“අගෝස්තු 4–10: ‘නුඹලා ශුද්ධ ස්ථාන වල නැගී සිටින්න’: දහම සහ ගිවිසුම් 85–87,” එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: දහම සහ ගිවිසුම් 2025 (2025)
“දහම සහ ගිවිසුම් 85–87,”එන්න, මා අනුගමනය කරන්න—නිවස සහ සභාව සඳහා: 2025
අගෝස්තු 4–10: “නුඹලා ශුද්ධ ස්ථාන වල නැගී සිටින්න”
දහම සහ ගිවිසුම් 85–87
නත්තල් දිනය සාමාන්‍යයෙන් “පොළොවේ සාමය” වැනි පණිවිඩ මෙනෙහි කිරීමට කාලයකි (බලන්න ලූක් 2:14). නමුත් 1832 දෙසැම්බර් 25 වන දින, ජෝසෆ් ස්මිත්ගේ මනස යුද්ධයේ තර්ජනයකින් කැළඹුණා. එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා ප්‍රාන්තය රජයට අභියෝග කර සටනකට සූදානම් වෙමින් සිටියා. ඒවගේම මෙය ආරම්භයක් පමණක් බව හෙළි කරමින් ස්වාමින්වහන්සේ මෙසේ පැවසුවා: “සියලුම ජාතීන් මත යුද්ධය වැගිරෙවන කාලයක් පැමිණෙන්නේය” (දහම සහ ගිවිසුම් 87:2). මෙම අනාවැකිය ඉතා ඉක්මණින් ඉටු වීමට යන බව පෙනෙන්නට තිබුණා.
නමුත් ඉන්පසු එය එසේ වුනේ නෑ. සති කිහිපයක් ඇතුළත, දකුණු කැරොලිනා සහ එක්සත් ජනපද රජය සම්මුතියකට එළඹුණු අතර, යුද්ධය වැළැක්වුණා. කෙසේවෙතත්, අනාවැකි සෑම විටම ඉටු වන්නේ අප බලාපොරොත්තු වන වේලාවට හෝ ආකාරයට නොවේ. වසර 30 කට ආසන්න කාලයකට පසු, ජෝසෆ් ස්මිත්ගේ ඝාතනයෙන් බොහෝ කාලයකට පසුව, දකුණු කැරොලිනා කැරලි ගැසූ අතර, සිවිල් යුද්ධයක් ඇති වුණා. අද ලොව පුරා ඇති යුද්ධ “පොළොවේ වැලපීමට” හේතු වෙලා තිබෙනවා (දහම සහ ගිවිසුම් 87:6). විපතක් පැමිණෙන වෙලාව ගැන අනාවැකි කීමට වඩා එය පැමිණි විට කළ යුතු දේ ඉගැන්වීමේ ඇති වටිනාකම මේ එළිදරව්වේදී වැඩියි. 1831, 1861 සහ 2025 දී ලැබී ඇති උපදෙස් ඒ හා සමානයි: “නුඹලා ශුද්ධ ස්ථාන වල නැගී සිටින්න, තවද නොසැලී සිටින්න” (8 වෙනි පදය).
නිවසේදී සහ සභාවේදී ඉගෙනීම සඳහා අදහස්
මම “ඉතිහාසයගත වාර්තාවක්” තබාගැනීම ස්වාමින්වහන්සේට අවශ්‍යයි.
දහම සහ ගිවිසුම් 85:1–2 හි විස්තර කර ඇති ලෙස “එම ඉතිහාසය” තුළට ඇතුළත් කිරීමට ස්වාමින්වහන්සේට අවශ්‍ය වූයේ කුමක්ද යන්න සැලකිල්ලට ගන්න. ඔබ සිතන ආකාරයට, උන්වහන්සේගේ ශුද්ධවන්තයින් ඉතිහාසයක් තබා ගැනීම උන්වහන්සේට අවශ්‍ය ඇයි? ඔබට සහ අනාගත පරම්පරාවට ආශිර්වාදයක් විය හැකි ඔබේ “ජීවන රටාව, [ඔබේ] ඇදහිල්ල සහ ක්‍රියා” ගැන ඔබට වාර්තා කළ හැක්කේ මොනවාද? පුද්ගලික ඉතිහාසයක් තබාගැනීම ක්‍රිස්තුස්වහන්සේ වෙතට පැමිණීමට ඔබට උපකාරවත් වන්නේ කෙසේද?
Turning Hearts
ආත්මයාණන්වහන්සේ “නිසල සියුම් හඬක්” සමඟ කතා කරයි.
දහම සහ ගිවිසුම් 85:6 තුළ ආත්මයාණන්ව විස්තර කිරීමට ජෝසෆ් ස්මිත් භාවිතා කළ වචන මෙනෙහි කරන්න. ආත්මයාණන්ගේ හඬ “නිසල” සහ “සියුම්” වන්නේ කුමන අර්ථයෙන්ද? ජෝසෆ් ස්මිත් හරහා ලබා දී ඇති මෙම අමතර විස්තර ගැනද සලකා බලන්න: දහම සහ ගිවිසුම් 6:22–24; 8:2–3; 9:7–9; 11:12–13; 128:1. ආත්මයාණන්වහන්සේ ඔබට කථා කරන්නේ කෙසේද?
තවත් බලන්න ලූක් 24:32; මොසායා 5:2; ඇල්මා 32:28; හිලමන් 5:30; දහම සහ ගිවිසුම් 6:22–23; 11:12–13.
භාණ්ඩ භාවිතා කරන පාඩම් බෙදාගන්න. ඉගෙන ගන්නා දෙයට අදාළ භාණ්ඩ යොදාගන්නා පාඩමක් තුළ, පුද්ගලයින් ඒවා දකින විට හෝ ඒවාට සහභාගී වන විට, ඔවුන්ට ශුභාරංචි පාඩම හොඳින් මතක සිටිනවා. නිදසුනක් වශයෙන්, ආත්මයාණන්ගේ නිසල, සියුම් කටහඬ ගැන උගන්වන විට, ඔබට මෘදු, පූජනීය සංගීත පටිගත කිරීමක් වාදනය කළ හැකි අතර, අසන්නන්ට එම සංගීතය දැනෙන ආකාරය සහ ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන ශබ්ද තිබුනා නම්, එයට සවන් දීමට කෙතරම් අසීරු වෙයිද කියා ඔවුන්ට සාකච්ඡා කරන්න පුළුවන්. මෙම නිසල, සියුම් කටහඬ ඇසීමෙන් අපව වළක්වන, අපගේ ජීවිතයේ අවධානය වෙනතකට යොමුකරන දේ පිළිබඳ සාකච්ඡාවකට මෙමගින් අපව මෙහෙයවිය හැකිය.
ශුද්ධලියවිලිවල ආත්මයාණන්ගේ හඬ නිසල සියුම් හඬක් ලෙස විස්තර කරනවා.
පසුදවස්වලදී ධර්මිෂ්ඨයන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙත රැස් කරනු ලැබෙනවා.
දහම සහ ගිවිසුම් 86 තුළ මතෙව් 13:24–30, 37–43 හි ලියා තිබෙන තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාවේ අර්ථකථනයක් අඩංගු වෙනවා. ඔබ මෙම උපමාවේ තේරුම ගැන ඉගෙන ගන්නා විට, මෙවැනි වගුවක් පිරවීම ගැන සලකා බලන්න:
|
සංකේත |
විය හැකි අර්ථයන් |
මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
|---|---|---|
සංකේත බීජ වපුරන්නන් | විය හැකි අර්ථයන් අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න අනාගතවක්තෘවරුන් සහ ප්‍රේරිතවරුන් වපුරන්නේ කුමන ආකාරයේ “බීජ”ද? |
සංකේත සතුරා | විය හැකි අර්ථයන් සාතන් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න ස්වාමින්වහන්සේගේ කාර්යය නතර කිරීමට විරුද්ධවාදියා උත්සාහ කරන්නේ කෙසේද? |
සංකේත | විය හැකි අර්ථයන් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
සංකේත | විය හැකි අර්ථයන් | මෙනෙහි කිරීම සඳහා ප්‍රශ්න |
සලකා බැලීමට අමතර ප්‍රශ්න කිහිපයක් මෙන්න:
-
මෙම උපමාව අර්ථකථනය කිරීමෙන් පසු, ස්වාමින්වහන්සේ පූජකවරය, නැවත පිහිටුවීම සහ උන්වහන්සේගේ සෙනඟගේ ගැලවීම ගැන කතා කළා (බලන්න 8–11 පද). මෙම තේමාවන් සහ තිරිඟු සහ කිරිඳි පිළිබඳ උපමාව අතර ඔබ දකින සම්බන්ධතා මොනවාද?
-
“අන්‍ය ජාතීන්ට ආලෝකයක්” සහ “[ස්වාමින්වහන්සේගේ] සෙනඟට ගැලවුම්කරුවෙක්” වීමේ ඔබේ කාර්යභාරය කුමක්ද? (11 වෙනි පදය).
“ශුද්ධ වූ ස්ථාන” තුළ සාමය සොයාගත හැකිය.
87 වෙනි කොටසේ අනාවැකිය, අවසාන දිනවල යුද්ධයට සම්බන්ධ භෞතික අන්තරායන් ගැන අනතුරු අඟවනවා. නමුත් මෙම එළිදරව්වේ ඇති උපදෙස් ආත්මික අන්තරායන් සඳහාද අදාළයි. පහත සඳහන් ප්‍රශ්න මෙනෙහි කරන්න:
-
අනාවැකියක් යනු බොහෝ විට අනාගතය ගැන, අනාගතවක්තෘවරයෙකුට දෙවියන්වහන්සේගෙන් ලැබෙන එළිදරව්වක්. පුරාණ සහ නූතන අනාගතවක්තෘවරුන් ලබා දී ඇති අනාවැකි සඳහා උදාහරණ මොනවාද? (බලන්න යොහාන් 3:14; මොසයා 3:5; හිලමන් 14:2–6). ඒවා ඉටු වුණේ කොහොමද? (බලන්න ලූක් 23:33; මතෙව් 15:30–31; 3 නෙපී 1:15–21).
-
දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ අනාවැකි පිළිගැනීමෙන් ලැබෙන ආශිර්වාද මොනවාද?
එම සිතුවිලි මනසේ තබාගෙන, 87 වෙනි කොටස කියවන්න. (යම් ඓතිහාසික සම්බන්ධයක් සඳහා, ඔබට මෙම දළ සටහනේ හැඳින්වීම කියවීමට අවශ්‍ය විය හැකිය.) මෙම එළිදරව්වෙන් සහ එය ඉටු වූ ආකාරයෙන්, ඔබ අනාවැකි ගැන ඉගෙන ගන්නේ කුමක්ද? අනාවැකියක් එසැණින්ම ඉටු නොවූ නිසා, ඒ ගැන සැක කරන කෙනෙකුට ඔබට පැවසිය හැක්කේ කුමක්ද?
8 වෙනි පදයේ ස්වාමින්වහන්සේ ලබාදුන් උපදෙස කුමක්ද? ඔබට සාමය සහ ආරක්ෂාව ලැබෙන, ඔබේ “ශුද්ධ වූ ස්ථාන” මොනවාද? ස්ථානයක් ශුද්ධ වන්නේ කුමක් නිසාද? භෞතික ස්ථාන වලට අමතරව, සමහරවිට සාමය ලබා දිය හැකි ශුද්ධ වූ කාල වකවානු, ශුද්ධ වූ ක්‍රියා පිළිවෙත්, හෝ ශුද්ධ වූ සිතුවිලි තිබෙන්නට පුළුවන්. නිදසුනක් වශයෙන්, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුන්ගේ වචන ඔබට ශුද්ධ වූ ස්ථානයක් වන්නේ කෙසේද? මෙම ස්ථානවල “නැගී සිටීම” සහ “නොසැලී සිටීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
තවත් අදහස් සඳහා, ලියහෝනා සහ යෞවනයේ ශක්තිය සඳහා සඟරාවල මෙම මාසයේ කලාප බලන්න.
දරුවන්ට ඉගැන්වීම සඳහා අදහස්
ආත්මයාණන්වහන්සේ “නිසල සියුම් හඬක්” සමඟ කතා කරයි.
-
ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන්ට කතා කරන විට ඔවුන් එය දැනගන්නේ කෙසේදැයි යමෙකු ඔවුන්ගෙන් ඇසුවහොත් ඔබේ දරුවන් කුමක් කියයිද? දහම සහ ගිවිසුම් 85:6 හි ජෝසෆ් ස්මිත් විසින් ආත්මයාණන්ගේ හඬ විස්තර කළ එක් ආකාරයක් ගැන කියවීමට ඔවුන්ට ආරාධනා කරන්න. ඉන්පසු ඔවුන්ට කුඩා කටහඬකින් කතා කිරීමට සහ එයට සවන් දීමට පුරුදු විය හැකිය. ආත්මයාණන් ඔබට නිසල සියුම් හඬකින් කතා කළ අවස්ථාවක ඔබ ලැබූ අත්දැකීම් ඔබට බෙදාහදා ගත හැකිය.
-
ආත්මයාණන්ව නිතර නිතර දැනීම සඳහා, අපට අපගේ ජීවිතයෙන් ඉවත් කළ හැකි බාධා මොනවාද?
දෙවියන්වහන්සේගේ සෙනඟ එකතු කරන්න මට උදව් කරන්න පුළුවන්.
-
86 වෙනි කොටසෙහි විස්තර කර ඇති උපමාව ඔබේ දරුවන්ට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා, ඔබට තිරිඟු වල කුඩා පින්තූර හෝ චිත්‍ර කිහිපයක් සකස් කර ඒවා කාමරය වටා සැඟවිය හැකිය. තිරිඟු සහ කිරිඳිවල උපමාව ඔබේ දරුවන්ට පැහැදිලි කරන්න (බලන්න මතෙව් 13:24–30), ඉන්පසු දහම සහ ගිවිසුම් 86:1–7 හි ස්වාමින්වහන්සේගේ විවරණය කියවන්න. ඉන්පසු ඔබේ දරුවන්ට තිරිඟු වල සැඟවුණු පින්තූර එකතු කර, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට ඔවුන්ට “එකතු කළ” හැකි කෙනෙකුගේ නමක් ඒවා මත ලිවිය හැකිය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වෙතට මිනිසුන් එක්රැස් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට මෙය කළ හැකි ක්‍රම මොනවාද?
මට පුළුවන් අනිත් අයට ආලෝකයක් වෙන්න.
-
ඔබ දහම සහ ගිවිසුම් 86:11 සාකච්ඡා කරන විට, ඔබට ඔබේ දරුවන්ගෙන් ඇසිය හැකි ප්‍රශ්න කිහිපයක් මෙන්න: ආලෝකය අපට ආශිර්වාද කරන්නේ කෙසේද? අපට ආලෝකයක් නොමැති විට එය කෙබඳුද? අපි අනෙක් මිනිසුන්ට ආලෝකයක් වෙන්නේ කොහොමද? අපට “[යේසුස්වහන්සේගේ] යහපත්කමෙහි දිගටම සිටීමට” සහ එය අන් අය සමඟ බෙදාගැනීමට හැකි ක්‍රම ගැන සිතීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
මට “ශුද්ධ ස්ථාන වල නැගී සිටිය” හැකිය.
-
අවසාන දිනවලදී සිදුවනු ඇතැයි ස්වාමින්වහන්සේ පැවසූ දේවල් ගැන දැනගැනීමට එකට එකතු වී දහම සහ ගිවිසුම් 87:6 කියවන්න. එවිට ඔබ සහ ඔබේ දරුවන් මුහුණ දෙන අභියෝග කිහිපයක් ගැන ඔබට කතා කළ හැකියි. 8 වෙනි පදයේ, ස්වාමින්වහන්සේ පැවසූ ආකාරයට, දුෂ්කර කාලවලදී අපට කළ හැක්කේ කුමක්ද?
-
ආත්මික අනතුරකට මුහුණ දීමට උපකාර කළ හැකි ශුද්ධ වූ ස්ථාන, ශුද්ධ වූ සිතුවිලි සහ ශුද්ධ වූ ක්‍රියා ලැයිස්තුවක් සෑදීමට ඔබේ දරුවන්ට උපකාර කරන්න.
5:36Standing in Holy Places
4:36Stand Ye in Holy Places - Bloom Where You’re Planted
දේවමාළිගාව ශුද්ධ වූ ස්ථානයකි.
තවත් අදහස් සඳහා, මිතුරා සඟරාවේ මෙම මාසයේ කලාපය බලන්න.