්සන් විසින්, Missouri Burning මිසුරිය ගිනිගනිමින්

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව