Doctrine and Covenants 2025
සැප්තැම්බර් 1–7: “සයොනයේ ගැලවීම සඳහා”: දහම සහ ගිවිසුම් 94–97


“සැප්තැම්බර් 1–7: ‘සයොනයේ ගැලවීම සඳහා’: දහම සහ ගිවිසුම් 94–97,” එන්න, මා අනුගමනය කරන්න–නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 94–97,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

කර්ට්ලන්ඩ් දේවමාළිගාව

අල් රවුන්ඩ්ස් විසින්, Kirtland Templ [කර්ට්ලන්ඩ් දේවමාළිගාව]

සැප්තැම්බර් 1–7: “සයොනයේ ගැලවීම සඳහා”

දහම සහ ගිවිසුම් 94–97

පුරාණයේදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට “කන්දේදී [ඔහුට] පෙන්වන ලද ආදර්ශය ලෙස” මණ්ඩපයක් ගොඩනගන ලෙස ආඥා කළා (හෙබ්‍රෙව් 8:5; තවත් බලන්න නික්මයාම 25:8–9). මෙම මණ්ඩපය ඉශ්‍රායෙල් පාළුකර කඳවුරේ කේන්ද්‍රස්ථානය විය යුතු වුණා (බලන්න ගණන් කථාව 2:1–2).

1833 දී, දෙවියන්වහන්සේ ජෝසෆ් ස්මිත්ට ආඥා කළේ “ලෝකයේ ආකාරයට නොව” නමුත් “මම පෙන්වන්නාවූ ආකාරයට අනුව එය ගොඩනගන්නට” කියායි. (දහම සහ ගිවිසුම් 95:13–14; තවත් බලන්න 97:10). පාළුකරයේ ඇති මණ්ඩපය මෙන්, දේවමාළිගාව කර්ට්ලන්ඩ් හි කේන්ද්‍රීය අංගයක් වීමට අදහස් කෙරුණා (බලන්න දහම සහ ගිවිසුම් 94:1).

අද ලෝකය පුරාම දේවමාළිගා තිබෙනවා. ඒවා අපගේ නගරවල මධ්‍යයේ නොතිබුණත්, අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය විය යුතු ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඒවා අපව යොමු කරනවා. සෑම දේවමාළිගාවක්ම පෙනුමෙන් වෙනස් වුවද, ඒවා තුළ අපි ඉගෙන ගන්නේ එකම දිව්‍යමය රටාවයි–ඒ තමයි අපව නැවත දෙවියන්වහන්සේගේ අභිමුඛයට ගෙන ඒමේ ස්වර්ගීය සැලැස්ම. ශුද්ධ වූ නියෝග සහ ගිවිසුම් අපව ක්‍රිස්තුස්වහන්සේට සම්බන්ධ කර අපගේ පවුල් ශක්තිමත් කරන්නේ “ලෝකයේ ආකාරයට නොව” නමුත් දෙවියන්වහන්සේ අපට පෙන්වන ආදර්ශයට අනුවයි.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 94; 97:10–17

මට “සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේට කැප” විය හැකිය.

දහම සහ ගිවිසුම් 94 හි, ස්වාමින්වහන්සේ කර්ට්ලන්ඩ් හි පරිපාලන ගොඩනැගිලි–එනම් කාර්යාලයක් සහ මුද්‍රණාලයක් ඉදිකිරීම පිළිබඳ උපදෙස් ලබා දෙනවා. දහම සහ ගිවිසුම් 94:2–12 හි මෙම ගොඩනැගිලි ගැන ස්වාමින්වහන්සේ පවසන දේ ගැන ඔබව විශ්මයට පත් කරන්නේ කුමක්ද? එය 97:10–17 හි උන්වහන්සේ දේවමාළිගාව ගැන පවසන දේ සමඟ සැසඳෙන්නේ කෙසේද?

“සම්පූර්ණයෙන්ම ස්වාමින්වහන්සේට කැපවී සිටීම” යන්නෙන් ඔබට අදහස් කරන්නේ කුමක්ද?

දහම සහ ගිවිසුම් 95

ස්වාමින්වහන්සේ උන්වහන්සේ ආදරය කරන අයට තරවටු කරන සේක.

95 වෙනි කොටසේ සඳහන් එළිදරව්ව ලැබුණු විට, දෙවියන්වහන්සේගේ ගෘහයක් ගොඩනගන ලෙස ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට ආඥා කර මාස පහක් පමණ ගත වී තිබුණා (බලන්න දහම සහ ගිවිසුම් 88:117–19)–නමුත් එය තවම පටන් ගෙන තිබුණේ නැහැ. ස්වාමින්වහන්සේ මෙම එළිදරව්ව තුළ ඔවුන්ව නිවැරදි කර ඇති ආකාරය සැලකිල්ලට ගන්න. දේවානුභාවයෙන් යුතුව නිවැරදි කිරීම් ලබාදීම ගැන ඔබ සොයා ගන්නා මූලධර්ම ලැයිස්තුවක් පවා ඔබට සෑදිය හැකිය. ස්වාමින්වහන්සේ තම ශුද්ධවන්තයින්ව නිවැරදි කළ ආකාරයෙන්, ඔබ උන්වහන්සේ ගැන ඉගෙන ගන්නේ කුමක්ද?

තවත් බලන්න දහම සහ ගිවිසුම් 121:43–44.

8:40

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට ආදරෙයි

දහම සහ ගිවිසුම් 95:8, 11–17; 97:10–17

සෙමනේරි නිරූපකය
දේවමාළිගාව යනු ස්වාමින්වහන්සේගේ ගෘහයයි.

කර්ට්ලන්ඩ් හි ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදි නොකිරීම සම්බන්ධව තරවටු ලැබීමෙන් පසු, සභාවේ නායකයන් එය ගොඩනැගීමේ ස්ථානයක් ලෙස තිරිඟු කෙතක් තෝරාගත්තා. අනාගතවක්තෘවරයාගේ සහෝදරයා වන හයිරම් ස්මිත්, එම කෙත එළිපෙහෙළි කිරීම සඳහා දෑකැත්තක් ලබා ගැනීමට වහාම දිව ගියා. ඔහු මෙහෙම පැවසුවා, “අපි ස්වාමින්වහන්සේට ගෘහයක් තැනීමට සූදානම් වෙමින් සිටින්නෙමු, මෙම කාර්යයේ පළමුවැන්නා වීමට මම අධිෂ්ඨාන කරගෙන සිටියෙමි” (in Teachings of Presidents of the Church: Joseph Smith [2007], 271, 273). ඔබ සිතන ආකාරයට මෙම දේවමාළිගාව ගොඩනැගීමට හයිරම් ස්මිත් මෙතරම් උනන්දු වුණේ ඇයි? ඔබ දහම සහ ගිවිසුම් 95:8, 11–17; 97:10–17 කියවන විට, මේ ගැන මෙනෙහි කරන්න.

අපේ කාලයේදී, ස්වාමින්වහන්සේ “අපි දේවමාළිගා ගොඩනගන වේගය වර්ධනය කරමින් සිටිනවා” (රසල් එම්. නෙල්සන්, “දේවමාළිගාව වෙත අවධානය යොමු කරන්න,” ලියහෝනා, නොවැම්බර් 2022 , 121). යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව මෙතරම් දේවමාළිගා ගොඩනගන්නේ මන්දැයි යමෙකු ඔබෙන් ඇසුවොත්, ඔබ පවසන්නේ කුමක්ද? දිය හැකි පිළිතුරු සඳහා බලන්න:

  • (“දැන් ඒ වෙලාවයි,” ලියහෝනා, මැයි 2022, 126 වැනි) නව දේවමාළිගා නිවේදනය කරන සභාපති රසල් එම්. නෙල්සන්ගේ පණිවිඩ.

5:41

What Is a Temple?

කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීමට එම ශුද්ධවන්තයින් දැරූ උත්සාහයන් සමඟ දේවමාළිගාවේදී ස්වාමින්වහන්සේ සමඟ අර්ථවත් අත්දැකීම් සඳහා සූදානම් වීමට ඔබ දරන උත්සාහයන් සැසඳීමට ඔබට පුළුවන්. හයිරම් ස්මිත්ට ස්වාමින්වහන්සේගේ ශුද්ධ වූ ගෘහය කෙරෙහි දැනුණු හදිසි හැඟීම වැනි හැඟීමක් ඔබට පෙන්විය හැක්කේ කෙසේද? උදාහරණයක් ලෙස, හයිරම් කළාක් මෙන්, කෙත එළි පෙහෙළි කිරීම වැනි කුමක් ඔබට කළ හැකිද? ස්වාමින්වහන්සේට අවශ්‍ය ඔබ කුමන ආකාරයේ කැපවීම් කරනවාටද? (බලන්න දහම සහ ගිවිසුම් 97:12).

ගොවියෙක් අස්වනු නෙලමින්

හයිරම් ස්මිත් කර්ට්ලන්ඩ් දේවමාළිගාව සඳහා වූ ඉඩම පිරිසිඳු කරමින්.

දහම සහ ගිවිසුම් 97:8–9

“ඒවා මා විසින් පිළිගෙන ඇත්තේය.”

ඔබව කණ්ඩායමකට පිළිගත් හෝ නොපිළිගත් අවස්ථාවක් ගැන සිතන්න. ස්වාමින්වහන්සේ විසින් පිළිගනු ලැබීම ගැන දහම සහ ගිවිසුම් 97:8–9 තුළින් උගන්වන දෙයට එය සමාන වෙන්නේ හෝ ඊට වෙනස් වෙන්නේ කෙසේද? ඔබ සිතන ආකාරයට 9 වෙනි පදයේ ඇති රූපකයෙන් ස්වාමින්වහන්සේ ඔබට ඉගැන්වීමට උත්සාහ කරන්නේ කුමක්ද?

ඉගෙනීමට සහ ඉගැන්වීමට අධ්‍යාත්මික පරිසරයක් නිර්මාණය කරන්න. යේසුස්වහන්සේ මෙසේ පොරොන්දු වුණා “ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වන සේක” (යොහන් 14:26) . එබැවින් ඔබ තනිවම ඉගෙන ගත්තත්, අන් අය සමඟ ඉගෙන ගත්තත්, ආත්මයාණන්ට ආරාධනා කිරීම ප්‍රමුඛතාවයක් කර ගන්න. පූජනීය සංගීතය, යාච්ඤාව සහ ප්‍රේමනීය සම්බන්ධතා යන සියල්ලම ශුද්ධාත්මයාණන්ට ඔබට සත්‍යය ඉගැන්විය හැකි සාමකාමී, අධ්‍යාත්මික පසුබිමක් නිර්මාණය කිරීමට උපකාරී වෙනවා.

දහම සහ ගිවිසුම් 97:18–28

සයොනය යනු “සිතින් පවිත්‍ර වීමය.”

1830 ගණන්වල ශුද්ධවන්තයින්ට සයොනය යනු ස්ථානයක් වුණා. 97 වෙනි කොටසේ ඇති එළිදරව්වේදී, ස්වාමින්වහන්සේ විසින් “සිතින් පවිත්‍ර සියල්ලෝ” ලෙස–සෙනඟක් විස්තර කිරීම සඳහා එම නිර්වචනය පුළුල් කළා (21 වෙනි පදය). ඔබ 18–28 පද කියවන අතරතුර, සයොනය යන වචනය ඔබ කියවද්දි, ඔබට මෙම නිර්වචනය ඒ වෙනුවට ආදේශ කළ හැකිය. සිතින් පවිත්‍ර වීම යන්නෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද?

තවත් බලන්න මෝසෙස් 7:18.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 02

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 95:8; 97:10–17

දේවමාළිගාව කියන්නෙ ස්වාමින්වහන්සේගේ ගෘහයයි.

  • ඔබේ දරුවන්ට ඔවුන් කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීමට උදව් කරන බව රඟපාමින් සතුටු විය හැකිය (දැව කැපීම, ඇණ ගැසීම, බිත්ති පින්තාරු කිරීම සහ යනාදිය). අපට දේවමාළිගා ගොඩනැගීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ මන්දැයි ඔබේ දරුවන්ට ඉගැන්වීමට, ඔබ දහම සහ ගිවිසුම් 95:8 කියවන අතරතුර, ඔබට මෙම දළ සටහනේ ඇති පින්තූරය මෙන්, කර්ට්ලන්ඩ් දේවමාළිගාවේ පින්තූරයක් ඔවුන්ට පෙන්විය හැකිය.

1:17

The Kirtland Temple

  • එකට එකතු වී දහම සහ ගිවිසුම් 97:15–16 කියවීමෙන් පසු, දේවමාළිගාව ඔබට විශේෂ වන්නේ ඇයි කියා ඔබට සහ ඔබේ දරුවන්ට එකිනෙකා සමඟ බෙදා ගත හැකිය. දේවමාළිගාව පූජනීය වන්නේ ඇයි?

දහම සහ ගිවිසුම් 97:1–2, 8–9, 21

සයොනය යනු “සිතින් පවිත්‍ර වීමය.”

  • දහම සහ ගිවිසුම් 97:21 හි පවිත්‍ර යන වචනයේ තේරුම කුමක්දැයි ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට එකට එකතු වී පිරිසිඳු වතුර වීදුරුවක් දෙස බලා, එම ජලය අපවිත්‍ර වන (කුණු හෝ ගම්මිරිස් වැනි) යමක් ඔබට ඒ තුළට එකතු කළ හැකිය. ජලය පවිත්‍ර වීම වැදගත් වන්නේ ඇයි? ඉන්පසු ඔබේ දරුවන්ට 21 වෙනි පදය කියවා පවිත්‍ර යන වචනය මත ඇඟිල්ල තැබිය හැකිය. අපගේ හදවත් පවිත්‍ර වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? 1–2 සහ 8–9 පද තුළින් සමහර අදහස් සැපයිය හැකිය. අපගේ හදවත් පවිත්‍ර කරගැනීමට ගැලවුම්කරුවාණන් උපකාර කරන්නේ කෙසේද?

අපවිත්‍ර ජලය සහ පවිත්‍ර ජලය

ස්වර්ගීය පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ මා හදවතින් පවිත්‍ර වීමයි.

දහම සහ ගිවිසුම් 97:8–9

ස්වාමින්වහන්සේ සමඟ ගිවිසුම් ඇතිකරගන්නා පුද්ගලයින්ට උන්වහන්සේ ආශිර්වාද කරනවා.

  • අපි බව්තීස්ම වන විට හෝ දේවමාළිගාවේ සිටින විට අපි ස්වාමින්වහන්සේ සමඟ ඇතිකරගන්නා ගිවිසුම් මොනවාදැයි ඔබේ දරුවන් දන්නවාද? මොසායා 18:9–10, 13 හෝ ප්‍රධාන අත්පොත, 27.2 කියවීමෙන් ඔවුන් සමඟ එම ගිවිසුම් සමාලෝචනය කිරීම ගැන සලකා බලන්න. “පරිත්‍යාග කිරීම් තුළින් [ඔබගේ] ගිවිසුම් පිළිපැදීමට” ඔබ උත්සාහ කරන ආකාරය එකිනෙකා සමඟ බෙදාගන්න (දහම සහ ගිවිසුම් 97:8).

  • දහම සහ ගිවිසුම් 97:9 තුළ විස්තර කරන දේවල්වල චිත්‍ර ඇඳීමට ඔබට ඔබේ දරුවන්ට ආරාධනා කළ හැකිය. ඔවුන් ඔවුන්ගේ චිත්‍ර බෙදා ගන්නා විට, ඔබ ඔබේ ගිවිසුම් පවත්වන නිසා, ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ආකාරය ගැන කතා කරන්න. එම ආශිර්වාදයන් “පවිත්‍ර වූ ඇලක් ලඟ … සිටවූ ඉතාමත් සඵලවත් වූ ගසක්” මෙන් වන්නේ කෙසේද?

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

කර්ට්ලන්ඩ් දේවමාළිගාව ඉදිකිරීම

වෝල්ටර් රේන් විසින්, Building the Kirtland Temple [කර්ට්ලන්ඩ් දේවමාළිගාව ගොඩනැගීම]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව