“අගෝස්තු 11–17: ‘දෙවියන්වහන්සේගෙන් වූ නිවසක් පිහිටුවාගන්න’: දහම සහ ගිවිසුම් 88,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 88,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
අනාගතවක්තෘවරුන්ගේ පාසල මෙම කාමරයේ පවත්වා ඇත.
අගෝස්තු 11–17: “දෙවියන්වහන්සේගෙන් වූ නිවසක් පිහිටුවාගන්න”
දහම සහ ගිවිසුම් 88
බොහෝ අවස්ථා වලදී, ස්වාමින්වහන්සේ අපට උන්වහන්සේගේ අසීමිත “මහිමයේ සහ බලයේ” (දහම සහ ගිවිසුම් 88:47) ක්ෂණික දර්ශන, විශ්මය ජනක එළිදරව් කිරීම් හරහා ලබා දෙනවා. දහම සහ ගිවිසුම් 88 යනු එවැනි එළිදරව්වක්—එනම් ආලෝකය සහ මහිමය සහ රාජ්‍යයන් සමඟ සන්සන්දනය කර බලන විට අපගේ ලෞකික කරදර ඉතා කුඩා බව පෙන්වන එළිදරව්වක්. අපට ඒ සියල්ල තේරුම් ගත නොහැකි වුවත්, සදාකාලිකත්වයට අප මෙතෙක් අවබෝධ කරගත් ප්‍රමාණයට වඩා බොහෝ දේ ඇති බව අපට අවම වශයෙන් දැනගන්න පුළුවන්. ඇත්තවශයෙන්ම, ස්වාමින්වහන්සේ මෙම ශ්‍රේෂ්ඨ සත්‍යයන් බෙදා ගන්නේ, අපව බිය ගැන්වීමට හෝ අපව කුඩා කිරීමට නොවේ. ඒ වෙනුවට, උන්වහන්සේ මෙසේ පොරොන්දු වුණා, “නුඹලා දෙවියන්වහන්සේව වුවත් අවබෝධ කරගන්නා වූ දවස පැමිණෙන්නේය” (49 වෙනි පදය; අවධාරණය කිරීම් එකතු කර ඇත). අනාගතවක්තෘවරුන්ගේ පාසලක් පිහිටුවන ලෙස ස්වාමින්වහන්සේ කර්ට්ලන්ඩ් හි සිටි උන්වහන්සේගේ ශුද්ධවන්තයින්ට ආඥා කළේ එම මහිමාන්විත අවසානය සඳහා විය හැකිය. උන්වහන්සේ මෙසේ පැවසුවා, “නුඹලාව සංවිධානය කරගන්න.” “අවශ්‍ය සියලු දේවල් සූදානම් කරගන්න; තවද දෙවියන්වහන්සේගෙන් වූ නිවසක් පිහිටුවාගන්න” (119 වෙනි පදය). වෙනත් ඕනෑම තැනකට වඩා, දෙවියන්වහන්සේගේ ශුද්ධ වූ ගෘහය තුළ—සහ අපගේ නිවෙස් තුළ—උන්වහන්සේට අපගේ දර්ශනය ලෞකික ලෝකයෙන් ඔබ්බට ඔසවා, “උන්වහන්සේගේ මුහුණ [අපට] විවෘත කර” එමෙන්ම “සෙලෙස්ටියල් මහිමයේ පැවතෙන්නට” අපව සූදානම් කළ හැකිය (68, 22 පද).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මට සාමය පිරිනමන සේක.
යුද්ධය “සියලුම ජාතීන් මත වැගිරවෙයි” (දහම සහ ගිවිසුම් 87:2) කියමින් අනතුරු ඇඟවීමෙන් දින කිහිපයකට පසු, ජෝසෆ් ස්මිත් විසින් සාමයේ සම්ප්‍රදායික සංකේතයක් වන “ඔලිව් කොළ” ලෙස හැඳින්වූ, එළිදරව්වක් ස්වාමින්වහන්සේ විසින් ලබාදුන්නා (දහම සහ ගිවිසුම් 88, කොටස් ශීර්ෂය; තවත් බලන්න උත්පත්ති 8:11). මෙම සතියේ 88 වෙනි කොටස පිළිබඳ ඔබේ අධ්‍යයනය පුරාවටම, ස්වාමින්වහන්සේ ඔබට ලබාදෙන සාමයේ පණිවිඩ සොයන්න.
ආලෝකය සහ නීතිය පැමිණෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙනි.
ආලෝකය සහ නීතිය යන වචන 88 වෙනි කොටසේ බොහෝ වාර ගණනක් පුනරාවර්තනය වෙනවා. 6–67 පද තුළ ඔබ මෙම වචන සොයාගත් පද ලකුණු කරන්න හෝ සටහන් කරන්න, එමෙන්ම ආලෝකය සහ නීතිය ගැන සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ ඉගෙන ගන්නා දේවල් ලියන්න. ඔබට පෙලඹවීමක් දැනෙන්නේ, ආලෝකය ලබා ගැනීමට සහ “ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය” අනුව ජීවත් වීම සඳහා කුමක් කිරීමටද? (21 වෙනි පදය).
තවත් බලන්න යෙසායා 60:19; යොහාන් 1:1–9; 3 නෙපී 15:9; තිමොති ජේ. ඩයික්ස්, “ආලෝකය ආලෝකය වෙතට ඇලෙන්නේය,” ලියහෝනා, 2021 මැයි, 112–15; ශැරන් ඉයුබැන්ක්, “ක්‍රිස්තුස්වහන්සේ: අඳුරේ දිදුලන ආලෝකය,” ලියහෝනා, 2019 මැයි, 73–76.
ශුද්ධලියවිලිවල ක්‍රිස්තුස්වහන්සේගේ නීතිය අඩංගු වේ.
“මා වෙතට ලඟාවන්න.”
මෙම පදවල ඇති පොරොන්දු සත්‍ය බව ඔබට පෙන්වා දී ඇති අත්දැකීම් මොනවාද? ක්‍රිස්තුස්වහන්සේ වෙතට “ලඟාවීමට” ඔබේ ඊළඟ පියවර කුමක්ද?
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ වන්දිගෙවීම තුළින් මට පවිත්‍ර විය හැකිය.
“නුඹලාව පරිශුද්ධ කරගන්න” යන ස්වාමින්වහන්සේගේ ආඥාව 88 වෙනි කොටසේ දෙවරක් දිස්වෙනවා (68, 74 පද). ඔබ සිතන ආකාරයට මෙම වාක්‍ය ඛණ්ඩයේ තේරුම කුමක්ද? අපි පරිශුද්ධ වන්නේ කොහොමද? මෙම ප්‍රශ්නයට, දහම සහ ගිවිසුම් 88:67–76 පිළිබඳ ඔබේ අධ්‍යයනයට මගපෙන්වීමක් ලබාදීමට ඉඩ දෙන්න, එමෙන්ම ඔබ ලබා ගන්නා ඕනෑම අධ්‍යාත්මික අවබෝධයක් වාර්තා කරන්න.
දහම සහ ගිවිසුම් 88:77–80, 118–26
“අධ්‍යයනය මගින්ද, එසේම ඇදහිල්ල මගින් වුවද, ඉගෙනගැන්ම සොයන්න.”
කර්ට්ලන්ඩ් හි “අනාගතවක්තෘවරුන්ගේ පාසලක්” පිහිටුවන ලෙස ස්වාමින්වහන්සේ ශුද්ධවන්තයින්ට පැවසුවා (දහම සහ ගිවිසුම් 88:137). 88 වෙනි කොටසේ බොහෝ උපදෙස් ඔවුන්ට එය කරන්නේ කෙසේදැයි කියා දුන්නා. මෙම උපදෙස ඔබට, ඔබේම ජීවිතය තුළ “ඉගෙනගැනීමෙන් වූ නිවසක් … පිහිටුවාගැනීමට” (119 වෙනි පදය) උදවු විය හැකිය. ඇත්ත වශයෙන්ම, ඔබට 77–80 සහ 118–26 පද දෙස, එය “ඔබේ නිවස [හෝ ඔබේ ජීවිතය] ශුභාරංචි ඉගෙනීමේ මධ්‍යස්ථානයක්” සහ “ඇදහිල්ලේ අභය භූමියක්” බවට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සැලැස්මක් ලෙස බැලිය හැකිය (රසල් එම්. නෙල්සන්, “ආදර්ශවත් පසු-දවස්වල සාන්තුවරයින් බවට පත්වීම,” ලියහෝනා, නොවැම්බර් 2018, 113). ඔබ අදාළ කරගත යුතු යැයි හැඟෙන, මෙම පදවල වාක්‍ය ඛණ්ඩ ඇතුළුව, ඔබේ පුද්ගලික “ප්‍රතිනිර්මාණය” කෙබඳු විය හැකිද කියා කටුසටහනක් ඇඳ ගැනීම සිත්ගන්නා සුළු විය හැකිය.
මෙම ප්‍රශ්න ගවේෂණය කිරීමටද එය උපකාරී විය හැකිය: ඉගෙනගැනීම සහ අධ්‍යාපනය ස්වාමින්වහන්සේට වැදගත් වෙන්නේ ඇයි? උන්වහන්සේ කැමති මම කුමක් අධ්‍යයනය කරනවාට ද? උන්වහන්සේට අවශ්‍ය මම කෙසේ ඉගෙන ගන්නවාටද? මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු 77–80 පද තුළ සොයන්න.
ඔබ සිතන ආකාරයට “අධ්‍යනයෙන් තවද එසේම ඇදහිල්ල මගින් වුවත්” ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (118 වෙනි පදය). වැඩිහිටි මතියස් හෙල්ඩ්ගේ “ආත්මයාණන් තුලින් දැනුම සෙවීම” යන පණිවිඩයෙන් ඔබ ලබා ගන්නා අවබෝධය කුමක්ද? (ලියහෝනා, මැයි 2019, 31–33).
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ස්වර්ගික පියාණන්වහන්සේ යහපත් දීමනා ලබාදෙයි.
-
ඔබේ දරුවන්ට ඔවුන්ට ප්‍රීතිමත්ව ලැබුණු ත්‍යාග සහ ඔවුන්ට නොලැබුණු අනෙකුත් ත්‍යාග ගැන කතා කරන ලෙස ඉල්ලා සිටීමෙන්, ඔබට දහම සහ ගිවිසුම් 88:33 පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කළ හැකිය. සමහරවිට ඔවුන්ට ප්‍රීතියෙන් යුතුව ත්‍යාගයක් ලැබීම රඟ දැකිවිය හැකිය. ඉන්පසු ඔබට (ශුද්ධාත්මයාණන්වහන්සේගේ දීමනාව වැනි) ස්වර්ගික පියාණන්වහන්සේ අපට දෙන දීමනා ගැන කතා කළ හැකිය. මෙම දීමනා අපි ප්‍රීතියෙන් යුතුව ලබාගන්නේ කෙසේද?
මම ගැලවුම්කරුවාණන්ව සොයන්නේ නම්, මම උන්වහන්සේව සොයා ගන්නෙමි.
-
ඔබේ දරුවන්ට ඔවුන්ගේ ජීවිත තුළ ස්වාමින්වහන්සේගේ සහභාගිත්වය සෙවීමට ඔවුන්ව දිරිමත් කිරීම සඳහා විනෝදජනක ක්‍රියාකාරකම් කිරීමට ඔවුන්ව පොළඹවන ක්‍රියා පද දහම සහ ගිවිසුම් 88:63 තුළ අඩංගු වේ. නිදසුනක් වශයෙන්, “මා උද්යෝගයෙන් සොයන්න තවද නුඹලාට මා හමුවන්නේය” (අවධාරණය කිරීම් එකතු කර ඇත) හෝ “තට්ටු කරන්න තවද එය නුඹලාට විවෘතකර දෙනු ලබන්නේය” යන වාක්‍ය ඛණ්ඩ සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩාවක් ගැන ඔබට සහ ඔබේ දරුවන්ට සිතිය හැකිද?
දරුවන්ට විවිධත්වය අවශ්‍යයි. “බොහෝ දරුවන් සංවේදනයන් කිහිපයක් සම්බන්ධ වූ විට හොඳින් ඉගෙනගනිති. දරුවන් ඉගෙනගන්නා විට, පෙනීම, ඇසීම සහ ස්පර්ෂය වැනි ඔවුන්ගේ සංවේදනයන් භාවිතා කිරීමට ඔවුන්ට උදව් විය හැකි ආකාර සොයන්න. සමහර අවස්ථාවලදී, ඔවුන්ගේ සුවඳ සහ රසය පිළිබඳ සංවේදනයන්ද ඇතුළත් කිරීමට ඔබට ක්‍රම සොයාගත හැකිය!” (ගැලවුම්කරුවාණන්ගේ ආකාරයට ඉගැන්වීම, 32).
-
“මා වෙතට ලඟාවන්න” යන ගැලවුම්කරුවාණන්ගේ ආරාධනය අවධාරණය කිරීම සඳහා, ළමුන් කාමරයේ එක පැත්තක සිටින විට, එක් දරුවෙකුට යේසුස්වහන්සේගේ පින්තූරයක් (මෙම දළ සටහනේ අවසානයේ ඇති පින්තූරය වැනි) ඔසවාගෙන කාමරයේ අනෙක් පැත්තේ සිටින ලෙස ඔබට ඔවුන්ගෙන් ඉල්ලා සිටිය හැකිය. ගැලවුම්කරුවාණන් වෙත ලඟා වීමට ඔබේ දරුවන්ට කළ හැකි දේවල් ගැන ඔවුන් සිතන විට, ඔවුන්ට පින්තූරය දෙසට පියවරක් ගත හැකි අතර, පින්තූරය අතැති දරුවාට අනෙක් දරුවන් දෙසට පියවරක් තැබිය හැකිය. ඔබ ගැලවුම්කරුවාණන් වෙත ලඟා වන ආකාරය සහ උන්වහන්සේ ඔබ වෙත ලඟා වන ආකාරය ගැන ඔබේ දරුවන් සමඟ කතා කරන්න.
මම ඉගෙනගන්නවාට ස්වර්ගික පියාණන්වහන්සේ කැමතියි.
-
පාසැලේදී හෝ ප්‍රාථමිකයේදී ඔවුන් ඉගෙන ගන්නා දේ ගැන ඔබට පවසන ලෙස ඔබේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්න. ඔබ ඉගෙන ගන්නා සමහර දේවල් බෙදා ගැනීමටද ඔබට හැකිය. ඉන්පසු ඔබට ඔබේ දරුවන්ට කුමක්ද, ඇයි, සහ කෙසේද යන වචන පෙන්විය හැකිය. අප ඉගෙනගන්නවාට ස්වාමින්වහන්සේට අවශ්‍ය කුමක්ද කියා සොයා ගැනීමට දහම සහ ගිවිසුම් 88:77–79 කියවීමට ඔවුන්ට උදවු කරන්න. ඉන්පසු එකට එක් වී 80 වෙනි පදය කියවා, අප ඉගෙනගැනීම ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ ඇයි සහ 118 වෙනි පදය කියවා, අපි ඉගෙන ගත යුත්තේ කෙසේද කියා සොයාගන්න.
“අධ්‍යයනය මගින්ද, එසේම ඇදහිල්ල මගින් වුවද, ඉගෙනගැන්ම සොයන්න.”
දේවමාළිගාව මෙන් අපේ නිවසත් ශුද්ධ වෙන්න පුළුවන්.
-
ඔබ ඔබේ දරුවන්ට දහම සහ ගිවිසුම් 88:119 කියවන විට, ඔවුන්ට “නිවස” යන වචනය ඇසෙන සෑම අවස්ථාවකම ඔවුන්ට තම දෑතින් දේවමාළිගාවේ කොත නිර්මාණය කළ හැකිය. ජෝසෆ් ස්මිත් සහ ශුද්ධවන්තයින් දේවමාළිගාවක් හෝ “දෙවියන්වහන්සේගේ ගෘහයක්” ගොඩනැගීම, ස්වර්ගික පියාණන්වහන්සේට අවශ්‍ය වූ බව පැහැදිලි කරන්න.
-
ඔබට ඔබේ දරුවන්ට ඔවුන්ගේ නිවස විස්තර කරන වචන හතක් තෝරාගන්නා ලෙස කිව හැකිය. ඉන්පසු දහම සහ ගිවිසුම් 88:119 හි, ස්වාමින්වහන්සේ තම නිවස විස්තර කිරීමට භාවිතා කරන ලද වචන හත සොයා ගැනීමට ඔවුන්ට උදව් කරන්න. අපි අපේ නිවස “දෙවියන්වහන්සේගේ ගෘහයක්” බවට පත්කරන්නේ කෙසේද?
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.