Doctrine and Covenants 2025
අගෝස්තු 25–31: “උන්වහන්සේගේ පූර්ණත්වය ලැබීම”: දහම සහ ගිවිසුම් 93


“අගෝස්තු 25–31: ‘උන්වහන්සේගේ පූර්ණත්වය ලැබීම’: දහම සහ ගිවිසුම් 93,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)

“දහම සහ ගිවිසුම් 93,” එන්න,මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025

ස්වර්ගික පියාණන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ

වෝල්ටර් රේන් විසින්, I See the Son of Man [මම මනුෂ්‍ය පුත්‍රයාණන්ව දකිමි]

අගෝස්තු 25–31: “උන්වහන්සේගේ පූර්ණත්වය ලැබීම”

දහම සහ ගිවිසුම් 93

ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “ඔබ ඉණිමගක උඩට නගින විට, ඔබ පහළින් පටන්ගෙන, ඔබ ඉහළට පැමිණෙන තෙක් පියවරෙන් පියවර නැඟිය යුතුය; එය ශුභාරංචියේ මූලධර්ම සම්බන්ධයෙන්ද එය එසේම වෙනවා—ඔබ පළමුවැන්නෙන් ආරම්භ කළ යුතුමය, පසුව උත්කර්ෂයේ සියලුම මූලධර්ම ඉගෙන ගන්නා තෙක් ඔබ ඉදිරියට යා යුතුය” (Teachings of Presidents of the Church: Joseph Smith [2007], 268).

සමහර විට එම උත්කර්ෂය දක්වා යන ඉණිමඟ නැගිය නොහැකි තරම් ඉහළ බව පෙනෙනවා, නමුත් අපි උපත ලබා තිබෙන්නේ, ගැලවුම්කරුවාණන්ගේ නිරන්තර උපකාරය සමඟ එහි ඉහළටම නැගීමට හැකියාව සමඟයි. අපි, අපි තුළ කුමන සීමාවන් දුටුවත්, ස්වර්ගීය පියාණන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍රයාණන් අප තුළ මහිමාන්විත හා, දෙවියන්ට සමාන බවක් දකිනවා. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ “ආරම්භයේදී පියාණන්වහන්සේ සමඟ වූවා,” සේම “නුඹලාද එසේමයි” (දහම සහ ගිවිසුම් 93:21, 23). උන්වහන්සේ “පූර්ණත්වය ලබන තුරු, කරුණාවෙන් කරුණාව නොකඩවා ලැබුවා” සේම, “නුඹලාත් කරුණාවෙන් කරුණාව ලැබිය යුතු වන්නෝය” (13, 20 පද). නැවත පිහිටුවන ලද ශුභාරංචිය මගින් දෙවියන්වහන්සේගේ සැබෑ ස්වභාවය ගැන උගන්වනවා, එබැවින් එය ඔබගේත් සැබෑ ස්වභාවය සහ ඉරණම ගැන උගන්වනවා. ඔබ “යථා කාලයේදී උන්වහන්සේගේ පූර්ණත්වය ලබාගැනීමට” (19 වෙනි පදය) හැකියාව ඇති, දෙවියන්වහන්සේගේම සැබෑ දරුවෙක්.

අධ්‍යයන නිරූපකය

නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 93

යේසුස් ක්‍රිස්තුස්හන්සේට මෙන් මටත් මහිමයට පත් වී දෙවියන්වහන්සේගේ “පූර්ණත්වය” ලබා ගත හැකිය.

අනාගතවක්තෘ ජෝසෆ් ස්මිත් මෙසේ ඉගැන්වුවා, “මිනිසුන් දෙවියන්වහන්සේගේ චරිතය අවබෝධ කර නොගන්නේ නම්, ඔවුන් තමන්වම තේරුම් නොගනිති” (Teachings: Joseph Smith40). දහම සහ ගිවිසුම් 93 අධ්‍යයනය කිරීමෙන් ඔබ ගැලවුම්කරුවාණන් ගැන ඉගෙන ගන්නා විට, ඔබ, ඔබ ගැන ඉගෙන ගන්නා දේද සොයන්න. උදාහරණයක් වශයෙන්, 3, 12–13, 21, සහ 26 පදවලින් ඔබ උන්වහන්සේ ගැන ඉගෙන ගන්නේ මොනවාද? 20, 23, සහ 28–29 පදවල ඔබ, ඔබ ගැන සොයා ගන්නා ඒ හා සමාන සත්‍යයන් මොනවාද? (තවත් බලන්න 1 යොහාන් 3:2; 3 නෙපී 27:27). මෙම කොටසේ ඇති සත්‍යයන් තේරුම් ගැනීමට සහ ඒවා අදාළ කර ගැනීමට පහත ප්‍රශ්න ඔබට උපකාරී විය හැකිය:

  • ඔබට සිතෙන ආකාරයට, “කරුණාවෙන් කරුණාව” ලබාගැනීම සහ “කරුණාවෙන් කරුණාවට” යාම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? (12–13 පද).

  • දෙවියන්වහන්සේ ඔබට වර්ධනය වීමට සහ ඉගෙන ගැනීමට උපකාර කරන ආකාරය ගැන, ඔබ මෙම එළිදරව්වෙන් සොයා ගන්නේ මොනවාද? මෙය දැන ගැනීම, ඔබ අන් අයට සහ ඔබට සලකන ආකාරය කෙරෙහි බලපාන්නේ කෙසේද?

  • “නමස්කාර කරන්නේ කෙසේදැයි, තවද නමස්කාර කරන්නේ කුමකටදැයි” ගැන ඔබ ඉගෙන ගන්නේ මොනවාද? (19 වෙනි පදය.)

දහම සහ ගිවිසුම් 93:1–39

සෙමනේරි නිරූපකය
දෙවියන්වහන්සේගේ මහිමය ආලෝකය සහ සත්‍යය වේ.

මහිමය, ආලෝකය, සහ සත්‍යය වැනි වචන මෙම එළිදරව්වේ නිතර දිස්වන බව ඔබට පෙනෙනු ඇත. ඔබ විශේෂයෙන් 20–39 පද අධ්‍යයනය කරන විට, මෙම සංකල්ප ගැන ඔබ ඉගෙන ගන්නා සත්‍යයන් ලැයිස්තුගත කරන්න. මෙවැනි වගුවක් සෑදීම උපකාරී විය හැකිය:

පදය

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

පදය

24

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ලෝකයේ බොහෝ රැවටීම් තිබේ. මම සත්‍ය දැනගන්නේ කොහොමද? (තවත් බලන්න යාකොබ් 4:13).

පදය

28

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

පදය

36

මම ඉගෙන ගන්නා දේ

දෙවියන්වහන්සේ ආලෝකයේ සහ සත්‍යයේ ජීවියෙකි.

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

පදය

37

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

නපුරු බලපෑම්වලට එරෙහි විය හැකි බව පෙනෙන, මා දන්නා අය කවුද? ඔවුන්ට මෙය කිරීමට හැකි වන්නේ ඇයි?

පදය

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

පදය

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

පදය

තවත් බලන්න දහම සහ ගිවිසුම් 50:24

මම ඉගෙන ගන්නා දේ

මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න

ඔබ මෙම පදවල සොයාගන්නා, ඔබව වැඩි ආලෝකයක් සහ සත්‍යයක් සෙවීමට පොළඹවන දේවල් මොනවාද? යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ආලෝකය සහ සත්‍යය යන වචන හොඳ හැඳින්වීමක් වන්නේ ඇයි? (බලන්න යොහාන් 8:12; 14:6). මෙම සත්‍යයන් ඔබේ ජීවිතයට බලපාන්නේ කෙසේද?

ඔබට 20, 22, 28, 33–35 පදවල හමුවන ඔබේ සදාකාලික ඉරණම පිළිබඳ පොරොන්දු ද සටහන් කළ හැකිය. මෙම පොරොන්දු සහ ආලෝකය ලබා ගැනීම, අතර ඇති සම්බන්ධය කුමක්ද?

6:40

Light and Truth, Part 1

6:52

Light and Truth, Part 2

දේවමාළිගාවේ කවුළුව

“දෙවියන්වහන්සේගේ මහිමය … ආලෝකය සහ සත්‍යය වන්නේය.”

දහම සහ ගිවිසුම් 93:40–50

“නුඹගේ ස්වකීය නිවස පිළිවෙලට තැබිය යුතු වන්නේය.”

“නුඹගේ ස්වකීය නිවස පිළිවෙලට තැබිය යුතු වන්නේය” (43 වෙනි පදය) යන ආඥාවෙන් කියන්නේ අල්මාරි සහ ලාච්චු අස්කිරීම ගැන නොවේ නමුත්, “ආලෝකය සහ සත්‍යය” පිළිබඳ ඉගැන්වීම–සහ ඉගෙනීම ගැනයි (42 වෙනි පදය). ඔබ මෙම උපදෙස අනුගමනය කිරීමට උත්සාහ කරන ආකාරය ගැන සලකා බලන්න. ඔබ මුහුණ දෙන අභියෝග මොනවාද? දහම සහ ගිවිසුම් 93 හි ඇති කුමන සත්‍යයන් ඒ සඳහා උපකාරයක් විය හැකිද?

වැඩිහිටි ඩේවිඩ් ඒ බෙඩ්නාර්ගේ මෙම ඉගැන්වීම් වලින් ඔබ ලබා ගන්නා අවබෝධය කුමක්ද?

“මගේ කාර්යාලයේ තිරිඟු කෙතක ලස්සන චිත්‍රයක් තිබෙනවා. මෙම සිතුවම තනි තීන්ත පහරවල්වල විශාල එකතුවකි–ඒ කිසිවක් තනි තනිව ගත්විට ඉතා රසවත් හෝ ආකර්ෂණීය වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම, ඔබ කැන්වසය අසල සිටගෙන සිටියහොත්, ඔබට දැකිය හැක්කේ කහ සහ රන්වන් සහ දුඹුරු පැහැති තීන්තවල අසම්බන්ධිත ආකර්ශනීය නොවන ඉරි සමූහයක්. කෙසේ වෙතත්, ඔබ ක්‍රමයෙන් කැන්වසයෙන් ඉවතට ගමන් කරන විට, තනි තනි තීන්ත පහරවල් සියල්ලම එකට එකතු වී, තිරිඟු කෙතක විශිෂ්ට භූ දර්ශනයක් පෙන්නුම් කරනවා. බොහෝ සාමාන්‍ය, තනි තනි තීන්ත පහරවල්, ආකර්ශනීය හා අලංකාර චිත්‍රයක් නිර්මාණය කිරීමට එක්ව ක්‍රියා කරනවා.

“සෑම පවුලේ යාච්ඤාවක්ම, පවුලේ ශුද්ධලියවිලි අධ්‍යයනයේ සෑම කොටසක්ම සහ සෑම පවුල් නිවාස සන්ධ්‍යාවක්ම අපගේ ප්‍රාණයේ කැන්වසය මත තීන්ත පහරක් වෙනවා. කිසිඳු තනි සිදුවීමක් බොහෝ ආකර්ෂණීය හෝ මතක සිටින එකක් බව පෙන්නුම් කරන්නේ නෑ. නමුත් කහ සහ රන්වන් සහ දුඹුරු පැහැති තීන්ත එකිනෙකට අනුපූරක වන අතර සිත් ඇදගන්නාසුළු විශිෂ්ට නිර්මාණයක් නිපදවනවා සේම, කුඩා දේවල් ලෙස පෙනෙන්නට තිබෙන දේවල් නිතර නිතර කිරීමෙන්, එය ඉතා විශාල ආත්මික ප්‍රතිඵලයකට අපව යොමු කරනවා. ‘එසේහෙයින්, යහපත කිරීමේදී විඩාපත් නොවන්න, මක්නිසාද නුඹලා මහත් ක්‍රියාවක් උදෙසා අත්තිවාරම දමන්නෙහුය. තවද එනම් කුඩා දේවල් වලින් එම ශ්‍රේෂ්ඨ වූ දේ ඉදිරියට යන්නේය’ [දහම සහ ගිවිසුම් 64:33]. අපගේ පෞද්ගලික ජීවිතයේ විශිෂ්ට කාර්යයක අත්තිවාරම දැමීමේදී සහ අපගේම නිවෙස්වලදී අප වඩාත් උද්යෝගිමත් සහ සැලකිලිමත් වන විට, අඛණ්ඩතාව යනු වැදගත්ම දෙයකි” (“More Diligent and Concerned at Home,” Liahona, Nov. 2009, 19–20).

තවත් බලන්න හෙන්රි බී. අයිරින්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වැඩසිටින නිවසක්,” ලියහෝනා, 2019 මැයි, 22–25.

පවුලක් එක්ව යාච්ඤා කරමින්

“[ඔවුන්ගේ] දරුවන්ව ආලෝකය සහ සත්‍යය වෙත ගෙන ඒමට” ස්වාමින්වහන්සේ දෙමාපියන්ට ආඥා කරනවා.

තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.

ළමුන්ගේ කොටස නිරූපකය 01

දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්

දහම සහ ගිවිසුම් 93:2–21

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලෝකයේ ආලෝකය සහ ජීවනයයි.

  • ගැලවුම්කරුවාණන්ගේ පින්තූරයක් පෙන්වමින්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙනගැනීම සහ උන්වහන්සේව අනුගමනය කිරීම වැදගත් වන්නේ මන්දැයි ඔබේ දරුවන්ගෙන් විමසන්න. ඉන්පසු ඔබට ඒ සඳහා එක් වැදගත් හේතුවක් සොයා ගැනීමට, එකට එකතු වී දහම සහ ගිවිසුම් 93:19 කියවිය හැකිය.

  • 93 වෙනි කොටසෙහි ඔබට පෙළඹවීමක් ලබාදෙන, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ සත්‍යයන් කිහිපයක් තෝරා ගැනීමට ඔබට පුළුවන්, ඉන්පසු ඔබේ දරුවන්ට ඒවා සොයා ගැනීමට සහ තේරුම් ගැනීමට උපකාර කරන්න. ඔබ තෝරා ගන්නා සෑම සත්‍යයක් සඳහාම, ඔබ එකට එක් වී මෙම පදය කියවන අතරතුර, ඔබේ දරුවන්ට එය අසා සිට සොයාගැනීමට, වචනයක් හෝ වාක්‍ය ඛණ්ඩයක් ලබා දිය හැකිය. උදාහරණයක් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ:

    1:18

    Chapter 33: A Revelation about Jesus Christ: May 1833

ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවමක්

හොවාර්ඩ් ලියොන් විසින්, Light of the World [ලෝකයේ ආලෝකය]

දහම සහ ගිවිසුම් 93:23, 29, 38

මම පොළොවට පැමිණීමට පෙර, මම ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ ජීවත් වුණා.

  • අපි දෙවියන්වහන්සේ සමඟ “ආරම්භයේ පටන් ” ජීවත් වූ බව, ගැලවුම්කරුවාණන් 93 වෙනි කොටසේ තුන් වරක් අවධාරණය කර තිබෙනවා (23, 29, 38 පද). මෙය සොයා ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, දහම සහ ගිවිසුම් 93:23, 29, 38 කියවීමට සහ මෙම පදවල පුනරාවර්තනය වන, තමන් පිළිබඳ සත්‍යයක් සෙවීමට ඔබට ඔවුන්ට ආරාධනා කළ හැකිය. අප මෙම සත්‍යය දැනගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි? අප ඉපදීමට පෙර ස්වර්ගික පියාණන්වහන්සේ සමඟ අපගේ ජීවිතය ගැන ඔවුන් දන්නේ කුමක්දැයි ඔබේ දරුවන්ගෙන් ඔබට ඇසීමට හැකිය. ඔවුන්ට වැඩිදුර ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා, ඔවුන් සමඟ පහත සඳහන් ශුද්ධලියවිලි වලින් එකක් හෝ කිහිපයක් කියවන්න: යෙරමියා 1:5; දහම සහ ගිවිසුම් 138:53–56; මෝසෙස් 3:5; ආබ්‍රහම් 3:22–26.

දහම සහ ගිවිසුම් 93:24–39

මම දෙවියන්වහන්සේට කීකරු වන විට, මට ආලෝකය සහ සත්‍යය ලැබේ.

  • දහම සහ ගිවිසුම් 93 හි කීකරුකම පිළිබඳ සත්‍යයන් අදාළ කර ගැනීමට ඔබේ දරුවන්ට උපකාර කිරීම සඳහා, මෙම කොටසෙන් තෝරාගත් ශුද්ධලියවිලි පද කිහිපයක් කඩදාසි කැබලි මත ලිවීම සලකා බලන්න. වෙනත් කඩදාසි කැබලි මත, මෙම සෑම පදයකින්ම ඉගැන්වෙන සත්‍යයන් ලියන්න. ඔබේ දරුවන්ට මෙම පද කියවීමට සහ එම ශුද්ධලියවිලි පද වලට අදාළ සත්‍යයන් ඒවා සමඟ ගැලපීමට එකට එකතු වී වැඩ කළ හැකිය. උදාහරණ කිහිපයක්:

    • 24 වෙනි පදය: සත්‍යය යනු අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ සැබෑ දේවල් දැන ගැනීමයි.

    • 28 වෙනි පදය: මම ආඥා පිළිපදින විට මට ආලෝකය සහ සත්‍යය ලැබිය හැකිය.

    • 37 වෙනි පදය: මට ආලෝකය සහ සත්‍යය ඇති විට, මට නපුරට එරෙහි වීමට හැකි වේ.

    • 39 වෙනි පදය: මම අකීකරු වූ විට මට ආලෝකය සහ සත්‍යය අහිමි වේ.

    ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපැදීම නිසා, ඔබ දැනගත් සත්‍යයන් පිළිබඳ උදාහරණ බෙදා ගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය.

ඔබේ දරුවන්ගේ වයස අනුව නම්‍යශීලී වන්න. ඔබේ දරුවන්ගේ අවශ්‍යතා සහ හැකියාවන් ඔබ දන්නවා; ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ක්‍රියාකාරකම් අදහස් වෙනස් කරගන්න. උදාහරණයක් ලෙස, මෙම ක්‍රියාකාරකමේදී, ඔබ කුඩා දරුවන්ට උගන්වන්නේ නම්, 93 වෙනි කොටසින් එක් සරල සත්‍යයක් වෙත අවධානය යොමු කිරීම වඩා හොඳය.

තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.

දේශනා කරන ක්‍රිස්තුස්වහන්සේගේ සිතුවම ටෝරා වෙතිනි

සයිමන් ඩිවි විසින්, Light and Truth [ආලෝකය සහ සත්‍යය]

ළමුන් සඳහා ක්‍රියාකාරකම් පිටුව